ජාතික ජන බලවේගයෙන් පහුගිය මහා මැතිවරණයට තරග කල අපේක්ෂිකාවක් වන නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය පළ කළ ඡායාරූපයක් හේතුවෙන් ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සම්බන්ධයෙන් නැවතත් සමාජ කතා බහක් ඇතිවී තිබෙනවා.

ඒ, නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවක ගත් ඡායාරූපයක් අතැම් පිරිස් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ අවභාවිත කිරීම ‍හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන්:

“බුරන බල්ලා දෙස නොව උසි ගන්නන ස්වාමියා දෙස බලනු👊👊 කෝ මේ දේවානි නෝනේ වෙනුවෙන් නිසදැස් ලියපු කට්ටිය.... එන්න බලන්න මේ කොනට...😋😋😋😋😋 ” යනුවෙන් “Mendis Malli - මෙන්ඩිස් මල්ලි” නමැති ෆේස්බුක් පිටුවක පළ වූ සටහනක් පහතින්.

Facebook | Archived Link

මෙම සටහන සඳහා යොදාගත් ඡායාරූපයේ දැක්වෙන්නේ වූ නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය හා ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය සිටින ඡායාරූපයක්.

බැලූ බැල්මට දැකගන්නට ලැබෙන්නේ නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සිය ෆේස්බුක් ගිණුමට ඉහත කිී ඡායාරූපය ඇතුළත් කර “අද දින ජාතික ජන බල වේගයේ සාමාජිකත්වය ගත් යකඩ ගැහැණිය සමග !!! ” යන්න සටහනක් තබා ඇති බවයි.

එවන් ආකාරයේ සටහන් විශාල වශයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ මෙලෙසිනි.

මෙම සටහන් වලින් දැක්වෙන්නේ ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මිය ද ජාතික ජන බලවේගයේ සාමාජිකත්වය ලබා ඇති බවටයි.

එසේම මීට පෙර ද අවස්ථා කිහිපයක දී ම දෙවානි ජයතිලක මහත්මිය ජාතික ජන බලවේගය හා එහි නායකත්වය අගයමින් ප්‍රකාශ ඉදිරිපත් කල බව ට සටහන් පලවී තිබුණා. මේ එවැනි සටහනක්.

Facebook | Archived

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

පළමු සටහන සම්බන්ධයෙන් අප කළ මූලික විමර්ශනයේදී අප ප්‍රථමයෙන් නීතිඥ නිරූපා සේරසිංහ ෆේස්බුක් ගිණුම නිරීක්ෂණය කළා.

එහිදී දැකගන්නට ලැබුණේ, ඇය සිය ෆේස්බුක් ගිණුමට ඉහත ඡායාරූපය ඇතුළත් කරත් එම සටහනේ දක්වා තිබුණේ ශීර්ෂය(Caption) “ හමුවීම් !!! ” යනුවෙන් බවයි. එනම් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායාරූපය සමග ඇතුලත් කළ සටහනේ දැක්වෙන පරිදි “අද දින ජාතික ජන බල වේගයේ සාමාජිකත්වය ගත් යකඩ ගැහැණිය සමග !!! ” යනුවෙන් සටහන් කර නොමැති බවයි. ඇයගේ එම සටහන ඇයගේ නිල ෆේස්බුක් පිටුවේද සඳහන් වෙයි.

එම සටහන පහතින්.

Facebook | Archived Link

අප මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු තහවුරු කර ගැනීම සඳහා ඇය එම සටහන සංස්කරණය කර ඇත්දැයි නිරීක්ෂණය කළෙමු. එහිදීද දැකගන්නට ලැබුණේ, හමුවීම යනුවෙන් සඳහන් කළ ශීර්ෂය සංස්කරණය කර නොමැති බවයි.

එම තහවුරු කිරීම පහතින්.

මුල් ඡායාරුපය සහ සංස්කරණය කරන ලද ඡායරූප සටහන් සංසන්දනය පහතින්

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු ලබා ගැනීම සඳහා අප නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය සම්බන්ධ කර ගත්තා. ඇය පැවසුවේ, සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ශීර්ෂය රැගත් සටහනේ දැක්වෙන පරිදි දේවානි ජයතිලක මහත්මිය ජාතික ජන බල වේගයේ සමාජිකත්වය ලබා ගත් බවට තමන් සටහන් නොකළ බවයි.

තමන් වෙනත් රාජකාරියක් සඳහා එම ප්‍රදේශයට ගිය විට දේවානි මහත්මිය හමු වී සුහද කතාබහක නිරත වූ අතර ඒ අවස්ථාවේ ලබා ගත් ඡායාරූපය සිය ෆේස්බුක් ගිණුමට එකතු කර “හමුවීම්” නමින් එහි සඳහන් කළ බවයි ඇය පැවසුවේ. තමන්ගේ හිතුවතෙකු කළ ඉල්ලීමකට අනුව එම සටහන සිය ෆේස්බුක් ගිණුමෙන් ඉවත් කළ බවත්, පසුව එම සටහනේ ශීර්ෂය සංස්කරණය කොට අවභාවිත කිරීම හේතුවෙන් නැවත එම සටහනම ෆේස්බුක් වෙත එක් කළ බවත් පැවසුවා.

අප ගම්පහ දිසා වන නිලධාරී දේවානි ජයතිලක මහත්මියගෙන් කළ විමසීමේදී ඇය සඳහන් කළේ, තමන් කිසිම පක්ෂයක සාමාජිකත්වය ලබා නොමැති බවත්, ඇයට අදටත් කිසිදු පක්ෂයක් නොමැති බවත් ඇත්තේ “රට” පමණක් බවයි. නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය තමන් හමුවීමට නිවසට පැමිණි අතර හමුවෙන බොහෝ අය පක්ෂ පාට වලින් තොරව තමන් හා ඡායාරූප ගන්නා බවත් මෙම අවස්ථාවත් එලෙස ඡායාරූප ගත් අවස්ථාවක් පමණක් බවයි ඇය සඳහන් කළේ.

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා සම්බන්ධයෙන් දේවානි සිදුකළ ප්‍රකාශයක් ලෙස හුවමාරු වූ සටහන් සම්බන්ධයෙන් ද දේවානි ජයතිලක මහත්මිය පැවසුවේ එවැන්නක් කිසිවිටෙකත් පවසා නැති බවත් පැහැදිලිවම තමා කිසිඳු පක්ෂ දේශපාලනයක් සිදුකරන්නේ නැති බවත්ය.

දේවානි ජයතිලක මහත්මිය ජාතික ජන බල වේගයේ සමාජිකත්වය ගත්තා දැයි අප ජනතා විමුක්ති පෙරමුණෙන් කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ, ඇය එහි සමාජිකත්වය මෙතෙක් ලබාගෙන නැති බවයි.

මේ අනුව පැහැදිලි වන්නේ, දේවානි ජයතිලක මහත්මිය ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකත්වය ලබා ගත් බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙණ පුවත අසත්‍ය බවයි.

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයට අනුව තහවුරු වුණේ, දේවානි ජයතිලක මහත්මිය ජනතා විමුක්ති පෙමුණේ සාමාජිකත්වය ගත් බවට අසත්‍ය පැතිරවීම සඳහා ඇතැම් පිරිස් නීතිඥ නිරූපා සේරසිංහ මහත්මිය හා දේවානි ජයතිලක මහත්මිය හමුවේ ඡායාරූපය අවභාවිතා කර ඇති බවයි.

දේවානි ජයතිලක, ජනතා විමුක්ති පෙරමුණ  දේශපාලන පක්ෂයේ බවට හැඟවීමට මෙම අවස්ථාව ප්‍රයෝජනයට රැගෙන බොහෝ පිරිස් සංස්කරණය කරන ලද මෙම සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ විශාල වශයෙන් හුවමාරුකරගෙන ඇති බවට පෙනුණා. මේ හේතුවෙන් ජනතාව නොමග යැවීමට කටයුතු යෙදී තිබුණා.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:දේවානි ජවිපෙ පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තද?

Fact Check By: Sara Gunaratne

Result: Altered