දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ලෙඩ රෝග සඳහා අත්බෙහෙත්, ප්‍රතිකාර ක්‍රම සඳහා නොයෙකුත් සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව සංසරණය වන අතර, මෙවැනි ප්‍රතිකාර වලට බොහෝ දෙනා යොමු වීම බහුලව දක්නට ලැබෙනවා. වකුගඩු වල තැන්පත් වී ඇති විෂ සහ ලවණ ද්‍රව්‍ය ඉවත් කිරීමේ ක්‍රමයක් ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහන් වල නිරවද්‍යතාවය සොයා අප සිදු කළ විමර්ශනයක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

වකුගඩුවල තැන්පත් වන විෂ හා ලවණ වර්ග ඉවත් කර ගැනීමේ ක්‍රමයක් ලෙස සඳහන් කරමින්, පාස්ලි කොළ උණු වතුර සමග විනාඩි 10ක් ලිපේ ලබා එම ජලය සිසිල් වීමට ඉඩ තබා පෙරා පානය කිරීම පිළිබඳ සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

2014 වර්ෂයේ සිට මෙම සටහන් ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වූ අවස්ථා මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්. Archived Link | Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

වකුගඩු යනු ඉළ ඇට කූඩුවේ පතුලේ පිහිටා ඇති අවයව යුගලයකි. සෞඛ්‍ය සම්පන්න ශරීරයක් පවත්වා ගැනීම සඳහා වකුගඩු විශේෂ කාර්යභාරයක් සිදුකරන්නේ අපද්‍රව්‍ය, අතිරික්ත ජලය සහ වෙනත් අපද්‍රව්‍ය රුධිරයෙන් පෙරීම සඳහා ප්‍රධාන වශයෙන් දායක වෙමින්. මෙම විෂ සහ අපද්‍රව්‍ය මුත්‍රාශයේ ගබඩා කර අතර පසුව මුත්‍රා කිරීමේදී ඉවත් කරනු ලැබේ. එසේම වකුගඩු මඟින් ශරීරයේ pH අගය, ලවණ සහ පොටෑසියම් මට්ටම ද නියාමනය කිරීමට උදව් වෙනවා. තවද, රුධිර පීඩනය නියාමනය කරන සහ රතු රුධිර සෛල නිෂ්පාදනය පාලනය කරන හෝමෝන නිපදවයි. වකුගඩු මගින් ශරීරයට කැල්සියම් අවශෝෂණය කර ගැනීමට උපකාර වන විටමින් D ආකාරයක් පවා ක්‍රියාත්මක කරයි.

කෙසේ වෙතත් පාස්ලි කොළ මගින් වකුගඩුවල ඇති විෂ සහ අපද්‍රව්‍ය ඉවත් කළ හැකි ද යන්න පිළිබඳ අප විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විමසා සිටියා.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය

ශ්‍රී ලංකා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ වෛද්‍ය අශාන් පතිරණ මහතා පැවසුවේ පාස්ලි පත්‍රවලට වකුගඩු පිරිසිදු කිරීමේ හැකියාවක් ඇති බවට සැලකිය යුතු සාක්ෂි නොමැති බවයි. ප්‍රතිකාර හානිකර නොවන බව පෙනුණද, ආශ්චර්යමත් ප්‍රතිකාර සඳහා අහඹු ලෙස බෙහෙත් වට්ටෝරු අනුගමනය කිරීම / අත්හදා බැලීම මිනිස් සිරුරට දැඩි හානියක් විය හැකි බව ඔහු සඳහන් කළා.

වකුගඩු රෝගාබාධ පිළිබද තොරතුරු සහ එහි රෝග ලක්ෂණ, රෝග විනිශ්චය, වළක්වා ගැනීම හා ප්‍රතිකාර ක්‍රම පිලිබඳ තොරතුරු මෙතනින්

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

වකුගඩු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය අර්ජුන මාරසිංහ මහතාගෙන් ද, මේ පිළිබඳව අප විමසා සිටියා. ඔහු සඳහන් කළේ, බටහිර වෛද්‍ය විද්‍යාවට මෙවැනි ක්‍රම අනුගමනය නොකරන බැවින් මේ පිළිබඳ තහවුරු කළ නොහැකි බවත්, වෛද්‍යවරුන් විසින් තහවුරු නොකරන ලද කිසිදු ප්‍රතිකාර ක්‍රමයක් වෙත යොමු නොවන ලෙසයි.

කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය

අප කොළඹ විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය, වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා සඳහන් කළේ, මනුෂ්‍ය ශරීරය නිර්මාණය වී ඇත්තේ ස්වභාවධර්මය විසින් නිවැරදිව යම් ආයු කාලයක් තුළ ජීවත් වීමට බවත්, අපගේ අත්‍යවශ්‍ය අවයව අපගේ ආහාර සහ හැසිරීම් (විහරණ) රටා ආදිය මගින් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන අතර නඩත්තු කරන බවයි.

නමුත් ශරීරයක ඉතා වැදගත් අභ්‍යන්තර අවයව නොයෙකුත් ක්‍රම ඔස්සේ පිරිසිදු කිරීමට යන්නේ නම්, එය අනිවාර්යයෙන්ම ශරීර සෞඛ්‍යයට බරපතල හානි දායක විය හැකි බවත් ඔහු පවසා සිටිනවා. කිසිදු ප්‍රතිකර්මයක් දුටු පමණින් වෛද්‍ය නිර්දේශයකින් තොරව ශරීරය තුළට ලබා ගැනීම සිදු නොකළ යුතු බව ද වෛද්‍ය එල්.පී.ඒ. කරුණාතිලක මහතා වැඩි දුරටත් පැවසුවා.

පාස්ලි - ඖෂධීය ගුණාංග

Petroselinum crispum නමැති විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන ඉංග්‍රීසි බසින් පාස්ලි (parsley) යනු Apiaceae පවුලේ පොදු ඔසුවක් වන අතර එය ලොව පුරා වගා කරන අතර එය කුළුබඩුවක් ලෙස බහුලව භාවිතා වේ.

ඖෂධීය පැළෑටියක් ලෙස පාසිලිහි ඇති ගුණාංග පෙන්නුම් කර ඇති අතර පාස්ලි කොළ සහ කඳේ සාරය ඒවායේ ප්‍රතිඔක්සිකාරක ගුණ, සාමාන්‍ය 3T3-L1 සෛල තුළ DNA හානිවලින් ආරක්ෂා වීම සහ MCF-7 සෛල ප්‍රගුණනය සහ සංක්‍රමණය වැළැක්වීම යනාදිය පිළිබඳව අධ්‍යයනයක් සිදු කරන ලදී. එහිදී ප්‍රතිඔක්සිකාරක ගුණ හේතුවෙන් රෝග වැලැක්වීමේ හැකියාව ඇති සෞඛ්‍ය ප්‍රවර්ධනය කිරීමේ ගුණ ඇති අතර බවත් අධ්‍යන වල සඳහන් වේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්, මෙතනින්, සහ මෙතනින්. Archived Link

එසේම පාස්ලි මඟින් රෝගී තත්වයන්ට එරෙහිව සටන් කිරීමට ඇති හැකියාව මෙන්ම අධි රුධිර පීඩනය අඩු කිරීමටත් වකුගඩු ගල් ඇතිවීමේ අවදානම අඩු කිරීමෙන් ඔබේ වකුගඩු නිරෝගීව තබා ගැනීමට උපකාරී වීම පිලිබඳ තොරතුරු ද පර්යේෂණ රැසක දී හඳුනාගෙන තිබෙනවා. ඒ පිළිබඳ වැඩි විස්තර මෙතනින් Archived

මීයන් යොදා ගනිමින් පාස්ලි කොළ වලින් සිදු වන බලපෑම් සම්බන්ධයෙන් සිදු කළ පරීක්ෂණයක් මෙතනින්. මෙතනින් සහ මෙතනින්. Archived Link වකුගඩු ගල් සහිත මීයන් සම්බන්ධයෙන් කරන ලද මෙම අධ්‍යයනයෙන් හෙළි වී තිබුණේ, පාස්ලි සමඟ ප්‍රතිකාර කළ මීයන්ගේ මුත්‍රා සමඟ කැල්සියම් සහ ප්‍රෝටීන් බැහැර වීම අඩු වී ඇති අතර, පාලන කණ්ඩායමකට සාපේක්ෂව මුත්‍රා pH අගය වැඩිවී තිබූ බවත් මුත්‍රා පිටවීම ද වැඩි වී ඇති බවයි.

පාස්ලි කොළ විශාල ලෙස භාවිත කිරීමේ දී ඇතිවිය හැකි අතුරු ආබාධ

කෙසේවෙතත් පාස්ලි ඉතා විශාල ප්‍රමාණයක් පරිභෝජනය කිරීම අනාරක්ෂිත වන අතර එමගින් රක්තහීනතාවය සහ අක්මාව හෝ වකුගඩු ආබාධ වැනි වෙනත් අතුරු ආබාධ ඇති කළ හැකි බව ත්, ඇතැම් පිරිස් වලට සමේ ආසාත්මිකතා ද ඇති වනු ලබයි. මේ පිළිබඳව වැඩි දුර තොරතුරු මෙතනින්.

බැසිල් කොළ පානය කිරීමෙන් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කෙරෙන බවට පළ වූ ඉංග්‍රීසි මාධ්‍ය සටහනක් පිළිබඳ ඉංග්‍රීසි මාධ්‍යයෙන් Fact Crescendo අප කණ්ඩායම සිදු කළ කරුණු විමර්ශනයක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:පාස්ලි කොළ භාවිත කරමින් වකුගඩු වල ඇති විෂ ද්‍රව්‍ය ඉවත් කිරීමේ පානයක්?

Fact Check By: Pavithra Sandamali

Result: Explainer