දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

FIFA ලෝක කුසලාන ඉතිහාසයේ දැවැන්තම අනපේක්ෂිත සිදුවීමක් වුයේ ප්‍රකට පාපන්දු ශුර ලයනල් මෙසීගේ නායකත්වයෙන් යුත් ප්‍රබල ආජන්ටිනා කණ්ඩායම, ගෝල 2-1 ක් ලෙස පරාජයට පත් කරමින් සෞදි අරාබි පාපන්දු කණ්ඩායම විසින් පසුගියදා ලබාගත් ජයග්‍රහණයයි.

මෙම අනපේක්ෂිත ජයග්‍රහණය සමරමින් පසුදා එනම් නොවැම්බර් 23 වැනිදා සෞදි අරාබියේ ජාතික නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අතරම, මෙම ඉතිහාසගත ජයග්‍රහණයෙන් පසු බොහෝ කටකතා පැතිර ගිය අතර , සමහරු කියා සිටියේ සෞදි රජය සහ සෞදි රජු මොහොමඩ් බින් සුල්තාන් (MBS) සුප්‍රසිද්ධ ජයග්‍රහණයට සම්බන්ධ සෑම ක්‍රීඩකයෙකුටම රෝල්ස් රොයිස් මෝටර් රථය බැගින් ලබා දීමට තීරණය කර ඇති බවයි. කෙසේ වෙතත්, FactCrescendo කණ්ඩායමේ අනාවරණයේ දී හෙළි වුයේ මෙම ප්‍රකාශ අසත්‍ය සහ හුදෙක් ගොතන ලද සටහන් බවයි.

සමාජ ජාලා සටහන් 

ආජන්ටිනා තරඟයේ ජයග්‍රහණය හා සම්බන්ධ සෑම සෞදි පාපන්දු ක්‍රීඩකයෙකුටම රෝල්ස් රොයිස් රථය බැගින් ලබාදීමට සෞදි රජය සහ එහි රජු මොහොමඩ් බින් සුල්තාන් තීරණය කර ඇති බවට සමාජ ජාලා සටහන් පැතිර තිබුණා. පහතින් දැක්වෙන්නේ වට්ස් ඇප් සමාජ ජාලයේ එම සටහන් පැතිර තිබුණු ආකාරයයි.

ඒ හා සම්බන්ධ සටහන් ෆේස්බුක් වලද පැතිර තිබුණේ මේ ආකාරයෙන්.

Facebook | Archived

එසේ හුවමාරු වූ සටහන් පෙළක් පහතින්

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

Keywords භාවිතා කරමින් Google සෙවුමකදී, Rolls Royce කටකතාව පිළිබඳ කරුණු හෙලිදරවුකරන සුප්‍රසිද්ධ අරාබි පුවත් වෙබ් අඩවියක් වන "Arab News" හි පළ වූ ලිපියක් අපට හමු විය. මාධ්‍ය සාකච්ඡාවකදී සෞදි ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු කළ ප්‍රකාශයක් උපුටා දක්වමින් “Arab News” පෙන්වා දුන්නේ සෞදි ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් ත්‍යාග හිමිවන බවට සමාජ මාධ්‍යවල හුවමාරුවන සටහන් අසත්‍ය බවයි. එම වාර්තාව කියවිය හැකියි මෙතනින්. Archived

සෞදි ජාතික කණ්ඩායම නියෝජනය කරන පාපන්දු ක්‍රීඩක Saleh Alshehri අවධාරණය කරන්නේ කටකතා අසත්‍ය බවත් තම රටට සේවය කිරීම මඟින් ලැබෙන ගෞරවය පමණක් ප්‍රමාණවත් බවත් වෙනත් ත්‍යාග අවශ්‍ය වන්නේ නැති බවයි. එම වීඩියෝව පහතින්.

සෞදි අරාබියේ පුහුණුකරු හර්වේ රෙනාඩ් ද , මීට දින කිහිපයකට පෙර පවසා සිටියේ, රාජකීය පවුල විසින් තෑගි කිරීමට සුදානම් බව පැවසෙන සුඛෝපභෝගී මෝටර් රථ පිළිබඳ කටකතා සහ සමාජ ජාලා සටහන් අසත්‍ය බවයි. එසේම ඔහු කියා සිටින්නේ මේ මොහොත තෑගි ලබාගැනීමට සිතිය යුතු අවස්ථාවක් නොවන බවත්, එක් තරඟයක් පමණක් ජයගෙන ඇති අතර, ඉතා වැදගත් ඉතා වැදගත් ඉදිරි තරඟ ද ජයගෙන තරඟාලියේ ඉදිරි වටයට කරා යාම බවයි.

කෙසේ වෙතත්, සෞදිය පෝලන්තය තරගයේදී පරාජය වීමත් සමඟ ඔවුන්ගේ ඛාණ්ඩයේ අවසන් තරඟය ලෙස මෙක්සිකෝව සමඟ තරඟ වැදීමට නියමිතයි. එම තරගය ජයග්‍රහණය කළහොත් ඔවුන් අවසන් 16 දෙනාගේ වටයට සුදුසුකම් ලැබීමට සමත්වනු ඇත. එසේම නොමැතිව එම තරඟය සම වීමෙන් හෝ අනෙකුත් කණඩායම් ලබාගන්නා ජය පරාජයන් මත සෞදි අරාබියට අවසන් 16 දෙනා අතරට සුදුසුකම් ලැබීමේ හැකියාවන් ද පවතිනවා. ඒ ගැන වැඩි විස්තර මෙතනින්

එසේම සෞදි අරාබිය එහි පාපන්දු ක්‍රීඩකයින්ට ත්‍යාග පිරිනැමීම සඳහා ප්‍රසිද්ධියක් උසුලන අතර දක්ෂතා දක්වන පාපන්දු ක්‍රීඩකයින්ට ත්‍යාග පිරිනැමූ ඉතිහාසයක් තිබෙනවා. 1994 වසරේ ඔවුන්ගේ මංගල ලෝක කුසලාන තරගයේදී ඔවුන් අත්දැකීම් අඩු කණඩායමක් වුවද බෙල්ජියමට එරෙහිව ගෝලයක් වාර්තා කිරීමට සමත් වුණා. සයීඩ් අල්-ඔවයිරාන් ක්‍රීඩකයා එම ගෝලය වාර්තා කළේ යාර 70ක පමණ දුරක් තනිවම දැල දෙසට යමිනි. අල්-ඔවයිරන්ගේ මෙම දස්කමට ලෝක කුසලානය නිමවා නැවත සෞදි අරාබියට පැමිණෙන විට, ඔහුට රෝල්ස් රොයිස් රථයක් තෑගි ලෙස පිරිනැමීමට නියමිත විය. ඒ ගැන විස්තර කියවිය හැකියි මෙතනින්. Archived

මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් අප සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්

අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය )

අපගේ විමර්ශනයට අනුව, FIFA ලෝක කුසලානයේ දී ආර්ජන්ටිනාවට එරෙහිව ලද ජයග්‍රහණය වෙනුවෙන් සෞදි අරාබි  ක්‍රීඩකයින්ට, ඔවුන්ගේ රජයෙන් ත්‍යාග වශයෙන් Rolls Royce මෝටර් රථ ලබා දෙන  බවට පැතිර යන  සමාජ ජාලා සටහන්  අසත්‍ය සහ පදනම් විරහිත බව පැහැදිලිය. සෞදි ජාතික කණ්ඩායමේ  පාපන්දු ක්‍රීඩක Saleh Alshehri සහ ප්‍රධාන පුහුණුකරු Hervé Renard මෙම සමාජ ජාලා සටහන් ප්‍රතික්ෂේප කරනවා.

Avatar

Title:ආර්ජන්ටිනාව පැරදවූ සෞදි අරාබි ක්‍රීඩකයන්ට රෝල්ස් රොයිස් රථ ලබාදෙනවා ද?

Fact Check By: Kalana Krishantha

Result: False