දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ක්‍රිකට් ලෝකයේ ඉහළම වාණිජ වටිනාකමක් දරන ප්‍රිමියර් ලීග් තරඟාවලිය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරඟාවලියේ, 2023 වසරේ පැවැත්වෙන තරඟ වෙනුවෙන් ක්‍රීඩක වෙන්දේසිය ඊයේ දිනයේදී පැවැත්වුණා.

මෙහිදී තුන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාත්න 2023 IPL තරගාවලිය සඳහා තේරීපත් වූ බවට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් සිදු කළා.

සමාජ මාධ්‍ය සටහන් :

සුපිරි තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න Sunrisers Hyderabad කණ්ඩායම විසින් මිල දී ගනී. ඒ ඉන්දීය කෝටි 15.25 ක් වැනි ඉතා ඉහළ අගයකට” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

මේ අතර තව ත්, සටහනක දැක්වුණේ, සුපිරි ක්‍රීඩක චාමික කරුණාරත්නම් IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවී වූ ක්‍රීඩකයා බවට පත් වූ බවයි. එම සටහන පහතින්.

Facebook | Archived Link

ක්‍රිකට් ක්‍රීඩාව ට ලැදි සහ එම පුවත් පිලිබඳ දැනුවත් පිරිස් මෙම පුවත උපහාසයෙන් බැහැර කර තිබුණත් ඒ පිලිබඳ වඩාත් සැලකිලිමත් නොවන බොහෝ පිරිසක් ඉහත සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද පෙනී ගියේ මෙම සටහන් ඔස්සේ නොමග ගොස් ඇති බවයි.

මේ හේතුවෙන් මෙම සටහන් වල නිරවද්‍යතාවය විමසා බැලීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

2023 IPL තරගාවලිය ලබන වසරේ මාර්තු 25 වැනිදායින් ආරම්භ වීමට නියමිත අතර එය මැයි 28 වනදායින් අවසන් වීමට නියමිත අතර මෙම තරග වාරයේ දී කණ්ඩායම් 10ක් අතර තරග 74ක් පැවැත්වීමට ද, නියමිතයි.

2023 IPL තරගාවලිය සඳහා වන ක්‍රීඩක වෙන්දේසිය (Mini Auction) ඊයේ (23) ඉන්දියාවේ කෝචි හිදී පැවතුණා. මෙම ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 405කගේ නම් ලැයිස්තුගත කර තිබුණා.

ක්‍රීඩකයින් 991 දෙනෙකුගෙන් යුත් මූලික ලැයිස්තුවෙන් ක්‍රීඩකයින් 369 දෙනෙකු කණ්ඩායම් 10ක් මගින් ලැයිස්තුගත කර දී ඇති අතර, එම ක්‍රීඩකයින්ට අමතරව තවත් ක්‍රීඩකයින් 36 දෙනෙකු කණ්ඩායම් විසින් කරන ලද ඉල්ලීමට අනුව එම ක්‍රීඩක ලැයිස්තුවට එකතු කර තිබෙනවා. මෙම ක්‍රීඩකයින් 405 දෙනා අතරින් 273 දෙනෙකු ඉන්දීය ක්‍රීඩකයින් වන අතර, විදෙස් ක්‍රීඩකයින් 132නෙකු ද එම ක්‍රීඩක ලැයිස්තුවේ සිටිනවා. ඊට අමතරව අනුබද්ධිත රටවලින් ක්‍රීඩකයින් සිවි දෙනෙකු ද එම ලැයිස්තුවට එක් වුණා. මේ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

දෙසැම්බර් 23 පැවති IPL වෙන්දේසියේ දී ලංකාවේ එකඳු ක්‍රීඩකයෙකුට හෝ කොන්ත්‍රාත්තුවක් හිමිවුයේ නැහැ!

පසුගිය වසරේ ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු IPL ක්‍රීඩා කළ අතර,ඔවුන් අතරින් ක්‍රීඩකයන් සිව් දෙනෙකු පමණක් ස්වකිය කණ්ඩායම් මඟින් 2023 තරඟාවලිය සඳහා රඳවාගෙන තිබුණා.

2023 IPL තරගාවලිය සඳහා තවදුරටත් සිය කණ්ඩායම්වල රඳවා ගෙන ඇති ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වූයේ,

වනිඳු හසරංග – Royal Challengers Bangalore

මහීශ් තීක්ශණ – Chennai Super Kings

මතීෂ පතිරණ – Chennai Super Kings

භානුක රාජපක්ෂ – Punjab Kings

කෙසේනමුත් පසුගිය වසරේ ලක්නව් පිළට ක්‍රීඩා කළ දුෂ්මන්ත චමීර මෙන්ම කොල්කටා කණ්ඩායමට ක්‍රීඩා කළ චාමික කරුණාරත්නව ද එම කණ්ඩායම් මඟින් 2023 වසර සඳහා රඳවා ගෙන තිබුනේ නැති අතර ඔවුන් දෙදෙනා ද ඇතුළුව ලාංකික ක්‍රීඩකයින් 10 දෙනෙකු IPL 2023 ක්‍රීඩක වෙන්දේසිය සඳහා ඊයේ (දෙසැම්බර් 23) තේරී පත් වී තිබුණා.

මෙසේ 2023 IPL ක්‍රීඩක වෙන්දේසිය සඳහා යෝජනා වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් වූයේ, කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, දුශ්මන්ත චමීර, පැතුම් නිස්සංක, චරිත් අසලංක, චාමික කරුණාරත්න, ලහිරු කුමාර, ඩිල්ශාන් මදුශංක, ධනංජය ද සිල්වා සහ දුනිත් වෙල්ලාලගේ.

නමුත්, වෙන්දේසිය සඳහා යෝජනා වී සිටි එක දු ශ්‍රී ලාංකික ක්‍රීඩකයකු හෝ ඊයේ දිනයේදී කිසිදු කණ්ඩායමක් මගින් මිල දී ගනු ලැබුවේ නැහැ.

එසේම ශ්‍රී ලංකික , බංගලාදේශ වැනි කන්දාම්වල ක්‍රීඩකයින්, වෙන්දේසියේ දී ලබා ගැනීමට එතරම් උනන්දුවක් නොදැක්වීමට එක් හේතුවක් ලෙස දක්වා තිබුණේ ඔවුන්ගේ සේවය 2023 IPL තරඟ සංවිධානය කර තිබෙන කාලය පුරාවටම ලබාගැනීමට නොහැකි වීමයි. ඒ පිළිබඳ වර්තාවක් මෙතනින්

සෑම් කරන් ඇතුළු එංගලන්ත පිලේ ක්‍රීඩකයින්ට දැඩි ඉල්ලුමක්!

එමෙන්ම මීට පෙර IPL ක්‍රීඩක වෙන්දේසියක් තුල වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වී සිටි ඉන්දියානු රුපියල් කෝටි 16.25 කට අලෙවි වූ දකුණු අප්‍රිකාවේ Chris Morris අභිබවමින්, ඊයේ (දෙසැමබර් 23) දිනයේදී Sam Curranව Punjab Kings විසින් මිල දී ගත්තේ ඉන්දියානු රුපියල් කෝටි 18.50ක මුදලක් වැය කරමින්.

Facebook | Archived Link

ඊයේ පැවති වෙන්දේසියේ දී ඒ ඒ කණ්ඩායම් මගින් මිලට ගත් සහ රඳවා තබා ගත් ක්‍රීඩක ලැයිස්තු මෙතනින්.

එසේම ඊයේ (දෙසැම්බර් 23) පැවති ක්‍රීඩක වෙන්දේසියෙන් පසුව එක් එක් කණ්ඩායම සතුව ක්‍රීඩකයින් සඳහා වය කිරීම සඳහා පවතින අරමුදල් (Purse Left) ප්‍රමාණයන් මෙතනින්. මේ අනුව ද පෙනී යන්නේ වැඩිම මුදලක් වැය කිරීම සඳහා ඉතිරිව ඇත්තේ පන්ජාබ් පිළට වන අතර එයට ඉන්දීය කෝටි 12ක් පමණක් බවයි.

ඒ අනුව පෙනී යන්නේ, ඉදිරියේ දී හෝ යම් කණ්ඩායමක් චාමික කරුණාරත්න ලබාගැනීමට උත්සාහ කළද ඉහත සමාජ මාධ්‍ය සටහන් හි සඳහන් වැනි මුදලක් ඒ සඳහා වෙන් නොවනු ඇති බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, 2023 IPL තරගාවලිය සඳහා ශ්‍රී ලංකා තුන්ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න වෙන්දේසියෙන් තේරී පත් වූ නමුත්, IPL ඉතිහාසයේ වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත් වූ බව දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.වෙන්දේසිය සඳහා යෝජනා වී සිටි චාමික ඇතුළු ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් 10 දෙනාගෙන් එකදු හෝ ක්‍රීඩකයකු ඊයේ (දෙසැම්බර් 23) දිනයේදී කිසිදු කණ්ඩායමක් මගින් මිල දී නොගත් අතර Sam Curran ඉන්දියානු රුපියල් කෝටි 18.50ක වැඩිම මිලකට අලෙවි වුයේ එදා මෙදා තුරා IPL ඉතිහාසයේ වැඩිම මිලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට පත්වෙමින්.

Avatar

Title: IPL ක්‍රීඩක වෙන්දේසියේ දී චාමික කරුණාරත්නව කිසිදු හෝ කණ්ඩායමක් මිලදී ගත්තා ද?

Fact Check By: Pavithra Sandamali

Result: False