දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

එක හා සමාන හැඩහුරුකම් ඇති පුද්ගලයන්ගේ ඡායාරූප නොමඟ යවන සුළු ආකාරයට යොදාගනිමින්, දේශපාලන වේදිකාවන් තුළ දේශපාලන වාසි ලබා ගැනීමට කටයුතු කරන අයුරු අපට සුලබව දැක ගන්නට ලැබෙනවා. මේ ඔස්සේ ජනතාව වෙත අසත්‍ය තොරතුරු ළඟා කිරීමට අවකාශය ද, හිමි වනවා. එවැනි නොමග යන සුළු අන්දමින් පළ වූ ඡායාරූපයක් හා අසත්‍ය සටහන් ඔස්සේ ජනතාව නොමග ගිය ඡායාරූපයක් සම්බන්ධයෙන් අප කළ කරුණු පරීක්ෂාවක් මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“එකම Factory යෙ නිෂ්පාදන අසුවීම නොවීම ඔබේ හැකියාවයි” යනුවෙන් සඳහන් කරමින් ඡායාරූප සටහනක් ෆේස්බුක් ඔස්සේ පළ වී තිබුණා. එහිදී ඡායාරූප දෙකක් දෙපැත්තේ දක්වා තිබු අතර, එම ඡායාරූප දෙකෙහිම එකම පුද්ගලයෙකු සිටින බවට හඟවා තිබුනේ මෙලෙසින්.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින්.

ඉහත ඡායාරූපය සමගින් පළ වූ තවත් සටහනක දක්වා තිබුණේ, එකම ස්ථානයේ සිට Zoom තාක්ෂණය ඔස්සේ ඔවුන් විසින් ප්‍රශ්න අසමින් ඔවුන් විසින් ම පිළිතුරු සපයන බවයි.

Facebook | Archived Link

මෙම සටහන ද, ෆේස්බුක් පරිශිලකයින් ඔස්සේ බහුලව සංසරණය වී තිබූ අයුරු පහතින්.

මේ පිළිබඳ නිරවද්‍යතාව හෙළිකරන මෙන් අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් මේ පිළිබඳ අප විමසා බැලීමක් සිදු කිරීමට පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත දක්වා ඇති පළමු ඡායාරූපයේ පසුබිම හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද, සිටි බැවින් එම අවස්ථාව කුමක් ද යන්න පිළිබඳ ඔහුගේ නිල ෆේස්බුක් ගිණුම හරහා අප නිරීක්ෂණය කළා.

ඒ අනුව, නාමල් රාජපක්ෂ මහතා විසින් පසුගිය අප්‍රේල් 04 වන දා සිය නිල ෆේස්බුක් ගිණුම හරහා සජීවිව(Live) පැමිණි අවස්ථාවේ වීඩියෝවේ දැක්වෙන පසුබිම ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන පසුබිමට සමාන බව දැක ගන්නට ලැබුණි.

එම සජීවි වීඩියෝව සම්පූර්ණයෙන් පරීක්ෂා කිරීමේදී ඉහත පළමු ඡායාරූපයේ සිටින තරුණිය ද, දැක ගන්නට ලැබෙන අතර එම අවස්ථාවේ නාමල් රාජපක්ෂ මහතා විසින් පවසන්නේ, ඔහු විසින් මෙහෙයවනු ලැබූ ෆේස්බුක් සජීවි අවස්ථාවේ දසත ලංකා News වෙබ් අඩවියට , ඔහුගෙන් ප්‍රශ්න ඇසීමට අවස්ථාවක් ලබා දෙන බවයි. එම කොටස සම්පූර්ණ සජීවි වීඩියෝවේ (16.27)කොටසින්. සම්පූර්ණ වීඩියෝව මෙතනින්.

එහිදී ඉහත ඡායාරූපයේ දැක්වෙන තරුණිය විසින් පැන යොමු කරන හෙයින්, අප ඇය පිළිබඳව මෙන්ම ඉහත ඡායාරූපයේ දැක්වෙන අනෙක් පුද්ගලයා සම්බන්ධයෙන් ද විමර්ශනය කිරීම සඳහා දසත වෙබ් අඩවිය සම්බන්ධ කර ගැනීමට පියවර ගත්තා.

දසත වෙබ් අඩවියේ අධ්‍යක්ෂ පී.එස් මධුසන්ක විසින් පැවසූවේ, ඉහත මුලින් දක්වා තිබු සටහන් පෙළේ වම් පස සිටින්නේ, තමන් ඇතුළු කණ්ඩායමේ සාමාජිකාවක් බවත්, ඉහත දෙවන ඡායාරූපයේ අමාත්‍ය මහින්දානන්ද ගමගේ සමගින් ඇති ඡායාරූපයේ සිටින්නේ තමන් නොව වෙනත් පුද්ගලයෙකු බවයි.

එසේම දසත ලංකා කණ්ඩායමේ අධ්‍යක්ෂ විසින් නාමල් රාජපක්ෂ එදින සජීවි පැමිණීමට පෙර ලබා ගත් ඡායාරූපය සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ පළ කර තිබූ අතර දසත ලංකා අධ්‍යක්ෂ මධුසන්ක පවසන්නේ මෙම ඡායාරූපය අවභාවිතා කරමින් නොයෙකුත් අසත්‍ය තොරතුරු සංසරණය වන බවයි. එම ඡායාරූපය පහතින්.

Facebook | Archived Link

කෙසේ වෙතත් ඉහත පළමු සටහනේ ඡායාරුප සංසන්දනයේ දකුණු පසින් සිටින්නේ කවුරුන් ද යන්න පිළිබඳ විමර්ශනය කිරීම සඳහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ ඡායාරූප අප පරීක්ෂා කළ අතර, එහිදී දැක ගන්නට ලැබුණේ, මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් රජයේ සහනාදාර වැඩපිළිවෙළක් යටතේ පස්බාගේ කෝරළේ හා ගඟඉහළ කෝරළේ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ වල වලට සහනාධාර බෙදූ අවස්ථාවේ යොමු කර තිබූ ඡායාරූප ඇල්බමයේ එක් ඡායාරූපයක් බවයි. Archived Link එම සම්පූර්ණ ඡායාරූප ඇල්බමය මෙතනින්. Archived Link

ඉහත පළමු ඡායාරූපයේ දැක්වෙන දසත ලංකා වෙබ් අඩවියේ අධ්‍යක්ෂ සහ දෙවන ඡායාරූපයේ සිටින පුද්ගලයා දෙදෙනෙකු බව බැලු බැල්මට ද දැක ගන්නට ලැබෙන අතර අප මේ පිළිබඳව තහවුරු කර ගැනීම සඳහා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ මාධ්‍ය අංශය සම්බන්ධ කර ගත් අතර ඔහු තහවුරු කළේ, දෙවන ඡායාරූපයේ අමාත්‍යවරයා සමගින් සිටින පුද්ගලයා හා පළමු ඡායාරූපයේ සිටින්නේ පුද්ගලයින් දෙදෙනෙකු බවත්, අමාත්‍යවරයා සමගින් සිටින පුද්ගලයාද, අමාත්‍ය වරයාගේ කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙකු හෝ නොවන අතර එදින සහනාධාර වැඩපිළිවෙළට පැමිණි එම ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරියෙකු බවයි.

එමෙන්ම දසත ලංකා වෙබ් අඩවියට නාමල් රාජපක්ෂ මහතා විසින් මෙහෙයවනු ලැබූ ෆේස්බුක් සජීවි අවස්ථාවේ, ප්‍රශ්න යොමු කිරීමට අවස්ථාවක් ලැබුණු බවත්, තම වෙබ් අඩවියේ ද, ඒ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්, නාමල් රාජපක්ෂ මහතා සජීවිව පැමිණීමට පෙර, ඔහුගෙන් ඇසීමට ඇති ප්‍රශ්න යොමු කරන ලෙස, ෆේස්බුක් පරිශීලකයින් දැනුවත් කරමින් එදින දසත ලංකා ෆේස්බුක් පිටුව ඔස්සේ සටහනක් ද දැමූ බවත්, ඒ ඔස්සේ පාඨකයින් යොමු කළ ප්‍රශ්න ෆේස්බුක් සජීවී විකාශය තුළදී නාමල් රාජපක්ෂ මහතා වෙත යොමු කළ බවත්, සමාජ මාධ්‍ය සටහන් වල දක්වා ඇති ලෙස කිසිදු අවස්ථාවක තම කණ්ඩායම සූම් තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට සහභාගී වන බව ඔවුන් විසින් පවසා නැති බව ත්, ෆේස්බුක් ඔස්සේ සංසරණය වන ෆේස්බුක් සටහනේ ද, පෙන්වා ඇත්තේ සජීවිව නාමල් රාජපක්ෂ මහාගෙන් ප්‍රශ්න විමසන අවස්ථාව බවත් දසත ලංකා ආයතනය පවසා සිටිනවා. එමෙන්ම එම ඇසූ ප්‍රශ්න එම පෝස්ටුව සඳහා දක්වා තිබූ ප්‍රශ්න බවත්, ඔවුන් පවසනවා.

දසත ලංකා ෆේස්බුක් පිටුවේ මේ පිළිබඳව ඔවුන් දැනුවත් කරමින් පළ කර තිබූ සටහන පහතින්.

Facebook | Archived Link

එලෙස නාමල් රාජපක්ෂ මහතාට යොමු කරන ලද ප්‍රශ්න නාමල් රාජපක්ෂ මහතා විසින් සැළසුම්කොට ඔහුගෙන් ඇසීමට තමන් වෙත ප්‍රශ්න යොමු කළ බවටත්, ඇතැම් ෆේස්බුක් සටහන් වල දක්වා තිබූ බවත්, නමුත් තම කණ්ඩායම විසින් තෝරා ගත්තේ, නාමල් රාජපක්ෂ මහතාගෙන් විමසීමට සිය පාඨකයින් ඉහත සටහන ඔස්සේ දක්වා ඇති ප්‍රශ්න බවට ඔවුන් පෙන්වා දුන්නේ මෙලෙසින්.

සැ.යු : ඉහත දසත සටහන සඳහා දක්වා ඇති ප්‍රශ්න අසමින් කමෙන්ට් ලෙස පළ කර ඇත්තේ කවුරුන්ද යන වග ස්වාධීනව සත්‍යාපන කළ නොහැකි අතර එම කමෙන්ට් මේ වන විටත් ප්‍රතිචාර ලෙසින් දැක ගන්නට ලැබෙන බවත්, ඒ අතරින් ඇතැම් ප්‍රශ්න නාමල් රාජපක්ෂගෙන් විමසා ද තිබූ බව පමණක් අප පෙන්වා දී ඇත.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:නාමල් සහ මහින්දානන්ද සමග ඡායාරූපවල සිටින්නේ එකම පුද්ගලයාද?

Fact Check By: Pavithra Sandamali

Result: Misleading