දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

විව්ධ සත්ත්වයන් පිළිබඳව විවිධ කතාබහ වරින් වර සමාජ මාධ්‍ය තුළ ඇතිවනවා. මේ අතරින් ඇතැම් තොරතුරු සත්‍ය විද්‍යාත්මක කරුණු පදනම්ව සිදුකෙරෙන කතාබහ වන අතර, ඇතැම් අවස්ථාවලදී යම් පදනම් විරහිත කරුණු සහ ඡායාරූප පදනම් කරගෙන ප්‍රචාරය වන තොරතුරු වෙනවා. එලෙසින් සංසරණය වූ ඡායාරූප සටහනක නිරවද්‍යතාව සොයා අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ් සටහන් :

Facebook සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා පළ වූ ඡායාරූප සටහනක පෙන්වා දී තිබුණේ ‘ලොව වඳවී ගියායයි සිතා සිටි “චිකිබිල්ලා” නැමැති සත්ත්වයා යාල ජාතික වනෝද්‍යානයෙන් වසර 103කට පසු හමුවී ඇත.” ලෙසයි. මෙහිදී ‘චිකිබිල්ලා’ සත්ත්වයා ලෙස හඳුන්වා දුන් සත්ත්වයාගේ ඡායාරූප කිහිපයක්ද පළ වී තිබුණා.

Facebook | Archived Link Facebook | Archived 

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ බහුලව සංසරණය වී තිබුණේ මෙලෙසින්.

එමෙන් ම පරිශීලකයින් විවිධ අදහස් පළ කර තිබුණා. 

මෙහි නිරවද්‍යතාව විමසා බොහෝ ඉල්ලීම් සිදු කර තිබූ බැවින් ද, අප මේ පිළිබඳ ව විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවේ මෙලෙසින්.

Fact Check (සත් කරුණු විමර්ෂණය):

මෙම සටහනේ දැක්වූ ඡායාරූපය පිළිබඳව Reverse Image මඟින් සොයා බැලීමේදී අපට පෙනී ගියේ මෙම ඡායාරූප පෙළ ඇතුළු තවත් සේයාරූ පෙළක්, Astral Infernum Production නමැති විදෙස් ෆේස්බුක් පිටුවක පළ වී ඇති ඡායාරූප පෙළක එකතුවකින් ලබා ගත් ඡායාරූප 3ක් බවයි.

Facebook | Archived Link

මෙම ඡායාරූප එකතුව දක්වා තිබුණේ “These woods just get weirder and weirder…. I think it might be time to move.” යනුවෙනි එනම්, මේ වනාන්තර එන්න එන්නම අමුතු වෙනවා... මම හිතන්නේ ඉන් ඉවත් වීමට කාලය පැමිණ ඇති බව යනුවෙන් සිංහල තේරුම ලබා දේ.

Astral Infernum Production ෆේස්බුක් පිටුව

මෙම ෆේස්බුක් පිටුව පුරාම ඇත්තේ විවිධ ග්‍රැෆික් සහ කෘත්‍රිම බුද්ධිය වැනි තාක්ෂණයන් ඔස්සේ නිර්මාණය කරගත් විවිධ ඡායාරූප ආදියයි. මෙම ෆේස්බුක් පිටුවට පිවිසීමට මෙතනින්. මෙම පිටුවේ ලිපිනය ලෙස දක්වා තිබෙන්නේ එක්සත් රාජධානියේ බෝර්න්මවුත් ප්‍රදේශයයි. මෙහි සටහන්වලින් පෙනී යන්නේ මෙය එවැනි යම් යම් නිර්මාණ සිදුකරන ෆේස්බුක් පිටුවක් බවයි. මෙම ෆේස්බුක් ගිණුමට අමතරව Astral Infernum Production විසින් මෙවැනි නිර්මාණ යූ ටියුබ්, ටික්ටොක්, එක්ස් සහ ඉන්ස්ටර්ග්‍රෑම් යන සමාජ මාධ්‍ය ඔස්සේද පලකරනවා. මෙම සියළුම ගිණුම්වල එම නිර්මාණ කෘතිම බුද්ධි සහ සජීවීකරණ තාක්ෂණ යටතේ නිර්මාණය කරන ඒවා බව පෙන්වා දෙනවා. එමෙන්ම මෙහි නිර්මාණය කර ඇති බොහෝ නිර්මාණ ඉහත දැක්වූ විකෘති ස්වරූපයක් ගන්නා සත්ත්වයින්.

මේවා නිර්මාණය කරන්නා විසින් එක් වෙබ් පිටුවක දක්වා තිබූ සටහනකට අනුව ඔහු පින්තූර, වීඩියෝ සහ සංගීත නිර්මාණ සිදුකරනවා. එම සටහන මෙතනින්.

කෙසේ වෙතත් අප මෙම ඉහත ෆේස්බුක් පිටුව හා සම්බන්ධ වී මේ පිළිබඳ ව විමසීමක් කළ අතර ඔවුන් සඳහන් කළේ, මෙම ඡායාරූප සත්‍ය නොවන අතර ඔවුන්ගේ ෆේස්බුක් පිටුව විසින් ත්‍රාසජනක සිද්ධීන් ඇතුළත් ව්‍යාපෘතියක් සඳහා AI තාක්ෂණය සහ Photoshop භාවිත කරමින් නිර්මාණය කරන ලද්දක් බව ත්, ඔවුන් ත්‍රාසජනක සහ විද්‍යා ප්‍රබන්ධ සම්බන්ධයෙන් නිර්මාණ සිදු කරන කලා ෆේස්බුක් පිටුවක් බව ද, සඳහන් කළා.

චිකිබිල්ලා නමැති සත්ත්වයා

එමෙන්ම චිකිබිල්ලා නමැති සත්ත්වයෙකු සම්බන්ධයෙන් කිසිඳු වාර්තාවක් පවතින්නේ නැති අතර මේ වන විට ලෝකයෙන් වඳවී ගියායැයි සැලකෙන සතුන්ගේ ලැයිස්තුව මෙතනින්.

එමෙන්ම යාල වනෝද්‍යානයෙන් දුර්ලභ සත්ත්වයෙකු හමුවීම පිළිබඳවත් කිසිඳු නිරවද්‍ය සටහනක් මෑතකාලීනව වාර්තා වී නොමැත. ඒ අනුව පෙනී යන්නේ මෙය ඉහත සමාජ මාධ්‍ය පිටුවෙන් උපුටාගෙන, වෙනත් සටහනක් සමඟ ශ්‍රී ලංකාවේ සමාජ මාධ්‍ය තුළට එක් කළ බවයි.

Also Read : පඟර නැට්ටා යනුවෙන් සත්වයෙක් නොමැත

තවත් මෙවන් කරුණු විමර්ෂණ සඳහා අප සමඟ එක්වන්න.

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය):

‘චිකිබිල්ලා’ නමැති මෙරට වඳවී යන සත්ත්වයෙකු ලෙස සමාජ මාධ්‍ය ඔස්සේ පෙන්වා තිබූ ඉහත ඡායාරූපය AI තාක්ෂණය සහ photoshop භාවිත කර විදෙස් රටක ෆේස්බුක් පිටුවක් විසින් ත්‍රාසජනක සිද්ධීන් ඇතුළත් ව්‍යාපෘතියක් සඳහා නිර්මාණය කරන ලද ඡායාරූප එකතුවකින් ගෙන ඇති ඡායාරූපයකි. එමෙන් ම මෙරට ‘චිකිබිල්ලා’ නමැති සත්ත්ව වර්ගයක් නොමැති අතර යාල වනෝද්‍යානයෙන් දුර්ලභ සත්ත්වයෙකු හමුවීම පිළිබඳවත් කිසිඳු නිරවද්‍ය සටහනක් මෑතකාලීනව වාර්තා වී නොමැත.

Avatar

Title:වඳවී ගොස් සිටි ‘චිකිබිල්ලා’ නම් භයංකර සත්ත්වයකු, වසර 103කට පසු යාල වනෝද්‍යානයෙන් හමුවුණාද?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading