ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේද ?

Political Social

මැතිවරණ සමය ආසන්නවීමත් සමගම මැතිවරණ අලලා බොහෝ පුවත් හා සටහන් සමාජ මාධ්‍ය ජාල තුල විශාල වශයෙන් හුවමාරු වීම සාමාන්‍ය සිරිතකි. මේ දිනවලද එලෙස හුවමාරු වන  සටහනක් වන්නේ “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යන්නයි. 

තව දුරටත් එම සටහන්හි මෙසේද සඳහන් විය. “මෙන්න තවත් ජාත්‍යන්තර රන් සම්මානයක් ! ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි. ජාති, ආගම්, කුල, පක්ෂ, පාට භේදයකින් තොරව, කාටත් එකා මෙන් සැමරිය හැකිය. නිහතමානීව සමරන්න”.

එලෙස හුවමාරු වන එක් සටහනක් පහතින්

Facebook LinkArchived Link

සමාජ මාධ්‍ය තුල හුවමාරු වන තවත් එක් සටහනක් පහතින්.

Facebook LinkArchived Link

ටිව්ටර් හරහාද මෙම පුවත හුවමාරු වී තිබුනේ මෙලෙසිනි

Twitter LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙහි සත්‍යය, අසත්‍යයතාවය සෙවීම සදහා අප විසින් සරල ගූගල් සෙවුමක් (Google Search) ඔස්සේ මෙවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් ලොව කොතනක හෝ තිබේදැයි සොයා බැලීය. එවැනි ආකාරයේ ශ්‍රේණිගත කිරීමක් නොමැති බව අපට “ගූගල් සෙවුම” තුලින් පැහැදිලි විය .

ප්‍රධාන ධාරාවේ මාධ්‍ය (MSM) මෙම පුවත වාර්තාකර තිබේදැයි දැනගැනීමට අප ගූගල් නිව්ස් (Google News) සෙවුම යොදාගත්තා. එහෙත් එහිද අපට මේ සම්බන්දව කිසිඳු පුවතක් සොයාගැනීමට ද නොහැකි විය.

පසුව ගූගල් රිවර්ස් ඉමේජ් (Google Reverse Image) සෙවුම හරහා හුවමාරුවන ඡායරූපය නිරීක්ශණය කළ අතර එහිදී එම ඡායරූපයේ සැබෑ තොරතුරු සොයාගැනීමට හැකි වුනි . 

ඒ අනුව එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත්, “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයියනුවෙන් කිසිඳු පුවතක් එහි නොමැති බවත් පැහැදිලි වේ . 

Web LinkArchived Link

ඇමරිකානු ජනාධිපති සම්බන්ද පුවතක් එහි ඇති බව තවදුරටත් සොයා බැලීමේදී පැහැදිලි වේ.

Web LinkArchived Link   

මෙසේ හුවමාරු වෙමින් පැවති සාවද්‍ය සටහන පිළිබඳව ෆේස්බුක් පරිශීලකයෙක් විසින් පෙබරවාරි මාසයේදී පළකර තිබු සටහනක් මෙලෙසිනි.

Facebook PostArchived Link

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ  “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට බවට, ශ්‍රී ලංකාව පත් වෙයි” යනුවෙන් සමාජ ජාල තුල හුවමාරුවන පුවත සම්පුර්ණයෙන්ම අසත්‍යක් බවයි.

එම ඡායරූපය බොස්ටන් ග්ලෝබ් පුවත්පතේ 2018 අගෝස්තු මස 16 දින මුල් පිටුව බවත් , කිසිවෙකු විසින් එම ඡායරූපය ව්‍යාජ සංස්කරණය කොට ඉහත ප්‍රකාශය යොදා සකසා ඇති බව පැහැදිලි වේ.

තවද “ලෝකයේ මෝඩම ඡන්ද දායකයන් වෙසෙන රට” යනුවෙන් ශ්‍රේණිගත කිරීමක් ලොව සිදුවී නොමැති බවත් සදහන් කළ හැක.

Avatar

Title:ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේද ?

Fact Check By: Sathyajith Subasinghe 

Result: False


1 thought on “ලොව මෝඩම ඡන්ද දායකයින් සිටින්නේ ශ්‍රී ලංකාවේද ?

Leave a Reply