
ජනාධිපතිවරණ ඡන්දය ක්‍රම ක්‍රමයෙන් ළං වීමත් සමගම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන සජිත් ප්‍රේමදාස සහ ගෝඨාභය රාජපක්ෂ ඉලක්ක කර ගනිමින් නොයෙක් ආකාරයේ ප්‍රකාශය පළ වී තිබෙනු පසුගිය දවස් කිහිපය පුරාම දැක ගන්නට ලැබුණා. ප්‍රවෘත්ති විකාශයන්හි, රුපරමුවට පහළින් දක්වන ප්‍රවෘත්ති කෙටි නිවේදන (News Tciker at the bottom) සංස්කරණය කරමින් මෙම වැරදි මත සමාජගත කිරීමට උත්සාහ ගන්නා බව අපට පෙනී ගියා.
පහත දැක්වෙන්නේ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කර ගනිමින් එසේ සිදු කරන ලද ප්‍රකාශ කිහිපයකි.
ප්‍රකාශය 1 : “ස්වයං වින්දනයට අවශ්‍ය පහසුකම් සපයනවා…”

ප්‍රකාශය 2 : “සරම ගලවා ඉලුක් ගාලක උනත් දුවනවා”

ප්‍රකාශය 3 : “උපන් ඇඳුමෙන් ඔබලා ලඟට එන්න මම ලෑස්තී”

ප්‍රකාශය 4 : “ගණිකා වෘත්තීය නීතිගත කරනවා”

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ විසින් සිදුකරන ලද ප්‍රකාශ වශයෙන් සමාජගත කෙරුණු මෙම සටහන් ඉතාමත් සුළු කාලයක් තුල ෆේස්බුක් ගිණුම් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු විය. මෙම සටහන් සඳහා ප්‍රතිචාර දැක්වූ බොහෝ දෙනා ඉහත ප්‍රකාශ උපහාසාත්මක කෝණයකින් සංස්කරණය කර ඇති බවට ද අදහස් දක්වා තිබුණද බොහෝ පිරිස් අතර හුවමාරු වී තිබීම හේතුවෙන් මේ පිළිබඳ කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
ප්‍රකාශය 1 :
මෙම පළමු ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා පසුගිය දින කිහිපයේදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔක්තෝබර් මස 29 වැනි සවස 6.55 ට හිරු ප්‍රවෘත්ති වැඩසටහන මගින් පලකරන ලද රූප රාමු ඉහත දක්වා ඇති රූප රාමුවලට සමාන බවයි. හිරු ප්‍රවෘත්ති විකාශයේ අදාල කොටස පහතින්.

එබැවින් පැහැදිලි වන්නේ මුල් වීඩියෝ පටයේ පළවූ “සුපිරි විශ්වාසයක් තියෙනවා..” යන කොටස සංස්කරණය කර “ස්වයං වින්දනයට අවශ්‍ය පහසුකම් සපයනවා” යනුවෙන් පළ කර ඇති බවයි. මෙසේ සංස්කරණය කර ඇති පිරිස් මඟින්, හිරු ප්‍රවෘත්ති සේවයට යොදා ගන්නා අක්ෂරවලට සමාන අක්ෂර භාවිතා කිරීමට උත්සාහයක් දරා තිබුනද එය මුළුමනින්ම සමාන නොවන අතර හිරු ප්‍රවෘත්ති සඳහා යොදා ගන්නා ප්‍රවෘත්ති කෙටි නිවේදන සඳහා භාවිතා වන පසුබිම (news ticker background) සංස්කරණය කරන ලද පසුබිමට වඩා හාත්පසින්ම වෙනස් බවත් පැහැදිලිය.
ප්‍රකාශය 2 :
දෙවන ප්‍රකාශයද බැලූ බැල්මටම හිරු ප්‍රවෘත්ති සේවයේ පළවූ විඩියෝ පටයකින් ලබාගත් ඡායාරූපයක් සංස්කරණය කොට පළ කර ඇති බව පෙනී යයි. කෙසේ වෙතත් මේ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා ප්‍රකාශිත ඡායාරූපය දෝෂ මට්ටම් විශ්ලේෂණයකට (Error Level Analysis) ලක් කරන ලදී. එහිදී ලැබුණු ප්‍රතිඵල පහතින්.

එයින් ලැබුණු ප්‍රතිඵල අනුව පැහැදිලි වන්නේ ජායාරූපයේ පහලින් ඇති ප්‍රවෘත්ති කෙටි නිවේදනය (news ticker) ඇතුළත් කොටස ඡායාරූපයේ අනෙකුත් කොටස් වලට වඩා වෙනස් සම්පීඩන මට්ටමක (compression level difference) පවතින බවයි. මෙම ඡායාරූපය සංස්කරණය නොකරන ලද ඡායාරූපයක් නම් සම්පූර්ණ ඡායාරූපම එකම දෝෂ මට්ටමක (same error level) පැවතිය යුතුය. යම්කිසි රුපයක කොටසක් සැලකිය යුතු ලෙස වෙනස් දෝෂ මට්ටමක පවතී නම්, එය බොහෝදුරට ඩිජිටල් සංස්කරණය කිරීමක් පෙන්නුම් කරයි
ප්‍රකාශය 3 :
තෙවන ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා ද පසුගිය දින කිහිපයේදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ ඔක්තෝබර් මස 23 වැනිදා සවස 6.55 ට හිරු ප්‍රවෘත්ති වැඩසටහන මගින් පලකරන ලද රූප රාමු ඉහත දක්වා ඇති රූප රාමුවලට සමාන බවයි. හිරු ප්‍රවෘත්ති විකාශයේ අදාල කොටස පහතින්.

එබැවින් පැහැදිලි වන්නේ මුල් වීඩියෝ පටයේ පළවූ “ත්‍රසත්වාදය වගේම, කුඩු වෙළෙඳාමත්..” යන කොටස සංස්කරණය කර “උපන් ඇඳුමෙන් ඔබලා ලගට එන්න මම ලෑස්තී” යනුවෙන් පළ කර ඇති බවයි.
ප්‍රකාශය 4 :
සිව්වන ප්‍රකාශය පරික්ෂා කිරීම සඳහා ද පසුගිය දින කිහිපයේදී හිරු ප්‍රවෘත්ති වාර්තා කළ වැඩසටහන් පරීක්ෂාවට ලක් කළෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණේ නොවැම්බර් මස 01 වැනිදා සවස 6.55 ට හිරු ප්‍රවෘත්ති වැඩසටහන මගින් පලකරන ලද රූප රාමු ඉහත දක්වා ඇති රූප රාමුවලට සමාන බවයි. හිරු ප්‍රවෘත්ති විකාශයේ අදාල කොටස පහතින්.

එබැවින් පැහැදිලි වන්නේ මුල් වීඩියෝ පටයේ පළවූ “කෙළෙහි ගුණ සලකනවා..” යන කොටස සංස්කරණය කර “ ගණිකා වෘත්තීය නීතිගත කරනවා” යනුවෙන් පළ කර ඇති බවයි.
අවසාන නිගමනය
මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ ඉහත ප්‍රකාශ සියල්ලක්ම ව්‍යාජ ලෙස සංස්කරණය කර පළකර ඇති බවයි.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:සජිත් ප්‍රේමාදාස මහතා විසින් සිදුකරන ලදැයි දැක්වෙන ප්‍රකාශ කිහිපයක්..
Fact Check By: Sahan PereraResult: False

මේක ජනාධිපතිවෙන්න ඉල්ලන අයගේ ප්‍රකාශ පිලිබඳව කෙරී ඇති යම්ව විකෘති කිරීම් ගැන. මෙහිදී එවැනි රටේ නායකත්වය අපේක්ෂා කරන්නන් වචන භාවිතයේදී කිසියම් විනයක් පෙන්නුම් කල යුතුයි. ආරමිභය ගත්තේ ප්‍රේමදාස මහතා. අනවශ්‍ය මුඛ කතාවක් කියලා. සාමාන්‍ය දිවියේදීත් එවැන්නක් යහලුවෙකුගෙන් කියැවුනත් එතැන්සිට ඔහු මිතුරන්ගේ උපහාසයට ලක්වෙනවානේ. එබැවින් මෙහිදී ප්‍රේමදාස මහතාට කියැවෙන ඒවා සුළු විකෘතියකින් උනත් දේශපාලනිකව වාසියට හරවාගන්න සමාජය පෙලඹීම වැලැක්වීමට දැන් අමාරුයි. විහිලුවට ආරම්භය අරන්දුන්නේ එතුමායි. වරින්වර පෑඩ් වැනි කතාවලින් එතුමාමයි එම තත්ත්වයට උත්තේජන ලබා දෙන්නේත්.
රටක ජනාධිපති තනතුර යනු අති උතුම් උත්තරිතර ජනතාවට වගකිව යුතු තානාන්තරයකි. එහි ගරුත්වයට නොගැලපෙන යම් අයෙක් ඒ සඳහා ඉල්ලුම් කරනු ලබන අවස්ථාවක් උදාවි ඇති බවක් තමයි සමාජජාලා අතර හුවමාරු වන සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව ඇති රුප රාමු බොහොමයකින් ප්‍රති නිර්මානය වන්නේ. යම් නොගැලපෙන හෝ එඩට් කරනු ලැබ ඇති එවන් දැ ඉවත් කලහැකිනම් එය කාගේත් යහපතට හේතුවේ. රුපරාමු එඩිට් කරන ලද හෝ නෙකරනු ලැබු ඒවා බව දැනගැනිමට යම් ක්‍රමවේද ඇත්නම් සියලුදෙනා දැනුවත්කිරිමද ඉතා වැදගත් දෙයක් වේ