
ප්‍රධාන මැතිවරණයක් අවසානයේදී පරාජය ලබන පාර්ශවය ඉලක්ක කරගනිමින් ජයග්‍රාහී පක්ශය විසින් විවිධාකාරයේ හිරිහැර සහ බලපෑම් සාමාන්‍යයෙන් දක්නට ලැබුණ ද මෙවර මැතිවරණ සමයේ මෙන්ම මැතිවරණයෙන් පසුවද එවැනි සිද්ධීන් වාර්තාවූයේ ඉතාමත් ස්වල්ප වශයෙනි.
“යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි..” යනුවෙන් කෑගල්ල දිස්ත්‍රික්කයේ යටියන්තොට ප්‍රදේශයේදී ඇතිවූ ආරවුලක් පිළිබඳව ඡායාරූපද සහිත සටහන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සටහන් හුවමාරු වනු අපට දක්නට ලැබුණා.
Facebook Link | Archived Link |
මෙම සටහන් සිංහල මෙන්ම දෙමළ භාෂාවෙන්ද පළවී තිබූ අතර දී මෙහිදී දෙමළ වතු කම්කරුවන් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය සිදුවූ ඇති බවක් පෙන්නුම් කරන ප්‍රකාශද දක්නට ලැබුණා.
Tamil Guardian වෙබ් අඩවිය මඟින් මෙම සිද්ධිය වාර්තා කර තිබුනේ “Tamils attacked in Kegalle as Rajapaksa is sworn in” යනුවෙනි
Tamil Guardian Website | Archived Link |
ඡන්ද විමසීමේදී රාජපක්ෂට එරෙහිව ඡන්දය දුන් බැවින් වතුයායේ දෙමළ නිවෙස්වලට මෙම ප්‍රහාරයට එල්ල කල බව සිංහල කතා කරන පිරිසක් පවසා සිටි බවට Tamil Guardian වාර්තා කර තිබුනේ එලෙසිනි.
මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා වෙනදාට සාපේක්ෂව ඉතාමත් අල්ප වශයෙන් වාර්තා වී තිබූ බැවින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශනයක් කිරීමට අදහස් කළෙමු.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
පසුගිය දින කිහිපය පුරාම ජනාධිපතිවරණ ප්‍රතිඵලය සම්බන්ධයෙන් විවිධාකාරයේ වෛරී ප්‍රකාශ විශේෂයෙන්ම උතුරු හා නැගෙනහිර පළාත්වල දෙමළ සහ මුස්ලිම් ජන කොටස් අලලා සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන අපට දක්නට ලැබුණා.
එබැවින් මෙවැනි සිද්ධියකට මුල් වන්නට ඇත්තේ යටියන්තොට ප්‍රදේශයේ මැතිවරණ ප්‍රතිඵලය දැයි සැකයක් පැනනැගුන බැවින් ඒ පිළිබඳව අපි විමර්ශනය කළෙමු. නමුත් මෙහිදී අපට දක්නට ලැබුණේ යටියන්තොට ඡන්ද කොට්ඨාශය වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජයග්‍රහණය කර ඇති බවයි.
Election Commission Result | Official Result sheet (Yatiyanthota) |
කෑගල්ල දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය පරීක්ෂාවට ලක් කිරීමේදී ද 55% කටත් වැඩි ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂ මහතා දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර ඇති අතර මාවනැල්ල ඡන්ද කොට්ඨාශය පමණක් සජිත් ප්‍රේමදාස මහතා විසින් ජයග්‍රහණය කර ඇති බව පෙනී ගියා.
ඉහත සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් නිල නිවේදනයක් නිකුත් කරමින් පොලිස්ප මාධ්වය ප්සාරකාශක රුවන් ගුණසේකර මහතා පවසා සිටියේ ඉහත සිද්ධිය බීමත් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් බවත් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙම පුවත වැරදි අර්ථකථනයක් සහිතව හුවමාරු වන බවත්ය. මේ පිලිබඳ නිල පොලිස් වාර්තාව පහතින්.
Police Media Division Statement | Archived Link |
කෙසේවෙතත් අප විසින් ඊයේ (19) Newsfirst දමිළ රාත්‍රී පුවත් පරීක්ෂා කිරීමෙදි පෙනී ගියේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව තමන් ඡන්දය භාවිතා කළා යැයි පවසන ඉහත ප්‍රකාශය සිදු කළ බව ගනේපල්ල වත්තේ වැසියන් කිහිප දෙනෙකු විසින්ම පවසා තිබෙන ආකාරය. මීට සම්බන්ධ වීඩියෝව පහතින්.
News 1st 8 மணி பிரதான செய்திகள் 2019/11/19
එබැවින් මේ පිළිබඳව යටියන්තොට පොලීසියෙන්ද විමර්ශනයක් සිදු කළෙමු. එහිදී වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා අප සමඟ පවසා සිටියේ ඇත්ත වශයෙන්ම බීමත්ව සිටි පුද්ගලයන් දෙදෙනෙකු මගින් පටන් ගත් මෙම ආරවුල හේතුවෙන් නිවසක තිබූ රූපවාහිනිය බිමට වැටී හානියට හානියට පත්වී ඇති බවයි. රූපවාහිනිය අලාභයට පත් කළ පුද්ගලයා රූපවාහිනියක් ලබා දීමට එකඟ වී ඇති අතර එය සමථ මණ්ඩලය හරහා විසදා ගැනීමට යොමුකළ බවයි.
මෙම සිද්ධියට සම්බන්ධ දෙපිරිසම වතුයායේ එදිනෙදා එකට වැඩ කරන පිරිස් වන අතර ඔවුන්ටද මෙම සිද්ධිය දුරදිග ගෙනයාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් මෙවර මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩකාරී ක්‍රියා විශාල වාර්තා වී නැති බැවින් මෙවැනි සුළු සිද්ධි ඉස්මතු කිරීම මගින් සිංහල-දෙමළ පිරිස් අතර ආරවුලක් ඇතිකිරීමට ඇතැම් පිරිස් විසින් උත්සාහයක් දරන අතර ගනේපල්ල වත්තේ සිටින සමහර පිරිස් ද ඒ සඳහා අනුබල දීමක් සිදුවන බව පසුගිය දින කිහිපයේ ප්‍රදේශයේ විශේෂ පොලිස් රැකවරණ සේවාවක් යොදා සිටියදී තමාටද පෞද්ගලිකවම පෙනී ගිය බව, වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.
අවසාන නිගමනය
මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉහත “යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදී දේපළ හානි….” යනුවෙන් සිදු කර ඇති ප්‍රකාශය නොමඟ යවන සුළු ප්‍රකාශයක් බවයි. බීමත් පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් සිදුවූ සුළු ආරවුලක් වතුකරයේ දෙමළ නිවෙස් වෙත එල්ල කළ විශාල ප්‍රහාරයක් වශයෙන් පෙන්වා දී ඇත

Title:Fact-Check :යටියන්තොට ගනේපල්ල වත්තේ කම්කරුවන් ට පහරදීමක්?
Fact Check By: Sahan PereraResult: Partly False
