
2019 ජනාධිපතිවරණය අවසන් වීමත් සමඟම ජනාධිපතිවරණය පිළිබඳ විශ්ලේෂණයන්, මතවාද සහ විවිධ ප්‍රවෘත්ති සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිරීමට පටන් ගෙන ඇත. පරාජිත අපේක්ෂකයින්ට සහ පරාජිත පක්ෂවලට පහර දෙමින් පලවන ප්‍රවෘත්ති මෙන්ම, ජයග්‍රහණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ඒ මහතා නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට විරුද්ධව පලවන ප්‍රවෘත්ති ද සමාජ මාධ්‍ය ජාලා තුළ සංසරණය වෙමින් පවතී.
“හෙට්ටිපොල, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කඩයකට ගෝටා පාර්ශවයේ මැරයින්ගෙන් ප්‍රහාර. මේකද රටේ ආරක්ෂාව? මේකටද පොහොට්ටුවට ඡන්දෙ දුන්නේ?” යන ශීර්ෂයක් සහිතව, ඡායාරූප රැසක් රැගත් සටහනක් ඩිල්ෂාඩ් අලවි නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවේ පලකර තිබුණි.

Facebook Link | Archived Link | Facebook Link 2 | Archived Link 2 |
මෙම සටහනට තවත් පිරිස් කිහිපයක් අතරේම හුවමාරු වී තිබුණු අතර ප්‍රතිචාර දැක්වූවන් කිහිප දෙනෙකු මෙය අසත්‍ය ප්‍රවෘත්තියක් ලෙසින් සඳහන් කර තිබු බැවින් මෙම සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයකට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙවැනි සිද්ධියක් වාර්තා කර තිබුනේ දැයි පරීක්ෂා කිරීම සඳහා ශ්‍රී ලංකාවේ මැතිවරණ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානයේ (CMEV) වෙබ්අඩවිය සහ ට්විටර් ගිණුම් පරීක්ෂා කළෙමු. කුරුණෑගල දිස්ත්‍රික්කයේ පිහිටි නගරයක් වන බණ්ඩාරකොස්වත්තෙහි ගින්න පිළිබඳව එහි දක්වා තිබුනේ මෙබඳු සටහනකි.

CMEV Tweet | Archived Link |
පසුගිය දින කිහිපයේදී පොලිස් වාර්තා කිසිවකද මෙම සිද්ධිය වාර්තා වී තිබුනේ නැති බැවින් අප වාරියපොල පොලිසියට සම්බන්ධ වී මේ පිලිබඳ විමසු විට දැනගන්නට ලැබුනේ ගින්න සම්බන්ධයෙන් පරීක්ෂණක් සිදුකරන බවත්, එය විදුලි කාන්දුවීමක් නිසා සිදුවී ඇති බවට සැක කරන බවත් ය.
“වාරියපොළ, බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේදී වෙළඳසැළකට පහරදුන්නැයි කියන සිද්ධිය, මැතිවරණයට අදාළ නොවන පෞද්ගලික ආරවුලක් යැයි මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය කියයි” යනුවෙන් ලංකාදීප වෙබ් අඩවිය මඟින් පළකර තිබුනේ මෙලෙසින්.

Lankadeepa Web | Archived Link |
බණ්ඩාරකොස්වත්ත ප්‍රදේශයේ ඇති වූ ගින්න පිළිබඳව AFP පුවත් සේවය විසින් සිදුකරන ලද සත්‍ය කරුණු විමර්ශනයක වාර්තාවක්ද අපට දක්නට ලැබුණි.
අවසාන නිගමනය
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ පෞද්ගලික ආරවුලක් මත සිදුවූ සිද්ධියක් මෙලෙසින් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියාවක් ලෙස හුවා දැක්වීමට උත්සාහ කර ඇති බවයි.
සිද්ධිය පිළිබඳව වෙළඳසැල් හිමියාගෙන් ද ප්‍රකාශයක් ලබා ගෙන ඇති අතර එයින්ද තහවුරු වන්නේ මෙම සිද්ධිය මැතිරණයට සම්බන්ධ නොවන බවයි.

Title:බණ්ඩාර කොස්වත්ත ප්‍රදේශයේ කඩයකට ගෝටා පාර්ශවයේ මැරයින්ගෙන් ප්‍රහාර ?
Fact Check By: Sahan PereraResult: False
