වායු ගෝලය තුළ සැරිසරන විවිධ රෝගකාරක නිසා ඇතිවන ආසාදනයන් ගෙන් ආරක්ෂාකාරී වීමට මෙන්ම, මිනිස් ක්‍රියාකාරකම් නිසා ඇතිවන පාරිසරික විපර්යාස වලින් ඇතිවන වායු දූෂණය වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාකාරී වීම පිණිස ලෝකයේ නොයෙකුත් රටවල වාසය කරන ජනයා ආරක්ෂිත මුඛ ආවරණයක් පැළඳීමට හුරුපුරුදුව සිටිති. විශාල නගරයන්හි ජීවත් වන බටහිර ආසියාතික ජනතාව විශේෂයෙන් ම මෙම මුඛ ආවරණය පැළඳීමටත් හුරුපුරුදුව සිටිති.

2019 වසර අවසානයේ, මධ්‍යම චීනයේ වූහාන් නගරය ආශ්‍රිතව, නිව්මෝනියා රෝග තත්වයකින් පෙළෙන රෝගීන් රැසක් සොයා ගැනීමට චීන වෛද්‍ය බලධාරින් සමත් විය. මෙම නිව්මෝනියා තත්වය ආසාදනය වීමට නිශ්චිත හේතුවක් නොවු අතර මෙතෙක් භාවිතා කළ ඖෂධයන්ට එම රෝගකාරකය පාලනය කර ගත නොහැකි විය. ඉතා කෙටි කාලයක් තුලදී මෙය කොරෝනා වෛරසය වර්ගයක් බව හඳුනා ගත් චීන වෛද්‍යබලධාරින් එම වෛරසයට වුහාන් කොරෝනා වෛරසය හෙවත් 2019-nCoV ලෙස නම් කළහ.

මිනිසෙකුගෙන් මිනිසෙකුට පැතිරෙන මෙම වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ලක්ෂණ පෙන්නුම් කළ අතර ඉතාමත් සුළු කාලයකදී වසංගතයක් ලෙස පැතිර යන්නට විය. රෝගය පැතිරයාමේ අවදානම පාලනය කර ගැනීම සඳහා ආරක්ෂිත මුඛ වැස්ම භාවිතය පිළිබඳව උනන්දුවක් ඇති විය. ආරක්ෂිත මුඛ වැස්ම පැලඳිය යුතු ආකාරය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල තුල විවිධ සටහන් ඉදිරිපත් වන්නේ එවැනි පසුබිමකය.

“නිවැරදිව මුඛ වැස්ම භාවිත කරනනේ මෙහෙමයි” තේමාව යටතේ ආරක්ෂිත මුඛවැස්ම පැළඳිය යුතු ආකාරය දක්වන සේයාරුවක් සහිතව, සටහනක් ඉදිරිපත් කර තිබුණු අතර “එහි වර්ණවත් පැත්ත පිටට නම් ඔබ යම්කිසි රෝගයකින් පෙළෙන අතර ඔබ එය පළදින්නේ ඔබගේ විෂබීජ පරිසරයට නිරාවරණය වන නිසාය. සුදු පැහැති පැත්ත පිටට භාවිත කරනවානම් ඒ බාහිර පරිසරයේ විෂබීජ ඔබ වෙත ළගා වීම වැළැක්වීමටය” යන කෙටි කථාංශයද ඇතුලත් කර තිබුණි.

ඒ හා සමාන සටහනක් දූතිකා ගයාෂාන් නමැත්තෙකුගේ ෆේස්බුක් පිටුවක “අවධානයෙන් සිටින්න”යටතේ සමාන කථාංශයක් සහිතව ඉදිරිපත්කර තිබෙණු නිරීකෂණය විය. මෙම සටහන් ෆේස්බුක් පරිශීලකයින් අතර සංසරනය වීමට ආරම්භ වී තිබුණු අතර ප්‍රතිචාර සටහන් රැසක් ද හිමිව තිබුණි. මේ හා සමාන සටහන් රැසක් ෆේස්බුක් මාධ්‍ය ජාලය තුළ නිරීක්ෂණය විය

Link1Link2
Archived Link1Archived Link2

මෙම මුඛ වැස්ම පැළඳීම පිළිබඳව උපදෙස් අසත්‍යය බවටවු ප්‍රතිචාරයන් නිරීක්ෂණය වීම නිසා මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

නිවැරදිව මූඛවැස්ම පැළඳීම පිළිබඳව ඇති උපදෙස් සෙවීමට අප ගූගල් සෙවීමක් කළෙමු. මූඛ වැස්ම නිවැරදිව පළඳින ආකාරය පිළිබඳව අඩංගු වාර්තා රාශියක් නිරීක්ෂණය විය. Why do surgical masks have a blue side and white side? නමැති වාර්තාව අධ්‍යනය කළෙමු. එහි සිංහල පරිවර්තනය මෙසේ අර්ථ දැක්වේ.

Link Archived Link

මුඛ වැස්ම නිවැරදි පිළිවෙළට පැළඳිය හැක්කේ එක ක්‍රමයකට පමණි. නාසය හෝ මුඛය කුහරය තුළට තරල කාන්දු වීම වළක්වා ගැනීම සඳහා නිල් පැත්ත දියර විකර්ෂක (liquid repellent) ලෙස නිමවා ඇත. එම නිසා පාට පැත්ත පිටතට සිටින සේ පැළඳිය යුතුය. එය සම්මත ප්ලයි 3ක මාස්ක් මුඛ වැස්මක් නම් උඩ සහ පහළ ස්ථර දෙකම බැක්ටීරියා වැලක්වීම නොකරයි. එම වැලක්වීම සිදු කරන්නේ මධ්‍ය පටලයෙනි. සුදු පැත්ත නිර්මාණය කර ඇත්තේ පළඳින්නාගෙන් නිකුත් වන තරල අවශෝෂණය කර ගැනීමටය. ආසාදන පාලනය සැලසුම් කර ඇත්තේ රෝගියා සහ එය පැළඳ සිටින පුද්ගලයා ආරක්ෂා කිරීම සඳහා ය. මෙම පැහැදිලි කිරීම අඩංගු වීඩියෝ දර්ශනයක් මෙසේය.

සිංගප්පූරුවේ පළවෙන The Strait Times පුවත්පත ද මේ පිළිබඳව වාර්තාවක් සපයා තිබුණි. ඔවුන්ගේ වාර්තාවේ සිංහල අර්ථය ද මෙසේ විය.

“උසස් තත්වයෙන් නිමවුනු මුඛ වැස්මක ස්ථර තුනක් ඇත. මධ්‍ය ස්ථරයක් සහිතව පිටතට ඇති ස්ථර දෙකකින් එය සමන්විත වේ. පිටතට ඇති ස්ථර දෙකෙන් එකක් සුදු පාටටද අනෙක වර්ණයකින්ද සමන්විතය. මුඛ වැස්ම පැළඳිය හැක්කේ එක ක්‍රමයකට පමණි. වර්ණවත් පැත්ත පිටතින් සිටින සේ පැළඳිය යුතුය.”

Link Archived Link

TECHARP.com වෙබ් අඩවිය ද නිවැරදි ලෙස පැළඳිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් ලබාදී තිබුණි. සැමවිටම වර්ණවත් පිටතට සිටින සේ මුඛ වැස්ම පැළඳිය යුතු බවට නිර්දේශ කර තිබුණේ රූපමය පැහැදිලි කිරීමක්ද සහිතවය.

Link Archived Link

අන්තර්ජාලය තුල සැරිසරන මුඛ වැස්ම පැළඳිය යුතු අන්දම පිළිබඳව Africa Check කරන ලද සත්‍ය කරුණු විමර්ශනයක් ද අපට නිරීක්ෂණය වූ අතර ඔවුන්ද මුහුණු ආවරණය වර්ණවත් (නිල්) පැත්ත පිටතින් සිටින සේ පැළඳිය යුතු යන්න පෙන්වා දී තිබුණි. මුහුණු ආවරණයක් නිවැරදිව පලදන්නේ කෙසේ ද? යන මැයින් පළවූ වීඩියෝ පටයක් පහතින්.

https://youtu.be/glj7wp2Umkw

අප දුරටත් කරුණු තහවුරු කරගැනීම සඳහා Centre for Health Protection ආයතනය විසින් ආසාදිත තත්ත්වයෙන් ආරක්ෂා වීමට මුඛ වැස්ම පළඳින ආකාරය පිළිබඳව නිකුත් කළ උපදෙස් පතක් පරීක්ෂා කළෙමු. එහි ස්ථර තුනක් සහිත මුඛ වැස්මක් පළඳින අයුරු විස්තර කර තිබුණේය. එහි සේයා රුවක් පහත ඇත.

පහත දක්වා තිබෙන්නේ ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ආරක්ෂක මුඛ වැසුම් පිලිබඳ පළකර ඇති ලිපි කිහිපයකි.

Personal protective equipment for use in a filovirus disease outbreak - Rapid advice guidelineRespiratory protection

කෙසේ වෙතත් ශ්‍රී ලංකා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද නිවේදනයක දක්වා තිබුණේ උඩරට ශ්‍රී ලංකාවේ කොරෝනා වෛරසය පිළිබඳ අනවශ්‍ය බියක් ඇති කර ගත යුතු නොවන බවත් මුහුණු ආවරණ පැළඳීම අනිවාර්ය නොවන බවත්ය.

අවසාන නිගමනය

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඔබ රෝගියකු නම් වර්ණවත් පැත්ත පිටතට සිටින සේද, ඔබ රෝගියකු නොවේ නම් ඔබට ලෙඩ රෝගවලින් ආරක්ෂා ආරක්ෂාවීමට ඇත්නම් සුදු පාට පැත්ත පිටතට පෙනෙන සේ ද මුඛ වැස්ම පැළඳිය යුතු බවට පළවන සටහන් සහ වාර්තා සියල්ලක්ම පදනම් විරහිත සාවද්‍ය පුවත් බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ආරක්ෂක මුඛ ආවරණ පැළදිය යුතු ආකාරය පිලිබඳ පැතිරෙන සටහන් වල ඇත්ත තතු!

Fact Check By: Sahan Perera

Result: False