මුලින්ම චීනයෙන් වාර්තා වුණු කොරෝනා වෛරස් රෝගීන්, මේ වන විට ලෝකයේ රටවල් කිහිපයකින්ම වාර්තා වී ඇති අතර ගෝලීය වසංගත රෝග තත්වයක් උදාවී ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පසුගියදා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණි. මෙම රෝගය පිළිබඳව සමාජ මාධ්‍ය ජාලා මෙන්ම ප්‍රවෘත්ති වෙබ් අඩවි තුළ ද නොයෙකුත් ප්‍රවෘත්ති ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. වීඩියෝ පටවල අන්තර්ගතව තිබූ සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමේදී තහවුරු වූයේ ඒවා බොහෝ විට මෙම රෝගයට කිසිඳු සම්බන්ධකමක් නොමැති වෙනත් සිදුවීම් යොදගෙන පලව තිබු සටහන් බවය.

පසුබිම මෙසේ තිබියදී, නුවNa නැමැති ෆේස්බුක් පිටුවක “සිංගප්පූරුව” යන සිරස්තලයක් සමඟ වීඩියෝ පටියක් අන්තර්ගතකර සටහනක් ඉදිරිපත් කර තිබුණේය. වෙළද සංකීර්ණයක හදිසියේ බිම ඇද වැටෙන තරුණියක් පිළිබඳ සිදුවීමක් දක්වන මෙම වීඩියෝ පටය කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණියක් සිංගප්පූරුවේදි ලෙස දැක්වීමට වෑයමක් දරා තිබිණි. 

Facebook LinkArchived Link

ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වූ මෙම සටහනට ප්‍රතිචාර සෑහෙන සංඛ්‍යාවක් හිමිව තිබූ අතර එලෙස හිමි වූ බොහෝ ප්‍රතිචාර සටහන් මෙම වීඩියෝ පටය අසත්‍යක් ලෙස යෝජනා කරද තිබූ බැවින් මෙම ෆේස්බුක් සටහන පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මෙම වීඩියෝ පටයේ රූප රාමු කිහිපයක් Google Reverse Image සෙවීමකට යොමු කළෙමු. එම රූප රාමුව අඩංගු වාර්තා සහ සටහන් රැසක් නිරීක්ෂණය විය.

මෙම සෙවීමේදී අප නිරීක්ෂණය කළ එක් කාරණයක් වුයේ මෙම වීඩියෝ පටය රැගත් සටහන් බොහොමයක්ම මීට පෙර ලොව පුරා මෙවැනිම අර්ථකථනයන් සහිතව හුවමාරු වීමත් සමඟම මෙම වීඩියෝ පටය පිලිබඳ කල කරුණු විමර්ශනයන කිහිපයක්ම පළව තිබු බවයි.

මැලේසියාවේ පලවන මෙට්රෝ පුවත් පතෙහි වූ වාර්තාවක් වෙත අපගේ අවධානය යොමු විය. Henti tuduh anak saya meninggal kerana koronavirus' (සිංහල අර්ථය : මගේ දරුවාට කොරොනා වෛරසය ආසාදිතයකයි චෝදනා නොකරන්න) තේමාව යටතේ සේයා රූ දෙකක් සමග මැලේසියානු භාෂාවෙන් එම වාර්තාව ඉදිරිපත්වී තිබුණි. අප ගුගල් පරිවර්තකය ආධාරයෙන් එම වර්තාව පරීක්ෂා කළෙමු

ජනවාරි මස 26 වෙනි දින සිදු වූ මෙම සිදුවීමට පාදක වී ඇත්තේ ජංගම දුරකථන උපාංගයක් මිළදී ගැනීමට සුපිරි වෙළඳ සැලකට ගිය තරුණියකගේ හදිසි මරණයය. සිදුවී ඇත්තේ මැලේසිාවේ Selangor ප්‍රාන්තයේ, Shah Alam හිදිය.

“සිය දියණිය මිය ගියේ කොරොනා වෛරස් ආසාදනයෙන් නොවන බව අවධාරනය කළ මියගිය 20 හැවිරිදි Nur Izzah Izzati පියා වන 47 හැවිරිදි Norazlan Mokhri , සිය දියණියට අගෞරවය කරන මෙම වීඩියෝ පටිය සංසරනය නොකරන ලෙස අයැදීය. ඇගේ මව පවසා සිටියේ  දියණිය මියගියේ හෘදාබාධයකින් බවය.” ගුගල් පරිවර්තකය ආධාරයෙන් පටිවර්තනය කරන ලද එම වාර්තාවේ කොටසක් මෙලෙසින්.

LinkLink 2

මේ සිදුවීම පිළිබඳව මැලේසියානු සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් ඇද්දැයි අපි පරීක්ෂා කර බැලු වෙමු. සිදුවීම පිළිබඳව ඔවුන් නිකුත් කළ ට්විටර් පණිවිඩයක් අපගේ අවධානය යොමු විය. මැලේසියාව තුල බොරු ප්‍රචාර නොකරන ලෙස ඔවුන් ඇය ද තිබුණි.

LinkArchived Link

මේ පිළිබඳව තවදුරටත් පරීක්ෂා කිරීමේදී මියගිය තරුණියගේ මිතුරෙකු විසින් නිකුත් කරන ලද ට්විටර් පණිවුඩයක් ද අපට හමු විය. සිය මිතුරිය මියගියේ හෘදයාබාධයකින් බව පවසන ඔහු එය සනාථ කිරීම සඳහා තරුණියගේ පියාගෙන් ගැන ලබාගත් වෛද්‍ය වාර්තාවන් සහ පොලිස් වාර්තාවේද  ඡායාරූපයක් ඉදිරිපත් කර තිබුණි.

LinkArchived Link

මෙම සිදුවීම පිළිබඳව කරුණු විමර්ශනය කළ ආයතනයන්  වාර්තා අධ්‍යනය කළෙමු. හැම වාර්තාවක්ම තහවුරු කර තිබුණේ Nur Izzah Izzati නමැති තරුණිය මිය ගොස් තිබුණේ හෘදයාබාධයකින් විනා කොරෝනා වෛරසය ආසාදන වීමෙන් නොවන බව වන අතර ඇය පිලිබඳ Google Search සෙවුමක් ඇසුරෙන්ද ඉහත වීඩියෝව හෙලා දකිමින් නිල පුවත් සේවාවන් රැසකම වාර්තා පලව තිබුණේ මෙලෙසිනි.

විවාහ ගිවිසගැනීමේ උත්සවයකට සහභාගී වී ආපසු නිවස බලා පැමිණෙන අවස්ථාවකදී තම දුරකථනයට උපාංග කිහිපයක් මිළදී ගැනීමට නැවත මෙම වෙලන්ඩ් සංකීර්ණයට ඇතුළුවන මෙම වන දැරිය අවාසනාවන්ත ලෙස හදිසි හෘදයාබාධ තත්වයකට මුහුණ දෙන්නේ තම පියා එම වෙළඳසැල ඉදිරිපිට වාහනයේ ඇය එනතුරු බලා සිටියදීම යනුවෙන් සිද්ධිය වූ ආකාරය වාර්තා කර තිබෙනුඅපට දැකගැනීමට හැකිවිය

අවසාන නිගමනය.

අපගේ කරුණු විමර්ශනයෙන් තහවුරු වූයේ  මැලේසියානු ජාතික තරුණියක වන Nur Izzah Izzati මිය ගොස් ඇත්තේ හෘදයාබාධයකින් බවය. මෙම සිදුවීම සිදුවී ඇත්තේ මැලේසියාවේ Selangor ප්‍රාන්තයේ, Shah Alam හිදිය. එබැවින් මෙම තරුණිය කොරෝනා වෛරස් රෝගය ආසාදනය වීමෙන් සිංගප්පුරුවේදි මරණයට පත්වූ බව සඳහන් කරමින්, ඇයගේ මරණය පිළිබඳ සිදු වූ ආකාරය දක්වන වීඩියෝ පටියක් සහිත පලවන සියලු සටහන් නොමඟ යවන සුළු සටහන් සම්පුර්ණයෙන්ම සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.

Avatar

Title:මේ වීඩියෝ පටයේ දැක්වෙන තරුණිය මිය යන්නේ කොරොනා වෛරස් රෝගය වැළඳමෙන්ද?

Fact Check By: Sahan Perera

Result: False