ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සපයන ලද නවතම තත්වයට අනුව (පෙබරවාරි 6 උදැසන), මාරාන්තික කොරොන වයිරස් තත්වය (2019-nCov) තහවුරු වූ රෝගීන් සංඛ්‍යාව 28,000 ඉක්මවා ඇති අතර එමඟින් සිදුව ඇති මරණ සංඛ්‍යාව 565 ක් පමණ විය. එසේම රටවල් 25කින් පමණ මේ වනවිට කොරෝනා වෛරස් තත්ත්වය අසාදිත රෝගීන් හඳුනාගෙන ඇති බවද වාර්තා වූ අතර ලෝකයේ විවිධ රටවල පුද්ගල මරණ සහ කොරෝනා වෛරස් ආසාදන සහිත තත්වයන් පිළිබඳව දෘශ්‍යමාන ප්‍රතිචාර රැසක් හුවමාරු වන අපට දක්නට ලැබුණා.

කරුණු මෙසේ තිබියදී කොරෝනා රෝගී තත්ත්වයක් හේතුවෙන් මැලේසියාවේ විසූ ඉන්දියානු ජාතික තරුණයකුගෙන් මරණයක් පිළිබඳව වාර්තාවක් පසුගිය දින කිහිපයේදී “නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ රෝහලකදී තරුණයකු අවසන් ගමන් ගොස් ඇතැයි වාර්තා වෙනවා අවසන් ගමන් ගොස් ඇත්තේ ඉන්දියාවේ ඊසාන දිග ත්‍රිපුරා ප්‍රාන්තයේ සිට එරටට පැමිණ සිටි මනීර් හුසේන් නැමැති 23 හැවිරිදි තරුණයෙකි මනීර් මීට වසර 2කට පෙර මැලේසියාවට පැමිණ ඇති අතර එහි ආපනශාලාවක සේවය කරමින් සිට ඇත” යන සටහනක්ද සහිතව හුවමාරු වී තිබෙනු අපට දැකගන්නට ලැබුණේ මෙලෙසිනි.

FB LinkArchived Link

එවැනි සටහන් සඳහා බොහෝදුරට HiruTV හරහා පළවී තිබු මෙම වාර්තාව පාදක වී තිබු බව පෙනෙන්නට විය.

Hirutv ArticleArchived Link

මේ දක්වා නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදු වී ඇති මරණ දෙකක් (පිලිපීනය සහ හොංකොං) හැර සියල්ලක්ම පාහේ සිදුව තිබෙන්නේ චීන ජනරජයේ තුළ බැවින් සහ විදෙස් මාධ්‍ය හරහා මෙවැනි ප්‍රවෘත්තියක් නොදුටු බැවින් ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු විමර්ෂණය කිරීමට අදහස් කළෙමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මැලේසියාවේ විසු ඉන්දියානු පුරවැසියාගේ මරණයට සැබෑ හේතුව සනාථ කිරීම සඳහා අපට මරණයට හේතුව සඳහන් මරණ සහතිකය අවශ්‍ය විය. අප මැලේසියානු මාධ්‍යවේදියෙකු හරහා මෙම ඉන්දියානු රෝගියා ජොහෝර් හි සුල්තාන් අමිනා රෝහලට ඇතුළත් කර සිටි බව දැනගන්නට ලැබුණි.

ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ විසින් මැලේසියාවේ ජොහෝර් හි සුල්තාන් අමිනා රෝහල (Sultan Aminah Hospital) අමතා, පසුගිය ජනවාරි 29 දින මියගිය මෙම මියගිය පුද්ගලයා හුසේන් මනීර් බවත්, මෙම මරණයට හේතුව Status Epilepticus Secondary Meningoencephalitis නමැති රෝගී තත්වයක් බවත් තහවුරු කළේය. කොරෝනා වයිරස් ආසාදිත රෝගීන් සුල්තාන් අමිනා රෝහලේ තබා නොමැති බව ද ඔවුහු සඳහන් කළහ.

කෙසේ වෙතත්, අපට මරණ සහතිකය ලබා දීමට ඔවුන්ට නොහැකි වුයේ, එය රෝගියාගේ පවුලට පමණක් ලබා දී ඇති පෞද්ගලික ලේඛනයක් බැවිනි. එනමුත් ඉන්දියාවේ අප මව් ආයතනය (Factcrescendo), මියගිය අයගේ පවුලේ සාමාජිකයන් වන මනීර් හුසේන් සම්බන්ධ කර ගැනීමට සමත් වුණි. මියර්ගේ වැඩිමහල් සොහොයුරා වන මිසාන්, ඔහුගේ සහෝදරයාගේ මරණය, උණ ආශ්‍රිත රෝගී තත්වයක් නිසා සිදුවූ බවත්, කොරෝනා වෛරසය නිසා නොවන බවත් අපට තහවුරු කළේය.

මැලේසියාවේ සුල්තානා අමිනා රෝහල විසින් ජනවාරි මස 29 වැනිදා නිකුත් කරන ලද මරණ සහතිකය ඔහු අපට ලබාදුන් අතර, මරණයට හේතුව Status Epilepticus Secondary Meningoencephalitis බව පැහැදිලිව සඳහන් කරයි. ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ වෙත ලබා දී ඇති මරණ සහතිකයේ පිටපත ඔබට පහත දැක්වේ.

(සුල්තානා අමිනා රෝහල විසින් නිකුත් කරන ලද මනීර් හුසේන්ගේ මරණ සහතිකය)

මේ අනුව, මරණ සහතිකයෙන් අපට පැහැදිලි වන්නේ මෙම ඉන්දියානු පුරවැසියා කොරොන වයිරසය හේතුවෙන් මිය ගොස් නොමැති බවයි.

මනීර් 2018 සිට මැලේසියාවේ අවන්හලක සේවය කළ බව මනීර්ගේ සහෝදරයා පැවසීය. උණ හේතුවෙන් ඔහුව රෝහලට ඇතුළත් කළ අතර දින දෙකකින් ඔහුගේ මරණය පිළිබඳ පුවත ඔවුන්ට දැනගන්නට ලැබුණි. ඔවුන් මහ ඇමතිගේ ලේකම් හමුවී මෘත දේහය නැවත ඉන්දියාවට ගෙන ඒමට උදව් කරන ලෙස ඉල්ලා ලිපියක් ඉදිරිපත් කළ අතර තවමත් ප්‍රතිචාරයක් බලාපොරොත්තුවෙන් සිටින බවද පවසා සිටියා.

මිසාන් මියා විසින් ප්‍රධාන වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කරන ලද ලිපියේ පිටපතක් ඔහු ෆැක්ට් ක්‍රෙසෙන්ඩෝ වෙත ද ලබාදුන්නා.

නිවැරදි ලෙස පුවත් පළ කිරීමට හේතුව කුමක් වීද යන්න සොයා බැලීම සඳහා අප ඔහුගේ සීයා අබ්දුල් රහීම් මහතා සම්බන්ධ කර ගැනීමට යුහුසුලු වූ අතර ඊට හේතු වූයේ ප්‍රවෘත්ති වාර්තා සියල්ලකම පාහේ කොරෝනා වෛරසය හේතුවෙන් මිය ගිය බවට කරුණු දක්වා තිබුණේ ඔහුගේ පියා ලෙස සඳහන් කර තිබූ බැවිනි. කෙසේ වෙතත් මියගිය මනීර්ගේ සහෝදරයන්ගෙන් මේ පිළිබඳව විමසූ විට ඔහු පවසා සිටියේ, මාධ්‍යවේදීන් විසින් තම මුණුපුරා මියගොස් ඇත්තේ කොරෝනා වෛරසය හේතුවෙන් බව පැවසුවහොත් ඉක්මනින් මෘත දේහය ඉන්දියාව වෙත ගෙන ඒමේ හැකියාවක් ඇති බවයි සඳහන් කිරීම හේතුවෙන් සීයා එලෙස පවසන ලද බවයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයෙන් මගින් පවත්වාගෙන යනු ලබන කොරෝනා වෛරස් රෝග තත්ත්වයන් ආසාදිත සහ මරණ සංඛ්‍යාවක් දක්වන සටහන පෙබරවාරි 6වැනිදා නිරීක්ෂණය කළ අපට එහිදී දැන ගත් දැකගැනීමට ලැබුනේ කොරෝනා වෛසරය හේතුවෙන් මේ වන තෙක් මැලේසියාවෙන් කිසිදු මරණයක් වාර්තා වී නොමැති බවයි

John Hopkins Live Update Dashboard | WHO Live Dashboard (Feb 6, 2020)

මේ පිළිබඳව අප මව් ආයතනය වන Factcresendo මඟින් ඉංග්‍රීසි බසින් කරන ලද කරුණු විමර්ශනය පහත පරිදිය.

Fact Check: Indian citizen from Tripura died due to Status Epilepticus Secondary Meningoencephalitis in Malaysia

අවසාන නිගමනය

මේ අනුව අපගේ විමර්ශණයෙන් පැහැදිලි වන්නේ “නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ විසු ඉන්දීය ජාතික තරුණයෙකු මරුට” යනුවෙන් පළ කර ඇති වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් ඇත්ත වශයෙන්ම මෙම ඉන්දීය සම්භවයක් ඇති තරුණයා මැලේසියාවේදී ජනවාරි 29 වන දින මරණයට පත්වී ඇත්තේ Status Epilepticus Secondary Meningoencephalitis නැමැති රෝගී තත්ත්වයන් හේතුකොට ගෙන බවයි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:නව කොරෝනා වෛරසය ආසාධනය වීමෙන් මැලේසියාවේ මරණයක්?

Fact Check By: Sahan Perera

Result: False