
ගෝලීය වසංගතයක් ලෙස ව්‍යාප්ත වන කොරෝනා වෛරස් රෝගය මේ වෙන විට රටවල් 206 ක මිලියන 1.2 අධික ජනසංඛ්‍යාවකට ආසාදනය වී 65,000 කට ආසන්න මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත.මෙම රෝගය පාලනය කිරීම සඳහා මේ වන විට බොහෝ රටවල් සිය නාවික, ගුවන් සහ දේශ සීමා වසා ජනතාව නිවාසයන්හි කොටුකර තැබීමට පියවර ගෙන ඇත. මිනිස් ක්‍රියාකාරිකම් අවම වීම නිසා පරසර දූෂණය අඩුවී ඇති අතර බොහෝ ජනාකීර්න නගරයන්හි වායු දූෂක අගය පහත වැටී ඇති බව වාර්තා වේ. මිනිස් ක්‍රියාකාරකම් අඩුවීමත් සමඟම ලංකාවේ නගරයක මුවන් රංචුවක් දක්නට ලැබුණු බවට පලවී තිබු සටහනක විමර්ශනයක් මෙසේය.
මෙවන් පසුබිමක Yonda නමැති ෆේස්බුක් පිටුවක “වායු දූෂණය නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු පුත්තලමට දිස් වූ හිමාල කඳු වැටිය” තේමාව යටතේ සේයාරුවක් සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය විය. ඉතා කෙටි කලක දී ෆේස්බුක් පරිශීලනය කරන්නන් 1400කට වැඩි සංඛ්‍යාවක් අතර මෙම සටහන හුවමාරු වී තිබුණු අතර හිමි වූ ප්‍රතිචාර බොහොමයක් උපහාසාත්මක කෝණයකින් ඉදිරිපත්වි තිබිණි.

Link | Archived Link |
එලෙසම ජරා FM නමැති ෆේස්බුක් පිටුවක “මිනිසාගෙ විනාශයට හේතුව මිනිසාමය..” තේමාව යටතේ Yonda ෆේස්බුක් පිටුවේ සේයාරුවම සහිතව සටහනක් ඉදිරිපත් වී තිබෙනු දක්නට ලැබුණේය. මෙහි තිබු සේයාරුවට යටින් “අවුුරුදු 30කට පමණ පසු ප්‍රථම වතාවට හිමාල කඳු වැටිය කිමි 200කට වඩා දුරකට දර්ශනය වේ. Lockdown නිසා වායු දුෂණය අඩු වීම මෙයට හේතුවයි” යන වදන් රෝපනය කර තිබුණේ මෙලෙසය.

Link | Archived Link |
මෙම සටහන තවත් ෆේස්බුක් පිටු කිහිපයක ම ඉදිරිපත් වී තිබෙනු නිරීක්ෂණය තිබු අතර මෙය සත්‍ය සටහන්ක්දැයි කිහිපදෙනෙකුම විසින් ප්‍රශ්න්කාරද තිබුණි.
එකම ඡායාරූපය සහිත මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් විශාල සංඛ්‍යාවක් අතර හුවමාරු වීම හේතුවෙන් එම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) පරිසර දූෂණය අඩුවීම නිසා හිමාල කඳු වැටිය දුරට දර්ශණය විම පිළිබඳව ගූගල් සෙවීමක් කළෙමු. එයට අදාල වාර්තා රැසක් අන්තර්ජාලයේ තිබෙණු දක්නට ලැබුණි. මේ වාර්තා සියල්ලම සඳහන් කර තිබුණේ ඉන්දියාවේ ක්‍රියාත්මක වන දින 21ක වසාදැමීම (Lockdown) නිසා කර්මාන්ත ශාලා නැවතිම සහ වාහන ගමනාගමනය ඇතුළු සියලු මිනිස් ක්‍රියාකාරිකම් නැවතීම නිසා පරිසර දුෂණය අවමවීම නිසා හිමාචල් ප්‍රදේශයේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් Dhauladar කඳුවැටිය පංජාබයේ පිහිටි ජලන්දාර් නගරයට දර්ශනය වෙන බවය

මේ පිළිබඳව තවදුරටත් කරුණු සනාථ කරගැනීම පිණිස, The Indian Express පුවත්පතේ “You can now see Himachal’s Dhauladhar mountain ranges from Jalandhar thank the lockdown” (වසා දැමීමට ස්තුතිවන්නට, හිමාචල් ප්‍රදේශයේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් Dhauladar කඳුවැටිය පංජාබයේ පිහිටි ජලන්දාර් නගරයට දර්ශනය වේ.) සිරස්තලය යටතේවු ප්‍රවෘත්ති වාර්තාව පරීක්ෂා කර බැලුවෙමු.
කොරෝනා වෛරස් රෝගය ව්‍යාප්තවීම නිසා දින 21ට වසා දැමුණු ඉන්දියාවේ, මිනිස් ක්‍රියාකාරිත්වය අවම වීම නිසා පරිසරය දූෂණය ඉමහත් ලෙස අඩු වී ඇති බවත් එමනිසා ඉන්දියාවේ ප්‍රධාන නගරයන්හි වායු දූෂණය ඉතාමත් අවම මට්ටමකට පත්ව ඇති බව සඳහන් කරන එම පුවත්පත, හිමාචල් ප්‍රදේශයේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් Dhauladar කඳුවැටිය, පංජාබයේ පිහිටි ජලන්දාර් නගරයට දර්ශනය වෙන බව වාර්තා කර තිබුණේය.

IndianExpress | NDTV |
සුප්‍රකට ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක හර්බජාන් සිං, ට්විටර් මගින් පවසා තිබුණේද පංජාබයේ ජලන්දාර්හි පිහිටි තම නිවසේ පියසේ සිට හිමචාල් ප්‍රදේශයේ පිහිටි Dhauladar කඳුවැටිය මනාව දර්ශනය වන බවය. ඔහු එම දර්ශනයේ ඡායාරූපයක්ද මෙසේ පළකර තිබුණි
හිමාචල් ප්‍රදේශයේ පිහිටි, හිමාල කඳු වැටියට අයත් Dhauladar කඳුවැටිය සහිත ප්‍රදේශයේ සිට පංජාබයේ පිහිටි ජලන්දාර් නගරයට ඇති දුරද පරීක්ෂා කළෙමු. එහිදීද එම දුර ප්‍රමාණය කිලෝමීටර 200 කට වඩා වැඩි දුරක් බව පෙනී ගියේය.

“වායු දූෂණය නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු පුත්තලමට දිස් වූ හිමාල කඳු වැටිය” තේමාව යටතේ පළවූ සේයාරුවද ඉන්දියාවේ ඉහත පුවතට අදාළ ඡයරුපක්ම බව හැඟුණු බැවින් මේ පිලිබඳ විමර්ශණය කිරීමේදී එම ඡායාරුපය සහිත Twitter සටහන් පෙළක්ම මෙසේ පළවී තිබෙනු දක්නට ලැබුණි.
Tweet | Tweet 2 |

Twitter සටහන් වල පලවී තිබු ඡායාරුපය සහ Yonda නමැති ෆේස්බුක් පිටුවේ පළවී ඇති ඡායාරුපය පහත පරිදි සංසන්දන කිරීමේදී එකම ඡයරුපක් බව මෙසේ පෙනී ගියේය.

Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දින 21ට වසා දැමුණු ඉන්දියාවේ, මිනිස් ක්‍රියාකාරිත්වය අවම වීම නිසා පරිසරය දූෂණය ඉමහත් ලෙස අඩු වී ඇති බැවින්, හිමාචල් ප්‍රදේශයේ පිහිටි හිමාල කඳු පංතියට අයත් Dhauladar කඳුවැටිය කිලෝමීටර් 200කට වඩා දුරකින් පිහිටි පංජාබයේ ජලන්දාර් නගරයට දර්ශනය වෙයි යනුවෙන් පළවූ වාර්තා සියල්ලක්ම සත්‍ය බවයි.
එසේම Yonda නමැති ෆේස්බුක් පිටුවක “වායු දූෂණය නිසා දෙවන ලෝක යුද්ධයෙන් පසු පුත්තලමට දිස් වූ හිමාල කඳු වැටිය” යන තේමාව යටතේ සේයාරුවක් සහිතව ඉදිරිපත් කර ඇති සටහන වැරදි තේමාවක් යටතේ ඉදිරිපත් කර ඇති නොමඟ යවන සුළු සාවද්‍ය සටහනක් බවට නිගමනය කරමු

Title:පංජාබයේ ජලන්දාර් නගරයට හිමාලය කඳු පංතිය දිස්වීමේ පුවත යොදාගනිමින් කරන ලද සාවද්‍ය ප්‍රකාශයකි!
Fact Check By: Sahan PereraResult: False
