දිවයිනේ කොරෝනා වෛරස් රෝග ආසාදිත රෝගීන්ට මෙන්ම බෝවෙන රෝග වැලඳුණ රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ ප්‍රමුඛස්ථානය ගන්නේ අංගොඩ පිහිටි ජාතික වසංගත රෝග විද්‍යායතනයයි. ලංකාවේ කොරෝනා වෛරස් ආසාදනය ක්‍රමයෙන් ව්‍යාප්ත වීමේදී බහුතරයක් රෝගීන් මෙම රෝහලේ ප්‍රතිකාර වෙත යොමුකිරීමත් සමඟම ජනතා අවධානයද එහි ක්‍රියාකාරම් සඳහා යොමුවී ඇත.

සමාජ මාධ්‍ය ජාලය තුළ ද අංගොඩ පිහිටි ජාතික බෝවන රෝග විද්‍යායතනය පිළිබඳව විවිධ ප්‍රවෘත්ති පළ වෙන්නට පටන් ගත්තේය. එහි සේවය කරන වෛද්‍ය කාර්ය මණ්ඩලය ඇතුළු සෞඛ්‍යය සේවා කාර්ය මණ්ඩලයේ සේවය සහ කැපවීම අගය කරන සටහන් මෙන්ම එහි අවශ්‍යතා පිළිබඳව විවිධ සටහන් ෆේස්බුක් ජාලයෙහි ඉදිරිපත්වු අතර, මුලික ද්‍රව්‍ය පිලිබඳ හිඟයක් ඇති බවට පළවූ නොමග යවන සුළු පුවතක් පිළිබඳව අප විසින් සිදුකරන ලද විමර්ශනය මෙසේය.මෙවන් පසුබිමක සිතුවිලි විමන නමැති ෆේස්බුක් පිටුවක සේයා රුවක් සහිතව පපුව පිච්චිලා ගියා වෙන රටක නොවෙයි මේ අපේ රටේ I.D.H. රෝහලේ දෙවිවරු! ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාව ලැබේවා සියලු දෙනාටමයන තේමාවෙන් සටහනක් ඉදිරිපත්වී තිබෙණු නිරීක්ෂණය විය.

LinkArchived Link

එසේ හුවමාරු වී තිබු තවත් සටහන් කිහිපයක් මෙසේය.

වෙහෙසට පත් කාර්ය මණ්ඩලය උන්හිටි ස්ථානයන්හිම නිද්‍රෝපගතව සිටින අන්දම සේයාරුවෙහි දක්වා තිබුණි. ප්‍රතිචාර අධික සංඛයාවක් හිමිකර ගනිමින් මෙම සටහන් ෆේස්බුක් පරිශීලනය කරන්නන් රැසක් අතර හුවමාරු වී තිබුණි.

බොහෝ දෙනා විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සියලුදෙනාගේම සේවය අගය කරමින් මෙම සටහන්වලට ප්‍රතිචාර දක්වා තිබුණ ද ඇතැමකු විසින් නියත වශයෙන්ම ශ්‍රී ලංකාවේ IDH රෝහලේ දර්ශනයක්ද යන්න ප්‍රශ්න කර තිබුණු බැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකිරීමට අදහස් කරමු

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම සටහනේ තිබු ඡායාරූපය සමීපව පරීක්ෂා කිරීමේ දී මෙහි සිටින පුද්ගලයින් පැළඳ සිටින්නේ ශ්‍රී ලංකාවේ රෝහල් වල භාවිතා වන ආරක්ෂිත ඇඳුම නොවන බව හැඟී ගිය නිසා අප මෙම ඡායාරූපය google reverse image සෙවීමකට ලක් කළෙමු. එහිදී අපට මෙම සටහන පිළිබඳව මැලේසියානු භාෂාවෙන් ඉදිරිපත්වූ සටහන් කිහිපයක් දක්නට ලැබුණි.

එම ඡායාරූප එම යොදාගනිමින් මැලේසියාවේ එවැනි එක් වෙබ් අඩවියක පුවතක් වාර්තා කර තිබුණේ මෙලෙසිනි.

LinkArchived

“They are Malaysian Heros. Government gives RM500 million to MOH & RM130 million to each state” යනුවෙන් ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය වූ එම සටහනේ දක්වා තිබුනේ මැලේසියානු රජය විසින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සේවය අගයමින් සිදුකරන ලද ප්‍රදානයක් සම්බන්ධවයි.

පහත දැක්වෙන්නේ එසේ පළවූ තවත් වෙබ් වාර්තා කිහිපයක් වන අතර එම සියල්ලක නිදි වර්ජිතව සේවයේ යෙදෙන මැලේසියානු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් කැපවීමෙන් සේවයේ යෙදෙන ආකාරය සම්බන්ධවයි.

MSN Archived LinkLink 1Link 2

MSN වෙබ් අඩවියේ ඇති මෙම වාර්තාව පරිදි “© Provided by Project MM Mark Adam Instagram” ලෙස සඳහන් වී තිබු බැවින් අප ඔහුගේ Instagram ගිණුම පරීකෂා කල අතර එහි මෙම ඡායාරුපය මාර්තු මස 22 වැනිදා පලවී තිබුනේ මෙලෙසිනි.

Instagram LinkArchived Link

මැලේ භාෂවෙන් පලවී තිබු එම සටහනේ සිංහල පරිවර්තන මෙසේය වෛද්‍යවරුන්, හෙදියන්, පොලිසිය, සොල්දාදුවන්, පිරිසිදු කරන්නන් යනාදී සියලු දෙනාටම ස්තූතියි. අපි ඔබ සහ ඔබගේ පවුලේ අය වෙනුවෙන් අවංකවම යාක්ඡා කරමු, ඔබ ගැන බලාගන්න”

අප Mark Adam ගේ Instagram ගිණුමේ පළවී තිබු ඡායාරුපය සහ ලංකාවේ IDH රෝහලේ ඡයරුපක් ලෙසින් පළවේ සටහන්වල තිබු ඡායාරුප දෙක මෙසේ සංසන්දනකිරීමේදී ඒවා එකම ඡායාරුපය බව මෙසේ තහවුරු විය.

ආරක්ෂණ උපකරණ කට්ටල (PPE- Personal Protective Equipment) පැමිණෙන තෙක්, මැලේසියාවේ කෙලැන්ටන් රෝහලක රජයේ සෞඛ්‍ය සේවකයින්, කසළ මළු ආරක්ෂිත ඇඳුම් කට්ටල බවට පත් කරගත් අයුරු පෙන්වූ වීඩියෝවක් මෙසේය.

https://twitter.com/MelGohCNA/status/1241620707311677446

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ශ්‍රී ලංකාවේ IDH රෝහලේ ලෙසින් හුවමාරු වූ ඡායාරුපය ඇත්ත වශයෙන්ම මැලේසියාවේ රෝහලක ඡායාරුපයක් වන බවයි. I.D.H. රෝහලේ දෙවිවරු! ත්‍රිවිධ රත්නයේ පිහිටයි ආරක්ෂාව ලැබේවා, යනුවෙන් සෞඛ්‍ය සේවක ප්‍රජාවගේ දිවා රෑ නොතකා සිදුකරන සේවය අගයමින් සිදුකරන ලද යහපත් සටහනකට යොදාගෙන ඇති ඡායාරුපය මැලේසියාවේ රෝහලක ඡායාරූපයකි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:මේ අංගොඩ IDH රෝහල නොවේ. මැලේසියාවේ රෝහලක දර්ශනයකි.

Fact Check By: Sahan Perera

Result: False