පවතින කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන් දෙවන පාසල් වාරය ඇරඹීමට නියමිතව තිබුනේ අප්‍රේල් මස 20 වැනිදායි.එම තීරනය වෙනස් කරමින් 2020 අප්‍රේල් 11 වන දින මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් රජය නැවතත් පාසල් විවුර්ථ කරන දිනය මැයි මස 11 දිනට නැවත වරක් දිගු කලද වර්තමාන තත්වය අනුව එම දියයද වෙනස්වීමේ බොහෝ ඉඩකඩක් ඇති බව ප්‍රකාශ වී තිබුණි.

නැවත පාසල් ආරම්භ කිරීමේ දිනය මැයි 11 ලෙස ප්‍රකාශයට පත් කර තිබු පසුබිමක් තුල මේ හා සම්බන්ධව විවිධ පුවත් සමාජ ගත වන බවක් දකින්නට ඇත. ෆේස්බුක් ඇතුළු සමාජ මාධ්‍ය තුල බහුල ලෙස හුවමාරු වූ එවැනි එක සටහනක කරුණු දක්වා තිබුනේ සියලු පාසල් සිසුන් රක්ෂණය කර ඇති නිසා සිසුන්ව පාසල් එවන මෙන් කරන අධ්‍යාපන ඇමතිතුමා විසින් ඉල්ලීමක් කරනු ලද බවයි.

නදීප් දර්මදාස නම් අයෙකු පල කල මෙම පුවත අඩංගු සටහන පහතින්.

“සියලුම පාසල් සිසුන් පූර්ණ රක්ෂණයක් කර තිබේ. බය නැතුව දරුවන් පාසල් එවන්න - අධ්‍යාපන ඇමති ඩලස්"

LinkArchived Link

දිවයිනේ කොරෝන ආසාදිත පිරිස වැඩිවී ඇති මෙවන් සමයක් මේවැනි පුවතක සත්‍යතාවය පිලිබඳ තහවුරු කිරීම වැදගත් බැවින් මේ පිලිබඳව සත්‍ය කරුනු විමර්ශනය කිරීමට අපගේ අවධානය යොමු විය.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිලිබඳව තොරතුරු විමර්ශනය කිරීමේදී අප පලමුවෙන්ම මේ හා සම්බන්ධ කිසිඳු පුවතක් ප්‍රකාශ වී ඇත දැයි Google News හරහා සෙවීමක් සිදුකල අතර එබඳු කිසිඳු වාර්තාවක් ප්‍රධාන මාධ්‍ය ඔස්සේ පලවී තිබෙනු දැකගැනීමට හැකිවුයේ නැත.

අනතුරුව අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතාගේ පුද්ගලික ලේකම් වරයාගෙන් මේ පිලිබඳව කරුනු විමසා බලන ලදී. එහි දී අපට හෙලි වූයේ මේ පුවත එම පුද්ගලයා විසින් වැරදි ලෙස නිර්මානය කල එකක් බවයි.අධ්‍යාපන ඇමතිවරයා කිසි විටෙකවත් පාසල් දරුවන් රක්ෂණය කර ඇති නිසා පාසල් එන්නැයි ප්‍රකාශ කර නොමැති බව ඔහු විසින් තහවුරු කර සිටියා.

මේ පිලිබඳව තවදුරටත් කරුනු සෙවීමේදී අපට හෙලි වුයේ බොහෝ දුරට මීලගට පාසල් වාරය ආරම්භ කරන දිනය නැවත වරක් දීර්ඝ කරනු ඇති බවයි.

ඒ පිලිබඳව තොරතුරක් පසුගිය දිනෙක හිටපු අධ්‍යාපන ඇමතිතුමා හිරු මාධ්‍ය ආයතනයක සමග පැවැත්වූ සම්මුඛ සාකච්චාවක දී ඉඟි කර තිබුණි.එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ දැනට පවතින තත්වය සමග බැලීමේදී මැයි 11 වනදා පාසල් ආරම්භ කිරීමට ගෙන ඇති තීරණය ප්‍රායෝගික නොවන බවයි.

නැවත පාසල් විවුර්ථ කරන දිනය මැයි මස මුල් සතියේදී නැවත දැනුම් දෙනු ඇති බවත් එම දිනය තීරනය වන්නේ සෞඛ්‍ය අංශ ලබා දෙන නිර්දේශ මත බවත් ඔහු වැඩිදුරටත් දන්වා සිටියා.

එයට අදාල සම්මුඛ සාකච්චාව පහතින්

https://youtu.be/5uBNlu_l9b8?t=239

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශන වලින් පැහැදිලි වන්නේ සියලුම පාසල් සිසුන් රක්ෂණය කර ඇති බැවින් ඔවුන් හට පාසල් වෙත පැමිණෙන ලෙස ෆේස්බුක් හරහා පැතිරී යන ප්‍රකාශය ව්‍යාජ එකක් බවයි. එලෙස කිසිඳු ප්‍රකාශයක් කිසිවිටෙකත් අධ්‍යාපන ඇමති ඩලස් අලහප්පෙරුම මහතා ප්‍රකාශ කර නැත. එමෙන්ම මැයි 11 වන දිනට යලිත් පාසල් පැවැත්වීමට ගෙන ඇති තීරනය බොහෝ දුරට වෙනස් වනු ඇති බවද ඩලස් අලහප්පෙරුම මහතා පවසා සිටියි.

Avatar

Title:පාසල් සිසු රක්ෂණයක් ඇති බැවින් බය නැතුව දරුවන් පාසල් එවන්න යනුවෙන් පැතිරෙන පුවත අසත්‍යකි

Fact Check By: Sahan Perera

Result: False