
පාර්ලිමේන්තු මැති – ඇමති වැටුප් සහ දීමනා පිළිබඳව සමාජයේ විටින් විට කතාබහක් ඇතිවනවා. විශේෂයෙන්ම බදු වැඩි කිරීම වැනි පසුබිම්වල දී සමාජය අපහසුතාවට පත්ව තිබියදී මැති – ඇමති පඩි වැඩි කරගැනීමට අනුමැතිය ලබාගෙන ඇති බවට විටින් විට සටහන් පෙළක් හුවමාරු වෙනවා. විදුලි බිල සංශෝධනයත් සමඟ නැවත වරක් හුවමාරු වන එම සටහන්හි අන්තරගන්තය මෙලෙසින්.
සමාජ මාධ්‍ය සටහන්:
“මැති ඇමැති වැඩි පඩිය අනුමතයි. අගොස්තු පඩිය සමග මාස 7 ක හිග වැටුප්. මන්ත්‍රී වරයකුට ලක්ෂ අතරහමාරයි. නියොජ්‍ය ඇමති වරයකුට ලක්ෂ පහමාරයි. ඇමති, රාජ්‍යය ඇමතිවරයකුට ලක්ෂ 6යි.බදු ගෙවන ඔබට ස්තුතියි” යනුවෙන් පුවත්පතක මුල් පිටුවක ලෙස හැඟෙන සටහනක් මෙසේ පළකර තිබු අතර කෙටි කාලයක් ඇතුලත 1000 කට වැඩ වැඩි පිරිසක් අතර හුවමාරු වී තිබුනේ මෙලෙසිනි.

මෙම සටහනට උපහාසාත්මක සහ අපහාසාත්මක ලෙස බොහෝ ප්‍රතිචාර ලැබී තිබු අතර ඇතැමුන් මෙය පැරණි පුවත්පතක් බව පෙන්වා දෙමින් මෙවැනි සමාජ ජාල පරිශීලකයින් නොමඟ යවන සටහන් පිලිබඳ හෙලා දකිමින්ද ප්‍රතිචාර ලබා දී තිබුණි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙබඳු පුවතක් පිළිබඳව ප්‍රධාන මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විමර්ශනයක් සිදු කිරීමේදී අපට මෙම සේයාරුව සහිත සටහන මීට පෙර කිහිප වතාවකදීම හුවමාරු වී තිබෙනු අපට දැක ගැනීමට හැකි වුණා. මේ එසේ හුවමාරු වූ එක අවස්ථාවක්.

මේ අනුව මව්බිම පුවත්පතේ මුල් පිටු පරීක්ෂා කිරීමේදී ඇත්ත වශයෙන්ම 2018 අගෝස්තු මස 03 වැනි දින මුල් පිටුවේ මෙම පුවත පලවී තිබෙන අයුරු නිරීක්ෂණය වුයේ මෙලෙසිනි.

වසර කිහිපයක සිට මෙම සටහන් හුවමාරු අතර එහිදී පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍යාංශය තහරුවූ කර සිටියේ මැති ඇමති වැටුප් වෙනස්වීමක් සම්බන්ධයෙන් කිසිදු දැනුම්දීමක් ලබා දී නොතිබූ බවයි.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ මැති ඇමැති වැඩි පඩි මෑතක දී අනුමත දී ඇති බවට පළකර ඇති සටහන, ඇත්ත වශයෙන්ම 2018 වසරේ අගෝස්තු මස 03 වැනිදා මව්බිම පුවත් පතේ මුල් පිටුව බවයි.

Title:2018 අගෝස්තු මව්බිම පුවත්පතක මුල් පිටුවක පුවතක් යොදා සිදුකල නොමඟ යවනසුළු සටහනක්!
Fact Check By: Sahan PereraResult: Misleading
