
කොරෝනා මර්දනය කිරීමේ කාර්යේදී දකුනු ආසියාවේ අනෙකුත් රටවල් සමග සසඳා බලන කල සමස්තයක් වශයෙන් එය පාලනය කල ආකාරය අතින් ශ්‍රී ලංකාව ඉහල මට්ටමක සිටින බව බොහෝ දෙනාගේ මතයකි.මේ සඳහා ලංකාවේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය සමග ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු අනෙකුත් අංශද මැදිහත් වෙමින් සුවිශේශී කාර්‍යභාරයක් ඉටු කර ඇත. පසුගිය මාසයක පමණ කාලය තුල සමාජය තුලින් කොරෝනා රෝගීයෙකු හමු නොවීමද එයට ඊට සාක්ෂි දරයි.
මෙලෙස හොඳින් කොරෝනා රෝගය ව්‍යාප්තිය පාලනය වී ඇති පසුබිමක පසුගියදා සමාජ මාධ්‍ය මෙන්ම වෙබ් අඩවියකින් පල කල පුවතකින් කියවුනේ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා ලංකාවේ කොරෝනා මර්දනය කිරීමේ ක්‍රියාවලිය පිලිබඳව කල ප්‍රකාශයකි.එම පුවතට අනුව කොවිඩ් මර්දනයට හොඳම පිළියම ශ්‍රී ලංකාවේ ක්‍රමය බව ඔහු ප්‍රකාශ කර තිබෙනවා.එම පුවතට අනුව බ්‍රිතාන්‍යයේ දැනට ක්‍රියාත්මක වන ක්‍රියාදාමයන් නවතා ලංකාවේ ක්ර්මයට අනුව කොරෝනා මර්දනය සඳහා කටයුතු කරන ලෙස බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය අංශ වලට ප්‍රකාශ කර ඇති බවක් මෙම පුවතින් පල කර තිබුනා.
මෙම පුවත aanduwa.lk නම් වෙබ් අඩවියක පලව තිබුනේ පහත අයුරින්.

මේ පුවතම niroshanarajapaksha නමින් පවත්වාගෙන යන ෆේස්බුක් පිටුවකද පල කර තිබුනා.ඒ පහත අයුරින්.

බොරිස් ජොන්සන් බ්‍රිතාන්‍ය අගමැතිවරයා පසුගිය මාර්තු මාසයේ කොරෝනා රෝගයට ගොදුරු වූ අතර තත්වය දරුනු අතට හැරීම හේතුවෙන් ඔහු දැඩි සත්කාර එකකයට පවා ඇතුල් කලා.පසුව ඔහු සම්පූර්න සුවය ලැබුවා.මෙවන් තත්වයන් යටතේ ලංකාවේ සෞඛ්‍ය අංශ වල ක්‍රියාකාරිත්වය පිලිබඳව ඔහු සැබැවින්ම ප්‍රකාශයක් සිදු කලාද යන්න අප සොයා බැලුවා.
Fact Check (සත්‍ය කරුණු විමර්ෂණය)
මෙම පුවතේ සත්‍යතාව පරීක්ෂා කිරීමේදී අප පලමුවම මෙම පුවත පලවූ මැයි 29 වෙනිදායින් මාසයක කාලයක් ආපසුවට ලෝකයේ ප්‍රධාන මාධ්‍ය බොරිස් ජොන්සන් මහතා සිදුකල ප්‍රකාශයන් පරීක්ශා කර බැලුවා. එහි කිසිම තැනක ශ්‍රී ලංකාව පිලිබඳව කිසිවක් වාර්ථා වී ඇත්තේ නෑ.
බ්‍රිතාන්‍ය අගමැතිවරයා එම රටේ සෞඛ්‍ය සේවාව පිලිබඳව ඉතා ඉහල වටිනාකමක් ලබා දෙමින් කතා කරන බවක් ඔහු කොරෝනා රෝගය වැලදී සිට රෝහලෙන් පැමින නිකුත් කල වීඩියෝ පටය විමර්ශනය කිරීමේදී අපට තේරුම් යනවා.මෙහිදි ඔහු ප්‍රකාශ කර සිටින්නේ “අහන්න කිසිවක් නැහැ, ජාතික සෞඛ්‍ය සේවය මගේ ජීවිතය බේරුවා”යනුවෙන්.බොරිස් ජොන්සන් මහතා මෙම වීඩියෝ පප්ටය නිකුත් කරමින් ඔහුට සත්කාර කල හෙද සෞඛ්‍ය කාර්‍ය මංඩලයට විශේෂ ස්තුතියක් කිහිපවතාවක්ම පල කලා.
ශ්‍රී ලංකාව හා බ්‍රිතාන්‍ය අතර කොරෝනා වයිරසය හා සම්බන්ධව පසගිය කාලයේ සිදුවෙන ක්‍රියාදාමයන් පිලිබඳව අප සොයා බැලුවා.කෝවිඩ් 19 මර්දනය කිරීමට අලුතින් වැක්සීනයක් සොයා ගැනීමට බ්‍රිතාන්‍ය ,ශ්‍රී ලංකාව හා එක්ව කටයුතු කරන බවක් ලංකාවේ බ්‍රිතාන්‍ය මහකොමසාරිස් වරයා පවසා සිටිනවා.මෙම ප්‍රකාශනයට අදාලවද ඔහුගේ ප්‍රකාශයෙහි පවා ලංකාවේ කොරෝනා මර්දනය කල ක්‍රියාදාමය බ්‍රිතාන්‍යයේ අනුගමනය කිරීමට අදහසක් ඇති බවට කිසිඳු අදහසක් එහි දක්වා ඇත්තේ නෑ.

එම පුවත බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයේ ෆේස්බුක් පිටුවේ මෙසේ පළවී තිබුණි
මේ පිළිබඳව අප බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයෙන්ද විමසීමක් සිදුකළ අතර එබඳු ප්‍රකාශයක් කිසිවිටෙකත් සිදුකර නොමැති බව ඔවුන්ද තහවුරු කර සිටියා.
Conclusion (අවසාන නිගමනය)
ඉහත සාධක ඔස්සේ සලකා බලන කල “කොවිඩ් මර්දනයට හොඳම පිළියම ශ්‍රී ලංකාවේ ක්‍රමය බව බ්‍රිතාන්‍ය අගමැති කියයි – බ්‍රිතන්‍යයේ මෙතෙක් ක්‍රියාත්මක වූ අසාර්ථක ක්‍රමය නවතා දමන්න – බොරිස් ජොන්සන් සෞඛ්‍ය අංශවලට කියයි” යනුවෙන් ලංකාවේ ඇතැම් සමාජ මාධ්‍ය සහ වෙබ් අඩවි විසින් ගෙන යන පුවත් වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බව අපට නිගමනය කල හැකියි.

Title:ලංකාවේ කොරෝනා මර්දන වැඩපිලිවෙල ගැන බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතා සිදු කලා යැයි කියන වැරදි ප්‍රකාශයක්
Fact Check By: Sahan PereraResult: False
