
පාඨකයන්ගේ අවධානය යොමු කර ගැනීමට සමාජ මාධ්‍ය ජාලා හරහා අනුවේදනීය ඡයරූප සහිත සටහන් ඉදිරිපත් කරත්. “උපුටා ගත්තෙ ඇස් දෙකට කඳුළු උනපු නිසා” තේමාවෙන් මව්බිමේ සිසිල නමැති ෆේස්බුක් පිටුවක්, වියපත් කාන්තාවකට තරුණයකු විසින් පහර දෙන ඡායාරූපයක් අන්තර්ගත කර ඉදිරිපත් කර තිබු සටහනක්, ප්‍රතිචාර රැසක් සමඟ ෆෙස්බුක් පරිශීලනය කරන්නන් 2000කට ආසන්න සංඛ්‍යාවක් අතර සංසරනය වී තිබෙණු නිරීක්ෂණය විය. පාඨකයන්ගේ කෝපය නොමඳව හිමිව තිබු මෙම සටහනේ පෙන්වා දී තිබුනේ මහලු මවට තම පුතා පහරදෙන අයුරු යනුවෙනි. මේ පිළිබඳව සත්‍යය කරුණු විමර්හනයක් කිරීමට අපගේ අවධානය යොමුවිය.

Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම සටහනේ වු ඡායාරූපය Reverse Image සෙවුමකට යොමු කළෙමු. මෙම සේයාරුව අන්තර්ගත ඉන්දුනීසියානු බසින් පලවු සමාජමාධ්‍ය සටහන් සහ වෙබ් අඩවි කිහිපයක වාර්තා දක්නට ලැබුණි. Modifikasi.com නමැති ඉන්දුනීසියානු වෙබ් අඩවියක් “මානසික ආබාධයෙන් පෙලෙන ස්ත්‍රියකට මධ්‍යම ජාවාහි සතුන්ට සේ සලකයි.” සිරස්තලයෙන් ඉදිරිපත් කර තිබු පහත වාර්තාව දක්නට ලැබුණි.
“මානසික ආබාධයකින් පෙළුණු සත්‍රියකට, ඇඳිවත තීරු වලට ඉරෙන තෙක් පහර දෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය ජාලයන්හි සීඝ්‍රයෙන් සංසරනය වේ. පහරදීම සිදුවන අවස්ථාවේ බලාසිටින්නන් එය වැලක්වීමට උත්සාහ නොකිරීම බොහො පාඨකයන් හෙලා දකිති. මෙවැනි සිදුවීම් ඉදිරියේදි සිදු නොවීමට වගබලා ගත යුතුය.”

Link | Archived Link |
ළමයෙකු සොරකම් කල යැයි යන සැකයෙන් ඉන්දුනීසියාවේ , සෙරාග් නගරයේ පිරිසක්, මෙම මහලු කාන්තාවට පහරදුන් බවට වාර්තා රැසක් 2019 වසරේ ජනවාරි මාසයේදී ඉන්දුනීසියාවෙන් වාර්තා වී තිබෙනු දැකගන්නට ලැබුණි. පසුව විමර්ශනයේදී ඇය නිවහනක් නොමැති කාන්තාවක් මිස ළමයකු සොරකම් කල කාන්තාවක් නොවූ බවත්, මීට පෙරද මෙබඳු සිද්ධි එම ප්‍රදේශයේ අත්වීම නිසා පොලිසිය ඒ පිලිබඳ විමර්ෂණය කල බවත් වාර්තා විය. පහර දෙන පුද්ගලයා මෙම මවගේ පුතා බව වාර්තා වන්නේ නැත.
එම වාර්තාවේ ඉංග්‍රීසි පරිවර්තනයක් පහතින්.

Link | Archived |
මේ ඡායාරුපය යොදාගනිමින් ඉන්දුනීසියාවේ විවිධ අර්ථ යටතේ සටහන් ඉන්පසුව පලවී තිබු අතර එබඳු එක සටහනක් මෙසේය.
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ඉන්දුනීසියාවේ දරුවකු සොරකම් කළා යයි සැක මත වියපත් කාන්තාවකට තරුණයකු පහර දෙන සේයාරුවක් විනා, මවකට තම පුතා පහර දෙන ඡායාරුපයක් නොවන බවයි.
එබැවින් මව්බිමේ සිසිල නමැති ෆේස්බුක් පිටුව ඉදිරිපත් කර තිබු මහලු මවකට තම පුතා පහරදෙන යන අර්ථයෙන් පල කර තිබු සටහන නොමග යවන සුළු සටහනක් බවට නිගමනය කරමු.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }