
පාර්ලිමේන්තු මහ මැතිවරණයකට සූදානම් වන ශ්‍රී ලංකාව තුළ, විවිධ දේශපාලන පක්ෂ සහ ක්‍රියාකාරී අළලා, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ ප්‍රවෘත්ති සටහන් ඉදිරිපත් වේ. පසුගිය සති කිහිපයේම මෙන්ම මෙම සතියේද ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් ඉලක්ක කරගනිමින් සටහන් රැල්ලක් නිර්මාණය වී තිබුණි.
ජාතික ජන බලවේගය සන්ධානයේ නායකයින් පෙනී සිටින ඡායාරූප කිහිපයක් සංකලනය කර, “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම ගෝත්‍රික ක්‍රියාවකි. ලෙනින්ගේ ෆොටෝ එකකට මල් පහන් පූජා කිරීම රැඩිකල් ක්‍රමයයි” යන වැකියද රෝපණය කර නිර්මාණය කරන ලද සේයාරුවක් සහිතව, ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක මහතාගේ ෆේස්බුක් පිටුවක යොදා තිබු සටහනක් ලෙස දක්වන ජායාරූපයක් අන්තර්ගත කර, “පිලිම වලට වඳින්න එපා, ලෙනින්ගේ ෆොටෝ එකකට වැඳපල්ලා..!!” තේමාවෙන් චන්දන රොෂාන් නිස්ශංක නමැත්තෙකු ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහනක් එක්දහස් පන්සියයකට ආසන්න ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබෙනු නිරීක්ෂණය විය. වෙනත් ෆේස්බුක් පිටු රැසක්ද මෙවැනි සටහන් ඉදිරිපත් කර තිබෙණු දක්නට ලැබුණි.

Link | Archived Link |
“සිංහලයාට එරෙහිව අලුත් සංධානයක්. ජාතිවාදීන් සමග 3% එක්වෙයි” තේමාවෙන් සේයාරුවක් සහිතව Hpdae Kumara නමැත්තෙකු ඉදිරිපත් කළ සටහනක්ද 500කට අධික ෆේස්බුක් පරිශීලනය කරන්නන් අතර සංසරණය වී තිබෙණු නිරීක්ෂණය විය.

Link | Archived Link |
එමෙන්ම “නිරූපා සේරසිංහ කොලඹින් එකට.” තේමාවෙන් සේයාරුවක් සහිතව 𝗡𝗘𝗫𝗧 𝗟𝗘𝗔𝗗𝗘𝗥 𝗕𝗜𝗠𝗔𝗟 නමැති ෆේස්බුක් පිටුවක ඉදිරිපත් කර තිබු සටහනක් පැහැදිලිවම සංස්කරණය කරමින් උපහාසාත්මක කෝණයකින් පළකර තිබුණි. ඉහත සටහන් වලට හිමි වූ වෛරි ප්‍රතිචාරයන් අතර සටහන් අසත්‍ය බවට පළ වූ ප්‍රතිචාරයන් ද තිබූ නිසා, මෙම සටහන් පිළිබඳව සත්‍ය කරුණු විමර්ශනයක් කිරීමට අපගේ අවධානය යොමු විය.

Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
චන්දන රොෂාන් නිස්ශංකගේ ෆේස්බුක් සටහනේ අන්තර්ගත ඡායාරූප google reverse image සෙවීමකට යොමුකළ විට, එම ඡායාරූපයන් ජනතා විමුක්ති පෙරමුණ 2019 වසරේ නොවැම්බර් මස සංවිධානය කළ ඉල්මහ විරු උළලේ ඡායාරූප බව තහවුරු විය. ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ එම ඡායාරූප සහිතව 2019 නොවැම්බර මස 13 දින යෙදු සටහනක් නිරීක්ෂණය විය.

Link | Archived Link |
චන්දන රොෂාන් නිස්ශංකගේ ෆේස්බුක් සටහනේ අන්තර්ගත ඡායාරූප සහ ජනතා විමුක්ති පෙරමුණේ නිල ෆේස්බුක් පිටුවේ ඉල්මහ විරු සමරු උත්සවයේ තිබූ ඡායාරූප සැසඳීමේදි, ඒවා එකම ඡායාරූප බව සනාථ විය. එසේම ව්ලඩ්මියර් ලෙනින්ගේ ඡායාරුපය සහිත ඡායාරුපය පමණක් එහිදී සංස්කරණය කර ඇති බව පහත පරිදි දැකගත හැකි විය.

මෙම සටහන පිළබඳව කරුණු තහවුරු කර ගැනීමට අප බිමල් රත්නායක මහතා සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. 2019 වසරේ නොවැම්බර් මස, “රට පාවා දෙන රට විකුණන ගිවිසුම් ඒපා” තේමාවෙන් ජනතා විමුක්ති පෙරමුණෙන් සංවිධානය කළ සම්මන්ත්‍රණයකදි තමා පැවැත්වු කථාව ප්‍රතිවාදීන් විකෘති කොට ඉදිරිපත් කරන බව සඳහන් කළේය. භෞතික විද්‍යාව අනුව මහා නිර්මාණ කළ පැරැන්ණන්ගේ සංස්කෘතිය යයි සඳහන් කරමින් මිත්‍යා මතයන්ට නූතන පරපුර යොමුකර ඇති බවත්, සංස්කෘතියෙන් හිමිවු යහපත් දේ නොගෙන ගස් ගල් පිළිම වලට වැඳිම ගෝත්‍රික මානසිකත්වයක් බව තමන් පැවසු බවත් ඔහු සඳහන් කළේය.
“සිංහලයාට එරෙහිව අලුත් සංධානයක්. ජාතිවාදීන් සමග 3% එක්වෙයි” තේමාවෙන් සහිතව Hpdae Kumaraගේ ෆේස්බුක් සටහනේ අන්තර්ගත ඡායාරූප google reverse image සෙවීමකට යොමුකළ විට, 2018 වසරේ නොවම්බර් මස ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමල ජාතික සන්ධානයේ නායකයන් අතර, පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදුවු හමුවීමක් බවට වාර්තා දක්නට ලැබුණි. ලංකාදීප පත්‍රයේ ඒ පිළිබඳව වු වාර්තාව පහත දැක්වේ. එවකට තිබු දේශපාලන තත්වය පිළිබඳව එම පක්ෂ නායකයන් සාකච්ඡා කළ බව වාර්තාවේ සඳහන් විය.

Link | Archived Link |
ලංකාදීප පුවත්පතේ වාර්තාවේ අඩංගුව තිබු ඡායාරූපය සහ Hpdae Kumaraගේ ෆේස්බුක් සටහනේ අන්තර්ගත ඡායාරූප සංසන්දනය කළවිට එය එකම ඡායාරූප බවට තහවුරු විය.

Hpdae Kumaraගේ ෆේස්බුක් සටහනේ අන්තර්ගතව තිබු රිෂාඩ් බදූර්දීන් නායත්වය දරණ All Ceylon Makkal Congress සහ රවුෆ් හකීම් නායකත්වය දරණ මුස්ලිම් කොන්ග්‍රසය, සමගි ජන බලවේගය සමග සන්ධාන ගතවු බව, සමගි ජන බලවේගය එළිදැක්වු උත්සවයේදි වාර්තා විය.

Link | Archived Link |
එසේම ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයද සමගි ජන බලවේගය සමඟ සන්ධානගත වන බව වාර්තා වී තිබුනි
තවද “නිරූපා සේරසිංහ කොලඹින් එකට.” තේමාවෙන් ඉදිරිපත් කරතිබු සටහනෙහි වු කාන්තාවගේ සේයාරුව පැහැදිලිවම සංස්කරණයක් ලෙස පෙනුණද මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප ජනතා විමුක්ති පෙරමුණේ මාධ්‍ය සම්බන්ධීකරණ නිලධාරි සමග දුරකථනයෙන් සම්බන්ධ වීමු. නිතිඥවරියක වන නිරූපා සේරසිංහ ජාතික ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් බවත්, ඇයට හිමි මනාප අංකය 11 බව සනාථ කළ ඔහු, එහෙත් එම සටහනෙහි ඇති කාන්තාවගේ රුව නිරූපා සේරසිංහ නොවන බවත් පවසීය. ඇය තම නිල ෆේස්බුක් පිටුවෙහි සඳහනක් යොදා ඇති බව සඳහන් කළේය. ඉහත අනෙකුත් සටහන්ද සාවද්‍ය බව ඔහු පවසා සිටියා. අප ඇයගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කිරිමේදි එම සටහන දක්නට ලැබුණු අතර මෙම ව්‍යාජ සංස්කරණය සඳහා යොදාගෙන ඇත්තේ Neela Sky නමැති ඉන්දියානු සම්භවයක් ඇති අසභ්‍ය චිත්‍රපට රංගනයේ ප්‍රසිද්ධියක් උසුලන නිලියක් බවද දැකගන්නට ලැබුණා.

Link | Archived Link | Link 2 |
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ජනතා විමුක්ති පෙරමුණ 2019 වසරේ නොවැම්බර් මස සංවිධානය කළ ඉල්මහ විරු උළලේ ඡායාරූප සංස්කරනය කර “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම ගෝත්‍රික ක්‍රියාවකි. ලෙනින්ගේ ෆොටෝ එකකට මල් පහන් පූජා කිරීම රැඩිකල් ක්‍රමයයි” සටහන ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ සහ දෙමල ජාතික සන්ධානයේ නායකයන් අතර, 2018 වසරේ පාර්ලිමේන්තු සංකීර්ණයේදි සිදුවු හමුවීම රටේ එවකට පැවති දේශපාලන වාතාවරණය පිළිබඳ සාකච්ඡාවක් විනා සංධානයක් ගොඩනැගීමට නොවන බවයි. මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයට රිෂාඩ් බදූර්දීන් සහ රවුෆ් හකීම් නායකත්වය දරණ පක්ෂ සමගි ජන බලවේගය සමග සන්ධාන ගතව ඇති අතර දෙමල ජාතික සංවිධානය ජාතික ජන බලවේගය සමග එක්වී නොමැති බවය. 𝗡𝗘𝗫𝗧 𝗟𝗘𝗔𝗗𝗘𝗥 𝗕𝗜𝗠𝗔𝗟 ෆේස්බුක් සටහනෙහි අනතරගත කර තිබු කාන්තාවගේ සේයාරුව නිතිඥ නිරූපා සේරසිංහගේ නොවන බවට තහවුරු විය.
එබැවින් “පන්සල් ගිහින් පිළිමවලට වැඳීම ගෝත්‍රික ක්‍රියාවකි. ලෙනින්ගේ ෆොටෝ එකකට මල් පහන් පූජා කිරීම රැඩිකල් ක්‍රමයයි” සහ “පිලිම වලට වඳින්න එපා, ලෙනින්ගේ ෆොටෝ එකකට වැඳපල්ලා..!!” මෙන්ම “සිංහලයාට එරෙහිව අලුත් සංධානයක්. ජාතිවාදීන් සමග 3% එක්වෙයි” සහ “නිරූපා සේරසිංහ කොලඹින් එකට.” තේමාවලින් ඉදිරිපත්ව ඇති සියළුම ෆේස්බුක් සටහන් සම්පුර්ණයෙන් අසත්‍ය සහ සාවද්‍ය සටහන් බවට නිගමනය කරමු.
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:ජාතික ජන බලවේගය අලලා කෙරුණු සාවද්‍ය ප්‍රකාශ එකතුවක්!
Fact Check By: Sahan PereraResult: False
