මැතිවරනයක් ආසන්න වන විට ලංකාවේ ආර්ථික තත්වය ගැන වැඩි වැඩියෙන් කතා බහට ලක් වෙන අතර එය මැතිවරන වේදිකාවේ උනුසුම් මාතෘකාවක් බවට නිරතුරුවම පත්වෙනවා. මෙවන් පසුබිමක "ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!" යන තේමාව යටතේ සටහන් රැසක් පසුගිය දින කිහිපයේදී හුවමාරු වී තිබෙනු නිරීක්ෂණය විය. එවන් එක් සටහනක් පහතින්.

LinkArchived

එම තේමාව යටතේම හුවමාරු වී තිබු තවත් සටහනක් මෙසේය.

LinkArchived

මෙවැනි සටහන් පෙලකටම මුල්වී තිබුනේ “අපේ රට” නමැති වෙබ් අඩවියක “ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!” යන සිරස්තලයෙන් පළවූ වාර්තාවක් බවද පෙනී ගියා.

Original Post Archived Post

මෙම පුවතේ දත්ත සහ කරුනු සත්‍ය ඒවාද යන්න අප සොයා බැලීමට තීරනය කලා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

ඉහත පුවතේ සත්‍ය තාවය තහවුරු කරගැනීම සඳහා අප ලෝක බැකුවේ වෙබ් අඩවිය වෙත පිවිසුනා. ඒක පුද්ගල දල ආදායම (GNI Per Capita) මත පදනම්ව 2020/21 වර්ශය මුල් කරගෙන ඔවුන් සිදු කල වර්ගීකරනයක් අපට එහි දැකගන්නට ලැබුනා.එම සටහනට අනුව ඒක පුද්ගල ආදායම අනුව ඔවුන් ලෝකයේ රටවල් වල තත්වයන් කොටස් 4කට බෙදා වෙන් කර තිබෙනවා.අඩු ආදායම් ,පහළ මධ්‍යම ආදායම් ,ඉහල මධ්‍යම ආදායම් සහ ඉහල ආදායම් ලබන රටවල් ලෙස වර්ගීකරනය කර මෙම වාර්ථාව සකස් කර තිබෙනවා.ලෝක බැංකුවේ එම වාර්තාවට අනුව පලවූ වාර්තාව මෙසේය.

එම වාර්ථාවට අනුව දැනට ඒක පුද්ගල ආදායම් තත්වය දැනට පවත්න මට්ටමට වඩා වැඩි වන රටවල් ලෙස ඉන්දුනීසියාව, නේපාලය ඇතුලු රටවල් 7ක් හඳුනාගෙන තිබෙනවා. එමෙන්ම එම වාර්ථවට අනුව ශ්‍රි ලංකාව, ඇල්ජීරියාව සහ සුඩානය යන රටවල් පෙර වසරේ තිබු ඒක පුද්ගල ආදායමට වඩා පහළ වර්ගීකරනයන් පහල මට්ටමකට වැටී තිබෙන රටවල් 3 ලෙස නම් කර තිබෙනවා.

නමුත් එහි දක්වා තිබු ආකාරයට ශ්‍රී ලංකාව සහ ඇල්ජීරියාව කලින් සිටි ඉහල මධ්‍යම ආදායම් ලබන මට්ටමේ සිට පහල මධ්‍යම ආදායම් ලබන රටවල් ලෙස වර්ගීකරනය වී තිබුනා. එහෙත් මෙම වර්ගීකරනයට අනුව සුඩානය පහල මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස පසුගිය වර්ගීකරණයේ පැවති අතර මෙවර වර්ගීකරනයේදී ඉන් පහලට ගොස් අඩු ආදායම් ලබන මට්ටමට (අවම මට්ටම) පහත වැටී තිබෙනවා.

සුඩානය , ශ්‍රී ලංකාව සහ ඇල්ජීරියාවේ වර්ගිකරනයන් පහල ගොස් ඇති අයුරු

මේ අනුව බලන කල ශ්‍රී ලංකාව සහ සුඩානය යන රටවල් පසුගිය වසරට සාපේක්ශව අඩු වර්ගීකරනයන් සහිත රටවල් ලෙස නම් වී ඇති බව සත්‍ය නමුත් ශ්‍රී ලංකාව සහ සුඩානය ඒක පුද්ගල ආදායම් ලබන රටවල් අතර එකම මට්ටමට වැටී නැ.මෙම වාර්ථාවට අනුව ශ්‍රී ලංකාව පහළ මධ්‍යම ආදායම් තත්වයටත්(Lower-middle income) සුඩානය පහල ආදායම් මට්ටමටත් (Low income) ඇතුලත්.

එම කාණ්ඩ වලට ඇතුලත් අනෙකුත් රටවල් ඇතුලත් වාර්තාව මෙසේය.

ශ්‍රී ලංකාව ඇතුලත් - Lower Middle Income කාණ්ඩයේ අනෙකුත් රටවල් පහත දැක්වේ.

ශ්‍රී ලංකාව එම කාණ්ඩයේ ඇති රටකට සම කළේනම් එය තරමක් හෝ යුක්ති සහගත විය හැකිව තිබුනද මෙම කාණ්ඩයද $1036 සිට $4046 දක්වා විශාල පරාසයකට ඇතුළත් වෙයි. එසේම සුඩානය ඇතුලත් - Lower Income කාණ්ඩයේ අනෙකුත් රටවල් මෙසේය

මේ අනුව වෙබ් අඩවි වාර්තාවල සහ සමාජ මාධ්‍ය සටහන්වල පලවී ඇති ආකාරයට ශ්‍රී ලංකාව සහ සුඩානය සම වර්ගීකරනයකට ලක්වී නොමැති බව පැහැදිලිය. නමුත් ශ්‍රී ලංකාවේ වර්ගීකරණය ඉකුත් වසරට සාපේක්ෂව පහල ගොස් ඇති අතර දැන් පවතින්නේ පහළ මධ්‍යම ආදායම් මට්ටමේ රටක් ලෙසය.

මෙම පුවත තවදුරටත් ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවිය වාර්තා කර තිබුනේ පහත අයුරින්.EconomyNext

ඉකුත් වසරේදී අමෙරිකානු ඩොලර් 4060 ක් වූ දළ ජාතික ආදායමකට (GNI per capita) හිමිකම් කියූ ශ‍්‍රී ලංකාවේ දළ ජාතික ආදායම මේ වර්ෂයේදී අමෙරිකානු ඩොලර් 4020ක් දක්වා පහත වැටී ඇති බව මෙම වාර්තා අනුව අපට පෙනී යන කරුනක්.මේ සම්බන්ධයෙන් පුවත්පත් වාර්තා රැසක්ද පලවී තිබුනේ මෙලෙසින්

Derana Biz | FT

Financial Times වාර්තාවට අනුව 1997දී ලෝක බැංකු වර්ගීකරණයට අනුව අඩු අදායම් (Lower Income) මට්ටමේ සිට ප්‍රථම වරට පහළ මැදි ආදායම් කාණ්ඩයට (Low Middle Income) ශ්‍රී ලංකාව ඇතුල්වී තිබුණද ඉන් ඉහලට ගොස් ඉහළ මැදි ආදායම් කාණ්ඩයට (Upper Middle Income) ඇතුල්වන්නේ 2019 වසරේදී, එනම් වසර 22කට පසුවය. එහෙත් පසුගිය වසරේ ඇතිවූ ත්‍රස්ත ප්‍රහාරය ඇතුළු කරුණු මත ආර්ථිකයට ඇතිවූ බලපෑම් හමුවේ $ 4046  යන මට්ටමට වඩා කුඩා ප්‍රමාණයකින් (ඩොලර් 26 කින්, $ 4020 දක්වා) ඒක පුද්ගල දල ආදායම පහල යාම හේතු කොටගෙන නැවත වරක් පහළ මැදි ආදායම් කාණ්ඩයට පහත වැටී ඇති බවත් සඳහන්. තවද කොරෝනා ආසාදන තත්වය හේතුවෙන් ආර්ථික සිදුවුනු බලපෑම් මෙම වාර්තාවේ ගනනය කිරීම් සඳහා ඇතුලත් කර නැති බවත් සඳහන්.

එසේම සුඩානය ඉකුත් වසරේ අමරිකානු ඩොලර් 1560 පැවති එක පුද්ගල දළ ජාතික ආදායම, මෙම වසරේ ඩොලර් 590 තරම් පහත් අගයකට පත්ව තිබුනා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව සලකා බැලීමේදී "ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි – ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට..!" නමින් පලවුනු පුවත අර්ධ සත්‍ය, නොමඟ යවන සුළු සටහනක්න බව තහවුරුයි.මෙම පුවත යටතේ ඇති ශ්‍රී ලංකාව ඉහළ මධ්‍යම ආදායම් ලබන රටක සිට පහළට යන කරුනු සත්‍ය වන නමුත් ලෝක බැංකුවේ නවතම වර්ගීකරනයට අනුව කිසිම විටෙක සුඩානය සහ ශ්‍රී ලංකාව එකම මට්ටමකට පත්වන්නේ නැත.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ශ්‍රී ලංකාව සුඩානය හා සමවෙයි යනුවෙන් නොමඟ යවන සුළු පුවතක්!

Fact Check By: Sahan Perera

Result: Misleading