
කොරොනා ආසාදනය ව්‍යාප්ත වීම මර්දනය කිරීමට රට මාස තුනකට ආසන්න කාලයක් වසා තැබීම ශ්‍රී ලංකා ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති කළේය. ජනතාවට මෙන්ම ව්‍යවසායකයින්ට ද සහන ලබාදීමට රජය විසින් පියවර ගන්නා ලදී. පසුගිය කාලයේදී ණය වාරික අය කර ගැනීම ඇතුළු කටයුතුවලදී සහන ලබාදෙන මෙන් රජය මුල්‍ය ආයතනයන්ගෙන් ඉල්ලීමක් කළේය. එහෙත් රට විවෘත වීමත් සමඟම එම සහන ක්‍රියාදාමයන් ක්‍රියාත්මක නොවන බවට ප්‍රවෘත්ති ඉදිරිපත්විය.
මෙවන් පසුබිමක “ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ තැන්පත්තු සඳහා ගෙවන පොලිය සීයට අටට බස්සයි.” යන සිරස්තලයෙන්, පහත ඇති ප්‍රවෘත්තිය Headline News ඉදිරිපත් කර තිබෙණු දක්නට ලදි.

FB Link | Archived Link | Article Link | Archived Link |
සොරි.com නමැති ෆේස්බුක් පිටුවක “පුන්නක්කු බයියො චූන් කරපු සීන් එක” තේමාවෙන් Headline News උපුටා දක්වමින් මෙම ප්‍රවෘත්තියම ඉදිරිපත් කර තිබුණේය.

Link | Archived Link |
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මේ පිළිබඳව කරුණු තහවුරු කර ගැනීමට අප මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවිය පරීක්ෂා කළෙමු. 2020 ජූලි මස 7 වැනි දින “ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පතු වෙනුවෙන් ගෙවනු ලබන පොලි අනුපාතයේ කිසිදු වෙනසක් සිදුකර නොමැත. මෙතෙක් පැවැති පොලි අනුපාතය එලෙසම අඛණ්ඩව ක්‍රියාත්මකයි.” ලෙස ඉදිරිපත් කළ ප්‍රවෘත්ති නිවේදනය වෙත අපගේ අවධානය යොමුවිය. එම සම්පුර්ණ නිවේදනය පහත දැක්වේ.
Link | Archived Link |

මෙම ෆේස්බුක් සටහන්වලට පාදක වු යම් ප්‍රවෘත්තියක් ඇත්දැයි පරීක්ෂා කළෙමු. කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා 2020 ජූලි මස 6 දින පැවැත්වු මාධ්‍ය සාකච්ඡාවකදි කළ ප්‍රකාශයක් ලංකාදීප පුවත්පත වාර්තා කර තිබෙණු නිරීක්ෂණය විය.

Link | Archived Link |
එම පුවතට අදාළ වීඩියෝව Newsfirst වාර්තා කර තිබුනේ මෙලෙසින්
අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙහිදී ජේෂ්ඨ පුරවැසි පොලි අනුපාතය සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු කල විමසීමකට පිළිතුරු දෙමින් මෙසේ කියා සිටියේය.
කොරෝනා වසංගත තත්වය හමුවේ රාජ්‍ය ආර්ථික කළමනාකරණය පිළිබඳව, ඒ හා සම්බන්ධ විශේෂඥ මණ්ඩල සමඟ සාකච්ඡාවෙන් පසුව, විචක්ෂනශීලී ක්‍රමවේදයන් තෝරා තිබෙන බවත් 2015 සිට 2019 දක්වා සෑම වර්ෂයක ලංකාවේ ආර්ථිකය කඩාවැටීමද හමුවේ ආර්ථික කළමනාකරණය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිම ක්‍රියාමාර්ගවලට එළඹ ඉදිරි වර්ෂවල මෙරට ණය පොලී අනුපාතය තනි ඉලක්කමක පවත්වාගෙන යාම ප්‍රතිපත්තියක් ලෙස එකඟ වූ බව පවසා සිටියා. තවද ලෝකයේ කඩාවැටුණු කිසිම රටක් ඉලක්කම් දෙකේ පොලී අනුපතිකයකින් නංවා සිටිය නොහැකි බවටත් ඇමරිකාව, එක්සත් රාජධානිය ඇතුළු රටවල් රැසක තනි ඉලක්කමේ ණය පොලී අනුපාත ක්‍රියාත්මක වන බවත් පවසා සිටියා. එහි කිසිඳු තැනක ජේෂ්ඨ පුරවැසියන් සඳහා පිරිනැමෙන විශේෂ පොලි අනුපාතය 8% ක් දක්වා පහත දමන බවක් පැවසෙන්නේ නැත.
එසේම 8% දක්වා ජේෂ්ඨ පුරවැසි ණය පොලි අනුපාතය පහත හෙළීමේ පුවත සාවද්‍ය බව පවසමින් අමත්‍යවරයා ඉන් පසු දින (ජුලි 7) සිදුකල ප්‍රකාශය පහතින්. ජේෂ්ඨ පුරවැසියන් සඳහා 2014 සඳහා අයවැය යෝජනාවෙන් පසුව වෙළඳපොලේ හිමිවන පොළී අනුපාතයට වඩා වැඩි පොලි අනුපාතයක් ගෙවනු ලැබූ බව පැවසු අමාත්‍යවරයා, එහිදී ඇතිවන වෙනස රජය විසින් බැංකු වෙත ප්‍රතිමුල්‍යකරණයක් සිදුකෙරෙන බවත් එම ක්‍රමයෙහි කිසිඳු වෙනසක් මේ වන තෙක් ඇතිවී නොමැති බවත් පැහැදිලි කර සිටියා.
මේ පිලිබඳ රජයේ පුවත් දෙපාර්තමේන්තු සිදුකල නිල නිවේදනය පහතින්.
English-Press-_-Min-Bandulaබැංකු කිහිපයකින් ද අප කල විමසීමකදී දැනගන්නට ලැබුනේ ස්ථාවර තැන්පතු පොලි අනුපාත පසුගිය දින කිහිපයේදීම අඩු වුවද රජය විසින් වයස අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් වෙත පිරිණමන විශේෂ ජේෂ්ඨ පුරවැසි පොලි අනුපාතයේ කිසිඳු වෙනසක් මේ වන විට සිදුකර නොමැති බවත් මෙම වරප්‍රසාදය හිමිවන්නේ රුපියල් මිලියන 1.5ක් දක්වාත් පමණක් බවයි. ස්ථාවර තැන්පතුව ලක්ෂ15ට වඩා වැඩිවන අවස්ථාවන්හිදී ජේෂ්ඨ පුරවැසි සාමාන්‍ය කාණ්ඩය යටතේ පොළී ගණනය සිදුවන අතර වර්තමානයේ මෙම අගය බොහෝ වාණිජ බැංකු වල 8% ටත් වඩා අඩු අගයකි.
එසේම BOC සහ Commercial බැංකු වෙබ් අඩවි වල ජ්‍යෙෂ්ඨ පුරවැසි විශේෂ ස්ථාවර තැන්පතු පොලී අනුපාත පහත අයුරුන් පෙන්වා දී තිබුණි.


මේ පිළිබඳ economynext වෙබ් අඩවියේ ඉංග්‍රීසි බසින් පළවූ ලිපියක් පහතින්
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ ස්ථාවර තැන්පත්තු සඳහා බැංකු විසින් පිරිනමන පොළී අනුපාත පසුගිය කාලසීමාවේදී ක්‍රමයෙන් අඩුවූ අතර වර්තමාන අගය 8% ටද වඩා අඩු බවයි. එහෙත් අවුරුදු 60ට වැඩි ජේෂ්ඨ පුරවැසියන් වෙත පිරිණමන විශේෂ ජේෂ්ඨ පුරවැසි පොලි අනුපාතයේ (15%) කිසිඳු වෙනසක් මේ වන විට සිදුකර නොමැති අතර මෙම වරප්‍රසාදය හිමිවන්නේ රුපියල් මිලියන 1.5ක් දක්වා පමණි. ස්ථාවර තැන්පතු අගය ලක්ෂ 15 ට වඩා වැඩිවන අවස්ථාවන්හිදී ජේෂ්ඨ පුරවැසියන් වෙත පිරිණමන සාමාන්‍ය පොළී අනුපාතය වර්තමානයේ බොහෝ වාණිජ බැංකු වල 8% ටත් වඩා අඩු අගයකි.
එබැවින් ජේෂ්ඨ පුරවැසි පොලි අනුපාතය 8% දක්වා අඩු කළ බවට ප්‍රවෘත්ති වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ජාලා සටහන් ඉදිරිපත් කළ සටහන් නොමඟ යවන සුළු සටහන් වන අතර දැනට ජේෂ්ඨ පුරවැසි විශේෂ පොලි අනුපාතයේ කිසිඳු වෙනසක් සිදුවී නොමැත
.container { border: 2px solid #000; background-color: #eee; border-radius: 5px; padding: 16px; margin: 16px 0 } .container::after { content: “”; clear: both; display: table; } .container img { float: left; margin-right: 20px; border-radius: 50%; } .container span { font-size: 20px; margin-right: 15px; } @media (max-width: 500px) { .container { text-align: center; } .container img { margin: auto; float: none; display: block; } }
Title:ජ්‍යෙෂ්ඨ පුරවැසි ණය පොලි අනුපාතයේ මෙතෙක් වෙනසක් නොමැත!
Fact Check By: Sahan PereraResult: Misleading
