
පාර්ලිමේන්තු මැතිවරණය ආසන්න වෙත්ම දේශපාලන පොරපිටිය උණුසුම් වී ඇත. දේශපාලන පක්ෂ මෙන්ම ක්‍රියාකාරින්ද අළලා සමාජ මාධ්‍ය ජාල හරහා සටහන් නිර්මාණය වෙමින් පවතින අතර ජාතික ජන බලවේගයේ සාමාජිකයින් අලලා සැකසුණු, වැඩිපුර හුවමාරු වී තිබු තවත් සටහන් පෙළක් කෙරෙහි අපගේ අවධානය නැවත වරක් යොමුවිය.
මෙවන් පසුබිමක ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකා නිරූපා සේරසිංහ මහත්මියගේ සේයාරුවක් සහිතව “මම ආගමට ලොකු බැඳීමක් නෑ පන්සල් යන්න ලැජ්ජයිත් එක්ක.” යන තේමාව යටතේ පළවූ සටහන් රැසක් දැකගන්නට හැකිවිය.

Link | Archived Link | Link | Archived Link |
තවත් බොහෝ ලෙස හුවමාරු වී තිබු සටහන් පෙළක “ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිම තැනක ඔප්පුවී නැහැ” තේමාවෙන් ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නලින් හේවගේ මහතාගේ රුව රෝපණය කළ සටහන් පෙළක් ඉදිරිපත්වී තිබුණි.

Link | Archived Link | Link | Archived Link |
තවද ජාතික ජන බලවේගය සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ජනතා විමුක්ති පෙරමුණ අළලා “ජවිපේ හොරු නෙමෙයි කියලා මොකෙක් හරි කිව්වොත් ඌට මේක පෙන්නපන්” තේමාවෙන් රාවය පුවත්පතේ සේයාරුවක් සහිත සටහනක් Jayani Gunawardana නමැත්තියක විසින් ඉදිරිපත් කර තිබෙණු නිරීක්ෂණය විය. එහි දක්වා තිබුනේ “ජවිපෙන් හොරකම් කෙරූ රන් ටොන් 40ක් හොරෙන් විකුණලා” යනුවෙනි.

Link | Archived Link |
මෙම සෑම සටහනක්ම ෆේස්බුක් පරිශීලනය කරන්නන්ට රාශියක් අතර සංසරණය වී තිබුණු අතර හිමි වූ ප්‍රතිචාර අතරින් මෙම සටහන්හි අන්තර්ගත කරුණු අසත්‍ය හෝ නොමඟ යවන සුළු කෝණයකින් පෙන්වා තිබූ බව දක්වා තිබු බැවින්, මෙම සටහන් පිළිබඳව සත්‍යය කරුණු විමර්ශන සිදුකිරීමට අපගේ අවධානය යොමු විය
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
පළමු සටහන පිළිබඳව කරුණු තහවුරු කර ගැනීම පිණිස ජාතික ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂිකාවක් වන නිරූපා සේරසිංහ මහත්මියගේ නිල ෆේස්බුක් ගිණුම පරීක්ෂා කළෙමු. “මාව මෙහෙම ඉලක්ක වීම හැබෑම සතුටක්” තේමාවෙන් පහත කථාංගය සහිත සටහන එහි දක්ට ලැබුණි.
“පිටරට සිටින තරුණ පුතාලා වගයක් මා ඇතුළු මාලිමාවෙ තවත් අයට උදව් කරන්න කැමත්ත පළ කරන්න zoom රැස්වීමක් සංවිධානය කළා ඔය ඊයේ පෙරේදා.
ඒකේ හිටපු කොලු ගැටයෙක් මූණවත් නොපෙන්වා(ගෑණියෙක් වෙලා මමවත් එහෙම මූණ නොපෙන්වා කතා කරන්නෙ නෑ) මගෙන් ඇහුව අපි UNP එකට බනිනවා මදි නේද වගෙ ප්‍රශ්නයක්.මම කියනවා “යහපාලනය කාලෙ එයාලට උත්තර දීලා ඉවරයි.UNP එක කියල එකක් දැන් නැහැ.එයාලා වැඩකුත් නෑ මේ වෙලාවෙ.දැන් සටන පොහොට්ටුව එක්ක,අනික පොහොට්ටුවෙ නායකයො වපුරන කැත දේශපාලනයට වඩා නම් UNP දේශපාලනය තරමක් හොඳයි. අනික මම කොහොමත් දැඩි UNP විරෝධියෙක් නිසා ඉබේම මගේ කටින් UNP එකට බැනෙනව මල්ලි” කියල.
ඊට පස්සෙ ඔය කොළුවා මට කියනව මහරගම ඡ්න්ද ගොඩක් බුද්ධාගමෙ නිසා බොරුවට පන්සල් ගිහිල්ල ෆොටෝස් දාන්න කියල.
මම කියනව “දේශපාලනය වෙනුවෙන් පන්සල් යන්න ලැජ්ජ නැද්ද මල්ලි” කියල
අනේ අපරාදේ කියන්න බැහැ මේ දරුවා මේ ටික රෙකෝඩ් කරල ඕන තැන්වලින් කපල එහෙම පේජ්වල දානවා. දන්න අය නම් කියන්නෙ ඕවට ගෙවනවා කියල
මගේ කුළුදුල් මැතිවරණයේදී ම මාව මෙහෙම ඉලක්කයක් වීම ඇත්තටම මට සතුටක්
ඒ කියන්නෙ එයාලට මාව අභියෝගයක් වෙලා!” එම සටහන පහතින්

Link | Archived |
එසේම “මම ආගමට ලොකු බැඳීමක් නෑ පන්සල් යන්න ලැජ්ජයිත් එක්ක.” යන තේමාවෙන් පලවී තිබු මෙම වීඩියෝව කොටස් දෙකකින් සමන්විත බව පෙනී ගියා. මුල් කොටස නිරුපා සේරසිංහ මහත්මිය සහභාගී වූ “ඉරාජ් ට පුලුවන්ද 3% ඊටත් වඩා අඩු කරන්න. නිරූපා” යන තේමාවෙන් පලවී තිබු වීඩියෝවක් වූ අතර දෙවැනි කොටස ඇය සහභාගී වූ zoom අන්තර්ජාල සාකච්ඡාවකින් ලබාගෙන තිබුණි. දෙවැනි කොටස පෞද්ගලික සංවාදයක් වූ බැවින් එහි මුල් වීඩියෝව අන්තර්ජාලයේ පලවී නොමැති අතර ඉන් ලබාගත් කොටස් කිහිපයක් මෙසේ හුවමාරු වෙමින් පවතියි.
එහිදී අදහසක් පලවෙන්නේ නිරුපා සේරසිංහ මහත්මියගේ ඡන්ද ව්‍යාපාරයට මෙහෙණින් වහන්සේලා කිහිප දෙනෙකු සහ පල්ලිවල සිස්ටර්ස්ලා කිහිපදෙනෙක් යොදාගැනීමේ හැකියාවක් පිළිබඳවය. එම අදහස අගය කරමින් ඇය පවසා සිටින්නේ තමා ආගමට ලොකු ලැදියාවක් නැති බැවින් එම අදහස තමාගේ ඔලුවට ආවේ නැතියි කියාය. ඉන් අනතුරුව ඇය පවසා සිටින්නේ “මට නිකන් ලැජ්ජයිත් වගේ..දැන් ජන්දය..” යනුවෙනි. එම පිළිතුරේ අවසාන කොටස පැහැදිලිවම ඉවත්කර ඇති බව පෙනී යනවා. ජන්ද ව්‍යාපාරයට මෙහෙණින් වහන්සේලා යොදා ගැනීම පිලිබඳ නැගෙන ප්‍රශ්නයට පිළිතුරු වශයෙන් ඡන්දය වෙනුවෙන් පන්සලට යෑමට තමන්ගේ ලැජ්ජාවක් ඇතැයි යන්න සංස්කරණය කොට වෙනස් අර්ථයකින් පළකර ඇති බව පෙනී යයි
මේ පිළිබඳව අප නිරුපා සේරසිංහ මහත්මියගෙන් විමසා සිටියදීද පවසා සිටියේ තමන් සමඟ සිදුවූ සංවාදයේ කොටසක් පමණක් සංස්කරණය කරමින් පළකර ඇති බවත් සත්‍ය සිද්ධිය තමා විසින් පලකරන ලද ෆෙස්න්බුක් සටහනේ අන්තර්ගත බවත්ය.
එසේම ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නලින් හේවගේ මහතාගේ ප්‍රකාශයක් අළලා ඉදිරිපත් කර තිබූ ෆේස්බුක් සටහන් පිළිබඳව කරුණු විමර්ශනය කිරීමට අප ඔහුගේ නිල ෆේස්බුක් පිටුව පරීක්ෂා කළෙමු. “රාජපක්ෂවරු හොරු නෙමෙයි කියනවා නම්, ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලත් කියන්න පුළුවන්. ඇයි ? ඒ දෙකම අධිකරණයකින් ඔප්පු වෙලා නැහැනේ. නමුත් මුළු රටම දන්නවා ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් බවත්, රාජපක්ෂවරු හොරු බවත්” යන කථාංගය සහිතව ඉදිරිපත් කර තිබු ප්‍රශ්ණ විචාරාත්මක වීඩියෝ පටියක් සහිත සටහනක් වෙත අපගේ අවධානය යොමුවිය. පෙර පැවති රජයන්හි වංචා සහ දූෂණ ඔප්පු කර නොමැති බවත් ඔබ එල්ල කර සිටින්නේ චෝදනා පමණක් ය යන්න ප්‍රශ්ණ විචාරක විසින් නලින් හේවගේ මහතාට මතක් කළ විට එයට පිළිතුරු දෙමින් ඔහු පවසා සිටින්නේ “යම්කිසි අයෙකුට මෙසේ තර්කයක්ද නැගිය හැකයි. ප්‍රභාකරන්ට විරුද්ධව කිසිම චෝදනවාක් නගා නැහැ , උසාවියකින් ඔප්පු වී නැහැ ඔහු තස්තවාදියෙකු කියා. එසේම මහින්ද රාජපක්ෂලා හොරු නෙමෙයි කියනවා නම්, ඒ කෙනාට ප්‍රභාකරනුත් ත්‍රස්තවාදියෙක් නෙමෙයි කියලත් කියන්න පුළුවන්. එක තර්කයක් විතරයි.” යනුවෙන්. එම වීඩියෝව පහතින්.
අවසාන වශයෙන් “ජවිපේ හොරු නෙමෙයි කියලා මොකෙක් හරි කිව්වොත් ඌට මේක පෙන්නපන්” තේමාවෙන් ඉදිරිපත් කර තිබූ සටහනේ පවසා තිබුයේ ජනතා විමුක්ති පෙරමුණ සොරකම් කරන ලද රන් ටොන් 40ක් හොරෙන් විකුණා ඇති බවය. අප එම ෆේස්බුක් සටහනේ වූ රාවය පුවත්පතේ සේයාරුව google reverse image සෙවීමට යොමු කළෙමු. අන්තරජාලයේ වු එකම සටහන 2015 රාවය පුවත් පත විසින් “මහින්දගේ, කබ්රාල්ගේ අනුදැනුමෙන් රන් ටොන් 40ක් හොරෙන් විකුණලා” යන සිරස්තලය සහිතව 2015 වසරේ පළවු පුවතක් බව දක්නට ලැබුණි. එම පුවත් පතේ ඡායාරූපයක් පහතදැක්වේ.

ෆේස්බුක් හරහා හුවමාරු වන සටහනේ වු සේයාරුව error level analysis පිරික්සුමක් කළවිට එහි වු “ජවිපෙන් හොරකම් කෙරු” යන කොටස සස්කරනය කර අති බව සනාථ විය.
2015 නොවැම්බර් මස 1දා රාවය පුවත් පතේ සේයාරුවක් සහ Jayani Gunawardana නමැත්තියගේ ෆේස්බුක් සටහනේ වු රාවය පුවත්පතේ රැව සංසන්දනය කිරිමේදි එක හා සමාන බව තහවුරු විය.

රාවය පුවත්පතේම මාධ්‍යවේදිනියක විසින් ඒ පිළිබඳ තැබූ සටහනක් පහතින්
Conclusion (අවසාන නිගමනය)
අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ දේශපාලන වාසි තකා පන්සල් යන්න ලැජ්ජයි ලෙස නිරූපා සේරසින්හ මහත්මිය කළ ප්‍රකාශයේ කොටස් සංස්කරණය කරමින්, පන්සල් යන්න ලැජ්ජයි යනුවෙන් නිරූපා සේරසිංහ මහත්මිය පවසන බව පෙන්වන ලෙස සංස්කරණය කල වීඩියෝවක් අනුසාරයෙන් නොමඟ යවන සුළු සටහන් පෙළක් නිර්මාණය වී තිබෙන බවයි.
එසේම ජාතික ජන බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් අපේක්ෂක නලින් හේවගේ මහතා ප්‍රශ්ණ විචාරාත්මක වැඩ සටහනකදි පැනයකට සපයන පිළිතුරෙන් කොටසක් පමණක් උපයෝගි කර ගනිමින් “ප්‍රභාකරන් ත්‍රස්තවාදියෙක් කියා කිසිම තැනක ඔප්පුවී නැහැ” තේමාවෙන් මෙම ෆේස්බුක් සටහන් ඉදිරිපත් වී ඇති බවද තහවුරු විය.
තවද 2015 නොවැම්බර් මස රාවය පුවත් පතේ සිරස්තලය ව්‍යාජ ලෙස සංස්කරනය කරමින් “ජවිපෙන් හොරකම් කෙරූ රන් ටොන් 40ක් හොරෙන් විකුණලා” ෆෙස්බුක් සටහන් පෙළක් ඉදිරිපත කර ඇති බවද සනාථ විය.

Title:ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරීන් අලලා සැකසුණු නොමඟ යවන සුළු සංස්කරණ පෙළක්
Fact Check By: Sahan PereraResult: Misleading
