ලෝ ප්‍රකට පුද්ගලයන් හදිසි අනතුරු වලින් මිය ගිය අවස්ථා පිලිබඳ පුවත් අපට පසුගිය කාලය පුරාම විටින් විට දැකගන්නට ලැබුනා. වැඩි දෙනෙක් ආදරය කරන ජනප්‍රිය පුද්ගලයින් හදිසියේ වෙන් වීම බොහෝ දෙනෙක්ගේ අවධානයට ලක්වන අතර මෙසේ හදිසි අනතුරු වලින් මිය ගිය අය අතර ඩයනා කුමරිය පෝල් වෝකර් වැනි අය ශ්‍රී ලංකාවේ බොහෝ දෙනෙකුගේද හදවත් කම්පා කිරීමට සමත් උනා.මේ අතර ෆේස්බුක් නිර්මාතෲ මාක් සකර්බර්ග් මහතාද හදිසි අනතුරක් හේතුවෙන් මියගිය බවට සාවද්‍ය පුවතක් ලංකාවේ ෆේස්බුක් සමාජ ජාලායේ හුවමාරු වූ අයුරු අපට දැක ගන්නට හැකි වුනා.

මාශ් ඇන්ඩෘ නමින් පෙනී සිටින ෆේස්බුක් ගිනුමක් හිමි අයෙකු විසින් පසුගිය ජුලි මස 30 වැනිදා “ෆේස්බුක් නිර්මාතෘ මිය යයි” යන තේමාව යටතේ පල කල සටහනේ දක්වා තිබුනේ “ලෝකයක් එක් රැස් වූ නවාතැන්පොලක් (Facebook) තැනු මාර්ක් සකබර්ග් සුලු වේලාවකට පෙර රිය අනතුරකින් මරුට” යනුවෙන්

Original PostArchived Post

මෙවැනි පුවතක් ඇත්තටම සිදුවුනේ නම් දෙස් විදෙස් මාධ්‍ය සහ ෆේස්බුක් ආයතනය විසින් නිල නිවේදන පල කෙරෙන අතර එවැනි කිසිවක් වාර්තා වී තිබුනේ නැත.  එසේම මෙම පුවත ජාත්‍යන්තරව හුවමාරු වූ සටහන් අනුසාරයෙන් 2014 වසරේදී ලංකාවේදී ද පලවී තිබෙනු අපට දැකගනන්ට ලැබුනා.

Fact Check (සත්‍ය කරුණු විමර්ශනය)

මෙම පුවතේ සත්‍යතාවය සොයා බැලීමේදී අප පලමුව මාක් සකර්බර්ග් මහතා මිය ගියා යැයි පුවත පල කල දිනය පරීක්ශා කලා.ඒ පසුගිය ජූලි 30 වැනිදායි.නමුත් Mark Zuckerberg ගේ ෆේස්බුක් ගිනුමේ ජූලි 31 වෙනිදා ඔහු තම නිල ෆේස්බුක් පිටුවේ දීර්ඝ සටහනක් තබා තිබෙනවා.ෆේස්බුක් හි නවතම යාවත්කාලීන කිරීම් ගැනත් ෆේස්බුක් මගින් මේ වන විට ලෝ වැසියන්ට සිදුව ඇති සේවාව ගැනත් වැඩි දුරටත් ඔහු අදහස් දක්වා තිබුනේ මෙලෙසින්.

එමෙන්ම ෆේස්බුක් නිර්මාතෲ මාක් සකර්බර්ගේ බිරිඳ වන Priscilla Chan විසින්ද අගෝස්තු පලවනදා පල කල පුවතකට අනුව ඔහුන් දෙදෙනා විසින් ක්‍රියාත්මක කර ඇති Chan Zuckerberg Initiative මගින් සිදු කරන කටයුතු පිලිබඳවද සටහනක් පල කර තිබුනා.මේ කිසි තැනක ඔහු මිය ගිය බවට හෝ ඒ හා සම්බන්ද කිසිඳු දෙයක් වාර්තා කර නෑ.

එමෙන්ම businessinsider.com සහ theverge.com වැනි ලෝ ප්‍රසිද්ධ වෙබ් අඩවි මාක් සකර්බර්ග් මහතා ගැන පසුගිය ජූලි 30 සහ 31 වැඩ්නි දින වල පුවත් පල කර තිබූ නමුත් ඔහු මිය ගිය බවක් කිසිම පුවතක සටහන් කර තිබුනේ නෑ.එම පුවත් පහතින්

Link 1 | Link 2

එසේම මීට පෙර අවස්ථා ගණනාවකදී ද මාර්ක් සකබර්ග් මහතා රින අනතතුරකින් මිය ගිය බවට සාවද්‍ය පුවත් ලොව විවිධ ප්‍රදේශවලින් වාර්තා වී තිබු අතර ඒ පිලිබඳ 2014 වසරේදී පලකරන ලද ලිපියක් මෙසේය.

Conclusion (නිගමනය)

මේ අනුව බලන කල ෆේස්බුක් නිර්මාතෲ මාක් සකර්බර්ග් මහතා ජුලි මස 30 වැනිදා හදිසි අනතුරකින් මිය ගිය බවට පැවසෙන පුවත සම්පුර්ණයෙන්ම සාවද්‍ය බව අපට තහවුරු කල හැකියි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:ෆේස්බුක් නිර්මාතෲ මාක් සකර්බර්ග් මහතා හදිසි අනතුරකින් මිය ගිය බවට සාවද්‍ය සටහනක්

Fact Check By: Sahan Perera

Result: False