මෑතක දී විදේශිකයෙකු විසින් ලබාගෙන තිබු බව පවසමින්, ඉතා අපිරිසිඳු තත්වයේ පැවති ලංකාවේ දුම්රිය වැසිකිළියක ඡායාරුපයක් පසුගිය කාලයේදී විශාල වශයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වී තිබෙනු අපට දක්ගනන්ට ලැබුනා.

සමාජ මාධ්‍ය සටහන්

“විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම් රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි...” යන තේමාව යටතේ ෆේස්බුක් පරිශීලයින් විසින් 2020 අගෝස්තු මස මෙම සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසිනි.

තවදුරත් පරීක්ෂා කිරීමේදී අපට දැකගන්නට ලැබුනේ මෙවැනි සටහන් 2019 වසරේදීද මෙලෙසින් හුවමාරු වී තිබු බවයි.

Link | Archived 2

එබැවින් මේ පිළිබඳව විමර්ශණයක් සිදුකිරීමට අදහස් කළෙමු.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මේ පිළිබඳව විමර්ශන කිරීම්දී මුලින්ම මෙම සටහන පළකර තිබු Arai Eichi නැමැත්තාව සම්බන්ධ කරගත්තෙමු. එහිදී අපට දැකගන්නට ලැබුණි දැනගන්නට ලැබුනේ ඔහු වර්තමානයේ ජපානයේ ශ්‍රී ලංකාව හා සම්බන්ධ පොත් ප්‍රකාශකයෙකු ලෙස කටයුතු කරන බවයි.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවන ඡායාරූපය තමා විසින් මීට වසර දෙක තුනකට පෙර ඇත්ත වශයෙන්ම සිය ෆේස්බුක් ගිණුමේ පළ කළ බව සනාථ කළ ඔහු, එයට හේතුව දුම්රිය ගමන් ගන්නා විදේශිකයන් දැනුවත් කිරීම විනා, ශ්‍රී ලංකාවේ සංස්කෘතියට හෝ දුම්රිය ගමනාගමන යෙහි සනීපාරක්ශක තත්ත්වයෙහි ඇති අඩුපාඩු පෙන්වා දීමට නොවන බව ද පවසා සිටියා.එනමුදු බොහෝ පිරිස් මෙයට අප්‍රසාදය පළ කර තිබු අතර එම කාලයේදීම සමාව ඉල්ලමින් තමා විසින් අදාළ සටහන ඉවත් කළ බවත් Arai Eichi පැවසුවා.

එහෙත් සිය ඡායාරූප සටහනේ ඡායාරූපයක් (screenshot) ලබාගත් අය, ඒවා යොදාගෙන , තමා ඉතා ආදරය කරන දේශයක් වන ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙසේ, නැවත නැවතත් සටහන් පළ කිරීම කණගාටුදායක කරුණක් බව ද ඔහු පැවසූවා. මෙම පැහැදිලි කිරීම ඇතුළත් ෆේස්බුක් සටහනක් ද ඔහුගේ ගිණුමෙන් අපට පසුගිය දා පහත පරිදි දැක ගන්නට ලැබුණා.

LinkArchived Link

දුම්රිය දෙපාර්තමේන්තුවේ සාමාන්‍යාධිකාරි

මේ පිළිබඳව දුම්රිය දෙපාර්තමේන්තුවේ කරුණු දැනගැනීම පිණිස අප එහි සාමාන්‍යාධිකාරී සමඟ දුරකථනයෙන් සම්බන්ධ වූ අතර එහිදී අපව දැනුවත් කලේ හුවමාරු වන්නේ පැරණි ඡායාරූප වන අතර, අදාල ඡායාරුප සහිත සටහන පසුගිය සතියේ සමාජ මාධ්‍ය වල හුවමාරු වූ දිනයේ කිසිදු විදේශිකයෙක් එහි ගමන් ගත්තේ නැති බවයි.

එසේම මෙවැනි නොමඟ යවන සුළු සටහන් වෙනත් අරමුණු සහිතව ප්‍රකාශ කළ සියලු දෙනාටම ඇත්ත තතු සහිත සටහන් කඩිනමින් සමාජගත කිරීමට කටයුතු කළ බවද සාමාන්‍යාධිකාරිවරයා අප සමග පවසා සිටියා.

“සත්‍යවශයෙන්ම මෙම සිදුවීම 2018 වසරේ සිදු වූවක් වන අතර, එය එදිනම දුම්රිය සාමාන්‍යාධිකාරී වරයාගේ අවධානයට ලක් වීමෙන් අනතුරුව, මෙම තත්වය නිරාකරණය සඳහා ගත හැකි පියවර පිළිබඳව අවධානය යෙදුනි. ඒ අනුව ගැනුන ක්‍රියාමාර්ගයන්හි ප්‍රතිඵලයක් ලෙස මේ වනවිට බහුතරයක් දුර ධාවන දුම්‍ රියන් සඳහා මෑත කාලයේ ආනයනය කරන ලද S12, S13, S14 යනාදී බලවේග කට්ටල හෝ ශ්‍රී ලංකා දුම්රිය සේවය , තන්ත්‍රී ආයතනය සමග ඒකාබද්ධව දියත් කරන ලද ව්‍යාපෘතිය මගින් නවීකරණය කරන ලද මගී මැදිරි යොදවා ඇත...” යනාදී වශයෙන් පැහැදිලි කරමින් ඡායාරුප සහිතව පළවූ සටහන පහතින්.

https://www.facebook.com/permalink.php?story_fbid=2693590240961143&id=100009305818418

මේ පිළිබඳව ඉංග්‍රීසි බසින් විමර්ෂණයක් AFP ආයතනය මඟින් සිදුකර තිබුණි.

Conclusion (අවසාන නිගමනය)

අපගේ විමර්ශනයෙන් පැහැදිලි වන්නේ “විදේශිකයෙක් ලංකාවේ කොළඹ නුවර නගරාන්තර සීඝ්‍රගාමි දුම්රියේ වැසිකිළියක් ජාත්‍යන්තරයට යැව්වේ මෙන්න මෙහෙමයි...” යන තේමාව යටතේ පසුගිය දා දුම්රිය ගමනකදී ලබාගත් ඡායාරුප පෙළක් ලෙසින් හුවමාරු වූ සටහන් ඇත්ත වශයෙන්ම 2018 වසරේදී පළවූ සටහනකින් ලබාගන්නා ලද ඡායාරුප පෙළක් බවයි.

Avatar

Title:විදේශිකයෙක් මෑතකදී ලබාගත් ලංකාවේ දුම්රියක ඡායාරුපයක් ලෙස පළවූ සාවද්‍ය සටහනක්

Fact Check By: Factcrescendo Team

Result: Misleading