ලෝව වෙනත් රටවල හුවමරු වන සටහන් ද සිංහල බසින් විවිධ අර්ථකතනයන් යටතේ හුවාමාරු වන අවස්ථා අපට දැකගන්නට පුළුවන්. මේ අතර නොයකුත් අවස්ථා වල වැරදි අර්ථකතනයන් යටතේ හුවමාරු වන සටහන් ද අපට දැකගනන්ට පුළුවන්.

එසේ හුවමාරු වූ සටහනක දක්වා තිබුනේ පවුලේ අය කිසිවෙකු සොයා බැලීමට පැමිණ නැති අවස්ථාවක, තමා කාලයක් තිස්සේ කෑම දුන් පරෙවියා වයස්ගත පුද්ගයලෙකු රෝගාතුරව සිටියදී බැලීමට රෝහලයකට පැමිණ ඇති බවයි. නමුත් මෙය වැරදි අර්ථකතනයක් යටතේ මීට හුවමරු වූ සටහනක් බව අපට සනාථ වුනා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

පසුගිය දිනෙක Theekshanie Eranga Karunarathne නමැත්තියක විසින් ඡායාරුපයක් ද සමග අපූරු පුවතක් සිය ෆේස්බුක් ගිණුම හරහා හුවමාරු කරගෙන තිබුනා. රෝහල් ඇඳක් මත වැතිර සිටින වයස්ගත අයෙකුගේ ශරීරයේ පරවියෙක් වසා සිටින සේයාරුවකට ඇය විස්තරයක් එකතු කර තිබුනේ මෙලෙසින්.

"මේ ජායාරූපය එක්තරා හෙදියක විසින් ගනු ලැබ ඇත්තේ දින තුනක් පුරා රෝහල් ගත සිටින රෝගියෙක්ගේ කාමරයක් තුළදිය..මේ වනතෙක් කිසිදු නෑදෑයෙක් මොහු බලන්නට නොපැමිණ ඇති අතර ඒ ගැන රෝහල් කාර්ය මණ්ඩලයේ ද අවධානය යොමුව තිබුණු අවස්ථාවකය..පසුව රෝගියා පවසා ඇත්තේ ඔහු කාලයක් පුරා ආහාර ලබා දුන් වීදි පරවියකු මෙලෙස ඔහු බලන්නට ඇවිත් ඇති බවය.. මිනිස්සුන් ළග නැති උතුම් ගුණධර්ම සතුන් තුළ ඇති බව නැවත නැවත සනාථ වේ." එම සටහන පහතින්

Original LinkArchived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවතට අදාල සත්‍ය කරුනු සොයා බැලීමට අප ගූගල් මෙවලමේහි මෙම ඡායාරූපය යොදාගෙන Image Search එකක් සිදු කරනු ලැබුවා.

එහිදී අපට Ιωάννης Πρωτονοτάριος නමැති අයෙකු ෆ්ලිකර් වෙබ් අඩවියට 2013 ඔක්තෝබර් මස 13 වනදා එකතු කල මෙහි මුල් ඡායාරුපය සොයා ගැනීමට හැකි උනා. එම ෆ්ලිකර් වෙබ් අඩවියේ සටහනට අනුව මෙම ඡායාරූපය ග්‍රීසියේදී ගත් එකක්.

Original Link

Ιωάννης Πρωτονοτάριος පවසා තිබුනේ මෙහි සිටියේ තම පියාගේ ඇඳ අසලින් සිටි පුද්ගලයෙකුගේ ඡායාරුපයක් බවයි.

මේ ඡායාරූපය සහ ඉහත සටහන මීට පෙර ඉන්දියාවේ ඇතුළු ලොව විවිධ ප්‍රදේශවල ද හුවමාරු වී තිබු අතර එහිදී The Quint විමර්ෂණ කණ්ඩායම මඟින් ද ඉහත ඡායාරූපය ලබාගත් Ιωάννης Πρωτονοτάριος ගෙන් මේ පිලිබඳ සිදුකල විමසීමකදී ඔහු ලබාදී ඇති විස්තරයේ සඳහන් වී තිබුනේ

මෙම ඡායාරූපයෙහි ඇති වයසක පුද්ගලයා සමග සිය පියා ග්‍රීසියේ ඇතන්ස් හි රතු කුරුස රෝහලේ හෘද රෝග වාට්ටුවේ එකම කාමරයක ප්‍රතිකාර ලබමින් සිටි බවයි. පියාගේ ඇඳ අසල සිටින විට යාබද ඇඳේ සිටි එම වයස්ගත පුද්ගලයාගේ ඇ‍ඟෙහි මෙම පරෙවියා වසා සිට ඇති අතර වැඩි වේලාවක් එසේ කුරුල්ලා ඇඟ මත වසා සිටි හෙයින් එම අවස්තාව ඡායාරූප ගත ලාල්ක බව ඔහු පවසා තිබුනා. මේ අනුව කිසිවිටෙකත් ඡායාරූපය ලබාගෙන තිබෙන්නේ රෝහලේ හෙදියක් විසින් නොවේ.

ඔහු තවදුරටත් පවසා තිබුනේ මෙම සිදුවීම එම අවස්ථාවේ පමණක් පමනක් සිදුව ඇති අතර ඉන් පසුව මෙම කුරුල්ලා පැමිණි අයුරක් ඔහු දැක නැති බවත්ය. එම පුද්ගලයා ද දිගටම නින්දේ සිටි බවද ඔහු සඳහන් කර තිබුනා. මේ අනුව එම පරෙවියා, කාලයක් පුරා ආහාර ලබා දුන් පරවියකු බවක් ඇඳේ වැතිර සිටි රෝගීයා පවසා තිබුනේ ද නැත.

Also Read : දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු වලට අනුව අපට පෙනී යන්නේ මෙසේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන ඡායාරුපය මීට වසර 7 කට පෙර එනම් 2013 වසරේ ග්‍රීසියේ රෝහලයකදී ලබාගෙන තිබුනේ හෙදියක් විසින් නොව යාබද ඇඳේ සිටි රෝගියාගේ පුතෙකු විසිනි. එමෙන්ම මෙම පරවියා එක් අවස්තාවක පමණක් ඇති අතර කාලයක් පුරා ආහාර ලබා දුන් පරවියකු මෙසේ පැමිණ ඇති බවක් දිගටම නින්දේ සිටි ඡායාරූපයේ පෙන්වන රෝගියා කිසිවිටෙකත් පවසා ඇත්තේ ද නැත

Avatar

Title:වසර 7ක් පැරණි ඡායාරුපයක් වැරදි අර්ථකතනයක් සහිතව හුවමරු වූ අවස්ථාවක්!

Fact Check By: Sahan Perera

Result: Misleading