විවිධාකාරයෙන් රෝගී තත්වයන්ට ලක් වූ අය වෙනුවෙන් උදව් ඉල්ලමින් පළවන සටහන් නිතර ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ හුවමාරු වෙනු දැකගනන්ට පුළුවන්. ගිනුම් අංක පවා සටහන් කරමින් මුදල් බැර කරන ලෙසට ඉල්ලා මෙසේ පල කරන ෆේස්බුක් සටහන් අතර සත්‍ය ඒවා මෙන්ම පාඨකයා මුලා කරන ආකාරයේ වැරදි තොරතුරුත් බොහොමයක් දකින්නට පුලුවන්.

මේ අයුරුන්ම ෆේස්බුක් සටහනක් හුවමාරු කර ගැනීමෙන් දරුවකුගේ රෝහල් ගාස්තු සඳහා රුපියලක් බැගින් මුදල් ලැබෙන බවට පළවූ නොමඟ යවන සුළු ව්‍යාජ සටහනක් පිලිබඳ කරුණු අනාවරණය කර ගැනීමට අපට හැකිවුනා

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“ධනාත්මක චින්තනය | Positive Thinking | Motivation For Dream Life” නම් ෆේස්බුක් සමූහයක් තුල උමේශා සෙව්වන්දි නම් අයෙකු පල කර තිබූ සටහනක ඉන්කියුබේටරයක් තුළ සිටින කුඩා දරුවෙකුගේ ඡායාරූපයක් ඉදිරියේ දෙමව්පියන් හඬා වැටෙන ආකාරයක් පෙන්වා දී තිබුනා. දින කිහිපයක් තුල 15,000 කටත් වැඩි ප්‍රමාණයක් හුවමාරු කර ගෙන තිබු එම සටහනෙන් දක්වා තිබුනේ එම සටහන හුවමාරු කරගන්නා සෑම අවස්ථාවකදීම මෙම දරුවාගේ ජීවිතය බේරා ගැනීමට රුපියලක් බැගින් ලැබෙන බවයි.

FacebookArchived Link

තවද එම සටහනටම අදාලව යූටූබ් වීඩියෝ වීඩියෝවක යයි හැඟෙන සබැඳියක්ද දක්වා තිබුනු අතර යූටූබ් චැනලය Subscribe කරන ලෙසද ඉල්ලා තිබුනා. මෙම පුවතට සමාන මෙවැනි පුවත් මීට පෙරද වාර්තා කල බැවින් මේ පිළිබඳව කෙටි විමර්ශනයක් සිදුකිරීමට අදහස් කළා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

මෙම පුවත පිලිබඳව වැඩි දුර කරුණු දැන ගැනීම සඳහා මෙම සටහනේම පල කර තිබුනු යූටූබ් සබැඳියට අප ගොස් බැලුවා.නමුත් එම වීඩියෝ පටය දක්නට ලැබුනේ නැති අතර එයට අදාළ යූටූබ් නාලිකාව මේ වන විට ඉවත් කරගෙන ඇති බව එහි නිවේදනයකින් දක්වා තිබුනා.

ඉන් පසුව මෙම සිදුවීමට අදාලව සිදුවීම සම්බන්දයෙන් අප කරුනු සොයා බැලුවා. Google ඡායාරූප සෙවුමක් හරහා එම සේයාරුව පිළිබඳ විස්තර සොයා බැලීමේදී අපට අනාවරනය වුනේ 2019 වසරේ උමා ගෞරි නම් ඉන්දීය කාන්තාවකගේ කුඩා බිලිඳා ශ්වසන අපහසුතා මත රෝගාතුර වී සෙංගමාල තත්වක් දක්වා වර්දනය වී සිටි අවස්ථාවක කම්පනයට පත්ව සිටි එම දෙමව්පියන්ගේ ඡායාරුපයක් බවයි

නව උපත් දැඩි සත්කාර ඒකකයක (NICU) තවදුරටත් සති 10ක් පමණ දරුවා තැබිය යුතු බවට වෛද්‍යවරු පවසා තිබු අවස්ථාවක එම කටයුතු වෙනුවෙන් ඉන්දීය රුපියල් ලක්ශ 16 ක් පමන වැයවනු ඇති බවට ගණනය කර තිබුනා. ආර්ථික අපහසුතාවයකින් පෙලුනු මේ කාන්තාව හා ඇයගේ සැමියා අදාළ ඉස්පිරිතාල වියදම් වෙනුවෙන් මුදල් එකතු කිරීමට, එසේ ආධාර මුදල් එකතු කරනා වෙබ් අඩවි වල පිහිට ලබා ගෙන ඇති බව අපට නිරීක්ශනය උනා.

ඒ බව පහත ලින්ක් වෙත පිවිසීමෙන් බලාගත හැක.

MilaapArchived

කුඩා දැරිය පිළිබඳව 2019 නොවැම්බර් මස පළවූ වීඩියෝවක ද එම විස්තර ඇතුලත් කරමින් පෙන්වා දී තිබුනේ නිවුන් දරු උපතකින් එක් දරුවෙකු ඒ වන විටද අහිමව සිටි අසරණ දෙමව්පියන් මෙලෙස ඉතිරි දරුවා ආරක්ෂා කර ගැනීමට සහය පතන බවයි

https://youtu.be/vW0BKKXUygU

2019 වසරේ අග භාගයේදී මෙම මුදල් එකතු කිරීමේ ක්‍රියාවලිය ආර්ම්භ කර තිබුනු අතර මේ වන විට මුදල් එකතු කිරීම් කටයුතු නවත්වා ඇති බව අපට තහවුරු කරගැනීමට හැකි වුනා. ලිශිකා නම් මෙම දැරිය දැනට යහපත් සෞඛ්‍ය තත්වයක සිටින බවට දරුවාගේ මව විසින් මීට මාස කිහිපයකට පෙර ස්තුති කරමින් පළකර තිබු සටහනක් තුලින් අපට එය සනාථ කර ගැනීමට හැකි වුනා

LinkArchived

එයින් අපට තහවුරු වන්නේ තවදුරටත් මෙම දරුවා වෙනුවෙන් මුදල් එකතු කිරීමේ අවශ්‍යතාවයක් දැන් නොමැති බවයි. ඉහත වෙබ් අඩවි වල මෙම පුවත ෆේස්බුක් මඟින් හුවමාරු කර ගැනීම මඟින් වැඩිපුර පිරිසක් පරිත්‍යාග කිරීමට පෙළඹිය හැකි බව දක්වන පරිදි පළකරන ලද නිවේදන බොහෝදුරට මෙම නොමඟ යවන සුළු සටහන් නිර්මාණය වීමට මුල් වන්නට ඇතැයි සිතිය හැක.

මීලඟට අප සොයා බැලුවේ මේ ආකාරයට ෆේස්බුක් තුල සටහන් හුවමාරු කිරීමෙන් මුදල් එකතු කල හැකිද යන්නයි. ෆේස්බුක් මගින් සටහනක් හුවමාරු වන තරමට මුදල් ලබා දෙන පුවත සම්බන්දයෙන් ෆේස්බුක් ආයතනයෙන් ඇතැම් පරිශීලකයින් ප්‍රශ්න කර තිබුනු අවස්ථා අප සොයා බැලුවා.

මෙසේ ෆේස්බුක් සටහන් හරහා ඡායාරූප සහ වීඩියෝ පට හුවමාරු වන ප්‍රමාණයට මුදල් ගෙවනවාද ලෙසින් ඇසූ ප්‍රශ්නයට පිලිතුරු ලෙස ෆේස්බුක් නියෝජිතයකු පවසා තිබුනේද කිසිම විටෙක ඔවුන් ෆේස්බුක් සටහන් හුවමාරු වන තරමට ගෙවීම් සිදු නොකරන බවයි.එමෙන්ම එවැනි සටහනක් හුවමාරු කර මුදල් එකතු කරන බව දැක්වෙන සටහන් ඔවුන් වෙත වාර්තා (රිපෝට්) කරන ලෙසටත් ඔවුන් දක්වා තිබෙනවා

LinkArchived

මේ අනුව ෆේස්බුක් හරහා හුවමාරු වන ප්‍රමාණයට මුදල් ලබා දෙන බවට හුවමාරු වන්නේ ව්‍යාජ සටහන් බව පැහැදිලිය. මෙවැනි අවස්ථාවන් සඳහා මුදල් එකතු කිරීමට ෆේස්බුක් හරහාම Fundraiser විකල්පයක් සමාගම මඟින් හඳුන්වා දී තිබෙනවා.

Also Read: දරුවෙකුගේ ඡායාරුපය හුවමාරු කරගන්නේ නම් දරුවාට WhatsApp මඟින් ආධාර ලැබෙන බවට ව්‍යාජ සටහන් පෙළක්!

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු සලකා බැලීමේදී අපට පෙනී යන්නේ රෝගී තත්වයේ දරුවකු සිටින කුඩා ළදරුවෙකුගේ ඡායාරුපයක් හුවමාරු කරන පමණට රුපියල බැගින් එම දරුවා බේරාගැනීමට මුදල් ලැබෙන බව පවසමින් හුවමාරු වන්නේ ව්‍යාජ සටහනක් බවයි.

කිසිම විටෙක සටහනක් හුවමාරු කල පමණින් ෆේස්බුක් සමාගම මඟින් මුදල් ලබාදීමක් සිදුවන්නේ නැත. ඒ සඳහා ෆේස්බුක් Fundraiser වැනි ක්‍රමයක් භාවිතා කළ හැක

2019 වසරේ අග භාගයේදී දැඩි ලෙස රෝගාතුරව සිටි ඡායාරූපයේ පෙනෙන ඉන්දියානු දැරිය බේරාගැනීම වෙනුවෙන් මුදල් අවශ්‍යතාවයක් තිබී ඇති අතර එම අවධියේදී විවිධ වෙබ් අඩවි ඇතුළු ක්‍රම මඟින් මුදල් එකතු කර තිබුණි. ඒවා හරහා ද මුදල් එකතු කිරීමේ කටයුතු දැනට සිදුවන්නේ නැති අතර කුඩා දැරිය දැන් යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවෙයි

Avatar

Title:කුඩා දරුවෙකුගේ ඡායාරුපයක් හුවාමාරු කර ගන්නා ප්‍රමාණයට මුදල් ලැබෙන බවට ව්‍යාජ සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False