මේ දිනවල කොරෝනා රෝගය වෙනුවෙන් ලොව පුරා රටවල් වලින් ඒ සඳහා විවිධ ඖෂධ සොයා ගැනීම වෙනුවෙන් කැපවී කටයුතු කරන පුවත් දැකගත හැක.මේ වන විටත් රුසියාව, මහා බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල් කොරෝනා රෝගය වෙනුවෙන් එන්නත් නිපදවා ඇති අතර ඒවායේ යම්කිසි සාර්ථකත්වයක් ඇති බවට වාර්තා පල වෙනවා.

මේ අතර හෙල වෙදකම ආශ්‍රයෙන් කෑගල්ල ප්‍රදේශයේ දේශීය වෛද්‍යවරයෙක් කොරෝනා සඳහා බෙහෙතක් නිශ්පාදනය කර ඇති බවට පුවතක් පසු ගිය සතියේ මාධ්‍ය වාර්තා කර සිටියා. නියැඳි පරීක්ශාවකින් පසුව මෙම දේශීය බෙහෙත ලබා ගත් අය කොරෝනා රෝගයෙන් සුව වී ඇති බවට මෙසේ වාර්තා පලවී තිබුනා.

මෙසේ නිශ්පාදනය කර ඇති දේශීය බෙහෙත පිලිබඳව විශ්වාසයක් නැති බවට ප්‍රකාශයක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලංකාදීප පුවත්පතට ලබා දී ඇති බවට හුවමාරු වන සටහන් සංස්කරණය කරමින් සිදුකර තිබු සටහන් බව අපට අනාවරණය වුනා.

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන සටහන්:

“කොවිඩ් සම්බන්ධයෙන් සොයාගෙන ඇති සිංහල බෙහෙත පිලිබඳ අපට විශ්වාසයක් නෑ” යන සිරස්තලයෙන් විපක්ෂ නායකතුමා නොවැම්බර් මස 30 වැනිදා ලංකාදීප පුවත්පතේ ලිපියක් පළකර තිබු ආකාරයක් එම සටහන් වලින් මෙසේ දක්වා තිබුනා.

FacebookArchived Link
FacebookArchived Link

මෙවැනි සටහන් බොහෝ අය විසින් මෙන්ම ෆේස්බුක් පිටු සහ සමුහ වලද හුවමාරු වී තිබුනේ මෙලෙසින්.

මෙම පුවත සංස්කරණයක් බවත් එහි සත්‍යතාවය පිලිබඳව වැඩිදුරටත් සොයා බලන ලෙසත් පාඨක ප්‍රතිචාර ද බොහොමයක් ලැබුනි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම පුවත සහිත කොටස විශාලනය කර බැලීමේදී යම් සංස්කරනය කර පල කර ඇති පුවතක් බවට අපට පෙනී ගියා. ලංකාදීප පුවත්පත භාවිතයට ගන්නා කොලපැහැති වර්ණය මෙහි සිරස්තලය සහිත කොටසේ පසුබිමට යොදා නොමැති බවක් අපට මෙම සටහන බැලූ බැල්මට පෙනී ගියා.

මෙම පුවත් වැඩි දුරටත් තහවුරු කර ගැනීම සඳහා 2020 නොවැම්බර් 30 වැනි සඳුදා දිනට අදාලව මෙම පුවත පලවුනිදැයි අප සොයා බැලුවා. එහිදී අනාවරණය වුනේ මේ ආකාරයේ පුවතක් ලංකාදීප පුවත්පතේ පලව නැති බවයි.කෙසේ නමුත් වැරදි ලෙස සඳහන් වන පුවතේ විස්තරාත්මක කොටසට සමාන පුවතක් ලංකාදීප පුවත්පත එම දින 12 වැනි පිටුවේ වාර්තා කර තිබෙනවා. ලංකාදීප ඊ පුවත්පතට යොමුවන්න. Lankadeepa epaper

Capture

"ඉතා තදින් දැනෙන පානීය ජල අවශ්‍යතා සපිරීමට ව්‍යාපෘති වහා ඇරඹිය යුතුයි" ලෙස සිරස්තලයක් යොදා රවුෆ් හකීම් මහතා සමඟ යෙදුණු සංවාදයක ලිපියක් සංස්කරණය කරමින් මෙම ව්‍යාජ පුවත් නිර්මාණය වී තිබු බව අපට එහිදී පෙනී ගියා.

එම සංසන්දනය පහතින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට තහවුරු වන්නේ “කොවිඩ් සම්බන්දයෙන් සොයාගෙන ඇති සිංහල බෙහෙත පිලිබඳව අපගේ විශ්වාසයක් නෑ” යනුවෙන් සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කර ඇතැයි පැවසෙන පුවත ලංකාදීප පුවත්පතේ පළවූ ලිපියක කොටසක් සංස්කරණය කරමින් පලවී ඇති බවයි.

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:කොවිඩ් සම්බන්ධයෙන් සොයාගෙන ඇති සිංහල බෙහෙත පිලිබඳව සජිත් ප්‍රේමදාස මහතා ලංකාදීප පුවත්පතට ප්‍රකාශයක් සිදුකලා ද?

Fact Check By: Sahan Perera

Result: Altered