
දැනට වසරකට පමණ පෙර ලංකාව පුරා බිත්ති වල සිතුවම් ඇඳීමේ කලාව පැතිර ගිය අතර ලංකාව පුරාම පොදු ස්ථානවල ඇති තාප්ප පුරාවට අලංකාර ලෙස විවිධ වූ සිතුවම් චිත්රණය කරන අයුරු අපට දැකගන්නට ලැබුණා. තරුණ පිරිස් එකමුතුවෙන්, බොහෝ පිරිසකගේ සහයෝගයෙන් සිදු කෙරුණු මෙම ක්‍රියාකාරම් සඳහා ප්‍රධාන පෙලේ මාධ්‍ය තුළින්ද පුළුල් ප්‍රචාරයක් ලබා දුන් අයුරු ඒ දිනවලම දැකගන්නට ලැබුණා.
එසේ චිත්‍ර ඇඳි තාප්පයක් ඉදිරිපිට සිට “දෙරණ අරුණ” වැඩසටහනක දී මාධ්‍යවේදී චතුර අල්විස් මහතා පෙනී සිටි ස්ථානය මේ වන විට විශාල වශයෙන් වල් බිහිවී ඇති ආකාරයක් පෙන්වන ඡායාරුප සංසන්දනයක් බොහෝ දෙනා අතර හුවමාරු වී තිබුනා. අපගේ විමර්ෂණයෙන් පැහැදිලි වුනේ මෙසේ සංසන්දනය කර ඇත්තේ එකම ස්ථානයක් නොවන බවයි.
සමාජ මාධ්‍ය සටහන්:
අලංකාර ලෙස සිතුවම් කරන ලද ස්ථානයක් පසුබිම් කරගනිමින් චතුර අල්විස් මහතා විසින් උදෑසන පුවත්පත් විස්තර ගෙන එන “දෙරණ අරුණ” වැඩසටහනක ඡායාරුපයක් “එදා” යනුවෙන් ද, ඇතෙකු සහිත චිත්‍රයක් ඇඳි බිත්තියක් වල්වැදී ඇති ආකාරය පෙන්නුම් කර තිබු ඡායාරුපයක් සහිත කොටසක් “අද” යනුවෙන්ද නම් කරමින් රන්ගන ප්‍රසාද් නම් අයෙකු විසින් “දර්ශනයකින් තොර සංස්කෘතීන් පවතින්නේ බොහොම කෙටි කාලයයි.” යන තේමාවෙන් සටහනක්x මෙසේ හුවමරු කරගෙන තිබුණි.

බොහෝ විට නිසි ආකාරයෙන් පවත්වාගෙන යාමක් සිදුවී නොමැති බැවින් එදා ඇඳි චිත්‍ර අද වන විට වල්වැදී ඇති ආකාරයක් මෙම සටහන මඟින් පෙන්වීමට උත්සාහ කර ඇති බවක් පෙනී යයි.
පන්දහසකටත් අධික පිරිසක් අතර හුවමාරු වී තිබු මෙම ඡායරූප සංසන්දනය එකම ස්ථානයක් නොවන බවට කිහිප දෙනෙක් ම ප්‍රතිචාර දක්වා තිබුණා.
තවත් බොහෝ පිරිස් මෙම සටහන් හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)
මෙම පළමු ඡායාරූපයට අදාල සිතුවම ඇති කොටස කුමන ප්‍රදේශයේ එකක් දැයි අප මුලින්ම විමසා බැලුවා. එහිදී අපට පෙනී ගියේ මහනුවර විද්‍යාර්ත විද්‍යාලයේ ප්‍රාථමික අංශය අසල ඇති පැති බැම්ම එම පළමු ඡායරුපයෙන් දිස් වන බවයි. 2019 වසරේ දෙසැම්බර් මස 04 ඉහත සංසන්දනයේ උඩ කොටස ඇතුළත් වැඩසටහන මෙතනින්
පහතින් දැක්වෙන්නේ චතුර අල්විස් මහතා විසින් එම ස්ථානයට ගොස් තරුණයින් පිරිසක් සමඟ සංවාදයක යෙදෙන අවස්ථාවක්.
විද්‍යාර්ත ප්‍රාථමික විදුහල අසල පිහිටා තිබෙන HashTag – The Food Station අවන්හලේ හිමිකරු සුරාජ් මහතා සම්බන්ධ කරගනිමින් මේ පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීමට අප කටයුතු කළා.
විද්‍යාර්ත ප්‍රාථමික විදුහල් තාප්පයේ ඇඳි චිත්රවල වත්මන් තත්වය පෙන්නුම් කෙරෙන පහත ඡායාරුප අප වෙත යොමු කිරීමට එතුමා කාරුණික වුනා.

එසේම රතු පාටින් රවුම් කර තිබෙන්නේ චතුර අල්විස් මහතා වැඩසටහන ඉදිරිපත් කල පෙරහැරක් සිතුවම් කරමින් තිබු ස්ථානයයි. High Res Image “එදා” යනුවෙන් නම් කර තිබු ඡායාරුපය සහ වත්මන් එම ස්ථානයේ තත්වය සමඟ කළ සංසන්දනයක් පහතින්

තවද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන ඡායරුපයේ “අද” යනුවෙන් නම් කර ඇති සේයාරුව (සුදු පැහැ පසුබිමක ඇඳි කළු පැහැති ඇතෙකුගේ ඡායාරූපය) විද්‍යාර්ථ බැම්මේ නොමැති බැව් ද අපට සනාථ වුනා.
මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන ඡායාරුපයේ “අද” යනුවෙන් පෙන්වා ඇත්තේ වෙනත් ස්ථානයක් බව පැහැදිලිය.
කෙසේවෙතත් සුරාජ මහතා යොමුකළ පහත ඡායාරුප වලින් චිත්‍ර ඇඳි බැම්මේ කෙළවරක කුඩා කොටසක සුළු වශයෙන් පඳුරු කිහිපයක් වැවී ඇති ආකාරයක් දැකගන්නට ලැබුනේ මෙලෙසින්.

බොහෝදුරට පසුගිය දිනවල පාසල් කටයුතු සිදු නොවීම හේතුවෙන් මෙසේ සුළු කොටසක පඳුරු කිහිපයක් වැඩී තිබුණ ද නිරන්තරයෙන් ම පාසැල මැදිහත් වී මෙම සිතුවම් නිසි ආකාරයෙන් පවත්වාගෙන යන බවද එතුමාගේ අපට දැන ගන්නට ලැබුණා.
2019 වසරේ අග භාගයේ තාප්පවල චිත්‍ර ඇඳි චිත්‍ර පිලිබඳ වාර්තා පළවූ ෆේස්බුක් පිටු කිහිපයක් ම පරීක්ෂා කළද අපට “අද” යනුවෙන් නම් කර තිබු දෙවන ඡායරුපයේ පෙන්වන ස්ථානය නිශ්චත වශයෙන් ම මෙතෙක් හඳුනා ගැනීමට නොහැකි විය. එබැවින් එය 2019 වසරේ අග භාගයෙන් පසුව ඇඳි චිත්‍රයක් සහිත තාප්පයක් ද නැද්ද යන්න තහරුවූ කොට පැවසීමට අපහසුය.
කෙසේ වෙතත් “තරුණ තරුණියන් රැල්ලට චිත්‍ර ඇන්ද තාප්පවලට අද වෙලා තියෙන දේ” යන තේමා වලින් මෙවැනි සටහන් ද පසුගිය කාලයේ දී අපට දැක ගන්නට ලැබුනා. එවැනි සටහන් වලට පිළිතුරු වශයෙන් “සිත්තරුන්ගේ වෑයම දේශපාලනීකරණය කිරීමෙන් වලකින්න” යනුවෙන් පළවූ සටහනක් මෙතනින්.
FACT CHECK: මයික් පොම්පියෝ මහතා මෙරටට පැමිනෙන නිසා MCC විරෝධී සිතුවමක් මකා දමන අවස්ථාවක් ද?
Conclusion (අවසාන නිගමනය)
ඉහත කරුණු අනුව සලකා බලන කල අපට පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමරු වන සංසන්දනාත්මක ඡායාරුප දෙකෙහි දැක්වෙන්නේ එකම ස්ථානයේදී ලබාගත් ඡායාරුපයක දෙකක් නොවන බවයි.
“එදා” යනුවෙන් නම් කල ඡායාරුපය 2019 වසරේ දෙසැම්බර් මස චතුර අල්විස් මහතා ඉදිරිපත් කළ “දෙරණ අරුණ” වැඩසටහනකින් ලබාගත්තක්. එය මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයේ පැති බැම්ම් වන අතර මේ වන විට එම සිතුවම මනා තත්වයේ පවතින අතර එහි “අද” යනුවෙන් පෙන්වන ආකාරයේ වල් බිහිවීමක් දැකගන්නට ලැබෙන්නේ නැහැ.

Title:දෙරණ අරුණ වැඩසටන ඉදිරිපත් කල පසුබිමේ තිබෙන චිත්‍රය මේ වන විට විනාශ වී ඇත්ද?
Fact Check By: Nelson ManiResult: Missing Context
