ඉන්දියාව මේ වන විට කොරෝනා රෝගී තත්වය වැඩි වීම හේතුවෙන් ඉතා අසීරු තත්වයකට මුහුණ දෙමින් සිටින රටකි. දිනකට ලක්ෂ ගණනින් වාර්තා වන කොරෝනා රෝගීන් හේතුවෙන් රෝගීන්ට අවශ්‍ය මෙඩිකල් ඔක්ශිජන් අවශ්‍යතාවයද සපුරා ගැනීමට නොහැකිව ඇති බවට වාර්තා පලව තිබුනා.

කෙසේවෙතත් පසුගිය කාලයේ පැවති ඇතැම් හින්දු ආගමික උත්සව නිසා බොහෝ පිරිසක් එකතු වීම ද මේ ආකාරයට රෝගී තත්වය උත්සන්න වීමට හේතුවක් වී ඇති බවටද බොහෝ දෙනෙකු කරුණු දක්වා තිබුණා.

එවන් පසුබිමක ඉන්දීය නිවේදිකාවක් හින්දු ජනයාගේ උත්සව නිසා කොරෝනා වැඩිවූ බව නාලිකාවක් තුලින් පැවසීම නිසා ඇයව මහ මග මරා දමා ඇති බවට ව්‍යාජ පුවතක් ඉන්දියාවේ මෙන්ම ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල වශයෙන් හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

Nimal Gunarathne නම් අයෙකු විසින් පල කරන ලද ෆේස්බුක් සටහනක ඉන්දීය නිවේදිකාවක් එරට නාලිකාවක කරන කතාවක්ද දක්වා තිබුනු එහි පවසා තිබුනේ “ඉන්දීය නිවේදිකාවක් නාලිකාවක් තුලින් හින්දු ජනයාගේ උත්සව නිසා කොරෝනා වැඩිවූ බව පැවසීම නිසා ඇයව මහ මග මරාදාපු හැටි cctv දර්ශන” යනුවෙන්.

Facebook | Archived

කුම්බ් මේලා (Kumbh Mela) නම් හින්දු උත්සවය සම්බන්ධයෙන් ඉන්දීය නිවේදිකාව කරුණු දැක්වූ අතර එයට සහභාගී වූ බොහෝ පිරිස් හට කොවිඩ් ආසාදිත වූ බවට වාර්තාවක් මෙතනින්

කාන්තාවක් මහ මඟ මරා දමා තිබු සංවේදී දර්ශන සහිත ඡායාරුප සහිත සටහනක් AG Udaya නම් අයෙකු විසින් ද ෆේස්බුක් වෙත එකතු කර තිබුනේ “ඉන්දීය රූපවාහිනී නිවේදිකාවක් හින්දු ජන එකතු වීම් නිසා කෝවිඩ් වැඩි වූ බව කීම නිසා මහ මග මරලා ලු” යන තේමාවෙන්

Facebook Archived

මෙම ඡායාරුප සහ වීඩියෝ පටය මේ ආකාරයට බොහෝ දෙනෙකු හුවමාරු කරගෙන ඇති බව අපට දැකගන්නට ලැබුනා. WhatsApp හරහා ද මෙම පුවත නැවත වරක් විශාල වශයෙන් පසුගිය දා හුවමාරු වී තිබුනේ පහත අයුරින්.

ඉන්දීය නිවේදිකාවක් නාලිකාවක් තුලින් හින්දු ජනයාගේ උත්සව නිසා කොරෝනා වැඩිවූ බව පැවසීම නිසා අයව මහා මග මරාදාපු හැටි cctv දර්ශන”

ඉන්දියාවේ විශාල පිරිස් සහභාගී වෙමින් පැවැත්වෙන ආගමික උත්සව හෙළා දකිමින් සටහන් රැසක් ලංකාවේ ද විශාල වශයෙන් හුවමාරු වන සමයක ඉහත සිදුවීම බොහෝ දෙනෙක් හුවමාරු කර ගෙන තිබු බැවින් මෙම සිදුවීම සැබෑ එකක්ද යන්න පිලිබඳව අප කරුනු සොයා බැලීමට තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප ඉහත සටහන් වල පළව තිබු ඡායරූප ඒවා ගූගල් රිවර්ස් ඉමේජ් සේවාව ඔස්සේ වාර්තා පලවන්නේ දැයි සොයා බැලුවා. එහිදී අපට මෙම සිදුවීම සම්බන්ධව තොරතුරු සොයා ගැනීමට හැකි වුණා.

ඒ සම්බන්ධව India Today පුවත්පතේ වාර්තාවක් පලව තිබු අතර මෙම ඡායාරූප වල කාන්තාව වැටී සිටින ස්ථානයට සමාන ස්ථානයක ඡායාරූපද සමගින් එම පුවත පල කර තිබුනා. එම පුවත් වාර්තාවට අනුවම ඉන්දියාවේ දිල්ලි ප්‍රදේශයේ රෝහිනී නම් ප්‍රදේශයේ ජීවත් වුන සැමියෙකු හා බිරිඳ අතර ඇති වූ ප්‍රශ්නයක් හේතුවෙන් මෙම කාන්තාව මේ ආකාරයට මහ මග මරා දමා තිබුණා.

IndiaToday Archived

මෙම සිදුවීම 2021 අප්‍රියෙල් මස 10 වෙනි දින සිදුව ඇති අතර එදින මෙම සිදුවීමට අදාලා වීඩියෝ දර්ශනද Jantantra Tv නම් යූටූබ් චැනලයක් මගින් පල කර තිබුනේ පහත පරිදියි.

https://www.youtube.com/watch?v=0f-ssxkrodQ

තවද මෙසේ මරණයට පත්ව ඇතැයි සමාජ මාධ්‍ය සටහන් වල දක්වා තිබු ඉන්දීය මාධ්‍යවේදිනිය Pragya Mishra නම් කාන්තාවක් බවට අපට දැකගනන්ට ලැබුනා . හින්දු ආගමික උත්සව සඳහා මහජනයා එකතු වීම් නිසා කෝවිඩ් වැඩි වූ බව කීම නිසා ඇයව මරා දැමු බවට පැතිරෙන පුවත වැරදි එකක් බව ඇයගේ ට්විටර් ගිනුමේ සඳහනක් තබමින් ප්‍රකාශ කර තිබුනා.

එම ට්විටර් පනිවිඩය පහතින්.

Twitter | Archived

එමෙන්ම ඇය ආරක්ශිතව නිවසේ සිටින බවත් ඇයව ඝාතනය කර ඇති බවට පලවන තොරතුරු වල කිසිඳු සත්‍යතාවයක් නොමැති බවත් යූටූබ් වෙත වීඩියෝ පටයක් නිකුත් කරමින් පවසා තිබු වීඩියෝ පටය පහතින්.

https://youtu.be/l5mWtvlMEY0

#PragyaMishraAlive ලෙස සඳහන් කරමින් ඇයගේ යූටූබ් ගිනුමේ මෙම වීඩියෝව පල කර ඇත්තේ 2021 මස අප්‍රියෙල් 18 වන දිනයි. එනම් ඉහත සිදුවීම සිදුවීම සිදුවූ දිනට සතියකට පමණ පසුවයි. මෙහිදී මහ මඟ මරා දමා තිබු කාන්තාව පැළඳ සිටි දෑ මාධ්‍යවේදිනියගේ විලාසයට සමාන බැවින් මෙවැනි ව්‍යාජ පුවත් බොහෝ දෙනා විස්වාස කර තිබු බවක් ද ඇය මෙහිදී පවසා තිබුණා.

දෙමළ බසින් ද මේ තේමාවෙන් ම ව්‍යාජ සටහන් රැසක් හුවමාරු වී තිබු අතර Factcrescendo Sri Lanka ඒ සම්බන්ධයෙන් දමිළ බසින් සිදුකල විමර්ෂණය මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව ඉන්දීය රූපවාහිනී නිවේදිකාවක් හින්දු උත්සවයක් සඳහා ජනයා එකතු වීම් නිසා කෝවිඩ් වැඩි වූ බව පැවසීම හේතුවෙන් ඇයව මහ මග මරා එති බවට පැවසෙන පුවතේ කිසිඳු සත්‍යතාවයක් නොමැති බව පෙනී යනවා.

මේ අනුව සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ සටහන් වල පෙන්වා තිබු සිදුවීම දිල්ලියේ රොහිනී නම් ප්‍රදේශයේ අඹු සැමි ආරවුලක් මත ඇතිවූ සිදුවීමක් බව තහවුරු වෙනවා. එම සිදුවීම ට හින්දු උත්සවයක් සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඉන්දීය මාධ්‍යවේදිනියගේ කිසිඳු සම්බන්ධයක් නොමැත. මේ වන විට ද මාධ්‍යවේදිනිය ජීවතුන් අතර සිටියි

.hocal-container {

border: 2px solid #000;

background-color: #eee;

border-radius: 5px;

padding: 16px;

margin: 16px 0

}

.hocal-container::after {

content: "";

clear: both;

display: table;

}

.hocal-container img {

float: left;

margin-right: 20px;

border-radius: 50%;

}

.hocal-container span {

font-size: 20px;

margin-right: 15px;

}

@media (max-width: 500px) {

.hocal-container {

text-align: center;

}

.hocal-container img {

margin: auto;

float: none;

display: block;

}

}

Avatar

Title:හින්දු උත්සවයක් නිසා කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වූ බව පැවසීම නිසා ඉන්දීය නිවේදිකාවක් මහ මග මරා දමා දැමුවා ද?

Fact Check By: Sahan Perera

Result: False