FACT CHECK: කොරෝනා රෝගය වැලඳීමෙන් පසු මවගෙන් දරුවා වෙන් කළ අවස්ථාවක් ද?

Coronavirus International Misleading

මේ දිනවන ලංකාවේ දකන්ට ලැබෙන කොරෝනා වසංගත තත්වයයේ සීග්‍ර ව්‍යාප්තියත් සමඟම සංවේදී පුවත් රැසක්ම අපට නිතරම අසන්නට ලැබෙනවා. මේ ආකාරයට කොරෝනා රෝගයට ගොදුරු වූ කුඩා බිළිඳෙකු මවකගෙන් වෙන්කරගෙන යන දුක් බර සිදුවීමක් ලෙස දක්වමින් නොමඟ යවන සුළු අර්ථකතනයකින් හුවමාරු වූ ඡායාරුප සටහනක් පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“ගල්පාත බ්රෝ – Bro” නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් ආරක්‍ෂිත කට්ටලයක් පළඳි පුද්ගලයකු විසින් කුඩා දරුවෙකු රැගෙන යන අවස්ථාවක ඡායාරූපයක් ෆේස්බුක් වෙත එකතු කර තිබුනා.

Facebook | Archived

“ඒ බබාටත් කොරෝනා.. ඒ අම්මා කොහොම ඒ දුක දරාගන්නවා ඇත්ද.අපි හැමෝම මොහොතක් වැය කරලා මේ බබාට ඉක්මන් සුවය පතමු..” ලෙස සටහන් තැබූ ඡායරුපයේ මවක් හැඬූ කඳුලින් දරුවෙකු මෙසේ රැගෙන යන ආකාරය බලා සිටින අයුරු පෙන්වා තිබුනා.

මෙම සටහනම පසුගිය වසරේ ද හුවමාරු වී තිබු අතර “වයිෆ් talks” නමැති ෆේස්බුක් පි‍ටුවක් විසින් එය හුවමාරු කර තිබුනේ පහත පරිදියි.

Facebook  Archived

බොහෝ දෙනෙක් මේ සිදුවීම පිලිබඳව සංවේදීව ප්‍රතිචාර දක්වා තිබු අතර මෙම පුවත ගොඩ දෙනෙක් හුවමාරු කරගෙන ද තිබුනා. මෙම ඡායාරූපය පසු පස පවතින සැබෑ කතාව පිලිබඳව සොයා බැලීමට අප තීරනය කලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

ගූගල් Reverse Image සෙවුමක් හරහා මෙම සිදුවීමට අදාල මුල් ඡායාරූප සහ ඊට අදාල විස්තරය අපට සොයා ගැනීමට හැකිවුනා.

මෙම ඡායාරුපය ලබාගෙන තිබු සමාජ සේවිකාව විසින් සිය ෆේස්බුක් ගිණුමේ පල කරන ලද සටහනට අනුව මෙම සිදුවීම මියන්මාරයේ සිදු වුවක්. බුරුම භාශාවෙන් පළ කර තිබුනු එම සටහනේ සංක්ෂිප්ත අදහස පහතින්. 

මවක් සහ ඇගේ මාස හතරක් වයසැති දියණිය නිරෝධායනය කරනු ලැබ ඇත්තේ මියන්මාරයේ දකුණු ඩැගන්, ප්‍රදේශයේයි. පරීක්ෂණ ප්‍රතිපල වලින් පෙනී ගොස් ඇත්තේ  දියණියට කොරෝනා වැලදී නැති  බවත් මව ට කොරෝනා රෝගය වැලදී ඇති බවත්ය. එම අවස්තාවේ දියණියට ඇති අවදානම අඩු කිරීමට මවගෙන් මේ ආකාරයට දියණිය ඉවත් කිරිමට කටයුතු කරන ආකාරය මෙම චායාරූපයෙන් දැක්වෙන බව මෙම සඳහනේ දක්වා තිබෙනවා.

https://factcheck.afp.com/sites/default/files/styles/list_xs/public/medias/factchecking/sri_lanka/screencapture-facebook-chueyadanar-htun-73-posts-180565493686067-2020-11-12-00_05_17.png?itok=sITWa5vy

Facebook  | Archived

මේ පිලිබඳ සටහන් කිහිපයක් ම ඡායාරුපය ලබගෙන් තිබු  අතර දියණිය මවගෙන් වෙන් කොට පියා වෙත ලබාදීම පිළිබඳව මෙසේ සටහන් කර තිබුණි. 

මෙම පුවතම තවත් මියන්මාර ෆේස්බුක් පි‍ටුවක් විසින් 2020 ඔක්තෝබර් මස 16 වනදා ෆේස්බුක් වෙත එක් කර ඇත්තේ පහත පරිදියි. 

Facebook | Archived

මේ පිලිබඳ ඉංග්‍රීසි බසින් වාර්තාවක් පසුගිය වසරේ AFP කරුණු විමර්ෂණ කණ්ඩායම විසින් මෙසේ සිදුකර තිබුණා.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුනු අනුව සලකා බැලීමේදී අපට පෙනී යන්නේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන්නේ වැරදි අර්ථකතනයක් ලබාදී තිබු ඡායාරුප සටහනක් බවයි. එම සටහනට අදාල සිදුවීම මෙරට සිදු වූ එකක් නොවන එය මිඅන්මාරයේ 2020 ඔක්තෝබර් මස සිදුවීමකි. තව ද එම ඡායාරුප සටහනින් කියවෙන පරිදි කුඩා දරුවාට කොරෝනා රෝගය වැලඳීම හේතුවෙන් මවගෙන් දරුවා වෙන්කිරීමක් නොව ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ මවට කොවිඩ් ආසාදිත යයි තහවුරු වීමත් සමඟ ම දරුවාව ඇයගෙන් වෙන්කිරීමට කටයුතු කළ අවස්ථාවක්.

Avatar

Title:කොරෝනා රෝගය වැලඳීමෙන් පසු මවගෙන් දරුවා වෙන් කළ අවස්ථාවක් ද?

Fact Check By: Sahan Perera 

Result: Misleading


Leave a Reply

Your email address will not be published. Required fields are marked *