වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අළලා ව්‍යාජ පුවත් රැසක් පසුගිය කාලයේ අප විමර්ෂණය කර සිටියා. ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් තීරණය කල බව පවසමින් ෆේස්බුක් සටහනක් සිය නිල ෆේස්බුක් පිටුවේ තැබූ බවට ව්‍යාජ පුවතක් ද හුවමාරු වී තිබුණා. ඒ පිලිබඳ අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට තීරණය කළෙමි” යනුවෙන් සටහනක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බවටත් පසුව ඔහු විසින් එම සටහන් ඉවත් කරගෙන තිබු බවටත් සටහනක් Gimhan Wickramasinghe නම්වූ ෆේස්බුක් ගිණුමක පළකර තිබුනේ පහත ආකාරයෙනි

Facebook | Archived

මෙම සටහනම තවත් ෆේස්බුක් පරිශීලකයින් කිහිප දෙනෙකුම අතර හුවමාරු වී තිබු ආකාරයක් ද අපට මෙසේ දැක ගන්නට ලැබුණා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ පුවතක් ලෙස පළවී තිබු බැවින් අප එම ෆේස්බුක් පිටුවේ Activity Log වාර්තාව පරීක්ෂා කළෙමු. එහිදී මේ ආකාරයේ කිසිඳු සටහනක් පළකර ඉවත්කර තිබුනේ නැති බව අපට තහවුරු විය.

මේ පිළිබඳව වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් විමසා සිටියදී දක්වා සිටියේ මෙවැනි ප්‍රකාශයක් තමා තමා විසින් සිදුකර නැති අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිර්දේශ කර තිබෙන පරිදි දැනට කොවිඩ් රෝග ව්‍යාප්තිය පාලනය කිරීමට අනුමැතිය ලබාදී ඇත්තේ කොවිඩ් එන්නතත් සඳහා බවත් ඉදිරියේ දී එන්නත තමා විසින් ද ලබාගැනීමට බලාපොරොත්තු වන අතර මෙතෙක් එන්නතක් ලබාගෙන නොමැති බවයි.

මීට මාස කිහිපයකට පෙර ද නලින්ද ජයතිස්ස මහතා විසින් කොවිඩ් එන්නත ලබාගත් බවට පළවූ ව්‍යාජ පුවතක් පිලිබඳ ව අප සිදුකළ විමර්ශනයක් පහතින්.

http://srilanka.factcrescendo.com/2021/02/26/nalinda-jayatissa-did-not-take-the-covid-vaccine-using-this-form/

Update : මේ ආකාරයේම වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ සටහනක් ලෙස දක්වා තිබුනේ "මුස්ලිම් ජනතාවට රාමසාන් උත්සවය සැමරීමට නොහැකි වන ලෙස සති අන්තයේ රජය ඇඳිරිනීතිය පැනවීමට ගත් තීරණය පිළිකුල් සහගතය" යනුවෙන්. එවැනි සටහනක් පහතින්.

Facebook | Archived

මෙවැනි සටහනක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් පිටුවේ පළවී තිබුනේ නැති අතර එය ද ඉහත පරිදි සංස්කරණයක් බව පෙනී යනවා. වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ද අපට තහවුරු කර සිටියේ මෙවැනි සටහනක් සිය ෆේස්බුක් පිටුවේ පළවී තිබුනේ නැති බවයි.

එසේම "දිනපතා සංසර්ගයේ යෙදීම කොරෝනා අවදානම අඩු කරයි" යනුවෙන් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසු බවට මෙවැනි සටහන් ද හුවමාරු වී තිබු අතර බොහෝ දෙනෙක් උපහාසාත්මක කෝණයකින් ප්‍රතිචාර දක්වා තිබු එම සටහන සම්පුර්ණයෙන්ම අසත්‍ය බව නලින්ද ජයතිස්ස මහතා අපට පවසා සිටියා.

Conclusion (අවසාන නිගමනය)

මේ අනුව අපගේ කරුණු විමර්ෂණයෙන් පැහැදිලි වන්නේ “ජීවිත ආරක්ෂාව වෙනුවෙන් පමණක් චීන එන්නත ලබා ගැනීමට තීරණය කළෙමි” යනුවෙන් සටහනක් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ෆේස්බුක් පිටුවේ පළවූ බවට හුවමාරු වන්නේ සම්පුර්ණයෙන්ම ව්‍යාජ පුවතක් බවයි.

Avatar

Title:වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ නිල ෆේස්බුක් සටහනක් ලෙස හුවමාරු වූ ව්‍යාජ සටහනක්!

Fact Check By: Sahan Perera

Result: False