
ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයේ (IDH) වෛද්‍යවරුන්ට හා කාර්ය මණ්ඩලය සඳහා මේ වන විට ශෛල්‍ය කර්ම සඳහා භාවිතා කරන ඇඳුම් හා ඇතැම් උපකරණවල හිඟයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ වරින් වර සටහන් හුවමාරු වුණා. මෙහි නිරවද්‍ය තාවය සොයා අප කළ විමර්ශනය පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
IDH රෝහලෙන් පණිවිඩයක් ලෙස දක්වමින් සඳහන් කර තිබුණේ, රෝහලේ කාර්ය මණ්ඩලය 60%ක ධාරිතාවයකින් කාර්යයන් සිදුකරන අතර දැනට කාර්ය මණ්ඩලය අඳින Surgical Scrub (වෛද්‍ය හා කාර්ය මණ්ඩල අඳින නිල් හා කොළ පාට ඇඳුම්) හිඟයක් පවතින බවයි.
නිල් Surgical Scrub 100
කොළ Surgical Scrub 150
තැඹිලි Surgical Scrub 150
(මේවා එකක් 1500/- පමණ වේ)
2×10kg ස්වයංක්‍රිය රෙදි සෝදන යන්ත්‍රයක් (LG යන්ත්‍රයක් 60 000/=)
Surgical (half) සපත්තු 100 (මිල නොදනී. ඕඩර් කළ යුතුයි.)
රෝගීන්ට අවශ්‍ය දේ ලැබෙමින් පවතින අතර වරක් භාවිතයෙන් පසු ඉවතලන foil ආහාර බඳුන් හා හැඳි ආදිය (disposable)
උණු වතුර ෆ්ලාස්ක් 1L හා 1.5L
IDH රෝහලේ සිටින දොස්තර ආනන්ද විජේවික්‍රම
(උපුටා ගැනීමකි)
මෙම සටහන පසුගිය වර්ෂයේදී ද සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වුණේ මෙලෙසිනි.

මෙම සටහන 7000ක් පමණ ෆේස්බුක් පරිශීලකයින් අතර මේ වන විට හුවමාරු කරගෙන තිබෙනවා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
මෙහි නිරවද්‍යතාවය සෙවීම සඳහා අප ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයේ (IDH) කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සම්බන්ධකර ගත්තා.
වෛද්‍යවරයා සඳහන් කළේ, මෙම සටහනේ දැක්වෙන පරිදි කිසිදු අවශ්‍යතාවක් IDH රෝහලට නොමැති බවයි. මෙම සටහන අසත්‍ය බවත් ඒ බව නොදැන පරිත්‍යාගශීලි ජනතාව දිගින් දිගට තමන්ට ඇමතුම් රැගෙන උපකාර කිරීමට කටයතු කරන බවත් එවන් අවශ්‍යතාවක් නොමැති බවත් එම සටහන් අසත්‍ය බවට ඔවුන්ව දැනුවත් කළ බවත් වෛද්‍යවරයා පවසා සිටියා.
එමෙන්ම පසුගිය වර්ෂයේ හුවමාරු වූ මෙම අසත්‍ය සටහන කෝවිඩ් නැවත උත්සන්න වීමෙන් පසු මේ වන විට නැවත හුවමාරු වීමත් සමග දිගින් දිගට තමන්ට ලැබෙන දුරකතන ඇමතුම් ප්‍රමාණය වැඩි වී ඇති බවත් තමන්ටත් තමන්ගෙන් ප්‍රතිකාර ලබා ගන්නා රෝගීන්ටත් මේ හේතුවෙන් දැඩි අසීරුතාවයකට පත් වීමට සිදු වී ඇති බවත් විශේෂඥ වෛද්‍යවරයා අප වෙත සඳහන් කර සිටියා.
මීට පෙරද IDH රෝහලේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟ බවට සඳහන් කරමින් පළ වූ සටහන් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයක් පහතින්
IDH රෝහලට මෙවන් අවශ්‍යතාවක් නොමැති බවට හා එහි සඳහන් වෛද්‍යවරයාට ලැබෙන දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් ඇතිවන අපහසුතාවය පිළිබඳ වෛද්‍ය අශාන් පතිරණ මතතා සිය ෆේස්බුක් ගිණුමේ දක්වා තිබුණේ මෙලෙසිනි.
Update : කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ලංකාවේ ශාඛාව සඳහන් කළේ, දැනට ශ්‍රී ලංකාවේ සියලුම සෞඛ්‍ය සේවකයින් සඳහා ප්‍රමාණවත් පරිදි පුද්ගලික ආරක්ෂක උපකරණ – (PPE) ඇති බවත් , වසංගතය තත්ත්වයක් හමුවේ මෙම සැපයුම්වල අවශ්‍යතාවය නිරීක්ෂණය කර ඇති හෙයින් සාපේක්ෂ හිඟයක් ඇත් නම්, ප්‍රසම්පාදනය සහ වෙනත් ක්‍රම මගින් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙවන් ගැටලු විසඳනු ඇති බවයි. දැනට වෛද්‍ය සැපයුම් සඳහා මහජනතාවගෙන් කිසිදු ඉල්ලීමක් සිදු කර නොමැති අතර ඒ සම්බන්ධයෙන් පැතිරෙන සියලු කටකතා අසත්‍ය බවයි ඔවුන් වැඩි දුරටත් අවධාරණය කළේ.
Conclusion (අවසාන නිගමනය):
මේ අනුව ජාතික බෝවන රෝග නිවාරණ ආයතනයේ රෝහල් කාර්යය මණ්ඩලය සඳහා ඉහත සටහනේ පිරිදි කිසිදු අවශ්‍යතාවක් පැන නොනැගී ඇති බවත් මෙවන් අසත්‍ය පුවතකට එම රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ දුරකතන අංකය ඇතුළත් කිරීම හේතුවෙන් වෛද්‍යවරයා ඇතුළු ප්‍රතිකාර ලබන රෝගීන්ටද දැඩි අපහසුතාවකට පත් වී ඇති බවත් සඳහන් කළ හැක.