තායිලන්තය යනු බෞද්ධ ජනතාව බහුතරයක් වෙසෙන රටකි. එහි සියයට 90කට වඩා ජනතාවක් බෞද්ධයන් වෙසෙන අතර බෞද්ධ ස්මාරක බොහොමයක් ද දකින්නට ලැබෙනවා. තායිලන්තයේ රජු එම රාජ්‍යයේ ප්‍රධානියා වන අතර එහි අධිකරණ හා නීති පද්ධතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මත පදනම් ව ක්‍රියාත්මක වෙනවා.

තායිලන්තයේ නීතිය ක්‍රියාත්මක වූ ආකාරයක් පිළිබඳව පළවූ සටහනකින් දක්වා තිබුනේ බුදුන් වහන්සේට අපහාස වන ආකාරයට ෆේස්බුක් ප්‍රතිචාර දැක්වූ පුද්ගලයෙකුට වසර 60 ක බරපතල වැඩ සහිත දඬුවම් පැමිණවූ බවක්. මේ පිළිබඳව අප සිදුකළ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

“FACEBOOK ඔස්සේ බුදුන්වහන්සේ අපහාස වන ලෙස COMMENT 6ක් දැමු තායි ජාතිකයකුට එරට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් COMMENT 1 කට වසර 10 බැගින් වසර 60 බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කර තිබෙනවා!” යනුවෙන් Dhammarakkhitha Thero නම් හිමි නමක් විසින් හිමිනමගේ ෆේස්බුක් අවකාශයේ පළ කර තිබුනා. තායිලන්ත පොලිස් නිලධාරීන් විසින් එම පුද්ගලයාව ‍රැගෙන යන ආකාරයද සටහනට අදාල ඡායාරුපයේ දක්වා තිබුනා.

2017 වසරේ මුල් වරට පලවී තිබු එම සටහන නැවත වරක් ෆේස්බුක් ඔස්සේ මේ දිනවල ජනප්‍රිය වී තිබෙන බව අපට දැක ගන්නට ලැබුණා. මේ වනවිට අට දහසකට ආසන්න පිරිසක් අතරේ හුවමාරු වී තිබු එම සටහන පහතින්

Facebook | Archived

පසුගිය දින කිහිපයේ එම සටහන උපුටා ගනිමින් පලවූ වෙනත් සටහන් පෙළක් පහතින්.

මෙම සටහන පිලිබඳව අප වැඩි දුරටත් කරුණු සොයා බැලීමට අප තීරණයකලා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) 

මෙම ඡායාරූපය අප පළමුවෙන් ගූගල් ඉමේජ් සෙවුමක් වෙත යොමු කලා. එහිදී මෙම ඡායාරූපයට අදාල නිවැරදි පුවත් සටහන් අපට සොයා ගැනීමට හැකියාව ලැබුනා.

ඒ අනුව මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ 2015 වසරේ දී Thanakorn Siripaiboon නම් තරුණයෙකු තායිලන්ත රජුගේ බල්ලාගේ ඡායාරූපයකට අපහාසාත්මක ලෙස දැමූ කමෙන්‍ටුවක් හේතුවෙන් සිර දඬුවම් ලබා දීමට ගෙන යන අවස්ථාවක්. Thanakorn විසින් මෙසේ තායිලන්ත රජුගේ බල්ලාට අපහස වන අන්දමින් ෆේබුක් ‍ තුල කමෙන්ටුවක් පළ කිරීම හේතුවෙන් වසර 37ක සිරදඬුවම් නියමව ඇති බව time.com වෙබ් අඩවිය දක්වා තිබුනේ මෙලෙසින් | Archived

මෙම තරුණයා පොලිස් භාරයේ සිටින ආකාරයේ ඡායාරූපයක් විස්තරයක් සහිතව Alamy නම් නිල වෙබ් අඩවියේ ඡායාරුප සහිතව දක්වා තිබුනා. එය පහතින්.

Alamy.com | Archived

තවද තායිලන්තයේ ක්‍රියාත්මක වන lese majeste නීතිය යටතේ තායිලන්තයේ රජුට, රැජිනට හෝ සිහසුනේ උරුමක්කාරයා යැයි අනුමාන කරන අයට හෝ අපහාස කිරීම, තර්ජනය කිරීම නීති විරෝධී වන අතර දඬුවම් ලැබිය හැකි වරදක් බව සඳහන්.

කෙසේ නමුත් මෙම පුද්ගලයා රජතුමාගේ බල්ලා සම්බන්ධ කරන ලද අපහාසයට අමතරව තායිලන්තයේ මිලිටරි දූෂණ වංචාවක් පිළිබඳ තොරතුරු විස්තරයක් ෆේස්බුක් හි බෙදා ගැනීම හේතුවෙන් මෙම සිරදඬුවම හිමිව ඇති බව thestar.com වෙබ් අඩවිය වාර්තා කර තිබුණා.

මේ ආකාරයට Thanakorn සිරගත කිරීම මානව හිමිකම් උල්ලංඝණය කිරීමක් බවත් කරුණු දක්වමින් ලෝ ප්‍රකට මානව හිමිකම් සම්බන්ධව කටයුතු කරන Human Right Watch නම් ආයතනය ඔවුන්ගේ වෙබ් අඩවියේ කරුනු සඳහන් කර තිබුනා. Hrw.org | Archived

මෙම සිද්ධිය පිළිබඳ 2015 වසරේ Channel 4 පුවත් සේවය වාර්තා කළේ මෙලෙසින්.

https://youtu.be/b5vKAw8jpQ4

කෙසේනමුත්, අවුරුදු 5 ක නඩු විභාගයකින් පසුව, 2021 වසරේ දී Thanakorn Siripaiboon තරුණයාව විරුද්ධව පැවති චෝදනා සියල්ල අධිකරණය විසින් ඉවත ලැබූ පුවත තායි පුවත් සේවයක් වාර්තා කර තිබුනේ මෙලෙසින්. Archived

එසේම සමාජ මාධ්‍ය ඔස්සේ පළවූ සටහනේ දක්වා තිබු පරිදි 2015 වසරේ දී Phongsak S. නමැති තායිලන්ත වැසියෙකුට ඔහු විසින් පළකරන ලද රාජ්‍ය විරෝධී ෆේස්බුක් සටහන් 6ක් සඳහා වාර්තාගත වසර 60 ක සිර දඬුවමක් lèse majesté නීතිය (රාජකීය විරෝධී අපහාස) යටතේ හිමිවී තිබුණා. එම වාර්තාව සහ ඔහු විසින් පළකර තිබු ෆේස්බුක් සටහන් පිළිබඳ විස්තරයක් පහතින්.

Globalvoices.org | Archived

කෙසේනමුත් මෙහි බුදුන් වහන්සේ ට අපහාස කිරීම වෙනුවන් ඔහුට එම සිර දඬුවම නියම වී ඇති බවක් දැක්වෙන්නේ නැහැ. එසේ සිරදඬුවම් හිමි වූ වෙනත් විශේෂ අවස්ථා පිළිබඳ පුවත් ද අපට දැක ගන්නට ලැබුනේ නැහැ.

කෙසේ වෙතත් විවිධාකාරයේ වංචනික ක්‍රියා මුල් කරගනිමින් තායිලන්තයේ භික්ෂූන්වහන්සේලා සිරගත කර තිබෙන අතර වංචා, මුදල් විශුද්ධිකරණය සහ පරිගණක අපරාධ සම්බන්ධයෙන් අධිකරණය විසින් වැරදිකරු බව ඔප්පු වීමෙන් පසුව තායි හිමිනමක ට වසර 114 ක සිර දඬුවමක් හිමි වූ අවස්ථාවක් පිලිබඳ වාර්තාවක් මෙතනින්.

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු සලකා බැලීමේදී අපට පැහැදිලි වන්නේ මෙරට සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන පරිදි බුදුන්වහන්සේට අපහාස වන අන්දමින් කමෙන්ටුවක් පළ කිරීම හේතුවෙන් තායි වැසියෙකුට වසර 60ක සිර දඬුවමක් ලබා දී ඇති බවට පැවසෙන පුවත අසත්‍යක් බවයි.

කෙසේවෙතත් රාජ්‍ය විරෝධී සටහන් සමාජ මාධ්‍ය ඔස්සේ පළකිරීම තායිලන්තයේ දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර එවැනි සටහන් 6ක් පළකිරීමේ හේතුවෙන් 2015 වසරේ දී පුද්ගලයෙකුට වසර 60ක සිර දඬුවමක් නියම වී තිබුණා.

එසේම මෙරට හුවමාරු වන සමාජ මාධ්‍ය සටහන් සඳහා යොදාගෙන තිබෙන ඡායාරූපය 2015 වසරේ දී එවැනි ම රාජ්‍ය විරෝධී සටහන් පළකිරීම හේතුවෙන් තරුණයෙකුට වසර 37ක සිර දඬුවමක් නියම වූ අවස්ථාවක් හා සබැඳිය. කෙසේවෙතත් වසර 5 ක නඩු විභාගයකින් පසුව, අධිකරණය විසින් 2021 වසරේ දී ඔහුට විරුද්ධව පැවති චෝදනා සියල්ල ඉවත ලා තිබුණා.

එසේම මේ කිසිවක් බුදුන් වහන්සේ ට අගෞරව කිරීම හා සම්බන්ධයෙන් ලැබුණු දඬුවම් නොවේ.

Avatar

Title:බුදුන්වහන්සේට අපහාස වන පරිදි කමෙන්ටුවක් පළ කළ තායි ජාතිකයෙකුට වසර 60ක බරපතල වැඩසහිත සිර දඬුවම්?

Fact Check By: Factcrescendo Team

Result: False