පසුගිය සමයේදී මෙරට පාර්ලිමේන්තු ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන්ට වාහන ආනයනය කිරීමට කටයුතු සූදානම් කිරීම සම්බන්ධයෙන් සමාජයේ මහත් ආන්දෝලනයක් ඇතිවුණා. කෙසේවෙතත් මෙම වානහන ආනයනය කිරීම අත්හිටුවීමට රජය කටයුතු කර තිබෙන බව රජයේ අමාත්‍යවරුන් කිහිප දෙනෙක්ම විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අප කළ කරුණු විස්තර කිරීමක් මෙතනින්.

එසේ ගෙන්වීමට කටයුතු යොදා තිබු වාහන අතර ගිලන් රථද තිබූ බවට පුවත් වාර්තා දැක්වුණා. මේ ඔස්සේ උපහාසයට නගමින් මෙරට වරාය අධිකාරියේ දී ලබාගන්නා ලද දර්ශන බව හඟවමින් ආනයනික ජීප් රථ මෙරටට ගෙන්වා ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් හුවමාරු වුණා. මෙම වීඩියෝවේ නිරවද්‍යතාවය සොයා අප විමර්ශනයක් ආරම්භ කළා.

සමාජ මාධ්‍ය සටහන් :

“ඇම්බියුලන්ස් ගෙනල්ලා..Toyota V8 අලුත්ම බඩු ගෙනල්ලා” යනුවෙන් සඳහන් කරමින් Smart creation නම් ෆේස්බුක් පිටුවක වීඩියෝවක් දක්වා තිබුණා.

https://vimeo.com/565552501

එම වීඩියෝවේ Sri Lanka Port Authority නැතහොත් ශ්‍රී ලංකා වරායා අධිකාරිය යනුවෙන් ද සඳහන් කර තිබුණා. බැලූ බැල්මට ආනයනය කළ Toyota V8 ජීප් රථ ශ්‍රී ලංකා වරාය අධිකාරියට ගෙන ආ පසුපස ලබා ගත් වීඩියෝ දර්ශන බවට හැඟවීමට එමඟින් උත්සහය දරා තිබු බවක් පෙනී යනවා.

මෙම වීඩියෝව වෙනත් ෆේස්බුක් පිටුවලද හුවමාරූ වුයේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

අප ප්‍රථමයෙන්ම මෙම වීඩියෝවෙන් ලබාගත් නිශ්චල ඡායාරුප Reverse Image සෙවුමක් සඳහා යොමු කල අතර ඒ ඔස්සේ අනාවරණය වූයේ මෙම වීඩියෝව HL-26 Auto Shop නම් කාම්බෝජයේ අගනුවර Phnom Penh හි පිහිටි මෝටර් රථ අලෙවි සැල විසින් පළකර තිබු වීඩියෝවක් බවයි.

2020 වර්ෂයේදී සමාජ මාධ්‍යට එකතු කර තිබූ මෙම වීඩියෝවේ විස්තරයේ දැක්වුණේ 2009 / 2010 වර්ෂවලට අයත් වැඩි දියුණු කරන ලද Toyota Land cruiser වාහන අරාබියෙන් ආනයනට කරන ලද අවස්ථාවක් බවයි. එම වීඩියෝව පහතින්.

https://www.facebook.com/hl26auto/videos/2706840399419780

Archived

එම සම්පූර්ණ වීඩියෝවේ නිරීක්ෂණය කිරීමේදී මෙරටට අයත් වීඩියෝවක් නොවන බවට දැකගනන්ට ලැබෙනවා. එසේම Sri Lanka Port Authority වෙනුවට එම මුල් වීඩියෝවේ දැක්වෙන්නේ HL-26 Auto Shop යනුවෙන්.

මෙරටට ගෙන්වූ බවට හඟවමින් ලංකාවේ සමාජ මාධ්‍ය ඔස්සේ පළකර තිබුණේ ඉහත වීඩියෝවෙන් කොටසක් පමණි. එම කොටස බැලූ බැල්මට මෙරට වීඩියෝවක් බවට හැඟී යන පරිද්දෙන් එහි දක්වා තිබුණා.

මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා අප FactCresendo Cambodia කණ්ඩායම මගින් ඉහත මුල් වීඩියෝව පළකර තිබු වාහන අලෙවි සැල සම්බන්ධකරගත් අවස්ථාවේ ඔවුන් සඳහන් කර ඇත්තේ, අරාබියෙන් ආනයන කරන ලද ඇතුළත සහ පිටත වැඩිදියුණු කළ සැකසූ Land cruiser මෙලෙස කාම්බෝජියාවට, කාම්බෝජියානු වරාය හරහා 2020 වසරේ ගෙන්වූ අවස්ථාවක් බවයි.

එමෙන්ම එම වාහන වෙළඳසැල විසින් පවසා ඇත්තේ ශ්‍රී ලංකාව සමග තමන්ගේ ව්‍යාපාරික ගණුදෙණුවක් නොමැති බවයි. වෙනත් රටවල ද මෙම වීඩියෝවෙන් කොටස් යොදා ගෙන තිබු බව ද දැක ගන්නට ලැබුණු බව අපට එම මෝටර් රථ වෙළඳ සැලේ නියෝජිත මහතා කරුණු දක්වා තිබුණා.

Conclusion (අවසාන නිගමනය):

මේ අනුව පෙන්වා දිය හැක්කේ මෙරට වරාය අධිකාරියේ දී ලබාගත් වීඩියෝවක් බවට හඟවමින් ගිලන් රථ වෙනුවට මන්ත්‍රීවරුන් සඳහා Toyota V8 මෙරටට ගෙන්වා ඇති බවක් ව්‍යංගාර්ථයෙන් දක්වමින් පළ වූ වීඩියෝව උපහාසාත්මක කෝණයකින් සිදුකරන ලද ව්‍යාජ සංස්කරණයක් බවයි.

කාම්බොජියාවේ මෝටර් රථ වෙළඳ සැලක 2020 වසරේ පළකර තිබු වීඩියෝවක HL-26 Auto Shop නම් එම වෙළඳ සැලේ නාමය වෙනුවට Sri Lanka Port Authority යනුවෙන් යොදා සංස්කරණය කිරීමෙන් මෙය ලංකාවේ දර්ශන පෙළක් බව දැක්වීමට අදහස් කර තිබුණා.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ අරාබියෙන් කාම්බෝජියාවට ගෙන්වා ඇති වැඩි දියුණු කරන ලද Land cruiser මෝටර් රථ බවත් ඒවා කිසි විටෙකත් ලංකාවට ආනයන කර නොමැති බවත් අපට HL-26 Auto Shop මෝටර් රථ වෙළඳ සැල සමඟ සම්බන්ධ වීමේ දී දැන ගන්නට ද ලැබුණා.

Avatar

Title:FACT CHECK: ජාතිය ඇමතීම බලන ජනපතිගේ ඡායාරුපයක් ද ?

Fact Check By: Sara Gunaratne

Result: Altered