
ප්‍රධාන මාධ්‍ය නාලිකාවක පළවූ පුවත් ටිකරයක (News ticker) ආකාරයෙන් පළවන පුවත් දුටු සැණින් බොහෝ දුරට සත්‍ය පුවතක් ලෙස ජනතාව විශ්වාසය කිරීමට පෙළඹෙනවා. මේ හේතුව නිසාම ඇතැම් ව්‍යාජ සටහන් නිර්මාණකරුවන් අසත්‍ය පුවත් පැතිරවීමට ප්‍රධාන නාලිකාවල ආකෘති යොදා ගැනීම ද සුලබව දක්නට ලැබෙනවා.
මෙවන් ව්‍යාජ නිර්මාණ බොහෝ විට මැතිවරණ කාලයේ දී දැක ගන්නට ලැබෙන අතර ජනතාව නොමග යැවීම සඳහා ජෝසප් ස්ටාලින් මහතා අළලා නිර්මාණය කළ ව්‍යාජ සටහනක් සම්බන්ධයෙන් අප කළ කරුණු විමර්ශනයයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
Rookadaya – රූකඩයා නම් ෆේස්බුක් පිටුවේ “මාර මොලයක්” යයි සඳහන් කරමින් දක්වා තිබුණේ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් “ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ප්‍රකාශවක් කළ බවට හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේ පළ වූ වීඩියෝවෙන් ලබා ගත් ඡායාරූප දෙකක් බවට හඟවමිනි. එම සටහන පහතින්.

මෙම සටහනම ෆේස්බුක් ඔස්සේ පළ කළ අවස්ථාවක් මෙතනින් සහ මෙතනින්.
එමෙන්ම Twitter පණිවිඩ ඔස්සේද මෙම සටහන හුවමාරු කරගෙන තිබුණේ මෙලෙසිනි.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :
අප ප්‍රථමයෙන්ම මෙම සටහනේ දැක්වෙන පරිදි ජෝසප් ස්ටාලින් මහතා මෙවැනි ප්‍රකාශයක් සිදු කළේද යන්න ප්‍රධාන මාධ්‍යධාර වල පළ වූ පුවත් සම්බන්ධයෙන් නිරීක්ෂණයක යෙදුනෙමු. එමෙන්ම හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේදී පළ වූ ලංකා ගුරු සංගමය ප්‍රමුඛත්වය දුන් පසුගිය සති කිහිපයේ විරෝධතා සම්බන්ධයෙන් ද අපගේ අවධානය යොමු වූ අතර එම අවස්ථාවන්හීදි මෙම පසුබිම සහිත වීඩියෝ දර්ශනය හෝ එවන් පුවතක් පළ වූ බවට වාර්තා නොවුණි.
අප මෙම ඡායාරූපය ඇතුළත් වීඩියෝව සම්බන්ධයෙන් කළ නිරීක්ෂණයේදී මෙම වීඩියෝව 2020 වර්ෂයේදී ජූනි මස 16 වන දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ෆේස්බුක් පිටුවේ පළවී තිබූ වීඩියෝවක් වෙත අවධානය යොමු වූ අතර මෙම වීඩියෝවේ දර්ශන සහ පසුබිම් දර්ශනද ඉහත සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ සංසරණය වූ ඡායාරූප අතර සැසඳිනි. එමෙන්ම එම වීඩියෝව එක්සත් සමාජවාදී පක්ෂයේ ෆේස්බුක් පිටුවේ පළ වී තිබෙනු දක්නට ලැබුණි. එම වීඩියෝව පහතින්.
Facebook | Archived Link | Facebook
මෙම වීඩියෝවේ දැක්වුණේ, 2020 ජුනි මස 9 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය වැළැක්වීමට කටයුතු කිරීම හේතුවෙන් ඊට විරෝධය පළ කරමින්, භාෂණයේ රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය අහෝසි නොකරන ලෙස බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් 2020 වර්ෂයේ ජූනි 16 වන දින කොළඹ, ලිප්ටන් වටරවුමේදී පැවැත්වූ විරෝධතාවයේදී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මාධ්‍යට පළ කළ අදහස්ය. එම ප්‍රහාරය සම්බන්ධයෙන් පළ වූ පුවත් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Also Read: 2017 රැලියකදී එල්ල වූ ප්‍රහාරයක් ජුනි 9 රැළියේ දුමින්ද නාගමුව මහතාට එල්ලකළ ප්‍රහාරයක් ලෙස පෙන්වීමක්!
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ඡායාරූප සටහනේ පළවූ මුල් ඡායාරූපය සැබෑ වීඩියෝවේ 0.51 විනාඩියේ රූප රාමුව මෙලෙසින් යොදා ගෙන තිබුණි.

දෙවන ඡායාරූපය 01.28 විනාඩියේ රූප රාමුවත් යොදාගෙන තිබුණේ මෙලෙසින්.

තව ද 2020 ජුනි මස පළවූ වීඩියෝ දර්ශන නිරීක්ෂණයේදී ජෝසප් ස්ටාලිං මහතා කොරෝනා එන්නත් මෙරටට ගෙන්වීම් සම්බන්ධයෙන් අදහස් නොදක්වා ඇති බවට හා එවකට වැටුප් විෂමතාව ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් ගුරු සංගම් ඔන්ලයින් ඉගැන්වීම් ක්‍රමවේදනයෙන් ඉවත්වෙමින් වර්ජනයකද නොයෙදුණු අතර ඒ සම්බන්ධයෙන්ද අදහස් දක්වා නොතිබුණි.
එමෙන්ම එදින හෝ ඉන් පසු දින පළ වූ හිරු නාලිකාවේ ප්‍රධාන පුවත් විකාශයන්ගේද, ජෝසප් ස්ටාලින් මහතා අදහස් දැක්වූ ඉහත වීඩියෝව පළ වී නොතිබුණි. ඒ අනුව සැබෑ වීඩියෝ රූප රාමු අළළා ඉන් ලබා ගත් ඡායාරූප දෙකක් මෙලෙස හිරු පුවත් විකාශයේ පළ වූ ප්‍රවෘත්තියක් බවට හැඟවීමට ඡායාරූප සංස්කරණය කර තිබුණි.
2020-06-16 දින හිරු 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය | 2020-06-16 දින හිරු 9.55 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය | හිරු 6.55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය 2020-06-17
අප මේ සම්බන්ධයෙන් ජොස්ප් ස්ටාලීන් මහතාගෙන්ද විමසීමක් කළ අතර ඒ මහතා සඳහන් කළේ, තමන් කිසිම අවස්ථාවක එන්නත් මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් එවන් ප්‍රකාශයක් සිදු නොකළ බවයි. සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන එම පුවත අසත්‍ය බවද ඒ මහතා තහවුරු කර සිටිනවා.
එසේම අධ්‍යාපන සුදුසුකම් පිළිබඳව ඇතුළු කරුණු මුල්කරගනිමින් ව්‍යාජ සටහන් පෙළක් ද තමා ඉලක්ක කරගනිමින් මේ දිනවලසමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව ද ජෝශප් ස්ටාලින් මහතා අප සමඟ පවසා සිටියා.
හිරු පුවත් සේවයෙන් ද අප සිදුකළ විමසීමක දී තහවුරු කර සිටියේ මෑතක දී මේ ආකාරයේ කිසිඳු පුවතක් පළකර තිබුනේ නැති බවයි.
අපගේ කරුණු විමර්ෂණ පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
පුවත් ටිකර සංස්කරණය කරමින් පසුගිය ජනපති සහ පාර්ලිමේන්තු මැතිවරණ සමයන්හි දී පළවී තිබූ සටහන් පිළිබඳ අප Factcresendo කණ්ඩායම විසින් සිදුකර තිබු අනාවරණ කිහිපයක් මෙතනින්, මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
Conclusion (අවසාන නිගමනය) :
ඒ අනුව අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දිය හැක්කේ, ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා විසින් “එන්නත් ගෙන්වීමට සල්ලි තිබෙනවා…ගුරු වැටුප් වැඩි කිරීමට සල්ලි නැහැ” බවට පැවසූවායැයි සමාජ මාධ්‍යට ඔස්සේ සංසරණය වූ සටහන් අසත්‍ය බවයි.
එම ඡායාරූපය රැගත් අවස්ථාව වන්නේ 2020 වර්ෂයේ ජූනි 16 වන දා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණයේ විරෝධතාවය වැළැක්වීම හේතුවෙන් භාෂණයේ, රැස්වීමේ හා විරෝධය පෑමේ අයිතිය අහෝසි නොකරන ලෙස බල කරමින් වෘත්තීය සමිති, බහුජන සංවිධාන රැසක සහභාගිත්වයෙන් පැවැත්වූ විරෝධතාවයකදී ජෝශප් ස්ටාලින් මහතා මාධ්‍ය වෙත අදහස් දැක්වූ අවස්ථාවේදී පළවූ වීඩියෝ දර්ශන පෙළකින් ලබා ගත් ඡායාරූප දෙකකි.
එමෙන්ම හිරු නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයේදී පළ වූ පුවතක් බවට හඟවා තිබුණද එවන් පුවතක් මෑතකදී මෙන්ම 2020 ජුනි මාසයේ එම අවුරුද්දේ විරෝධතාව දැක්වූ දිනයේදී ද පළ වී තිබුනේ නැති බව අපගේ විමර්ශනයේ දී තහවුරු විය.
ඒ අනුව එම ඡායාරූප ඇතුළත් දර්ශන මේ දිනවල පැවැත්වෙන ගුරු විරෝධතා සම්බන්ධයෙන් පළ වූ වීඩියෝවකින් ලබාගත් දර්ශන පෙළක් නොවන අතර හිරු ප්‍රවෘත්ති විකාශයේ පළවූ පුවතක් මඟින් ලබාගත් දර්ශන පෙළක් බව හැඟවීමට පුවත් ටිකරයක් යොදා සංස්කරණය කර ඇති බව පැහැදිලි වෙනවා.

Title:“ගුරු වැටුප් වැඩි කරන්න සල්ලි නෑ. එන්නත ගේන්න සල්ලි තියෙනවා” යනුවෙන් ස්ටාලින් පැවසුවාද?
Fact Check By: Sara GunaratneResult: False
