2020 වසරේ අග පැවති වසරේ පැවති මැතිවරණයෙන් ලද දැවැන්ත ජයග්‍රහණයක් සමඟින් ආණ්ඩු බලයක් පිහිටුවීමට තරම් නියෝජිතයන් ප්‍රමාණයක් දිනාගැනීමට අවුන්සාන් සුකී ප්‍රමුඛ NLD පක්ෂයට හැකියාවක් ලැබුණද, එම මැතිවරණයේදී විශාල වශයෙන් වංචා සිදුව ඇතැයි චෝදනා කරමින් මියන්මාර හමුදාව විසින් මේ වසරේ පෙබරවාරි 01 වැනිදා එරට පාලන බලය ලබාගත්තා.

එසේ මියන්මාර හමුදාව විසින් එරට පාලනය අත්පත් කරගත්තේ මියෙන්මාරයේ එවකට ප්‍රජාතන්ත්‍රවාදී නායිකා අවුන්සාන් සුකී (Aung San Suu Kyi) ඇතුළු ඇයගේ පක්ෂයේ ප්‍රධානීන් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට ගනිමින්. මෙසේ මාස 6කට ඉහත දී අත්අඩංගුවට පත්වූ අවුන්සාන් සුකී, මේ මොහොතේ සිර කුටියක සිටින ආකාරයේ ඡායාරුපයක් පසුගිය දා ආසියානු කලාපීය රටවල් කිහිපයකම හුවමාරු වී තිබුණා. ඒ පිළිබඳව අපගේ විමර්ෂණය පහතින්.

සමාජ මාධ්‍ය සටහන්:

අවුන්සාන් සුකී සිර කුටියක සිටින ආකාරය හැඟවෙන ආකාරයේ ඡායාරුපයක් Pimma නම් ෆේස්බුක් පි‍ටුවක් විසින් පළ කර තිබු ආකාරය අපට පහත පරිදි දැකගන්නට ලැබුනා.

Facebook | Archived

එම සේයාරුව සමඟ ලබාදී තිබු විස්තරය පහතින්.

හමුදා පාලනයක් තුල ප්‍රජාතන්ත්‍රවාදී නායකයන්ට හිමි තැන...!

අදුනනවද ඇයව... 🤔

සිතන්න...! අපිටත් අවශ්‍ය හමුදා පාලනයක්ද...?”

එම විස්තරය මඟින් අදහස් කර තිබුනේ මෙහි සිටින්නේ මියන්මාර හමුදා පාලනය හේතුවෙන් අත්අඩංගුවට පත්වූ අවුන්සාන් සුකී මහත්මිය බවයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම)

අප මෙම කරුණ පිලිබඳව සිදුකළ සොයා බැලීමකදී හෙලි වුනේ මෙම ඡායාරූපය අවුන්සාන්සුකී මහත්මියගේ බවට හැඟවෙන ආකාරයට සංස්කරණය කරන ලද ඡායාරුපයක් බවයි.

Reverse Image සෙවුමක් හරහා පරීක්ෂාවේ දී පෙනී ගියේ Wikimedia වෙබ් අඩවියේ මෙහි සත්‍ය ඡායාරූපය 2013 වසරේ දී පළකර තිබු බවත් එය සිරගතව ඇති වෙනත් කාන්තාවක් බවත්ය. එම සිර මැදිරියේ වැසිකිළියක් ද තිබෙන බව පෙනෙනවා.

Wikimedia | Archived

මෙම ඡායාරූපය තවත් බොහෝ වෙබ් අඩවි ඔවුන්ගේ ලිපි වලට යොදා ගෙන තිබුණා. පහතින් දැක්වෙන්නේ එසේ මීට වසර කිහිපයකට පෙර පළවූ සටහන් කිහිපයක්. එම ඡායාරූප පරීක්ෂා කිරීමේ දී මෙහි සිටින්නේ අවුන් සාන් සුකී නොවන බව හොඳින් පැහැදිලි වේ.

Legalreader | globalcitizen

මෙසේ සංස්කරණය කරන ලද ඡායාරුපය සහ ඇත්ත ඡායරුපයේ සංසන්දනයක් පහතින්.

https://lh3.googleusercontent.com/drZqNireoSTGwxSLJjykVCCJxwkGoqlyRawiFT4KqSWoRKBU5jX8K6vbB0y6rSVNVhw8gNXo4dIugK5WCalZSfp9mHmNINfzNQFnZQE1Jja7tjsdicn4FSVQ2DHnVlsdsiC3h_U

මෙම සටහන් මීට පෙර ඉන්දියාවේ මෙන්ම ලංකාවේ දමිළ ෆේස්බුක් පරිශීලකයින් අතරේ ද හුවමාරු වී තිබූ අතර ඒ පිළිබඳ අප Factcrescendo දමිළ කණ්ඩායම සිදුකළ කරුණු විමර්ෂණය මෙතනින්.

කෙසේවෙතත් ජුන්ටා පාලකයින් විසින් අවුන්සාන් සුකී මහත්මියට විරුද්ධව විවිධාකාරයේ චෝදනා රැසක් ගොනු කර තිබෙන අතර නිවාස අඩස්සියේ සිටි අවුන්සාන් සුකී පසුගිය මැයි මස අග අධිකරණයට පැමිණි අවස්ථාවක් මාධ්‍ය විසින් මෙසේ වාර්තා කර තිබුණා.

නිවාස අඩස්සියේ සිටින අවුන් සාන් සුකී ඇතුළු පිරිසට මුදල් , ඖෂධ, ආහාර සහ අනෙකුත් සැපයුම් වල යම්කිසි යමිකිසි හිඟතාවයන් පැවතිය ද ඇයව රඳවාගෙන සිටින අයගේ සහයෝගයක් අවශ්‍ය නැති බවටත් මේ සඳහා සිය නීතිඥයින්ගේ සහය බලාපොරොත්තු වෙන බවටත් පසුගිය ජුනි මස පළවූ ලිපියක් මෙතනින්.

කෙසේනමුත් මේ කිසිඳු වර්තාවක ඇය සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ ආකාරයේ සිර කුටියක රඳවා සිටින බවක් වාර්තා වන්නේ නැහැ.

එසේම 2020 නොවැම්බර් මාසයේ මියන්මාරයේ පැවැති මහ මැතිවරණයේ ප්‍රතිඵල එරට මැතිවරණ කොමිසම අවංලගු කර ඇති බවට මෑතකදී පුවත් වාර්තා වුණද මියන්මාර වැසියන් සිය නායිකාව නිදහස් කර දෙන ලෙස දිගින් දිගටම උද්ඝෝෂණ රටේ විවිධ ප්‍රදේශවල සිදුකරන බව තවදුරටත් වාර්තා වෙනවා. අද (ජුලි 31) පැවති එවැනි උද්ඝෝෂණයක් පිළිබඳ වාර්තාවක් මෙතනින්

Conclusion (අවසාන නිගමනය)

ඉහත කරුණු අනුව අපට පෙනී යන්නේ මියන්මාර හමුදා පාලකයින් විසින් මීට මාස 6කට ඉහත දී අත්අඩංගුවට පත්වූ අවුන්සාන් සුකී මහත්මිය සිර කුටියක රඳවා සිටින අයුරු බව හඟවමින් හුවමාරු වන්නේ 2013 වසරේ මුල් වරට පලවී තිබු සිර කුටියක රඳවා තබා සිටි කන්තාවකේ ඡායාරුපයක් යොදාගනිමින් සිදුකරන ලද සංස්කරණයක් බවයි.

මියන්මාර ජුන්ටා පාලකයින් විසින් අවුන් සාන් සුකී මහත්මියට විරුද්ධව විවිධාකාරයේ චෝදනා රැසක් ගොනු කර ඇති අතර ඇය ඇතුළු පිරිස තවදුරටත් හමුදා පාලකයින් යටතේ  නිවාස අඩස්සියේ රඳවා සිටින බව වාර්තා වෙනවා.

Avatar

Title:මියන්මාරයේ හමුදා පාලකයින් විසින් අවුන්සාන් සුකී සිර කූඩුවක රඳවාගෙන සිටින අයුරු?

Fact Check By: Sahan Perera

Result: Altered