
ෆේස්බුක් සමාගමේ වෙළද නාමය (Trade Mark) පසුගියදා වෙනස්වීමකට ලක්වුණා. එහි නව නාමය වන්නේ Meta යන්නයි. මේ ආකාරයට ෆේස්බුක් සමාගමේ වෙළඳ නාමය වෙනස්වීම හා සබැඳිව ෆේස්බුක් අවකාශයේ විවිධ ව්‍යාජ මත පළවුණා. මේ එවැනි නොමග යවනසුලු සහ ව්‍යාජ මත සම්බන්ධයෙන් අප විසින් සිදු කල විමසා බැලීමක්.
සමාජ ජාලා සටහන් :
ෆේස්බුක් පිටුවක් මගින් සටහනක් එක්කර තිබුණේ මෙලෙසින්
,. ඔබ කවුරුත් ආදරය කරන,නොදන්න කවුරුත් නැති (FACEBOOK)අද සිකුරාදා සිට අලුත් නමකින්.ඒ (META).ඉක්මනින් ඔබට මේ නමට පුරුදු වීමට සිදුවෙයි.අලුත් දේ එසැනින්.

මේ පිළිබඳව උපහාසාත්මක කෝණයෙන් යුතුව සමාජ ජාලා සටහනක් ,බුදු දහමද සම්බන්ධකර ගනිමින් පළව තිබුණේ මෙලෙසින්.
“බුදුදහම වැළදගත් මාක් සකර්බර්ග් සිය ව්‍යාපාරයේ නම මෙත්තා ලෙස වෙනස් කරයි.(නිවැරදි උච්චාරණය අපහසු නිසා මෙටා ලෙස භාවිතා කර ඇත.)”

තවත් උපහාසාත්මක සටහනක් මේ .
මෙහි Meta යන්න Mote ලෙස සංස්කරණය කර ඇති ආකාරයකි මේ .

මෙම සටහන් අන්තර්ජාලය තුල වේගයෙන් පැතිර යන නිසා, මේ පිළිබදව කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.
Fact Check( සත්‍ය තොරතුරු විමසා බැලීම ):
අප මුලින්ම සොයා බැලුවේ, ෆේස්බුක් සමාගමේ නාමය වෙනස්වීමත් සමගම සමාජ ජාල සටහනේ සඳහන් වන පරිදි ෆේස්බුක් යෙදවුමේ(mobile application) නාමය වෙනස්වීමකට ලක්ව ඇද්ද පිළිබදවයි.
මෙහිදී අපට දැකගන්නට ලැබුණේ, ෆේස්බුක් සමාගම සිය වෙළද නාමය වෙනසකට ලක් කලද , ෆේස්බුක් යටතේ පවතින සමාජ ජාල යෙදවුම් වන Facebook, Messenger, WhatsApp, Instagram යෙදවුම් වල නාමයන් වෙනසකට ලක් නොවී පවතින බවයි.
ඒ බවට Meta ෆේස්බුක් පිටුවේ දැක්වුණේ මෙලෙසින්.
මීට පෙර 2015 වසරේදී මේ ආකාරයටම Google Inc. නාමය වෙනස් කිරීමකට ලක්කර එහි නාමය Alphabet.Inc. ලෙස වෙනසකට ලක්කලද Google අන්තර්ජාල යෙදවුම් වල Google නාමය අදටත් භාවිතා කරනු ලැබුවා. මේ පිළිබදව වැඩිදුර විස්තර ලබාගත හැකියි මෙතනින්.Archived.
ෆේස්බුක් සමාගමේ නාමය Meta ලෙස වෙනස්කිරීමට හේතුවූ කරුණු මොනවාද යන්න එහි නිර්මාතෘ මාර්ක් සකර්බර්ග් විසින් පවසා තිබෙනවා.

Meta නම් වචනය ,ග්‍රීක වචනයක් බව පවසන Zuckerberg පවසන්නේ එහි අර්ථය “Beyond”, යන්න බවයි. එය සිංහලට පරිවර්තනය කල විට ,එහි අර්ථය වන්නේ ,”මෙතනින් එහා”, යන්නයි.
එම ලිපිය මගින් ඔහු වැඩිදුරටත් පවසන්නේ පවතින තාක්ෂණයෙන් එහා වඩාත් නව්‍ය තාක්ෂණයකට පිවිසීම Meta සමාගමේ පරමාර්ථය වන බවයි.
මෙම ලිපිය තුලින් Metaverse නම් සංකල්පයක් සකර්බර්ග් විසින් ඉදිරිපත් කරන අතර එමගින් ඔහු පවසන්නේ අන්තර්ජාල තාක්ෂණය දැනට පවතින තත්ත්වයට වඩා පුලුල් කිරීමක්. මෙමගින්, පවුලේ අය සමග එකට සිටීම,අධ්‍යාපනය, ක්‍රීඩාව,වෙළෙදසැල් වලට යාම ආදී කටයුතු බොහොමයක් අන්තර්ජාලය භාවිතයෙන් Virtual Reality ලෙස සිදු කිරීමට හැකිබව සකර්බර්ග් විසින් පවසනවා. ඔහු පවසන්නේ එය ඩිජිටල් තිර ඉදිරිපිට වැඩි කාලයක් ගත කිරීමක් නොව දැනටමත් ඩිජිටල් තිර ඉදිරිපිට ගත කරන කාලය වඩාත් අර්ථාන්විත කිරීමක් වන බවයි. Metaverse සංකල්පය අනාගතයේදී ක්‍රියාවට නගනු ඇත්තේ එක් හුදෙකලා සමාගමක් නොව සියලු දෙනාගේ එකතුවෙන් බව පවසන සකර්බර්ග් එය මහජනයාට වඩාත් සමීප අඩු වියදමක් සහිතව භාවිත කලයුතු ක්‍රමවේදයක් විය යුතු බවත් පැහැදිලි කරනවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය)
අප විසින් සිදු කළ විමසුමට අනුව පැහැදිලි වන්නේ ෆේස්බුක් සමාගමේ නම වෙනස් කලද , ෆේස්බුක් සමාගමට අයත් අන්තර්ජාල යෙදවුම් වන ෆේස්බුක්,මැසෙන්ජර්, වට්සැප් ,ඉන්ස්ටග්‍රෑම් ආදියේ නම් වෙනස් නොවී ඒ ආකාරයටම පවතින බවයි.එමෙන්ම ෆේස්බුක් සමාගමේ නම Meta ලෙස වෙනස් කර ඇත්තේ එහි ග්‍රීක වචනයේ අර්ථය වන “මෙතනින් එහා”, යන අර්ථය නිසා බව මාර්ක් සුකර්බර්ග් විසින්ම නිකුත් කල ලිපියක පවසනවා.ඒ අනුව ෆේස්බුක් අන්තර්ජාල යෙදුමේ නම වෙනස් වන බවටත් ,මාර්ක් සුකර්බර්ග් බුදුදහම වැළදගෙන Metta යන වචනය අනුව නව සමාගමට නම යෙදූ බවටත් වන සටහන් සම්පූර්ණයෙන්ම අසත්‍ය සහ නොමග යවන සුලුයි.

Title:ෆේස්බුක් සමාගමේ වෙළෙඳ නාමය වෙනස්වීම හා සබැඳි ව්‍යාජ සටහන් පෙළක් !
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,