සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන අසත්‍ය සහ නොමඟ යවන සුළු සටහන් ඔස්සේ විමර්ශනයන් සිදුකොට එහි සත්‍ය කරුණු වාර්තා කර ශ්‍රේණිගත කිරීම් Fact crescendo අප ආයතනය විසින් සිදු කරනු ලබන්නේ එවැනි ව්‍යාජ සටහන් තුළින් ජනතාව නොමග යැවීම අවම කිරීමේ අරමුණින්. කෙසේනමුත් මේ හේතුවෙන් ඇතැම් පාර්ශව අපව ඉලක්ක කරගනිමින් අසත්‍ය මත හුවමාරු කිරීමට ද පසුගිය කාලය පුරාවටම විටින් විට කටයුතු කර සිටියා. Fact crescendo Sri Lanka අප විසින් සිදු නොකළ විමර්ශනයන් ද අප විසින් සිදු කළ බවට දැක්වීමට යොදාගත් සටහන් පිළිබඳ අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

රජය අපහසුතාවයට පත් කරන ෆැක්ට් චෙකර් ගේම මාට්ටු.. රජය අපහසුතාවයට පත් කිරීමට NGO වලින් ඩොලර් කෝටි ගණනක්.. ” යනුවෙන් සඳහන් කරමින් Fact crescendo Sri Lanka අප වෙබ් අඩවියේ “බැසිල්ගේ ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයි..- factcheck විමර්ශණ වාර්තාව මෙන්න... ” යනුවෙන් පුවතක් පළ කළ බවට ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් දක්වා තිබුණේ මෙලෙසින්.

Facebook | Archived Link

එමෙන්ම මෙම සටහන තවත් ෆේස්බුක් පිටුවක පළ කළ තිබූ අයුරු මෙතනින්. Archived Link

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

Fact Cresendo Sri Lanka අප වෙබ් අඩවියේ “බැසිල්ගේ ප‍්‍රකාශය සම්පූර්ණ අසත්‍යයි..- Factcheck විමර්ශණ වාර්තාව මෙන්න... ” යනුවෙන් ශීර්ෂ පාඨයේ සඳහන් කරමින් මුදල් ඇමතිවරයා විසින් 2021 වසරේ ආදායම් අඩුවීම විශාල වශයෙන් වැඩි කොට දැක් වූ බවට විමර්ශනයක් කිසිවිටෙකත් වාර්තා නොකළෙමු. ඒ බවට ඔබට අපගේ වෙබ් අවඩිය හරහා තොරතුරු තහවුරු කර ගත හැකි වේ.

ඉහත සමාජ මාධ්‍ය සටහන් පිරික්සීමේදී දැක ගන්නට ලැබුණේ, Fact crescendo Sri Lanka අප වෙබ් අඩවියේ බවට දැක්වීමට උපයෝගි කර ගෙන තිබුණු වාර්තාව අයත් වන්නේ Lanka C news වෙබ් අඩවියට බවයි. ඒ බවට එම ඡායාරූප සටහනින් දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

ඒ හේතුවෙන් අප මේ සම්බන්ධව පළ ව තිබූ Lanka C news වෙබ් අවඩියේ මේ පිළිබඳ වාර්තාවක් ඇත්දැයි නිරීක්ෂණය කළ අතර එහි සඳහන් වී තිබුණේ ඉහත සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වී තිබූ පුවතයි.

එම Lanka C News වාර්තාව සඳහා factcheck.lk නමැති වෙබ් අඩවියක දක්වා තිබූ වාර්තාවක් උපුටා ගත් බව එහි සඳහන් කර තිබුනේ මෙලෙසින්.

Lanka C news | Archived Link

මෙම වාර්තාව උපුටා ගනු ලැබූ බව පැවසෙන factcheck.lk වාර්තාව මෙතනින්. Archived Link. ඔවුන්ගේ නිල Twitter ගිණුමේද ඒ බවට දැක්වුණේ මෙලෙසින්. Archived Link

අප වෙබ් අඩවිය විසින් එම වාර්තාව පළ කළ බවට දැක්වීමට Fact crescendo ලාංඡනය සහිත අප වෙබ් අඩවියේ ශීර්ෂ කොටස භාවිතා කරමින් සංස්කරණය කරන ලද ව්‍යාජ ඡායාරූපය සහ Lanka C news වාර්තාවේ ඡායාරූප සංසන්දය පහතින්.

Lanka C news වෙබ් අවඩියේ පළ වූ පුවතක් මෙලෙස සංස්කරණය කොට Fact crescendo Sri Lanka අප වෙබ් අඩවියේ පළ කර තිබූ බවට දැක්වීම සඳහා සංස්කරණය කළ ඡායාරූපයක් භාවිතා කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කිරීමට සැලැස්වීම මගින් වෙනත් අරමුණක් මුදුන් පත්වා ලීම සහ Fact crescendo Sri Lanka අප සම්බන්ධයෙන් වැරදි ආකල්පයක් ජනගත කිරීමට උත්සහයක යෙදීමක් බව පෙනී යනවා.

දේශපාලන පක්ෂ භේදයකින් තොරව ජනතාව නොමග යෑමේ අරමුණින් පළ වන අසත්‍ය සමාජ මාධ්‍ය සටහන් සම්බන්ධයෙන් පිළිගත හැකි සාක්ෂි මත පදනම්ව පමණක් අප කරුණු විමර්ශන සිදුකොට අදාළ ශ්‍රේණිගත කිරීම් සිදු කරනු ලබන අතර එය කුමන පුද්ගලයෙකු විසින් පළකර තිබුණේ ද යන්න පිළිබඳව අප තැකීමක් කරන්නේ නැහැ.

ඒ හේතුවෙන් මෙම විමර්ශනයෙන් අප පෙන්වා දෙනු ලබන්නේ අපගේ වෙබ් අඩවිය හරහා පළ නොවූ පුවතක් අප විසින් පළ කළ බවට දැක්වූ සමාජ මාධ්‍ය සටහනක් ඔස්සේ කළ කරුණු පරීක්ෂාවක් පමණකි.

මීට පෙර අවස්ථාවකදී ද factcheck.lk වෙබ් අඩවිය විසින් අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සිදුකරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනයක් අළලා, Fact crescendo Sri Lanka අප ආයතනය විසින් එම විමර්ශන සිදුකර ඇති බවට ඇතැම් පිරිස් උපකල්පනය කර තිබුණා. එලෙස වරදවා වටහාගත් අයෙක් විසින් 2020 වසරේ පළකර තිබු ෆේස්බුක් සටහනක් මෙතනින්. Archived Link.

එම පුවත LankaMag යන අප ආයතනය පිළිබඳ අසත්‍ය පුවත් කිහිප අවස්ථාවක දීම පළකර තිබු වෙබ් අඩවියක පළ වී තිබූ අතර පසුව ඉවත්කරගෙන තිබූ බව ද අපට දැක ගන්නට ලැබුණා.

අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ද fact check සම්බන්ධයෙන් පළ කළ ප්‍රකාශයක් මෙතනින්. මීට පිළිතුරු ලබා දෙමින් factcheck.lk වෙබ් අඩවිය පළ කළ වාර්තාව මෙතනින්. Archived Link

Factcheck.lk කරුණු විමර්ශන වෙබ් අඩවිය Verite Research (PVT) LTD ආයතනය යටතේ ලියාපදිංචි වී තිබෙනවා. ඒ බවට domains.lk තුළින් පරීක්ෂා කළ හැකියි.

එමෙන්ම ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුමේද ඒ බවට දැක්වෙන්නේ මෙලෙසින්.

මෙම ආයතනය සහ අප Fact crescendo Sri Lanka ආයතනය සමග කිසිදු ආකාරයක සම්බන්ධතාවයක් නොමැති බවද අප තහවුරු කර සිටින්නෙමු.

Fact crescendo Sri Lanka යනු Fact crescendo මව් සමාගමේ ශාඛාවක් වන අතර Fact crescendo Myanmar, Fact crescendo Bangladesh, Fact crescendo Cambodia, Fact crescendo Afghanistan වැනි කලාපීය රටවල ද මේ ආකාරයෙන් ශාඛා පසුගිය වසර කිහිපය තුළ පිහිටුවා තිබේ. Fact crescendo ප්‍රධාන කාර්යාලය ඉන්දියාවේ පිහිටා තිබෙන අතර හින්දි, දමිළ, මලයාලම්, බංග්ලා, මරාටි, ගුජරාටි, අසාම්, ඔඩියා ඇතුළු ඉන්දීය භාෂා රැසකින් ද අප කරුණු විමර්ශන සිදු කරනු ලබනවා.

Facebook ආයතනයේ කරුණු විමර්ශන කරන තෙවන පාර්ශ්වයක් ලෙස Facebook ආයතනය විසින් නිර්දේශ කරන ලද ශ්‍රේණිගත කිරීම් සිදු කිරීමේ බලය ලත් ශ්‍රී ලංකාවේ කරුණු විමර්ශන කණ්ඩායම් දෙක අතරින් එක් කණ්ඩායමක් Fact crescendo Sri Lanka අප වන අතර අනෙක් කරුණු විමර්ශන කණ්ඩායම වන්නේ AFP ජාත්‍යන්තර ප්‍රවෘත්ති ඒජන්සියයි. ඒ අනුව අසත්‍ය(False), සංස්කරණය කරන ලද ඡායාරුප හෝ වීඩියෝ (Altered), අර්ධ වශයෙන් අසත්‍ය(Partly False), සම්පූර්ණ තොරතුරු නොමැති වීම හේතුවෙන් පාඨකයා නොමඟ යා හැකි පුවත්(Missing Context), උපහාසාත්මක කෝණයෙන් පළ වන නොමග යවන සුළු සමාජ මාධ්‍ය සටහන් (Satire) සම්බන්ධයෙන් අප කරුණු විමර්ශන සිදුකරනවා.

අසත්‍ය පැතිරීම වැළැක්වීම සඳහා Facebook ආයතනය විසින් සිදු කරන ලද ශ්‍රේණිගත කිරීම්(Rating) වලට ලක් වුවද, ඇපීල් කිරීමක්(Appeal) මගින්ද ඉවත් කර ගැනීමේ අවකාශයක ද පවතිනවා. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු මෙතනින්.

නමුත් කිසිදු අවස්ථාවක කිසිදු ෆේස්බුක් සටහනක්, පිටුවක් හෝ ගිණුමක් අවහිර කිරීමට, ඉවත් කිරීමට අපට අවකාශයක් නොමැත. ශ්‍රේණිගත කිරීම් (Rating) හරහා ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ පළ වන අසත්‍ය ප්‍රචාරයන් පිළිබඳ එම සටහන් දකින පාඨකයින් දැනුවත් වීමක් සිදුවන අතර වැඩි පිරිසක් අතර අසත්‍ය පුවත් හුවමාරු වීම ද සීමා වේ. මේ පිළිබඳ ෆේස්බුක් ආයතනයේ පැහැදිලි කිරීම මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News

Conclusion (අවසාන නිගමනය):

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙනු ලබන්නේ, Fact crescendo Sri Lanka අප වෙබ් අඩවියේ පළ කළ පුවතක් බවට හැඟවීමට යොදාගෙන තිබෙන්නේ Vertie Research යන ආයතනයක් විසින් පවත්වාගෙන යනු ලබන factcheck.lk නම් වෙබ් අඩවියක පළවූ වර්තාවක් ඇසුරෙන් Lanka C News නම් වෙබ් අඩවියක පළවූ වාර්තාවක් බවයි. එවැනි කරුණු විමර්ශන වාර්තාවක් Fact crescendo Sri Lanka අප වෙබ් අඩවියේ කිසිඳු අවස්ථාවක පළ කර නොතිබුණි.

Avatar

Title:Fact crescendo අප විසින් සිදුකළ විමර්ශනයක් බව හඟවමින් සිදුකළ සංස්කරණයක්!

Fact Check By: Pavithra Sandamali

Result: Altered