
මෙරට පවතින ආර්ථික අපහසුතා මධ්‍යයේ, එදා වේල පිරිමසා ගැනීමට ඇතැම් දෙමව්පියන්ට මහත් දුෂ්කරතාවයට මුහුණ පෑමට සිදුව තිබෙනවා. පසුගිය දින කිහිපයේදී එලෙස දුෂ්කරතාවන්ට මුහුණ පෑ ඇතැම් දෙමව්පියන්, සිය දිවි නසා ගැනීම් මෙන්ම දරුවන් හදා වඩා ගැනීමට වෙනත් පිරිස් වෙත පැවරීම වැනි කටයුතු පිලිබඳ කතිකාවතක් ද අපට සමාජ මාධ්‍ය හරහා මෙන්ම ප්‍රධාන මාධ්‍ය හරහාද දැක ගන්නට ලැබුණා.
කෙසේවෙතත්, එවන් අසීරුතාවයන්ට පත් වූ දෙමව්පියන්ට පිළිසරණක් වීමට තමා අමතන ලෙස ජංගම දුරකථන අංකයක් සමගින්, සමාජ සත්කාරක වැඩසටහන් සඳහා දායක වන ශාමලී පතිරගේ ඡායාරූපයක් ද සමඟින් සටහනක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා. එහි නිරවද්‍යතාවය සොයා අප කළ විමසුමයි මේ.
සමාජ මාධ්‍ය සටහන් :
“කන්න නෑ කියා මැරෙන්න හෝ දරුවන්ට දුක් දෙන්න හෝ දරුවන්ට දෙමාපියන් අහිමි කරන්න එපා…කතා කරන්න… උදව් කරන්න හැකි මිනිස්සු ඕන තරම් ඉන්නවා.” යනුවෙන් සඳහන් කරමින් ශ්‍යාමලී පතිරගේ මහත්මියගේ දුරකතන අංකය යැයි අංකයක් ද සඳහන් කළ සමාජ මාධ්‍ය සටහනක් සංසරණය වුණා.

මෙම සටහන ෆේස්බුක් ඔස්සේ සංසරණය වී තිබුණේ මේ අයුරින්.

WhatsApp ඔස්සේ ද මෙම සටහන් බහුලව සංසරණය වී තිබුනේ මෙලෙසින්

සමාජ මාධ්‍ය ඔස්සේ මෙම සටහන් බහුලව සංසරණය වීම හේතුවෙන් මෙය සත්‍යක්ද යන්න විමසීමට අප කටයුතු කළා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
ළමා හා මාතෘ සෞඛ්‍යය උපදේශිකා, ශ්‍යාමලි පතිරගේ මහත්මිය විසින් ඉහත සඳහන් කර ඇති ව්‍යාපෘතිය ක්‍රියාත්මක ඇත්දැයි විමර්ශනය කිරීම සඳහා එහි නිර්මාතෘ ශ්‍යාමලි පතිරගේ මහත්මිය ඇතුළු කණ්ඩායම විසින් ක්‍රියාත්මක කරන “අපේ මිස්” සමාජ සේවාවේ නිල සමාජ මාධ්‍ය ගිණුම් පරීක්ෂා කරනු ලැබුවා.
නමුත් ඉහත සඳහන් ආකාරයේ සටහනක් එම නිල ගිණුම් වල දක්වා නොමැති අතර එවැනි ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් හෝ කිසිදු සඳහනක් දැක ගන්නට නොලැබුණි. එම නිල සමාජ මාධ්‍ය ගිණුම් මෙතනින්, මෙතනින් සහ මෙතනින්.
අප මේ පිළිබඳව විමසීමට ළමා හා මාතෘ සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලි පතිරගේ මහත්මිය දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගනු ලැබුවා.
ඇය සඳහන් කළේ, දරුවන් සඳහා ආහාර සපයා ගත නොහැකි දෙමාපියන්ට උදව් උපකාර කළ හැකි පිරිස් සම්බන්ධ කර වීමේ ව්‍යාපෘතියක් මේ දිනවල සිදු නොකරන බවත්, සමාජ මාධ්‍ය සටහන්වල දැක්වෙන පරිදි තමන් විසින් හෝ ‘අපේ මිස්’ සමාජ සේවාව හරහා හෝ එවැනි සටහනක් පළ නොකළ බවයි.
කෙසේනමුත්, මෙවැනි සමාජ සේවා ව්‍යාපෘති නිතර මෙම කණ්ඩායම හරහා සිදු කරත් මේ මොහොතේදී එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාත්මක නොවන බවත්, ඉදිරියේදී එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කළ හොත්, ‘අපේ මිස්’ සමාජ මාධ්‍ය ගිණුම් හරහා දැනුවත් කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.
ඉහත දුරකතන අංකයට බහුලව දුරකතන ඇමතුම් ලැබෙන අතර ඒ හේතුවෙන් අපහසුතාවයට පත් වන ජනතාව පිළිබඳ කණගාටුවට පත් වන අතර ඉදිරියේදී එවැනි ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ප්‍රතිපාදන ලැබීමෙන් පසු ජනතාව දැනුවත් කිරීමට පියවර ගන්නා බවටත් ඇය වැඩිදුරටත් පවසා සිටියා.

ශ්‍යාමලි පතිරගේ මහත්මිය විසින් ලංකාව පුරා ගැබිණි සහ කිරිදෙන මව්වරුන් සඳහා අවස්ථා ගණනාවක දී සෞඛ්‍ය අධ්‍යාපන වැඩසටහන් රැසක් පවත්වා ඇත. මේ දිනවල ද දිවයින පුරා ප්‍රදේශ කිහිපයක දරුවන් අතර මන්දපෝෂණයට පිළියම් යෙදීම සහ ගැබිනි මවුවරුන්ට උපකාර කිරීමට අධ්‍යාපන වැඩසටහන් පෙළක් ඇයගේ කණ්ඩායම විසින් මෙහෙයවනු ලබන අතර මේ සඳහා උපදෙස් ලබාගැනීමට ඇයව සම්බන්ධ කර ගන්නා ලෙස ද සඳහන් කර තිබුණි. මේ පිළිබඳ වාර්තාවක් මෙතනින් | Archived
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, පත් වී ඇති අසීරුතා මධ්‍යයේ දරුවන්ට පෝෂණය සැපයීමට අපහසුතාවයෙන් පසුවන ජනතාවට උපකාර කිරීම සඳහා ළමා හා මාතෘ සෞඛ්‍යය උපදේශිකා ශ්‍යාමලි පතිරගේ මහත්මියව දුරකතන මාර්ගයෙන් සම්බන්ධ කර ගත හැකි බව දක්වමින් දුරකථන අංකයක් ද දක්වමන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සටහන් නොමග යවන සුළු බවයි.
එවන් ව්‍යාපෘතියක් මෙතෙක් ක්‍රියාත්මක නොවන බවට සඳහන් කරමින් ශ්‍යාමලි පතිරගේ මහත්මිය සඳහන් කළේ, ඉදිරියේ දී එවැනි ව්‍යාපෘතියක් ක්‍රියාක්තමක වුවහොත් ඇයගේ සහ ‘අපේ මිස්’ සමාජ මාධ්‍ය ගිණුම් හරහා දැනුවත් කරන බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

Title:දරුවන්ට පෝෂණය සැපයීමට අපහසුතාවයෙන් පසුවන ජනතාවට උපකාර කිරීම සඳහා ඇමතුම් අංකයක්?
Fact Check By: Pavithra SandamaliResult: Misleading
