
ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉවත් වීමෙන් පසුව නව ජනාධිපති වරයෙක් පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයක් මගින් ජුලි 20 වැනිදා තෝරා පත්කර ගත්තා. ඒ වැඩ බලන ජනාධිපති ලෙස මෙතෙක් කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහයි.
පසුගිය කාලයේ දී රටේ පැවති ව්‍යාකුල තත්වය යටතේ, ජන මතයට කන්දී අගමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන ලෙස, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාට පසුගිය දිනවලදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් දන්වා ඇති බවට වන පුවතක් සමාජ ජාලා හරහා පැතිරුණා. මේ ,ඒ පිළිබදව අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමක් .
සමාජ ජාලා සටහන්
අගමැති රනිල් වික්‍රමසිංහට සහ හමුදා අණදෙන නිලධාරීන්ට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය මගින් නිළ වශයෙන් අනතුරු හැගවීමක් සිදු කල බවට සමාජ ජාලා සටහන් පළවුයේ පහත පරිදියි.
“අගමැති ඇතුලු හමුදා අණදෙන නිලධාරීන්ට කෙරෙන විශේෂ දැනුම්දීම
මහජන මතයට ගරුකර අගමැති රනිල්ට ඉල්ලා අස්වන ලෙසත් ,හමුදා භට පීරිස් යොදවා ජාත්‍යන්තර උද්ඝෝෂණ නීති සහ මානව හිමිකම් තවදුරටත් කඩ කළහොත් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය මගින් අගමැති ඇතුලු හමුදා අණදෙන නිලධාරින් අත්අඩංගුවට පත්කළ හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය නිල වශයෙන් දැනුම් දෙයි.”

ඒ සම්බන්ධයෙන් පරිශීලකයන් දක්වා තිබු අදහස් කිහිපයක් පහතින්.

එම සටහන් ෆේස්බුක් අවකාශයේ විශාල වශයෙන් පැතිර තිබුණේ මෙලෙසින්.

මේ පිලිබදව විමසා බැලීමක් කිරීමට අප තීරණය කළා.
Fact Check(සත්‍ය කරුණු විමසා බැලීම)
අප මුලින්ම විමසා බැලුවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය මගින් මේවැනි පුවතක් වාර්තා කර ඇතිද යන කාරණය පිලිබදවයි.නමුත් එවන් මාධ්‍ය වාර්තා අපට හමුවූවේ නැහැ .
ඉන් අනතුරුව අප එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මෙරට සන්නිවේදන අංශයෙන් මේ පිළිබඳව විමසා බැලුවා. එහිදී පැහැදිලි වූ කාරණය වන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවින්සිලය මගින් එවකට වැඩ බලන ජනාධිපති ලෙස කටයුතු කල අගමැති රනිල් වික්‍රමසිංහට හෝ ආරක්ෂක හමුදාවල අණදෙන නිලධාරීන්ට සමාජ ජාලා වල සදහන් ආකාරයේ අනතුරු හැගවීමක් සිදුකර නොමැති බවයි.
කෙසේවෙතත් අප මේ පිළිබඳව විමසු ජුලි 13 වන දිනම එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිලිබඳ නිල ට්විටර් ගිණුම විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පහත සටහන පළකර තිබු බව ද සඳහන් කර සිටියා. එම සටහන මෙතනින් | Archived
මේ කරුණු පිළිබඳව අප ජුලි 13 වනදා පළකර ෆේස්බුක් සටහන මෙතනින්
ඉන් අනතුරුව අප එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සහ අනෙකුත් එක්සත් ජාතීන්ගේ අනුබද්ධ ආයතන විසින් ජූලි 9 ප්‍රධාන විරෝධතාවයක් ජනාධිපති මන්දිරය අසල පැවැත්වීමෙන් පසු ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දක්වා ඇති ප්‍රතිචාර මොනවාද යන්න කෙරෙහි අවධානය යොමු කරා.
ශ්‍රී ලංකාවේ සිදුවීම් පිළිබඳව එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හනා සිංගර් මහත්මියගේ නිවේදනය මෙතනින් | Archived . එහි සදහන් වන්නේ, ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ එක්සත් ජාතීන්ගේ සහයෝගීව සිටිමින්, සියලු නායකයන්ගේ ඉල්ලා සිටින්නේ ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම සහ විනිවිදභාවය අනුව ක්‍රියාකරන ලෙසත් ප්‍රචණ්ඩ ක්‍රියා, සාමකාමී විරෝධතාකරුවන් සහ දේපළවලට හානි සිදුකිරීම් සම්බන්ධයෙන් විමර්ශනය කර වගකිවයුත්තන් පිලිබඳව ක්‍රියා කිරීම වැදගත් බවයි. එසේම ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගරු කරන ලෙසත් හිංසනයෙන් වැළකී සාමකාමී දේශපාලන සංක්‍රාන්තියක් උදෙසා කටයුතු කල යුතු බවත් ආරක්ෂක අංශ ද මානව හිමිකම් වලට ගරු කරමින් සංයමයෙන් කටයුතු කල යුතු බවත් මෙහි සඳහන්.
එසේම ලංකාව මුහුණ දී ඇති ආර්ථික අවපාතය හමුවේ ගැටළු විසඳාගැනීමට ජාතික සහ ජාත්‍යන්තර පාර්ශවකරුවන් සමඟ අඛණ්ඩව සංවාදයේ යෙදිය හැකි නීත්‍යානුකූල රජයක් සඳහා සුමට සංක්‍රමණයක අවශ්‍යතාවයක් පවතින බවත් එහි දැක්වෙනවා.
නීතිය හා සාමය පවත්වාගෙන යාමේදී සංයමයෙන් කටයුතු කිරීමටත්, මානව හිමිකම් මූලධර්ම හා ප්‍රමිතීන්ට දැඩි ලෙස අනුකූලව ක්‍රියා කිරීමටත් ආරක්ෂක හමුදාවන් ක්‍රියාකළ යුතු බවට බලධාරීන් සහතික විය යුතුය, යනුවෙන් එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකාවේ කාර්යාලය විසින් මෙම ඉහත නිවේදනය හුවමාරු කරගෙන තිබුනේ මෙලෙසින්
එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයාගේ මාධ්‍ය ප්‍රකාශක ෆර්හාන් හක් නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා විසින් ශ්‍රී ලංකාවේ තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බවයි.එමෙන්ම සියලුම පාර්ශවයන්ගේ සහභාගිත්වයෙන් යුතු සාමකාමී බල හුවමාරුවක් සදහා කටයතු කර ආර්ථික අර්බුදයට තිරසාර විසදුම් සොයන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටිනවා. එමෙන්ම සියලු ආකාර ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවීම් හෙළා දකින බව පවසන එක්සත් ජාතීන්ගේ මහලේකම් වරයා වැඩිදුරටත් පවසන්නේ ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට සහාය ලබාදීමට එක්සත් ජාතීන් සුදානම් බවයි.ඒ සම්බන්ධයෙන් වැඩි විස්තර මෙතනින්.Archived
ශ්‍රී ලංකා රජය සිය පුරවැසියන් කෙරෙහි දක්වන නොමනා ක්‍රියා පිළිබඳව The International Voice Of Sri Lankan Citizens නම් සංවිධානයක් මඟින් නැවතත් එක්සත් ජාතීන්ගේ සංවිධානයට දැනුම් දී තිබු බව ට නිවේදනයක් ද පසුගිය ජුලි 12 වන දා මෙසේ පළකර තිබු අතර බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ දී ද ලංකාවේ තත්වය සහ මානව හිමිකම් කඩවීම් පිළිබඳවත් කතිකාවතක් පසුගිය දා නිර්මාණය වී තිබුණා. එවැනි අවස්තාවන් මෙතනින් , මෙතනින්
කෙසේ වෙතත් ජූලි 22 වන දින අලුයම ජනාධිපති ලේකම් කාර්යාලය තුළ සිටි අරගලකරුවන්ව බලය යොදා ඉවත්කිරීම පිලිබදව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සිය අප්‍රසාදය පළ කරනවා. නිවේදනයක් නිකුත් කරන ඔවුන් පවසන්නේ අරගලකරුවන්ව ඉවත්කිරීම සදහා අනවශ්‍ය ලෙස බලය පාවිච්චි කිරීම හෙළා දකින අතර එම අවස්ථාවේදී ආරක්ෂක අංශ මගින් ඔවුන්ට පහරදීම මෙන්ම එම ස්ථානයේ සිටි මාධ්‍යවේදීනට සහ එහි සිටි නීතිවේදී කණ්ඩායම් වලට පහරදීමටද ආරක්ෂක අංශ කටයුතු කිරීම හෙළා දකින බවයි.එමෙන්ම මේ ආකාර බලය පාවිච්චි කිරීම් නවත්වන ලෙසද මානව හිමිකම් කවුන්සිලය ඉල්ලීමක් කරනවා.
අපගේ කරුණු විමසීම් පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න.
Facebook | Twitter | Instagram | Google News |TikTok
Conclusion(අවසාන නිගමනය)
අප විසින් සිදු කරන ලද කරුණු විමසා බැලීමේදී තහවුරුවුවේ එවකට අගමැතිව සිටි සහ වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහට ඉවත්වන ලෙස හෝ ආරක්ෂක හමුදා අණදෙන නිලධාරීන්ව අත්අඩංගුවට ගන්නා බවට වන ප්‍රකාශයක් /නිවේදනයක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් සිදුකර නොමැත.කෙසේනමුත් ලංකාවේ දැනට පවතින අර්බුදකාරී තත්වය හමුවේ ප්‍රජාතන්ත්‍රවාදය, වගවීම සහ විනිවිදභාවය අනුව ක්‍රියාකරන ලෙසත් මානව හිමිකම්, නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයට ගරු කරන ලෙසත් හිංසනයෙන් වැළකී සාමකාමී දේශපාලන සංක්‍රාන්තියක් උදෙසා කටයුතු කල යුතු බවත් ආරක්ෂක අංශ ද මානව හිමිකම් වලට ගරු කරමින් සංයමයෙන් කටයුතු කල යුතු බවත් යානා දී කරුණු එක්සත් ජාතීන්ගේ සංවිධානය මඟින් ලංකාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා

Title:ජන මතයට කන්දී ඉවත්වන්න – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් රනිල්ට බලපෑම්?
Fact Check By: Kalana KrishanthaResult: Misleading

Possessing more than five years of experience in journalism related to print as well as online media, Kalana, the editor of Factcrescendo Sri Lanka is a graduate of Psychology and holds a diploma in Diplomacy and World Affairs,