මිනිස් ලෝකයේ සිදු වන ක්‍රියාකාරකම් දෙස බලද්දි සත්ව ලෝකයෙන් ඉගෙන ගත හැකි පාඩම් බොහෝ වෙනවා. සතුන් ළඟ ඇති කරුණාව ඔවුන් එකිනෙකා වෙත උපකාර කර ගන්නා අයුරු දැක්වෙන ඡායාරූප, වීඩියෝ දර්ශන මිනිස් සමාජය තුළ ඉතා ජනප්‍රියත්වයක් උසුලනවා. එවන් අවස්ථා දැක්වෙන වීඩියෝවක් මෙතනින්.

එම ජනප්‍රියත්වය නිසාම ඇතැම් විට අසත්‍ය කරුණු ඉදිරිපත් කරිමින් එම දර්ශන, ඡායාරූප, ජනගත කිරීමද සුලබව සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. එවන් අසත්‍ය කරුණක් ගෙනහැර පාමින් එහි වීඩියෝ දර්ශනද සංස්කරණය කරමින් වැරදි අර්ථකතනයක් ඉදිරිපත් කළ සටහනක් වෙතට අපගේ අවධානය යොමු වුණා.

සමාජ මාධ්‍ය සටහන් :

මිනිසෙකු තවත් මිනිසෙකුට වින කරන යුගයට සත්ව ලෝකයෙන් දුටු ආදරණීය සිදුවීමක්... යනුවෙන් සටහන් කරමින් හුවමාරු වූ වීඩියෝ දක්වා තිබුණේ, වෙරළට ගසා ආ මත්ස්‍යයෙක් තවත් මත්ස්‍යයෙකු විසින් බේරා ගැනීමට වෙරළට පැමිණ එම මත්ස්‍යා බේරා ගෙන නැවත මුහුදට රැගෙන යන ආකාරයයි.

https://vimeo.com/539556624

Facebook

මෙම දර්ශන පෙළ අධික ෆේස්බුක් පරිශීලකයින් පිරිසක් අතර හුවමාරු කරගෙන ඇති අතර මෙම සටහනට දක්වා ඇති ප්‍රතිචාර මගින් පෙනී යන්නේ බොහෝ දෙනා මෙම සිදුවීම සත්‍ය සිදුවීමක් ලෙස පිළිගෙන ඇති බවයි.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත වීඩියෝව නිරීක්ෂණය කිරීමේදී අපගේ අවධානය යොමු වූයේ එක් මත්ස්‍යයෙකු බේරා ගැනීම සඳහා තවත් වෙනත් වර්ගයක මත්ස්‍යයෙකු පැමිණෙන ආකාරය යනුවෙන් අදහස් කිරීමට පෙන්වා තිබූ දර්ශනයේදී එ් මත්ස්‍යා මුහුදේ සිට වෙරළ වෙතට පැමිණෙන්නේ ප්‍රතිලෝමව බවයි.

එසේම වෙරළේ සිටි මත්ස්‍යා බේරාගැනීමට පැමිණෙන දෙවන මත්ස්‍යා මුහුදු වෙරළට පැමිණීමටත් පෙර එම මත්ස්‍යාගේ වරළ හේතුවෙන් වෙරෙළේ ඇති වී තිබූ සලකුණු දිස්වීම මගින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන්නේ ප්‍රතිලෝම ප්‍රතිලෝමව (Reverse play) ආකාරයට සකසා තිබු දර්ශන පෙළක් බවත් පෙනී යනවා. එම අවස්ථාව පහතින්.

ඒ අනුව අප ප්‍රථමයෙන්ම ඉහත වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. නමුත් මෙම සිදුවීමේ මුල් සිදුවීම පිළිබඳ තොරතුරු හමු නොවුණු අතර ජාත්‍යන්තර මාධ්‍ය තුළ ද, මෙම වීඩියෝව ඉහත තේමාව ඔස්සේ සංසරණය වී තිබුණේ මෙලෙසින් සහ මෙලෙසින්.

මේ හේතුවෙන් අප ඒ වීඩියෝව ප්‍රතිලෝමව (Reverse play) නැවත සංස්කරණය කර සකසා නිරීක්ෂණය කිරීමේදී දැක ගන්නට ලැබුණේ, එක් මත්ස්‍යයෙකු අනෙක් මත්ස්‍යා වන සිය ගොදුර හඹාගෙන යෑමේදී මත්ස්‍යයින් දෙදෙනාම මුහුදු වෙරළට ගසාගෙන ඒම හේතුවෙන් බිලි ගන්නට තැත් කෙරූ මත්ස්‍යා නැවතත් මුහුද වෙතට පිහිනා යන දර්ශනයකි.

එම නිවැරදි වීඩියෝ දර්ශනය පහතින්

https://vimeo.com/539575759

Conclusion (අවසාන නිගමනය):

මෙම විමර්ශනයෙන් පෙනී යන්නේ සමාජ මාධ්‍ය ජාලාවල බහුල වශයෙන් සංසරණය වූ සත්ත්ව ලෝකයෙන් දුටු ආදරණීය සිදුවීමක් ලෙස සඳහන් කරමින් මුහුදු වෙරළට ගොඩ ගසා ආ මත්ස්‍යයෙකු තවත් මත්ස්‍යයෙකු විසින් වෙරළට පැමිණ එම මත්ස්‍යා මුහුට රැගෙන අයුරු බවට හැඟවීමට පළ කර තිබූ වීඩියෝව ප්‍රතිලෝමව සකසා(Reverse play) ඇති වීඩියෝවක් බවයි.

එහි සත්‍ය සිදුවීමේ දැක්වෙන්නේ, එක් මත්ස්‍යයෙකු අනෙක් මත්ස්‍යා වන සිය ගොදුර හඹාගෙන යෑමේදී මත්ස්‍යයින් දෙදෙනාම මුහුදු වෙරළට ගසාගෙන ඒමත් මුහුදු ජලය නොමැති වීම හේතුවෙන් බිලි ගන්නට තැත් කෙරූ මත්ස්‍යා නැවතත් මුහුද වෙතට පිහිනා යන දර්ශනයකි.

Avatar

Title:වෙරළට ගසා ආ මත්ස්‍යයෙක් තවත් මත්ස්‍යයෙකු විසින් බේරා ගන්නා අවස්ථාවක්ද ? (Video)

Fact Check By: Pavithra Sandamali

Result: Misleading