දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ෆේස්බුක් හි සටහනක් හෝ කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමට භාවිත කරනු ලැබූ ස්මාට් ජංගම දුරකතනය, අනුකරණයක් ද (Duplicate) නැතහොත් මුල් නිෂ්පාදනයක්ද (Original) යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් පවතින බවට පළවූ ව්‍යාජ සටහන් සම්බන්ධයෙන් අප Factcrescendo කණ්ඩායම විමර්ෂණයක් සිදුකළා.

සමාජ මාධ්‍ය සටහන් :

“මාක් අයියා හඳුන්වාදීපු අලුත්ම වැඩේ.. කැපිටල් අකුරින් GG කියලා ටයිප් කරන්න අකුරු රෝස පාට උනොත් ඔයාගේ ෆෝන් එකත් ඔර්ජිනල්..!” යනුවෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් සංසරණය වුණා.

Facebook | Archived Link

මෙම සටහන ෆේස්බුක් පරිශීලකයින් අතර බහුලව හුවමාරු වූයේ මේ අයුරින්.

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී යන්නේ, බොහෝ දෙනෙක් මෙම සටහන් ඔස්සේ නොමග ගොස් ඇති බවත් මෙවැනි දෙයක් සිදුවිය හැකි ද යන්න අත්හදා බලා ඇති බවත්ය.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාවය පිළිබඳ ඔබ දැනුවත් කිරීමට අප පියවර ගත්තා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

ෆේස්බුක් හි ඇතැම් වචන කණ්ඩයන් භාවිත කිරීමේදී වර්ණය වෙනස් වන්නේ ඇයි?

Meta සමාගම විසින් සමාජ මාධ්‍ය වෙත විටින් විට එකතු කෙරෙන යම් යම් වචන හෝ වාක්‍ය ඛණ්ඩ සඳහා ලබා දෙන ෆේස්බුක් ටෙක්ස්ට් ඩිලයිට්ස් (Text Delight Animations) යනු, Facebook විසින් හඳුන්වාදී ඇති විශේෂ වච‍න සටහන් කරන විට එම වචනය හෝ වාක්‍ය ඛණ්ඩ සඳහා වර්ණය වෙනස් වෙමින් එමෙන්ම එම වර්ණවත් වචන මත ක්ලික් කළ විට, සජීවිකරණන් ලෙස තිරය මත ක්‍රියාත්මක වන බැලූන්, හදවත්, තරු, අත්පුඩි, ඉමෝජි යනාදිය දිස් වෙමින් ෆේස්බුක් පරිශීලකයින්ට සැමරීමක හැඟීමක් (celebration) ලබා දෙන්නකි.

සමාජ මාධ්‍ය ජනප්‍රියම Facebook Text Delight Animation ලෙස, Congratulations, Congrats, xoxo, Bff, Best Wishes, You Got This, Lovely Time, Wonderful Time, You’re the Best, Gooaal පැවසිය හැක.

Facebook Text Delight Animations සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

https://youtu.be/UXsHv6vCbKg?t=94

ෆේස්බුක් ඔස්සේ GG යනුවෙන් සඳහන් කරන්නේ කුමක් ද?

එයද ඉහත සඳහන් කළ text animations හෝ text delight ගනයට වැටෙන වචනයක් වේ. GG යනු Good Game යන වචනය සඳහා සංක්ෂිප්ත වචනයක් වන අතර එය ක්‍රීඩකයින් අතර පොදු වචනයකි. ඔවුන් යම්කිසි Online ක්‍රීඩාවක යෙදී ජයග්‍රහණය කළ බවට ඔබේ ප්‍රතිවාදියාට සහ ඔබේ කණ්ඩායමට පැවසීමට සම්ප්‍රදායිකව භාවිත වන කෙටි යෙදුමක් වේ.

Goodyfeed | distractify

https://twitter.com/eskoosme/status/1339381428509835265

Facebook හරහා ජංගම දුරකතනයක ව්‍යාජ බව සෙවීමට ක්‍රමයක්?

ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයේ කමෙන්ටුවක් මත හෝ ෆේස්බුක් පෝස්ටුවක් මත හෝ සජීවිකරණ විශේෂ වචන සඳහන් කළ පමණින් ජංගම දුරකතනයක ගුණාත්මක බව තහවුරු කළ හැකි ද යන්න අප මෙරට පරිගනක ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් කිහිප දෙනෙකුගෙන් විමසා බැලීමක් සිදු කළා.

එහිදීද ඔවුන් තහවුරු කළේ, ෆේස්බුක් හරහා ජංගම දුරකතනයක ව්‍යාජ බව සෙවීමට ක්‍රමයක් නොමැති බවයි. ජංගම දුරකතනයක් අනුකරණය කර ඇත්ද නැත්ද යන්න සොයා බැලීමට විවිධ ක්‍රම ඇති අතර ජංගම දුරකතන වල IMEI අංකය භාවිතයෙන්, වෙබ් අඩවි හරහා, වෙනත් තුන්වන පාර්ශවයක මෙවලම් හරහා ක්‍රම බොහොමයක් යොදා ගත හැකි අතර ජංගම දුරකතන නිෂ්පාදන ආයතනයන්ට අනුව එම දුරකතන අනුකරණය නොකරන ලද මුල් නිෂ්පාදන බවට සොයා බැලීමට විවිධ වූ අනන්‍ය ක්‍රම පවතින අතර ඒවා ජංගම දුරකතන නිෂ්පාදන සමාගම් වලට අනුව එකිනෙකට වෙනස් වන අවස්ථා දක්නට ලැබෙන බවයි.

Also Read : FACT CHECK: BOSKO ටයිප් කර තරුවක් පැමිණිය හොත් ජංගම දුරකථනය ඔර්ජිනල්ද?

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ කරුණු විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ෆේස්බුක් හි සටහනක් හෝ කමෙන්ටුවක් ආකාරයෙන් GG යනුවෙන් සඳහන් කරමින් ප්‍රතිචාර දැක්වීමේදී එම අවස්ථාවේ භාවිත කරනු ලබන ස්මාට් ජංගම දුරකතනය අනුකරණය කරන ලද දුරකතනයක් ද, නැතහොත් මුල් නිෂ්පාදනයක්ද යන්න පරීක්ෂා කිරීමේදී ක්‍රමවේදයක් ලෙසට දක්වමින් පළ කළ සටහන් අසත්‍ය බවයි.

ෆේස්බුක් ඔස්සේ විශේෂ වච‍න සඳහන් කරන විට එම වචනය හෝ වාක්‍ය ඛණ්ඩ සඳහා වර්ණය වෙනස් වෙමින් එමෙන්ම වර්ණවත් වචන මත ක්ලික් කළ විට, සජීවිකරණ තිරය මත ක්‍රියාත්මක වන්නේ ෆේස්බුක් ටෙක්ස්ට් ඩිලයිට්ස් වේ.

Also Read : BBF / BFF ලෙසින් කමෙන්ට් කිරීමෙන් ඔබේ ෆේස්බුක් ගිනුම ආරක්ශිත බව තහවුරු කල නොහැක!

Avatar

Title:ඔබගේ ස්මාට් ජංගම දුරකථනය ඔරිජිනල් ද යන්න Facebook ඔස්සේ පරීක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ?

Fact Check By: Pavithra Sandamali

Result: False