Update :

වසර 14ක සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ ජනප්‍රියත ම මීම් වර්ගයක් වූ පිටුපස සිටි සුනඛයා 'කබෝසු'  මිය ගිය බව ඇගේ හිමිකරු පවසනවා. ජපන් shiba inu වර්ගයට අයත් මෙම සුනඛයා Dogecoin cryptocurrency හි මුහුණත බවට පත් විය. ලියුකේමියාව සහ අක්මා රෝගයෙන් පෙළුණු ඇය ඊයේ දින  (24/05/2025) මිය ගියා. මිය යන විට ඇයගේ වයස අවුරුදු 18 ක් බවට  ඇයගේ හිමිකාරිය Atsuko Sato පවසනවා.
"ඇය නිහඬව ම මිය ගියේ මම ඇයව හුරතල් කරන විට නිදාගෙන සිටියාක් මෙනි," "මම හිතන්නේ කබෝ-චාන් තමයි ලෝකයේ සතුටින්ම ඉන්න බල්ලා. ඒ වගේම මම තමයි සතුටින්ම අයිතිකාරයා."කබෝසුගේ රසිකයින්ට ස්තුති කරමින් ඇයගේ හිමිකරු Atsuko Sato ඇගේ බ්ලොග් අඩවියේ ලියා තිබුණේ මෙලෙසින්.

 

Shiba Inu සුනඛයා, ඔහුගේ අවසන් thoracentesis සැත්කමෙන් පසු, පසුගිය සෙනසුරාදා උදෑසන මිය ගියා. ඔහුට 2022 දෙසැම්බර් මාසයේදී ලියුකේමියාව (පිළිකා වර්ගයක්) ඇති බව හඳුනා ගන්නා ලද අතර එතැන් සිට ප්‍රතිකාර ලබමින් සිටියා. ඔහු මිය ගිය බවට Shiba Inuගේ අයිතිකරුවන් සමාජ මාධ්‍යවල එම කනගාටුදායක පුවත ප්‍රකාශයට පත් කළ අතර, Cheems ලෝකයට ගෙන ආ ප්‍රීතිය සිහිපත් කරන ලෙස ඔහුගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටියා.

දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන සෑම තොරතුරක්ම පාහේ සත්‍ය බවට උපකල්පනය කරමින් තොරතුරු හුවමාරු කර ගැනීමට බොහෝ දෙනා පෙළඹෙනවා. මේ හේතුවෙන් බොහෝ පිරිස් නොමග යන අතර, ඇතැම් ෆේස්බුක් පිටු ජනප්‍රියත්වයට පත් කර ගැනීම සිතාමතා ද අසත්‍ය තොරතුරු ජනගත කිරීමට උත්සහ දරනවා. 

එලෙස ජනතාව නොමග යා හැකි Doge meme හරහා ප්‍රසිද්ධියට පත් ‘kabosu’ නම් සුරතල් බල්ලා ජීවිතක්ෂයට පත්වූ බවට පළවූ සටහනක් සම්බන්ධයෙන් අප කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

“2022.12.30 වන එනම් ඊයේ දින Shiba ඔහුගේ දිවි සැරිය ජපානයේදී නිමා කලහ....අපේ මුහුණට පොඩි හරි හිනාවක් දුන්නට ස්තුතියි....“Rest in peace Cheems” යනුවෙන් සඳහන් කරමින් සමාජ මාධ්‍ය ඔස්සේ සටහන් පෙළක් හුවමාරු වුණා.

Facebook | Archived Link

එමඟින් අදහස් කර තිබුණේ විනෝදාස්වාදය සඳහා නිර්මාණය කරන සටහන් වලට එකතු කරනු ඡායාරූප අතර ප්‍රසිද්ධයට පත් (Doge meme) ‘Shiba’ සුනඛයා ජීවිතක්ෂයට පත් වූ බවකි.

ෆේස්බුක් ඔස්සේ එම සටහන් පරිශීලකයින් රැසක් අතර බහුලව සංසරණය වී තිබූ අයුරු පහතින්.

එමෙන්ම Shiba මියගිය බවට බොහෝ දෙනෙකු විශ්වාස කර තිබූ බවට ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් ද, පෙනී ගියා.

මේ හේතුවෙන් මෙහි නිරවද්‍යතාව සොයා අප විමර්ශනය කිරීමට පියවර ගනු ලැබුවා.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):

සමාජ මාධ්‍ය හරහා ඉමහත් ජනප්‍රියත්වයට පත් ප්‍රසිද්ධියට පත් Shiba ලෙස සඳහන් වන්නේ, ඉහත ඡායාරූපයේ සඳහන් වන සුරතලාගේ නම නොව ඔහුගේ වර්ගයයි. Shiba Inu යනු ජපානයේ දඩයම් කරන සුනඛ වර්ගයකි. ඒ පිළිබඳ තොරතුරු මෙතනින්.‍

සමාජ මාධ්‍ය ඔස්සේ ජිවිතක්ෂයට පත්වූ බව සඳහන් කර තිබුණේ, Shiba Inu වර්ගයේ  ‘kabosu’ නම් සුනඛයා සම්බන්ධයෙනි. ඇය අසනීප වූ බවට ඇයගේ හිමිකරු වන Atsuko Sato විසින් නත්තල් දිනයේ දී සිය Instagram ගිණුමේ සටහන් කර තිබුණා. 

ඉන් පසුව පසුගිය බදාදා ඇය විසින් තවත් සටහනක් එක් කරමින් සඳහන් කළේ, ‘kabosu’ ට උග්‍ර කොලැන්ජියෝ හෙපටයිටිස් (cholangio hepatitis) අක්මා රෝග වර්ගයක් සහ නිදන්ගත ලිම්ෆෝමා ලියුකේමියාව, රුධිර පිළිකා වර්ගයක් ඇති බව හඳුනාගෙන ඇති බවයි. එම සඳහන මෙතනින්.

බොහෝ දෙනෙකු පින වූ මෙම සුරතලාගේ මෙම අසනීපත තත්ත්වය වාර්තා වීම හේතුවෙන් පසුගිය සමයේ සෑම දෙනෙකුගේම අවධානය ‘kabosu’ වෙත යොමු වූ අතර එම සුරතලාට ඉක්මන් සුවය පතමින් ද බොහෝ දෙනෙකු සටහන් පළකර තිබුණා.

කෙසේනමුත් මෙම සුනඛයා මිය ගිය ගොස් තිබුණා ද යන්න විමසීම සඳහා එම සුරතලාගේ අයිතිකරුගේ නිල Instagram ගිණුම තවදුරටත් අප පරීක්ෂා කළා.

එහිදී දැක ගැනීමට හැකි වූයේ එම පුවත අසත්‍ය බවයි. ‘kabosu’ හිමිකරු, Atsuko Sato විසින් සඳහන් කර තිබුණේ, අසනීප වී දින 5කට පසුව, කබෝසු සුනඛයාට දැන් ජලය විශාල වශයෙන් පානය කළ හැකි බවත්, කුඩා කුකුල් මස් කැබලි ආහාර වේලක් ආහාරයට ගත් බවයි.  ආහාර අවසන් කර, තනිවම නාන කාමරයට යා හැකි බවත් ය. 

එසේම ඇයට (කබෝසු සුනඛයාට) තනිවම දැන් වැසිකිළියට යා හැකි බැවින් ඩයපර් අවශ්‍ය නොවන බවත්, විනාඩි පහක පමණ වේලාවක් ඇවිද්දවිමන් උද්‍යානයට ද, රැගෙන ගිය බවත් Sato සඳහන් කර තිබු අතර මෙසේ ඉක්මන් සුවය ලැබීමට ‘kabosu’ ට සුවය පැතූ සැමටම ස්තූති වන්ත වන බවටත් Instagram ගිණුමේ සඳහන් කර තිබුණා. එම සටහන පහතින්.

https://www.instagram.com/reel/CmxBmn7IYoW/?utm_source=ig_web_copy_link

Insta | Archived

ඒ අනුව එම සුරතලා මිය ගිය බවට පළ වන සටහන් අසත්‍ය බවට පැවසිය හැක.

2010 වර්ෂයේදී දී ‘kabosu’ ගේ හිමිකරු විසින් ඇයගේ ඡායාරූප අන්තර්ජාලයට උඩුගත කිරීමෙන් පසුව ඇයගේ ඡායාරූප වල ඉන්නා ඉරියව් හේතුවෙන් එම සුරතලා ජනප්‍රියත්වයට පත් වුණා. මේ වන විට ‘kabosu’ ට වයස අවුරුදු 17ක් වේ.

සමාජ මාධ්‍ය සටහනේ ඡායාරූපය

එමෙන්ම ඉහත ඡායාරූපයේ ‘kabosu’ ලෙස පෙන්වා තිබුණේ, එම සුරතලාගේ ඡායාරූපයක් නොව Shiba Inu වර්ගයට අයත් අන්තර්ජාලය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වූ තවත් සුනඛයෙකු වන  ‘Cheems’ නමැති සුරතලාගේ ඡායාරූපයකි.

හොංකොං හි වෙසෙන මෙම Shiba Inu සුනඛයා Balltze ලෙස හඳුන්වනු ලබයි.

https://www.instagram.com/p/BM36wQ8jqHv/?utm_source=ig_web_copy_link

Cheems කොවිඩ් පැතිරයාමේ මුල් අදියර සමයේදී සමාජ මාධ්‍ය ඔස්සේ ජනප්‍රියත්වයට පත් වූ අතර Cheems ගේ හිමිකරු විසින් මෙම සුරතල් සුනඛයා චීස් බර්ගර් කන්න කොතරම් ප්‍රිය කරනවාද යන්න ගැන කතා කරන පින්තූරයක් Instagram හි පළ කිරීමත් සමඟ ඔහුගේ ඡායාරූප ප්‍රසිද්ධියට පත් විය. ඒ සම්බන්ධයෙන් වැඩි දුර තොරතුරු මෙතනින්.

එමෙන්ම ද, Cheems ද, ජීවිතක්ෂයට පත් වී වී නැති අතර නව වසර සඳහා චීම්ස් සමඟ ඔහුගේ හිමිකරු ඇතුළු පිරිස ඡායාරුප පෙළක් පළකර තිබුණේ. මෙලෙසින්

Update :

Shiba Inu සුනඛයා, ඔහුගේ අවසන් thoracentesis සැත්කමෙන් පසු, පසුගිය සෙනසුරාදා උදෑසන මිය ගියා. ඔහුට 2022 දෙසැම්බර් මාසයේදී ලියුකේමියාව (පිළිකා වර්ගයක්) ඇති බව හඳුනා ගන්නා ලද අතර එතැන් සිට ප්‍රතිකාර ලබමින් සිටියා. ඔහු මිය ගිය බවට Shiba Inuගේ අයිතිකරුවන් සමාජ මාධ්‍යවල එම කනගාටුදායක පුවත ප්‍රකාශයට පත් කළ අතර, Cheems ලෝකයට ගෙන ආ ප්‍රීතිය සිහිපත් කරන ලෙස ඔහුගේ රසිකයන්ගෙන් ඉල්ලා සිටියා.

 

 

 

 

 

View this post on Instagram

 

 

 

 

 

 

 

 

 

 

 

A post shared by Cheems_Balltze (@balltze)

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion (අවසාන නිගමනය) :

අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, Shiba ඔහුගේ දිවි සැරිය ජපානයේදී නිමා කළ බවට දක්වමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ‘Doge’ meme හරහා ප්‍රසිද්ධියට පත් වූ සුනඛයෙකු වන ‘kabosu’ නම් සුරතලා ජීවතක්ෂයට පත් වී නොමැත. පසුගිය දින කිහිපයේ අසනීප තත්ත්වයෙන් පසු වූ එම සුරතලා මේ වන විට සුවය ලබමින් පවතින බවට ඇයගේ හිමිකරු විසින් තහුවරු කරයි. 

එමෙන්ම සමාජ මාධ්‍ය සටහන් ඡායාරූපයේ දැක්වෙන්නේ, හොංකොං හි වෙසෙන Balltze නැත්තනම්  Cheems ලෙස හඳුන්වනු ලබන සුරතලායි. එම සුනඛයා ද ජිවිතක්ෂයට පත්වී නැහැ.

Avatar

Title:Dog meme හරහා ප්‍රසිද්ධියට පත් ‘kabosu’ නම් සුරතල් බල්ලා ජීවිතක්ෂයට පත් වුණා ද?

Fact Check By: Pavithra Sandamali 

Result: False