දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ අවස්ථාවල ජනතාව නොමග යන අයුරින් ඡායාරූප, වීඩියෝ ඇතැම් පාර්ශව විසින් පළ කරනු ලබනවා. මේ හේතුවෙන් ඇතැම් අවස්ථාවන් වල සත්‍ය ඡායාරූප ද,සත්‍ය සිදුවීම් ද, අසත්‍ය ලෙසට තවත් පිරිසක් වරදවා වටහා ගනු ලබනවා.

එවැනි, මීට වසර 2000කට පමණ පෙර සිදුවූ ඇති බවට අනුමාන කරන හිස් කබලකට සිදුකර තිබු ලෝහමය කොටසක් බද්ධයක් පෙන්නුම් කරන ඡායාරූපයක් ඇතුළත් සත්‍ය සටහනක දැක්වෙන කරුණු පිළිබඳ අප විමර්ශනය කළ අවස්ථාවක් පහතින්.

සමාජ මාධ්‍ය සටහන් :

මෙතෙක් පෘතුවිය මතින් හඳුනා නොගත් ඉතාමත් දක්ෂ ලෝහමය ශල්‍ය බද්ධයක් සහිත දිගටි පැරකාස් හිස් කබල.

ශල්‍යකර්මයෙන් බද්ධ කරන ලද ලෝහමය දිගටි හිස් කබලක්‌ වන මෙහි වඩාත්ම ආකර්ෂණීය දෙය නම් හිස් කබලේ සිදුව ඇති තුවාලය හඳුනා නොගත් ලෝහ බද්ධ ශල්‍ය කර්මයෙන් පසුව සුව වී තවත් ඔහු වසර ගණනාවක් ඔහුගේ හිසෙහි එම බද්ධය සමඟ ජීවත් වී තිබීමයි.

එය පැරකාස් සංස්කෘතියේ ක්‍රි.පූ. 700 - ක්‍රි.ව. 200 අතර කාලය ට අයත් දිගටි හිස් කබලක් වන අතර, යම් යුද්ධයකින් ආපසු පැමිණීමෙන් පසු ශල්‍යකර්මයක් මගින් ලෝහමය බද්ධ කිරීමක් සිදු කර ඇති අතර, එය ආසන්න වශයෙන් වසර 2000කට පෙරයැයි ගණන් බලා තිබේ .

මෙම ලෝහ කොටසට සමාන ලෝහයක් පිළිඹඳව මින් පෙර පෘතුවියෙන් වාර්තා වී නොමැත. මන්ද එය බොහෝ විට "සක්වල ශල්‍යකර්මයක" ප්‍රතිඵලයක් විය හැකිය. අළුත්වැඩියා කිරීම වටා ඇති කැඩුණු අස්ථිය මත පදනම්ව රෝගියා මෙම ක්‍රියා පටිපාටියෙන් බේරා ගත හැකි බවට එය කල වෛද්‍ය වරයා දැන සිට ඇති අතර එය ඉතාමත් පළපුරුදු ලෙසින් ලෝහයට තදින් සම්බන්ධ කර ඇති බව දැකගත හැකිය. එයඅති විශ්මිත අති සාර්ථක සැත්කමක් වේ.. මෙම මෙහෙයුම සඳහා භාවිතා කර ඇති ලෝහය පෘතුවියේ තවමත් වාර්තා වී නැති හෙයින් විද්‍යාඥයෝ පවා එය කුමක්ද යන්න තවමත් නොදනී. සම්ප්රදායිකව මෙම ආකාරයේ ක්රියා පටිපාටිය සඳහා රිදීසහ රත්රන් භාවිතා කරන ලදී. නමුත් මෙම ලෝහය නම් තවමත් හඳුනා ගෙන නැත .

වර්තමානයේ මෙය ඔස්ටියෝලොජි කෞතුකාගාරයේ එකතුවේ කොටසක්‌ ලෙස ප්‍රදර්ශනයට තබා ඇත. ” යනුවෙන් සඳහන් කරමින් එම හිස්කබලේ ඡායාරූප ලෙස සේයාරූ කිහිපයක් ද, යොමු කරමින් සටහනක් පළ වී තිබුණා.

Facebook | Archived Link

ෆේස්බුක් ඔස්සේ මෙම සටහන බහුලව සංසරණය වී තිබුණා.

මෙම සටහන සහිත ඡායාරූප අසත්‍ය බවට බොහෝ දෙනා උපකල්පනය කර තිබුණා. එමෙන්ම මෙහි සත්‍ය කුමක් ද යන්න පිළිබඳව බොහෝ දෙනෙකු කුතුහලයෙන් පසු වූ බවට ඒ සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී ගියා.

මෙහි නිරවද්‍යතාවය විමසා අප වෙත ලැබුණු ඉල්ලීම් කිහිපයක් ද, මුල් කර ගනිමින් මේ පිළිබඳ විමර්ශනයක් සිදු කිරීමට තීරණය කළා.

Explainer(කරුණු පැහැදිලි කිරීම):

ක්‍රි.පූ. 700 - ක්‍රි.ව. 200 අතර කාලයට අයත් බව කියන පුද්ගලයෙකුගේ දිගටි හිස් කබලක සිදුව ඇති අනතුරක් හේතුවෙන් ඇති වූ තුවාලය ලෝහ බද්ධ ශල්‍ය කර්මයක් කර ඇත් ද යන්න හා එම ශල්‍යකර්මය "සක්වල ශල්‍යකර්මයක" ප්‍රතිඵලයක් ද, යන්න තොරතුරු සහිත ඉහත සටහන සත්‍යයක් ද යන්න පිළිබඳ අප ඉහත ඡායාරූප Reverse Image සෙවුමක් සඳහා යොමු කරමින් නිරීක්ෂණය කළා.

ඒ අනුව අපට දැක ගන්නට ලැබුණේ, අමෙරිකාවේ, එකම ඇටසැකිලි කෞතුකාගාරය වන ඔස්ටියෝලොජි කෞතුකාගාරය (Museum of Osteology) විස්මයජනක විශේෂාංගයක් පිළිබඳව 2020 වසරේ දී දැනුම් වී තිබූ බවයි. ඒ, වසර 2000 ක් පැරණි හිස් කබලක අස්ථි බිඳීමකට ප්‍රතිකාර කරන ලද ශල්‍යකර්මයක් පිළිබඳ සාක්ෂි හිස් කබලේ ඇති බවට සඳහන් කරමින් එම සටහන පළවී තිබුණි.

එහි ඉංග්‍රීසි බසින් සඳහන් කර තිබුණේ, මහජන ප්‍රදර්ශනයේ නොමැති, මෙම හිස් කබල යුද්ධයෙන් ආපසු පැමිණි පේරු රාජ්‍යයේ සොල්දාදුවෙකුට ශල්‍යකර්මයකින් බද්ධ කරන ලද ලෝහ සහිත දිග හිස් කබලක් වන බවයි.

එමෙන්ම එය වසර 2000 කට පමණ පෙර යැයි ගණන් බලා ඇති බවත්, මේ පිළිබඳ වැඩිදුර තොරතුරු නොමැති බවත්, මෙම ශල්‍යකර්මය සාර්ථක වී ඇති බවත්, ඒ බවට එය වටා ඇති අස්ථි එකිනෙක ඒකාබද්ධ වී ඇති බවට දැක ගන්නට ඇති බව ත් ඔවුන් පෙන්වා දෙනවා.

එම සටහන පහතින්.

Facebook | Archived Link

මේ අතර එම කෞතුකාගාරය විසින් 2021 වසරේ ඉහත හිස්කබල සම්බන්ධයෙන් දක්වා තිබූ දෙවන සටහන වෙත ද, අපගේ අවධානය යොමු වුණා. කම්පන සහගත තුවාලයක් සුව කිරීමට උපකාර කිරීම සඳහා ශල්‍යකර්මයකින් ලෝහයක් සවි කර ඇති මෙම දිගටි හිස් කබල, එම වසරේ Oklahoma නගරයේ කෞතුකාගාරයේ මහජන ප්‍රදර්ශනයට තබා ඇති බවත්, බොහෝ පිරිසක් ඔවුන් වෙත යොමු කරන ලද පැන වලට ද, එම සටහනින් පිළිතුරු ලබා දෙන බවත්, එහි සඳහන් කර තිබුණා.

පර්යේෂකයන් පවසන්නේ, ආගමික හා සෞන්දර්යාත්මක හේතූන් මත, ඉතා කුඩා අවධියේ පටන් එම කලාපයේ සිදු කරන ලද හිස බැඳ තැබීම (විවිධ සංස්කෘතීන් විසින් සමාජ තත්ත්වයන් මත) යනාදිය හේතුවෙන් හිස් කබල දිගු වී ඇති බවට ප්‍රත්‍යක්ෂ කර ගත් බවකි.

එසේම වසර දෙදහසකට පමණ පෙර මෙම පුද්ගලයාට සිදු කරන ලද සැත්කම සාර්ථක වී ඇති අතර මෙය Trephination ලෙස හැඳින්වෙන බවත්, අස්ථි ප්‍රතිනිර්මාණය කිරීමේ සාක්ෂි මත පදනම්ව එය ද, ප්‍රත්‍යක්ෂ කර ඇති බවත්, Trephination සෑම පුරාණ ශිෂ්ටාචාරයක්ම පාහේ විවිධ ක්‍රම මගින් සහ විවිධ හේතූන් මත භාවිතා කර ඇති බවත්, ඔවුන් පෙන්වා දෙනවා.

මේ සඳමා භාවිතා කරන ලද ලෝහ ද්‍රව්‍ය උණු කළ ලෝහයක් ලෙස වත් කර නොමැති බවට තහවුරු වී ඇතත්, මිශ්‍ර ලෝහයේ සංයුතිය පිළිබඳ පැවසිය නොහැකි බවත්, කැඩුණු අස්ථි බැඳීමට තහඩුව භාවිතා කර ඇති බව ත් ඔවුන් සඳහන් කරනවා.

නිර්වින්දනය භාවිතා කළ බවට සහතික විය නොහැකි වුවද, එය සිදු කරන ලද කාල වකවාණුව තුළ ශල්‍යකර්ම සඳහා බොහෝ ස්වාභාවික ප්‍රතිකර්ම පැවති බවත් එම සටහනින් වැඩිදුරට ත් පවසා තිබුණා.

Facebook | Archived Link

නමුත් මෙරට පළ වූ සමාජ මාධ්‍ය සටහන් වල දැක්වෙන ලෙස ඔස්ටියෝලොජි කෞතුකාගාරයේ සටහනේ එම ශල්‍යකර්මය සඳහා භාවිත කර ඇති ලෝහය මින් පෙර පෘතුවියෙන් වාර්තා වී නොමැති බවට හෝ බොහෝ විට "සක්වල ශල්‍යකර්මයක" ප්‍රතිඵලයක් ලෙස බවට දක්වා නොතිබිණි.

පැරණි ඉන්කා ශිෂ්ඨාචාරයේ (වර්තමාන පේරු රාජ්‍යය පිහිටි ප්‍රදේශයේ) හිස් කබල් ශල්‍ය වෛද්‍යවරුන්ට ඉතා ඉහළ සාර්ථකත්ව අනුපාතයක් පෙන්වා තිබෙනවා.

National Geographic වාර්තා පෙන්වා දෙන්නේ, Trephination ලෙස හැඳින්වෙන ක්‍රියා පටිපාටිය එවකට දකුණු අමෙරිකාවේ ඉන්කා අධිරාජ්‍යය වූ ප්‍රදේශයේ සාපේක්ෂව සාමාන්‍ය දෙයක් බවයි. මන්ද එම කලාපයේ යුද්ධය සඳහා භාවිත කළ ආයුධ වූයේ, ගල් සහ මුගුරු බැවින් මෙවැනි බරපතල තුවාල හිසේ ඇතිවීම සාමාන්‍ය දෙයක් වීම හේතුවෙනි.

Tulane විශ්ව විද්‍යාලයේ භෞතික මානව විද්‍යාඥයෙකු සහ "Holes in the Head: The Art and Archeology of Trepanation in Ancient Peru" කෘතියේ කර්තෘ ජෝන් වෙරානෝ නැෂනල් ජියෝග්‍රැෆික් වෙත සඳහන් කර තිබුණේ, මෙහි පුදුමය දනවන කරුණ නම් Trepanation නමැති මෙම ශල්‍යකර්මය සාර්ථක වීමේ අනුපාතය සියයට 70ක් පමණ ඉහළ මට්ටමක පවතින බවයි.

එසේම විශේෂයෙන්ම ඉන්කා ශිෂ්ඨාචාරය ආශ්‍රිතව ඉතා ඉහළ ශල්‍ය වෛද්‍ය සාර්ථකත්වයක් සහිත වෛද්‍යවරුන් සිටි බවට, අධ්‍යයන කිහිපයක දී ම වාර්තා වී තිබෙනවා. ඔවුන්ගේ සාර්ථකත්වය, ඊට වසර දහස් ගණනාවකට පසු පවැති සිවිල් යුද්ධ සමයේ මේ ආකාරයේ හිස් කබල ආශ්‍රිත ශල්‍යකර්මයන්හි සාර්ථකත්ව අනුපාතට වඩා බෙහෙවින් ඉහළ බව ද විශේෂඥයන් පෙන්වා දෙනවා. ඒ පිළිබඳ වාර්තාවක් මෙතනින් සහ මෙතනින්.

වෙනත් විද්වතුගේ අදහස

තව ද, Live science වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ, Oklahoma කෞතුකාගාරයට අනුබද්ධ නොවන විද්වතුන් කිහිප දෙනෙකු සමග මෙම බද්ධ කිරීමේ නිරවද්‍යතාව පිළිබඳ විමසූ බවයි.

සමස්තයක් වශයෙන් ඔවුන්ගේ මතය මිශ්‍ර මතයන් බව ත්, ඇතැමෙක් මෙය ව්‍යාජ බවට ත්, ඇතැම් පිරිසක් මෙය සැබෑ බද්ධ කිරීමක් බව ත්, නමුත් මෙම බද්ධ කිරීම සත්‍ය ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීමට පෙර විද්‍යාත්මක පරීක්ෂණ කිහිපයක් සිදු කිරීමට අවශ්‍යතාවය ඇති බව විද්වතුන් පවසා ඇති බවයි.

ලුසියානා හි ටියුලේන් විශ්ව විද්‍යාලයේ මානව විද්‍යා මහාචාර්යවරයෙකු වන John Verano, Live science වෙත අදහස් දක්වමින් පවසා තිබුණේ, හිස්

කබල සත්‍ය වූව ත්, ලෝහ බද්ධ කිරීම, කෞතුකාගාරයේ විද්‍යාඥයින් පෙන්වා දෙන පරිදි ඈත අතීතයේ සිදු කරනු ලැබූ ශල්‍යකර්මයකින් ලෝහ ඇතුළත් කළ අවස්ථාවක් නොව ඊට පසුව සිදු කරන ලද බවට සැකයක් පවතින බව ත්, මෙම පැරණි හිස්කබලට වඩාත් වටිනා කමක් එකතු කිරීමට ගොතන ලද කතාවක් බවට සැකයක් පවතින බවයි Verano සඳහන් කර තිබුණේ.

එමෙන්ම, ලෝහ තැන්පත් කිරීම් ඇති බව කියන ඇන්ඩියන් හිස් කබල්(Andean skulls) කිහිපයක් පරීක්ෂා කොට 2010 දී ඔස්ටියෝ පුරාවිද්‍යාව පිළිබඳ ජාත්‍යන්තර සඟරාවේInternational Journal of Osteoarchaeology) මේ පිළිබඳ පත්‍රිකාවක් පළ කරමින් තවදුරට ත් පවසා තිබුණේ, ලෝහ බද්ධ කර ඇති මෙම හිස් කබල ව්‍යාජ විය හැකි බව ත්, නැතහොත් එම ලෝහය කිසිසේත් ශල්‍ය බද්ධ කිරීමක් නොව, සොහොන් පූජාවක් ලෙස භාවිතා කිරීමට ලෝහයක් ඇතුළත් කර භාවිතයට ගත් බවකි. එම පත්‍රිකාව මෙතනින්.

වෙනත් විද්වතුන් Live science වෙත පවසා ඇත්තේ, ලෝහ බද්ධ කිරීම සැබෑ විය හැකි නමුත් වැඩිදුර පරීක්ෂණ සිදු කරන තෙක් නිශ්චිතව පැවසීමට කල් වැඩි බවයි.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:වසර 2000කට පමණ පෙර සොල්දාදුවෙක්ගේ හිස් කබලේ ලෝහ බද්ධ ශල්‍ය කර්මයක් කළ බව හුවමාරු වන්නේ සත්‍ය ඡායාරූපයක් ?

By: Pavithra Sandamali

Result: Explainer