දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

සත්ව ලෝකයේ ස්වභාවයන් පිලිබදව මිනිසුන් දක්වන්නේ දැඩි උනන්දුවක් .එම නිසා සමාජ ජාලා ඔස්සේද සත්ත්වයන්ගේ හැසිරීම් රටා සම්බන්ධව කුතුහලකජනක තොරතුරු නිරන්තයෙන්ම පැතිරෙනවා. එවැනි සමාජ ජාලා සටහනක දැක්වුණේ, පැටවුන් බිහි කිරීමේදී පැටවුන්ගේ සිරුරේ පෘෂ්ඨයේ කටු පැවතීම නිසා, වැඩියෙන්ම ප්‍රසූත වේදනාවක විඳින්නේ ඉත්තෑ මව බවයි. ඒ සම්බන්ධයෙන් අප විසින් සිදු කරන ලද කරුණු ගවේශනයක් පහතින්.

සමාජ ජාලා සටහන්

මෑතකදී සමාජ මාධ්‍යජාලා ඔස්සේ ලෝකයේ වැඩිපුරම වේදනාව උසුලන අම්මා ලෙස ප්‍රශ්නාර්තයක් සමඟ ඉත්තෑ මවකගේ ඡායාරූපයක් ප්‍රචාරය වුණා. ඉත්තෑවන්ගේ පිටේ ඇති කටු නිසා ඉත්තෑ මවට දරු ප්‍රසූතියේදී ඉතා අපහසු විය හැකි බවට මෙහිදී කතාබහක් නිර්මානය කර තිබුණා.

Facebook | Archived

මේ සඳහා විවිධ අදහස් මෙම මතයට එකඟව මෙන්ම විරුද්ධවද විවිධ මත පලවී තිබුණා. එම මත පහළින්.

මෙහි සත්‍ය අසත්‍යතාව පිළිබඳව Fact Crescendo කණ්ඩායම විසින් විමසීමට තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

සාමාන්‍යයෙන් ලෝකයේ ප්‍රසිද්ධ කූරු සහිත ජීවී ආකාර දෙකක් සිටිනවා. එනම් ඉත්තෑවන් සහ හෙජ්හොග් ඉත්තෑවන්‍. ශ්‍රී ලංකාව තුළ මෙයින් දක්නට ලැබෙන්නේ සාමාන්‍ය ඉත්තෑවන්ගේ එන විශේෂයක් වුවත්, ඇතැම් රටවල සුරතල් සතුන් ලෙසද මෙම හෙජ්හොග් ඉත්තෑවන් සිටිනවා.

ඉත්තෑවන් සහ හෙජ්හොග් ඉත්තෑවන්ගේ පිටේ ඇති කටු, ඉත්තෑකූරු ලෙස සාමාන්‍ය භාවිතයේදී හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් එක් ඉත්තෑවෙක්, ඉත්තෑකූරු 30000කින් පමණ සමන්විත වේ. මෙම කූරුවල ප්‍රධාන කර්තව්‍ය ආරක්ෂාවයි. ස්වභාව ධර්මයේ එන විලෝපිකයන්ගෙන් ආරක්ෂා වීම සඳහා සුදුසු ආවරණයක් ලෙස ඔවුන් මේවා යොදා ගන්නවා.

මෙම ඉත්තෑකූරු, ඉත්තෑවන්ගේ සමට තදින් ඇලී පවතිණ අතර, තියුණු තුඩක් සහිතයි. ඇතැමුන් ඉත්තෑ කූරු විෂ සහිත බව පැවසුවද, මෙය අසත්‍යක්. මේවා කිසි ලෙසකිනුත් විෂ සහිත නහැ. ඉත්තෑකූරු පිළිබඳව වැඩිදුර කියවීමට මෙතනින් Archived

ඉත්තෑවා ක්ෂීරපායියෙකි. සාමාන්‍යයෙන් පැටවුන් බිහි කිරීම ක්ෂීරපායීයෙකුගේ මූලික ලක්ෂණයක්.

ක්ෂීරපායියෙකු වුවත්, බිත්තර දමන සත්ත්වයින් කිහිප දෙනෙකු ඇත. මෙම සත්ත්වයින් මොනොට්‍රිම් නම් වනවා. මොවුන්ගෙන් කිහිපදෙනෙක් කටු සහිහ ඉත්තෑවන්ට සමාන ස්වරූප දරුවත්, මූලික වශයෙන් කූරු සහිත ක්ෂීරපායීන්ට අයත් වන ඉත්තෑවන් සහ හෙජ්හොග් මොනොට්‍රීම් ආකාරයට අයත් වන්නේ නැහැ. එනම් බිත්තර දමන්නේ නැහැ. මොනොට්‍රීම් ගැන වැඩිදුර තොරතුරු මෙතනින් Archived

සාමාන්‍යයෙන් ඉත්තෑවන්ගේ ප්‍රජනන සමය සැප්තැම්බර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ සිදු විය හැකියි. හෙජ්හොග් ඉත්තෑවන්ගේ මෙම කාලය අප්‍රේල් මාසයේ සිට සැප්තැම්බර් දක්වා විය හැකියි. මෙය යම් යම් තත්ත්ව යටතේ වෙනස් විය හැකියි.

ඉත්තෑ ප්‍රසූතිය

ලන්ඩන් ZSL සත්ත්වෝද්‍යානයේ ඉත්තෑ පැටවා සහ ඔහුගේ තරමක මෘදු ඉත්තෑ කූරූ

ඉත්තෑවන්ගේ ප්‍රසූතිය සහ පැටවුන් සම්බන්ධ කරුණු නිවැරදිව අර්ථකතනය සඳහා ඉතා උපකාරී වූ සිදුවීමක් ලෙස පසුගිය වසරේ අප්‍රේල් මාසයේ ZSL ලන්ඩන් සත්ත්ව උද්‍යානයේ සිදු වූ ඉත්තෑ පැටවුන්ගේ උපතයි. හෙටී නම් ඉත්තෑ මව විසින් එහිදී සත්වෝද්‍යානයේ සංචාරකයන්ද ඉදිරියේ සිය පැටවා ප්‍රසූත කළා. මෙම සිදුවීම පිළිබඳ වැඩිදුර විස්තර වාර්තාව මෙතනින් . Archived

මෙම සිදුවීම පිළිබඳ වාර්තා වූ අන්දමින්, ඉත්තෑ පැටවාගේ උපත, මිනිසුන් සිතූ තරමටම වේදනාත්මක වූයේ නැහැ. පැටවාගේ කටුවලින් මවට විශේෂ හානියක් හෝ අමතර වේදනාවක් ලැබුණේ නැහැ. මීට හේතුවන්නේ පැටවාගේ කටු සහ ඒ ආශ්‍රිත ප්‍රදේශය එතරම් සවිමත් නොවීමයි. මේ පිළිබඳව සත්ත්වෝද්‍යාන පාලකතුමියගේ අදහස් මෙතනින් . Archived

ඒ අනුව, උපතේදී ඉත්තෑ පැටවුන්ගේ කූරු මෘදු වන අතර ඒවාගෙන් උපත පහසු කරවයි. මෙම මෘදු කූරු උපතින් අනතුරුව වේගයෙන් සවිමත් වනවා. උපතින් මිනිත්තු ගණනක් ඇතුළත මේවාගේ ශක්තිමත් වීම සහ තියුණු වීම ඇරඹෙනවා. දින කිහිපයක් ගත්වන විට මෙම කූරු කෙරටින් තැන්පත් වී සාමාන්‍ය වැඩිහිටි ඉත්තෑවෙකුගේ තරමටම තද, තියුණු සහ සවිමත් වනවා. ඉත්තෑකූරුවල මෙම තත්ත්වය ගැන වැඩිදුර තොරතුරු මෙතනින්. Archived

ඉත්තෑ පැටවෙකුගේ උපත දැක්වෙන වීඩියෝවක් මෙතනින්

හෙජ්හොග් ඉත්තෑවන්

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ ඡායරුපයේ දැක්වෙන්නේ හෙජ්හොග් ඉත්තෑවෙක්. ඔවුන්ගේ දරු ප්‍රසුතිය ද ඉත්තෑවන්ගේ තත්වයට තරමක් සමානයි. ඔවුන්ගේද කූරු අර්ධවශයෙන් වර්ධනය වී පවතින අතර, මෘදු හෙයින් උපත ලබා දීම ඉතාමත් අපහසු වන්නේ නැහැ.

තවද මොවුන්ගේ අර්ධ වශයෙන් වර්ධනය වූ කූරුවලින් මවට වන හානිය වැලැක්වීම සඳහා මෙම කූරු සම වැනි පටලයක් සහිත දියරමය ස්ථරයකින් ආවරණය වී තිබෙනවා. උපතින් පසුව මෙම ස්ථරය වියළී ගැලවී යන අතර පසුව, මොවුන්ගේ කූරු වර්ධනය සම්පූර්ණ වී, සවිමත් වනවා. මේ පිළිබඳ වැඩිදුර මෙතනින්. Archived

හෙජ්හොග් පැටවෙකුගේ උපත දක්වෙන වීඩියෝව මෙතනින් සහ මෙතනින්. එහිදී ද මෙම තත්වය දැක ගන්නට ලැබෙනවා

මේ පිළිබඳව තවදුරටත් තහවුරු කරගැනීම සහ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පේරාදෙනිය විශ්වවිද්‍යාලයේ කෘෂි පීඨයේ, සත්ත්ව විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යේශ්ඨ මහාචාර්‍ය ප්‍රදීපා සිල්වා මහත්මියව අපගේ කණ්ඩායම විසින් සම්බන්ධ කරගන්නා ලදී.

මහාචාර්‍ය G.L.L. ප්‍රදීපා සිල්වා

ඇය පවසා සිටියේ ඉත්තෑවන්ගේ දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාව ඉහළ වීම පිළිබඳව මතය මිත්‍යා මතයක් බවයි.

මහචාර්යවරිය පැවසුවේ, ඉත්තෑවන්ගේ කූරු නිසා දරු ප්‍රසූතියේදී අපහසුතාවක් දරයි නම්, පැටවා කුස තුළ සිටින සමයේද මෙම අපහසුතාව මවට දැනීමේ සම්භාවිතාවක් පවතිණ බවයි.

විශේෂයෙන්ම ඇයට අනුව, මෙම කූරු නිසා අපහසුතාවක් ඇතිවනවා නම්, මිනිස් මවකට වුව ද, දරුවාගේ නියපොතු නිසා උපතේදී හානියක්, අපහසුවක් මඳ වශයෙන් හෝ ඇතිවිය යුතු බවයි.

මවගේ ගර්භාශය තුළදී කූරු, නිය ආදියෙන් මවට සිදුවන හානිය අවම වීමට දරුවා පටළයකින් (water bag) ආවරණය වී පවතිනවා මෙන්ම උපතේදී සිදුවන හානිය අවම වීම සඳහා ද, එක් එක් ජීවී විශේෂයන්ට, යම් යම් විශේෂිත අනුවර්තන පවතින බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළා.

ඒ අනුව, සාමාන්‍යයෙන් පරිනාමයේදී එක් එක් සතුන්ට අදාලව විවිධ අනුවර්තන ලබා දී ඇති බව පැවසුවා. එම අනුවර්තන නිසා දරු ප්‍රසූතියේ දැනෙන වේදනාව පාලනයක් සිදු කරන අතර, එහිදී වන හානිය අවම කරගන්නවා. අවදානම වැඩි සතුන් හට වැඩි ආරක්ෂාවක් ලැබෙන පරිදි අනුවර්තන ලැබී ඇති අතර, එමඟින් වේදනාව සාමාන්‍ය තත්ත්වයේ පවත්වා ගැනෙනවා.

එසේම මහාචාර්යවරිය පවසන්නේ සාමාන්‍යයෙන් සත්තව ලෝකයේ දක්නට ලැබෙන අනුවර්තනවලදී සිදුවන්නේ, අදාල ජීවියාට අදාල පාරිසරික තත්ත්ව හමුවේ ජීවත් වීම වඩාත් පහසු කරවීමයි. මහාචාර්‍යවරිය පැවසූ අන්දමට සාමාන්‍යයෙන් ලෝකයේ සියළුම ජීවීම්ට දරු ප්‍රසූතියේදී දැනෙන වේදනාව අඩුයි හෝ වැඩි ලෙස වර්ග කිරීමට අපහසුයි.

එසේම සත්ත්ව ලෝකයේ මේ ආකාරයේ ප්‍රසුති වේදනාව වැඩි සතුන් ලෙස විවිධ පිළිගත් ජාත්‍යන්තර වෙබ් අඩවි මඟින් ද වාර්තා පළකර තිබෙනවා. මෙහි ජිරාෆ් , කිවි, ඇතැම් ඉත්තෑ වර්ග, මීයන් වර්ග ආදිය ගැන සඳහන් වෙනවා. එවැනි වාර්තා කිහිපයක් මෙතනින් සහ මෙතනින්.

මෙම ලිපි කිහිපයකම හයිනා (spotted hyena) සත්වයන්ගේ, ප්‍රසුත වේදනාව පිළිබඳව සඳහන් කෙරෙනවා. ඔවුන් මේ ආකාරයේ විශාල වේදනාවක් දරන බවටත්, විශේෂයෙන්ම පළමු වරට දරු ප්‍රසුතියේ දී මාතෘ මරණ රැසක් වාර්තා වීමටත් හේතුව, හයිනා ගැහැණු සත්වයා තම දරු උපත සිදුකරන්නේ, පිරිමි ලිංගේන්ද්‍රියට සමාන, පටු නාලයක් හරහා වීමයි. ඒ පිලිබඳ කරුණු මෙතනින් සහ මෙතනින්

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Conclusion

එමෙන්ම, මෙය සෑම ජීවියෙකුටම පොදු කරුණක් වන අතර, සෑම ජීවියෙකුම තම ප්‍රජනන ක්‍රියාවලිය සඳහා විවිධ අනුවර්තන දරමින් හැකිතාක් වේදනාව අවම කරගැනීමට ක්‍රියාකරනවා. එහෙයින් සෑම ජීවියෙකුම මෙහිදී ලබන වේදනාව අඩු හෝ වැඩි වශයෙන් වර්ග කිරීම අපහසුයි.

මේ අනුව, ලෝකයේ වැඩිපුරම වේදනාකාරි දරු ප්‍රසූතිය සිදුකරන්නේ ඉත්තෑවන් හෝ එම ගණයට අයත් හෙජ්හොග් වැනි ජීවී කොට්ඨාශයක් ලෙස වර්ග කිරීම අපහසුයි. මෙම සතුන්ගේ උපතේදී මවට සිදුවන හානිය අවම කරගැනීම සඳහා අවශ්‍ය අනුවර්තන දැරීම නිසා (කූරු සම වැනි පටලයක් සහිත දියරමය ස්ථරයකින් ආවරණය වී තිබීම) මවු ජීවීන් සඳහා ප්‍රජනයන ඉතාමත් අපහසු වන්නේ නැහැ.

Avatar

Title:ලෝකයේ දරු ප්‍රසුතියේදී වැඩියෙන්ම දුක් විදින්නේ ඉත්තෑවන්ද ?

Fact Check By: Fact Crescendo Team

Result: Misleading