
දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
ස්වභාව සෞන්දර්ය විදහා පාන ඇතැම් ආකර්ශනීය දසුන් ජනයාගේ සිත්නෙත් ඇදබැඳ තබා ගැනීමට සමත් වනවා. මේ හේතුවෙන් එවැනි දර්ශන නොමඟ යවන සුළු අර්ථකතන යටතේ හුවමාරු කරගනිමින්, රීච් වැඩි කරගැනීමට ඇතැම් ෆේස්බුක් ඇඩ්මින්වරුන් කටයුතු කරනවා. එලෙසින් මෙරට දර්ශනයක් ලෙසට සංසරණය වූ මනස්කාන්ත දියඇල්ලක් දැක්වෙන වීඩියෝවක නිරවද්‍යතාව සොයා අප සිදු කළ කරුණු පරීක්ෂාවක් පහතින්.
සමාජ මාධ්‍ය සටහන් :
මෙරට වීඩියෝවක් ලෙස හඟවමින් පහත දැක්වෙන කෙටි වීඩියෝවේ ෆේස්බුක් ඔස්සේ සංසරණය වූයේ “දෙයියනේ මේ අපේ රට නේද කියලා දැනෙනකොට ඒ හැඟිම😍” යන විස්තරයත් සමගින්.
මෙම Reels වීඩියෝව ෆේස්බුක් පරිශීලකයින් 16,000කට වැඩි ප්‍රමාණයක් හුවමාරු කරගෙන තිබුණා.
එම වීඩියෝව සංසරණය වී තිබූ තවත් අවස්ථා මෙතනින් සහ මෙතනින්. Archived Link
මෙම සටහන් සඳහා ප්‍රතිචාර ඔස්සේ පෙනී ගියේ, එහි දැක්වෙන්නේ ලංකාවේ වීඩියෝවක් නොවන බවට බොහෝ දෙනෙකු හඳුනාගෙන තිබුණා.
කෙසේ වෙතත් මෙහි මුල් වීඩියෝවේ විස්තර සොයා අප කරුණු පරීක්ෂාවක් සිදු කිරීමට පියවර ගත්තා.
Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම):
අප මෙම වීඩියෝවේ රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කළ අතර එහිදී දැක ගන්නට ලැබුණේ මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ඉන්දියාවේ ඇති ආකර්ෂණිය දිය ඇලිවලින් එකක් ලෙස සැලකෙන දුද්සාගර් දිය ඇල්ල(Dudhsagar) අසල රූගත කර තිබූ මනස්කාන්ත දර්ශනයක් බවයි.
ඉන්දියාවේ ගෝවා හි සොනාලිම් හි පිහිටා ඇති මෙම කොටස් හතරකින් යුත් දිය ඇල්ල මෝසම් සමයේදී වඩාත් ආකර්ෂණීය වේ. ට්විටර් පරිශීලකයෙකු විසින් පළ කරන ලද මෙම දැවැන්ත දිය ඇල්ලේ වීඩියෝව සමාජ මාධ්‍ය ඔස්සේ බහුලව හුවමාරු වී තිබෙනවා.
කඳු මුදුනේ කඳු බෑවුම ආවරණය කරමින් මීටර් 310 ක උසකින් සුදු පැහැති ජල ධාරාව වැටෙනු දක්නට ලැබේ. මෙම ආකාර්ශනීය දර්ශනය ඉදිරිපිට පිහිටි පාලමෙන් දුම්රියක් ද ධාවනය වන අයුරු කෙටි වීඩියෝවේ දැක්වෙන අතර එම සුන්දර දසුන් පෙළ බොහෝ සමාජ මාධ්‍ය පරිශීලකයින් ඇද බැඳ තබා ගැනීමට සමත් වී තිබුණා.
මෙම දර්ශනය පටිගත කරන ලද තරුණිය එම ට්විටර් පණිවිඩයේ සඳහන් කර තිබුණේ,
“සමහර ගමන් සිහින වැනිය! භාරතයේ ගෝවා හි දර්ශනීය දුද්සාගර් ඇල්ල” යනුවෙනි.
එම මනස්කාන්ත දර්ශන පෙළ බොහෝ පාඨකයින් හුවමාරු කරගෙන තිබූ අතර ඒ පිළිබඳ පුවත් වාර්තාවක් මෙතනින්.
දුද්සාගර් දිය ඇල්ලේ තවත් වීඩියෝ මෙතනින් සහ මෙතනින්. තවත් තොරතුරු මෙතනින් සහ මෙතනින්.
Also Read: හපුතලේ බෙරගල මාර්ගයේ දිය ඇලි?
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion (අවසාන නිගමනය) :
අපගේ විමර්ශනයෙන් පෙන්වා දෙන්නේ, ලංකාවේ සුන්දර දිය ඇල්ලක දර්ශනයක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ ස්වභාව සෞන්දර්ය විදහාපාන දිය ඇල්ලක සහ ඒ අසලින් ගමන් ගත් දුම්රියක් ඇතුළත් මනරම් දසුන් පෙළ මෙරට ස්ථානයක් නොව ඉන්දියාවේ, ගෝවා හි පිහිටි දුද්සාගර් දිය ඇල්ලේ වීඩියෝවක් බවයි.

Title:ලංකාවේ ස්වභාව සෞන්දර්ය විදහා දැක්වෙන වීඩියෝවක් ද?(Video)
Fact Check By: Fact Crescendo TeamResult: Misleading