දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.
මැදපෙරදිග ප්‍රමුඛතම ගංගාවන්ගෙන් එකක් වන යුප්‍රටීස් ගඟ සිඳී යාමේ මාතෘකාව කලාපීය හා ගෝලීය වශයෙන් ප්‍රධාන අවධානයට ලක්විය. එය සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතර ද ජනප්‍රිය මාතෘකාවක් වී ඇති අතර සමහරු පවසා සිටින්නේ ගංගාව සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇති බවත්, සමහර බයිබල් අනාවැකි පවසන පරිදි අවසානයේදී , එය ලෝකයේ අවසානය වනු ඇති බවත්ය. දැන් යුප්‍රටීස් ගඟේ සැබෑ තත්ත්වය කුමක්ද සහ ජල මට්ටම පහත වැටීමට හේතුව කුමක්දැයි අපි සොයා බලමු. මුලින්ම අවධානය බොහෝ දෙන අතර ජනප්‍රිය වූ යුප්‍රටීස් ගග සම්බන්ධ වීඩියෝව වෙතටයි.
සමාජ ජාලා සටහන්
ශ්‍රී ලංකාවේ WhatsApp භාවිතා කරන්නන් අතර ජනප්‍රිය වූ මෙම වීඩියෝව යුප්‍රටීස් ගංගාව සිඳී යාම සහ ඉන් අනතුරුව සිදුවන දිව්‍යමය මැදිහත් වීමක් සම්බන්ධයෙන් පැහැදිලි කරයි.

මෙය Facebook මාධ්‍ය ජාලයේද ප්‍රචාරය වනු දැකගන්නට ලැබුණි.
කථිකයා තම අදහස උද්දීපනය කිරීම සඳහා බයිබලයෙන් හෙළිදරව් කිරීම් කිහිපයක් උපුටා දක්වන අතර යුප්‍රටීස් ගංගාව සම්පූර්ණයෙන්ම සිඳී යනු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ,අවසාන විනිශ්චය දිනය හෝ ලෝක අවසානය ප්‍රකාශ කිරීමට අද්භූත දෙයක් සිදුවනු ඇති බවත් අවධාරණය කරයි.
යුප්‍රටීස් ගඟ වැදගත් වන්නේ ඇයි?
යුප්‍රටීස් ගංගාවේ මුළු දිග කිලෝමීටර් 2800 ක් වන අතර බටහිර ආසියාවේ දිගම ගංගාව ලෙස හදුන්වයි. ගංගා මූලාරම්භය තුර්කියේ ගිනිකොන දෙසින් පිහිටි ඇමරිකානු කඳුකරයේ පිහිටා ඇත. එය පසුව සිරියාව සහ ඉරාකය හරහා ගමන් කර ටයිග්‍රිස් නදිය සමඟ එකතු වී පර්සියානු ගල්ෆ් ප්‍රදේශයෙන් මුහුදට එකතු වේ. මෙම ගංගාව බොහෝ පිරිසකට ජලය සපයයි . වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්
මෙම ගංගාව සම්බන්ධ වැදගත්ම කාරණය වන්නේ මානව වර්ගයාගේ පැරණිතම ශිෂ්ටාචාරවල වර්ධනයට යුප්‍රටීස් ගංගාව ඉඩ සැලසීමයි. එම නිසා මෙයට පුරාවිද්‍යාත්මක වටිනාකමක්ද ඇත. වර්තමානයේ,විශාල ජනකායක් සිය එදිනෙදා කටයුතු සඳහා මෙම ගංගාවේ ජලය භාවිතා කරයි.
ආගමික වැදගත්කම
යුප්‍රටීස් ගංගාව කිතුනුවන්ට සහ මුස්ලිම්වරුන්ට ආගමික වැදගත්කමක් ඇති බැවින්, අසත්‍ය ප්‍රචාර පතුරුවා හැරීමේදී ආගමික මතයන් විශේෂයෙන් යොදාගෙන ඇති බව පෙනෙයි. එම ආගමික මතවාදයන් කිහිපයක් පහතින් දැක්වේ .
බයිබලයේ එළිදරව් 16:12 හි මෙසේ සඳහන් වේ: “හයවන දේවදූතයා තම පාත්‍රය යුප්‍රටීස් මහා ගංගාව මත වත් කළ අතර, එහි ජලය පෙරදිගින් එන රජවරුන්ට මාර්ගය පිළියෙළ කිරීම සඳහා වියළී ගියේය.”
ඉස්ලාමීය ආගමික ග්‍රන්ථයක් වන හදීත් හිද යුප්‍රටීස් නදිය සහ එහි පවතින බවට සමහරුන් විශ්වාස කරන රත්‍රන් නිධි ගැන ද සඳහන් වේ.යුප්‍රටීස් නදිය සිදී යාමත් සමගම රත්තරන් කන්දක් මතුවන බව සහ එහි රත්‍රන් තමන් සතු කර ගැනීම සදහා සටන් කරන මිනිසුන්ගෙන් සියයට අනූ නවයක්ම සටනේදී මිය යන බවක් එහි දැක්වෙනවා .ඒ පිළිබද වැඩි විස්තර කියවිය හැකියි මෙතනින්
ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, පරිසර කළමනාකරණය පිළිබද මහාචාර්ය, හේමන්ති රණසිංහ පැහැදිලි කරන්නේ මෙලෙසින් .“යුප්‍රටීස් ගඟ සිඳී යාම දිව්‍යමය දඬුවමක ලකුණක් බවයි. මෙම තර්කය පදනම් වී ඇත්තේ යුප්‍රටීස් ගංගාව බයිබලයේ සහ කුරානයේ සශ්‍රීකත්වයේ සංකේතයක් ලෙස සඳහන් කර තිබීමයි. ගඟ සිඳී යාම එම ප්‍රදේශයේ වෙසෙන ජනතාව සමඟ දෙවියන් කෝප වී ඇති බවට ලකුණක් බව සමහරු විශ්වාස කරනවා .නමුත් මෙම ප්‍රකාශය සනාථ කිරීමට කිසිදු සාක්ෂියක් නැහැ . යුප්‍රටීස් ගංගාව සිඳී යාම මිනිස් ක්‍රියාකාරකම්වල ප්‍රතිඵලයක් මිස දිව්‍ය දඬුවමක් නොවේ. ස්‌වාභාවික විපත් ඇතිවන්නේ දෙවියන්ගේ කෝපය නිසා නොවන බව මතක තබා ගැනීම වැදගත්ය. ඒවා හුදෙක් ස්වභාවික ලෝකය මිනිස් ක්‍රියාකාරකම් සමඟ අන්තර්ක්‍රියා කිරීමේ ප්‍රතිඵලයකි.”
යුප්‍රටීස් ගඟ සිඳී යාමට හේතු
• කලාපීය ගැටුම්
අපි යුප්‍රටීස් ගඟ සිඳී යාමට තුඩු දෙන සැබෑ තත්වයන් සොයා බැලුවා.කලාපීය ආරවුල් ප්‍රධාන ගැටලුවක් . යුප්‍රටීස්-ටයිග්‍රීස් ද්‍රෝණිය තුර්කිය, සිරියාව සහ ඉරාකය අතර පැතිරී ඇති අතර ඉරානයේ ද ටයිග්‍රීස් ද්‍රෝණියේ කොටස් දක්නට ලැබේ . 1960 ගණන්වල සිට ඒකපාර්ශ්වික වාරිමාර්ග සැලසුම්, රටවල් අතර දේශපාලන ආතතීන් ආදිය ගංගාවේ ගලායන රටාව අහිතකර ලෙස වෙනස් කර ඇත . සෞදි අරාබි රජය සහ වෙනත් කලාපීය සංවිධාන ගංගාවේ ජලය පිළිබද ගැටලුකාරී තත්ත්වයන් මතුවන විට එම ගැටළු නිරාකරණය සඳහා පහසුකම් සපයන්නන් ලෙස ක්‍රියා කරයි.
එසේම, 2009 දී ඉරාකය සහ තුර්කිය අතර සහ සිරියාව සහ තුර්කිය අතර ජල කළමනාකරණය පිළිබඳ අවබෝධතා ගිවිසුම් (MoUs) අත්සන් කරන ලදී. එපමණක් නොව, එම වසරේම, සිරියාව සහ තුර්කිය එක්ව වේල්ලක් ඉදිකිරීම සඳහා ගිවිසුමක් අත්සන් කරන ලදී. ජලය බෙදාගැනීමේ ගැටළු බොහෝ දුරට දෙරට විසින්ම විසඳා ඇත. නමුත් යම් යම් ගැටලුකාරී තත්ත්වයන් වර්තමානයේත් දක්නට ලැබෙනවා .
• ISIS සම්බන්ධය
මෙම සංවිධානයේ භෞමික ව්‍යාප්තිය අතරතුර, ඉස්ලාමීය රාජ්‍යය ( ISIS) සිරියාවේ සහ ඉරාකයේ උපාය මාර්ගික වශයෙන් සැලකිය යුතු ජල සම්පත් සහ ජල යටිතල පහසුකම්වලින් විශාල කොටසක් තම පාලනය යටතට ගෙන ඇත. එය එහි ව්‍යාප්ති උපාය මාර්ගයේ කොටසක් ලෙස යුප්‍රටීස් සහ ටයිග්‍රීස් හි වැදගත් වේලි කිහිපයක් අල්ලාගෙන ඇති අතර, විශේෂයෙන් 2014 සිට, යුප්‍රටීස් නදියේ ගලායාම පාලනය කරමින් විවිධ ආකාරවලින් එය තම ත්‍රස්තවාදී අරමුණු මුදුන්පත් කරගැනීම සදහා භාවිතා කර ඇත. වැඩි විස්තර කියවිය හැක මෙතනින්
• ජලවිදුලි බලාගාර
තුර්කියේ සහ ඉරාකයේ සමාජ හා ආර්ථික සංවර්ධනය උදෙසා බලශක්තිය සහ විශේෂයෙන්ම විදුලිය සඳහා ඉල්ලුම වැඩිවී ඇත .ප්‍රධාන දේශීය බලශක්ති සම්පත් ජල විදුලියට සීමා වී ඇති අතර යුප්‍රටීස් ගංගාව භාවිතා කරමින් ජලවිද්‍යාත්මක බලාගාර ගණනාවක් නඩත්තුවේ . පහත වගුවේ දැක්වෙන්නේ වේලි සංඛ්‍යාව, මායිම් වූ රට, ඒවායේ ගබඩා ධාරිතාව සහ ජල විදුලි උත්පාදනයයි.
Name of dam | Country | Date of operation | Height (m) | Storage capacity (km3) | Water surface area (km2) | Hydropower (MW) |
Ataturk | Turkey | 1992 | 166 | 48.7 | 817 | 2400 |
Birecik | Turkey | 2000 | 53 | 1.22 | 56.3 | 672 |
Karakaya | Turkey | 1987 | 158 | 9.58 | 268 | 1800 |
Karkamis | Turkey | 1999 | 21 | 0.16 | 28.4 | 189 |
Keban | Turkey | 1975 | 163 | 31 | 675 | 1330 |
Baath | Syria | 1988 | ___ | 0.09 | 27.2 | 75 |
Tabaqa | Syria | 1975 | 60 | 11.7 | 610 | 800 |
Tishrine | Syria | 1999 | 40 | 1.9 | 166 | 630 |
Upper Khabur | Syria | 1992 | ___ | 0.99 | 1.4 | ___ |
Al Hindiyah | Iraq | 1913(1989) | ___ | ___ | ___ | ___ |
Haditha | Iraq | 1988 | 57 | 8.2 | 503 | 660 |
Fallujah | Iraq | 1985 | ___ | ___ | ___ | ___ |
Ramadi-Habbaniyah | Iraq | 1956 | ___ | 3.3 | 426 | ___ |
Ramadi Raazza | Iraq | 1951 | ___ | 26 | 1810 | ___ |
වගුව 1: ටයිග්‍රිස්-යුප්‍රටීස් ගංගා ද්‍රෝණියේ ඉදිකරන ලද වේලි. (විස්තර )
පවතින දත්ත වලට අනුව, සිරියාවට වඩා වැඩි ජල විදුලි උත්පාදනයක් ඉරාකය සහ තුර්කිය මගින් සිදුකරනවා. රාමධි රාස්ස සහ අටටුර්ක් ජලාශ ජල විදුලි උත්පාදනයේ ඉහළින්ම සිටිනවා . යුප්‍රටීස් ගංගාව ආශ්‍රිතව ජල විදුලි බලාගාර 14ක් පමණ පවත්වාගෙන යනවා .
ජල විදුලි බලාගාර සැලකිය යුතු ප්‍රමාණයක් පවත්වාගෙන යාම මගින් ගංගාවේ ස්වාභාවික ගලායාමේ ක්‍රියාවලියට ඇතිව ඇත්තේ දැඩි බලපෑමක් .
• දේශගුණික විපර්යාස බලපෑම්
ඉරාකය සහ ඒ අවට ප්‍රදේශය ද දේශගුණික විපර්යාස සහ උෂ්ණත්වය ඉහළ යාමෙන් පීඩාවට ලක්ව තිබෙනවා . මෙය දශක ගණනාවක් තිස්සේ පවතින ගැටලුවක් . පසුගිය දශක කිහිපය තුළ, යුප්‍රටීස්-ටයිග්‍රීස් ගංගා පද්ධතියේ ගලායාම වියළි කාලය වැඩි වසරවලදී , සාමාන්‍ය වාර්ෂික ප්‍රවාහයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් දක්වා අඩු වී තිබෙනවා . යුප්‍රටීස් හි ජල මට්ටම මේ වන විට වාර්තාගත ඉතිහාසයේ අඩුම ස්ථානයක පවතිනවා
උපායමාර්ගික සහ තොරතුරු අධ්‍යයන මධ්‍යස්ථානය (CSIS) හෙළි කරන්නේ වසර 100කට පෙර තිබු තත්ත්වයට වඩා ඊසානදිග සිරියාවේ උෂ්ණත්වය සෙල්සියස් අංශක එකකින් ඉහළ ගොස් ඇති අතර සාමාන්‍ය වර්ෂාපතනය සියවසකට පෙර තිබු තත්ත්වය හා සසදන විට මසකට මිලිමීටර් 18 කින් අඩු වී ඇති බවයි.
දේශගුණික විපර්යාස සමඟ ජල ප්‍රශ්න මතු වෙනවා. මෙය කෘෂිකර්ම ක්ෂේත්‍රයේ පැවැත්ම කෙරෙහි විශාල ප්‍රශ්නයක්. නිදසුනක් වශයෙන්, ඊසානදිග සිරියාවේ ගොවීන්ට ඔවුන්ගේ බෝග වගා කටයුතු කිරීමට බාධා ඇතිව තිබෙනවා, දූෂිත ජලය සහ වාරිමාර්ග නොමැතිකම හේතුවෙන් . ඓතිහාසිකව, ජලය සඳහා ඇති සිරියාවේ කෘෂිකාර්මික ඉල්ලුමෙන් 85% යුප්‍රටීස් නදිය විසින් සපුරා ඇත. නමුත් ජලය අපවිත්‍ර වීම සහ නියඟය හේතුවෙන් ගංගාවේ ජලය සිදී යාම නිසා කෘෂිකාර්මික කටයුතු වෙනුවෙන් ජලය භාවිතා කිරීම සදහා දැඩි ලෙස අහිතකර තත්ත්වයක් මතුව ඇත .
ගංගා වියළීම සමඟ සමාජ-ආර්ථික හා පාරිසරික ගැටළු
යුප්‍රටීස් ගඟ සිඳී යාම , එය ගලා යන ප්‍රදේශ සඳහා සැලකිය යුතු පාරිසරික හා සමාජීය ගැටළු ඇති කරනු ඇත. මහාචාර්ය හේමන්ති රණසිංහ පැහැදිලි කරන පරිදි, “. මෑත වසරවලදී, රටවල් කෘෂිකාර්මික හා කාර්මික භාවිතය සඳහා ගඟෙන් වැඩි ජල ප්‍රමාණයක් වේලි බැද තම තමන්ගේ රටවල විවිධ ප්‍රදේශවලට හරවා ගෙන ඇති අතර එමඟින් ගගේ ස්වාභාවික මාර්ගය ඔස්සේ ගලන ජාල ප්‍රමාණය අඩුව ඇත . ගඟ සිඳී යන විට ජල හිඟය බරපතළ ගැටලුවක් බවට පත්වේ.”
මෙම හිඟය ප්‍රාදේශීය ප්‍රජාවන්ට පානීය ජලය ලබාගැනීමට සහ ඔවුන්ගේ ජීවනෝපාය ක්‍රමවලට, සත්ව පාලනයට සහ ජල විදුලි උත්පාදනයට බලපායි. ජල මට්ටම අඩුවීම ,ජලයේ ගුණාත්මක භාවයට හේතු වන අතර බරපතල සෞඛ්ය ගැටළු වලටද හේතු වේ. කොලරාව ආදී රෝග දැනටමත් එම ප්‍රදේශවල ව්‍යාප්තවී වී ඇති අතර තවදුරටත් ජලය දූෂණය වීමේ අවදානමක් ද ඇත.
අනෙක් අතට, ගගේ ජල මට්ටම අඩුවීම නිසා වාරිමාර්ග සඳහා පවතින ජලය සැලකිය යුතු ලෙස අඩු වන අතර, බෝග අස්වැන්න සහ කෘෂිකාර්මික ඵලදායිතාව අඩු වේ. එහි ප්‍රතිඵලය වන්නේ ආහාර හිඟය, ගොවීන්ට ආර්ථික පාඩු සහ ආහාර ආනයනය මත යැපීම වැඩි වීමයි. “කෘෂිකාර්මික අපද්‍රව්‍ය, කාර්මික අපද්‍රව්‍ය සහ වෙනත් අපද්‍රව්‍ය හේතුවෙන් යුප්‍රටීස් ගඟ ද දැඩි ලෙස දූෂණය වී ඇත. මෙම දූෂණය ගංගාවේ පරිසර පද්ධතියට හානි කරන අතර එය මිනිස් භාවිතය සඳහා අනාරක්ෂිත බවට පත් කරයි. මහාචාර්ය හේමන්ති වැඩිදුරටත් පැවසුවාය.
යුප්‍රටීස් ගඟ සිඳී යාමෙන් ඒ මත යැපෙන ස්වභාවික පරිසර පද්ධති බිදවැටේ . ජල මට්ටම පහත වැටීම නිසා ගංගාව ආශ්‍රිතව ජිවත්වන ජීවී විශේෂවල වාසස්ථාන විනාශය, විශේෂ වදවී යාමට සහ ජෛව විවිධත්වය අඩුවීමට හේතු විය හැක. මෙම බාධාව කලාපයේ පරිසර පද්ධතිවල සමතුලිතතාවයට බලපාන නිසා දිගුකාලීනව අහිතකර ප්‍රතිවිපාක ඇති කළ හැකිය.
යුප්‍රටීස් ගඟ සිඳී යාම සමාජ අස්ථාවරත්වයට සහ ජනගහන ව්‍යාප්තියට බලපෑම් ඇතිකළ හැක . ජලය හිඟ වන විට, ගොවීන්, කාර්මික අංශ සහ නාගරික ප්‍රදේශ වල ජනතාව වැනි විවිධ පරිශීලක කණ්ඩායම් අතර ගැටුම් ඇති විය හැක. ජල හිඟය හේතුවෙන් ප්‍රජාවන් අවතැන් වීම නිසා සංක්‍රමණය වැඩි වීම, සංක්‍රමණය වන ප්‍රදේශවල සම්පත් අඩු නිසා සමාජ ආතතීන් ඇති වීම ආදී ගැටළු බොහොමයක් ඇතිවිය හැක.
මහාචාර්ය හේමන්ති රණසිංහ වැඩිදුරටත් සදහන් කරන පරිදි , “මෙම තර්ජනවලට විසඳුම් ලබා නොදුනහොත් ඉදිරි දශක කිහිපය තුළ යුප්‍රටීස් ගඟ සිදී යා හැකි බවයි. මෙය, ගංගාව මත යැපෙන මිනිසුන්ට සහ පරිසර පද්ධතිවලට විනාශකාරී බලපෑමක් ඇති කරයි. ඒ වගේම යුප්‍රටීස් ගගේ ජලය අඩුවීම කෙරෙහි අස්වාභාවික /දිව්‍යමය බලපෑමක් නැති බව ඇයගේ අදහසයි.
ජලය වේලි යොදවා හැරවීම, පරිසර දූෂණය සහ දේශගුණික විපර්යාස වැනි මානව ක්‍රියාකාරකම් යුප්‍රටීස් ගඟට ඇති ප්‍රධාන තර්ජනය බව ඇය පැහැදිලි කරනවා .
ධනාත්මක පැතිකඩක් සලකා බැලු විට , ඉරාක රජය කලාපයේ ජල හිඟ අභියෝගවලට මුහුණ දීමේ හදිසි අවශ්‍යතාවය හඳුනාගෙන ඇති බව පෙනී යනවා . ඒ අතරම සුදුසු විසඳුම් සඳහා ප්‍රමුඛත්වය ලබා දී ඇත, නමුත් වරක් “ඊඩන් උද්‍යානය’ ලෙස හැඳින්වූ ප්‍රදේශ නැවත අතීතයේ පැවති ඒ සෞභාග්‍යයමත තත්ත්වයට ගෙන ඒමේ බලාපොරොත්තුවක් ඇති කර ගැනීමට තවත් බොහෝ ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.
අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න
Facebook | Twitter | Instagram | Google News | TikTok
Conclusion( අවසාන නිගමනය )
යුප්‍රටීස් නදිය සම්පූර්ණයෙන්ම සිඳී ගොස් ඇති බවත් ආගමික විශ්වාසයන්ට අනුව එය ලෝකයේ විනාසය හගවන සංකේතයක් හෝ අද්භූත දෙයක් සිදුවනු ඇති බවත් සමාජ මාධය වල බහුලව සංසරණය විය. එය වැරදි තොරතුරකි. දේශගුණික විපර්යාස සහ අධික ලෙස ජලය ඉවත් වීම හේතුවෙන් යුප්‍රටීස් ගඟ සිඳී යාමේ අවදානමකට ලක්ව ඇත. දේශගුණික විපර්යාස දිගුකාලීන නියඟයන් , වර්ෂාපතනයේ අඩුවක් සහ උෂ්ණත්වය ඉහළ යාමක් ඇති කරන අතර එය ගංගා වියළීමට සෘජුවම බලපායි. කලාපීය ගැටළු, වේලි /ජලාශ ඉදිකිරීම් සහ ISIS සම්බන්ධය වැනි තවත් සාධක කිහිපයක් ද මෙයට බලපායි. දේශගුණික විපර්යාස අවම කිරීමේ ක්‍රියාමාර්ග, රටවල් අතර සාමූහික ගිවිසුම මගින් තීරණ ගැනීම සහ ජනතාව දැනුවත් කිරීම මගින් ගංගාවේ අනාගත පැවැත්ම තහවුරු කිරීමට හැකිවනු ඇත .

Title:යුප්‍රටීස් ගඟ සිඳී යාම නුදුරේදීම සිදුවන ලෝක විනාශයක පෙරනිමිත්තක්ද ? කරුණු සොයා බලමු.
Written By: Fact Crescendo TeamResult: Missing Context
