දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp සමුහයටමෙතනින් එකතුවන්න.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමය තුළ රට තුළ උත්සන්නවූ ආර්ථික අර්බුදය මුලකරගනිමින් කෝපයට පත් ජනතාව, වීදි බැසීම හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට සිය තනතුරද අත්හැර දමා රටින් පලායාමට සිදුවුණා. “අරගලය” ලෙස පොදුවේ හැදුන්වූ මෙම විරෝධතා රැල්ල රටේ පැවති දේශපාලන වාතාවරණයේ තීරණාත්මක වෙනස්කම් කිරීමට සමත් වුණා.

කෙසේ වෙතත් අරගලය පැවති කාලය තුළ මෙන්ම එය අවසන්ව ඇති මේ කාලය තුළත් අරගලය සම්බන්ධයෙන් අපහාසාත්මක සහ නොමගයවන සුලු සමාජ ජාලා සටහන් පැතිරෙනවා. මේ එවන් සමාජ ජාලා සටහනක් සම්බන්ධයෙන් අප විසින් සිදු කරන කරුණු විමසා බැලීමක් .

සමාජ ජාලා සටහන් 

අතුරු සිදුරු නොමැතිව මිනිසුන්ගෙන් පිරීගොස් සිටි දුම්රියක ඡායාරුපයක් පසුබිම් කරමින්, දුම්රිය වහලේ ද නැගී අරගලකරුවන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව එළවා දැමීමට ඉතා උනන්දුවෙන් පැමිණි බව හඟවමින් පහත සමාජ ජාලා සටහන පැතිරුණා.

Facebook | Archived

ඒ සම්බන්ධයෙන් පලව තිබුණු අදහස් කිහිපයක් පහතින්.

ෆේස්බුක් පාඨකයින් කිහිපදෙනෙකු විසින්ම මෙම සටහන් හුවමාරු කරගෙන ද තිබුණා.

මේ සම්බන්ධයෙන් කරුණු විමසා බැලීමක් සිදු කිරීමට අප තීරණය කළා.

Fact Check ( සත්‍ය කරුණු විමසා බැලීම )

දුම්රියක වහලය මත පවා ඉතා අනාරක්ෂිත ලෙස මගීන් බොහොමයක් නැග සිටින සේයාරුව Reverse Image සෙවුමකට ලක්කළා. එහිදී අපට දැකගන්නට ලැබුණේ එහි දැක්වෙන්නේ ලංකාවට සම්බන්ධ සේයාරුවක් නොවන බවයි.

මෙහි දැක්වෙන්නේ බංගලාදේශයේ දුම්රියක ගමනක සේයාරුවක්. 2010 වසරේදී ලබාගෙන තිබු මෙම ඡායාරුපයෙන් නිරුපණය වන්නේ රාමසාන් උත්සවය සැමරීම සදහා සිය ගම්බිම් බලා පිටත්වන බංගලාදේශ වැසියන් පිරිසකි.

Alamy | Archived

කෙසේවෙතත් ලංකාවේ පැවති “අරගලය” සඳහා සහභාගී වීමට කොළඹ වෙත දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි දුම්රියන්ද ජනතාවගෙන් පිරී ගොස් තිබු අයුරු අපට එම අවධියේ මාධ්‍ය වාර්තා ඔස්සේ දැක ගන්නට ලැබුණා. එවැනි සටහන් මෙතැනින්, මෙතනින්.

එසේ එසේම සමාජ මාධ්‍ය සටහන්හි දක්වා තිබු පරිදි ඇතැම් අවස්ථාවල දුම්රිය මැදිරිවල ඉහළින් ද ජනතාව දුම්රියන්හි නැගී කොළඹ වෙත ඇදී එන දර්ශන අපට දැක ගන්නට ලැබුණා. එවැනි එක් වීඩියෝවක් මෙතනින්.

කෙසේ වෙතත් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ ඉහත ඡායාරූපයේ දැක්වෙන ආකාරයේ දර්ශන මෙරට ප්‍රධාන මාධ්‍ය ධාරා ඔස්සේ දැක ගන්නට නොලැබුණි. එසේම මෙහිදී අප පෙන්වාදීමට උත්සාහ කරන්නේ ඉහත සමාජ ජාලා සටහනේ දැක්වෙන සේයාරුව අරගලයට සම්බන්ධ එකක් නොවන බවයි.

මේ ආකාරයෙන්ම නොමඟ යවන සුළු ආකාරයෙන් බංග්ලාදේශයේ දුම්රියක් මගීන්ගෙන් පිරී ගිය අවස්ථාවක දර්ශන පෙළක් අරගලයට සම්බන්ධ කරමින් පළවූ සටහන් පෙළක් පිළිබඳව අප අරගලය සමයේ දී සිදුකළ කරුණු විමර්ෂණයක් මෙතනින්.

Also Read: ජුලි 09 අරගලයට පැමිණි දුම්රියක මගීන්ට නොමිලයේ ප්‍රවේශ පත්‍ර මිලදී ගත් ගුරුවරිය ?

ජූලි 9 අරගලයට, බැකෝ යන්ත්‍ර පැමිණි අයුරු ? (VIDEO)

අරගලයට සම්බන්ධ කරමින් පළවූ නොමඟ යවන සුළු සහ අසත්‍ය සටහන් රැසක් පිලිබඳ අප සිදුකළ කරුණු විමර්ෂණ පෙළක් මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok

Avatar

Title:අතුරු සිදුරු නැතිව පිරී ගිය දුම්රියක නැගී පැමිණි අරගලකරුවන් ලෙස හුවමාරු වන ඡායාරුපය ලංකාවේ සිදුවීමක් නොවේ!

Written By: Fact Crescendo Team

Result: Misleading