දිනපතා සත්‍ය කරුණු දැන ගැනීමට අපගේ WhatsApp චැනලයට මෙතනින් එකතුවන්න.

විදුලි සැර වද්දවමින් පුද්ගලයෙකු මරණයට භාජනය කරන අවස්ථාවක් බවට හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක නිරවද්‍යතාව සොයා Factcrescendo අප සිදු කළ විමර්ශනයයි මේ.

සමාජ මාධ්‍ය සටහන් :

විදුලි පුටුවේ ඉන්දවා මරණ දඬුවම පනවන අයුරු යනුවෙන් හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ වීඩියෝවක් සංසරණය වූයේ මෙලෙසින්.

Facebook

මෙම සටහන් සඳහා දක්වා තිබූ ප්‍රතිචාර වලින් පෙනී යන්නේ, මේ පිළිබඳ ව නිසි අවබෝධයක් නොමැති බව ත්, ඇතැම් පිරිස් මෙහි දැක්වෙන්නේ සත්‍ය අවස්ථාවක වීඩියෝවක් බව ට උපකල්පනය කර ඇති බවයි.

මෙම වීඩියෝවේ නිරවද්‍යතාව පිළිබඳ විමසා බැලීමට අප කටයුතු කළේ මෙලෙසින්.

Fact Check (සත්‍ය තොරතුරු විමර්ශනය කිරීම) :

ඉහත වීඩියෝවෙන් ලබා ගත් රූප රාමු Reverse Image සෙවුමක් සඳහා යොමු කරනු ලැබුවා. මෙම වීඩියෝව 2011 වසරේ YouTube නාලිකාවක ද, උඩුගත කර ඇති බව ට දැක ගන්නට ලැබුණේ මෙලෙසින්.

ඊට ප්‍රතිචාර දක්වමින් ඇතමුන් පවසා තිබුණේ, මෙම ස්ථානය අමෙරිකාවේ චිකාගෝහි වසර ගණනාවක් පුරා වධහිංසා පැමිණවීම් සහ ඔවුන් භාවිතා කළ උපාංග සහ මෙවලම් පෙන්වන කෞතුකාගාරයක් වන මධ්‍යතන යුගයේ වධක කෞතුකාගාරය(Medieval Torture Museum) ක ඇති ආකෘතියක් බවයි.

නමුත් මෙම විදුලි පුටුව ට සමාන දර්ශනයක් ඇති බවට එම කෞතුකාගාරය සම්බන්ධයෙන් YouTube ඔස්සේ පළ වී ඇති වීඩියෝ පරීක්ෂා කිරීමේදී දැක ගන්නට ලැබුණා. මේ පිළිබඳ ව වැඩිදුර සිදු කළ පරීක්ෂණයේදී අනාවරණය වූයේ, මෙම වීඩියෝ ව කැනඩාවේ ඔන්ටාරියෝ හි නයගරා ඇල්ලේ ගිනස් ලෝක වාර්තා කෞතුකාගාරයේ තිබූ ආකෘතියක් බව යි.

https://www.youtube.com/watch?v=Q112jzqt5Ic

තවත් වීඩියෝවක් මෙතනින්, මෙතනින් සහ මෙතනින්. එමනේ ම ලාස් වේගාස් හි හැලොවීන් සැමරීමකදී Binions කැසිනෝ Fremont වීදියේ ද මෙම විදුලි පුටු ආකෘතිය සහිත වීඩියෝවක් පළ කර තිබුණේ මෙලෙසින් තවත් වීඩියෝවක් මෙතනින්.

තව ද, මෙම ආකෘතියට ම සමාන 1978 දී ආරම්භ කරන ලද කැනඩාවේ නයගරා ඇල්ලේ පිහිටි ගිනස් ලෝක වාර්තා කෞතුකාගාරයේ ස්ථිර ප්‍රදර්ශනයක් ලෙස ප්‍රදර්ශනය කර ඇති අතර 2020 සැප්තැම්බර් 7 වැනි දින ස්ථිරවම වසා දමා තිබුණේ, COVID වෛරසය හේතුවෙන් පනවා තිබූ සීමා කිරීම් හේතුවෙන්. එසේම මෙම විදුලි පුටුව 2021 වසරේ දී වෙන්දේසියක දක්වා ඇති අයුරු ද, අපට දැක ගන්නට ලැබුණා.

ripleyauctions | Archived Link

විදුලි පුටු මඟින් මරණිය දණ්ඩනය නියම කිරීමේ ක්‍රමය

Amnesty International වාර්තාවකට අනුව 2022 වසරේ දී ද රටවල් 55ක් මරණිය දණ්ඩනය නියම කරන අතර එල්ලා මැරීම, වෙඩි තැබීම, මරණීය විෂ එන්නත් කිරීම, විදුලි පුටුවක් හරහා සැර වැද්දවීම සහ විෂ වායූන්ට නිරාවරණය කිරීම යනාදී ක්‍රම අතීතයේ පටන් වශයෙන් භාවිතා කෙරේ.

එල්ලා මැරීමට වඩා මානුෂීය ක්‍රමයක් සොයමින්, නිව් යෝර්ක් 1888 දී ප්‍රථම විදුලි පුටුව තනා 1890 දී විලියම් කෙම්ලර් ඝාතනය සිදු කළා. වැඩි කල් නොගොස් අනෙකුත් රාජ්‍යයන් මෙම ක්‍රමය අනුගමනය කර තිබුණා.

කෙසේවෙතත් විදුලි පුටු යොදාගනිමින් මරණිය දණ්ඩනයට නියම වන පුද්ගලයෙකුව වීඩියෝ කිරීමක් වාර්තා වන්නේ නැති අතර එම අවස්ථාවේ හඬ පට වාර්තා තිබෙනවා.

කාලයාගේ ඇවෑමෙන් විදුලි පුටුවේ ආචාර ධර්ම සහ මානුෂීයභාවය පිළිබඳ කනස්සල්ල මතු විය. සමහර අවස්ථාවල මෙම ක්‍රමය යටතේ මරණ දණ්ඩනයට ලක්වන පුද්ගලයා ක්ෂණිකව මිය නොයෑම හෝ අතිශය දුක් විඳීමට සිදු විය.

2022 ජනවාරි මාසය වන විට, මරණීය දණ්ඩනය ක්‍රියාත්මක වන මාරාන්තික එන්නත් කිරීම ප්‍රමුඛ ක්‍රමය බවට පත්ව තිබුණ ද, ඇමරිකාවේ ඇතැම් ප්‍රාන්තවල තවමත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීමේ නීතිමය ක්‍රමයක් ලෙස විදුලි පුටුව ද නම් කර තිබේ.

විදුලි පුටුව භාවිතා කිරීම විවාදයට හා මතභේදයට තුඩු දී ඇති අතර, එහි කාර්යක්ෂමතාව සහ කෲරත්වය පිළිබඳ සැලකිලිමත් වීම හේතුවෙන් එය භාවිතා කිරීමට එරෙහිව තර්ක පැමිණ තිබේ. මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා මෙතනින්, මෙතනින් සහ මෙතනින්.

අපගේ කරුණු විමර්ශන පිළිබඳ තොරතුරු දැන ගැනීමට එක්වන්න

Facebook | Twitter | Instagram | Google News | TikTok | WhatsApp

Conclusion (අවසාන නිගමනය) :

මරණීය දණ්ඩනයට ලක් කර ඇති පුද්ගලයෙකු ට විදුලි පුටුවක හිඳවා මරණය ට පත් කරන සත්‍ය අවස්ථාවක වීඩියෝවක් ලෙස හඟවමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝව නොමග යවන සුළු වේ. එහි දක්වා ඇත්තේ සත්‍ය වශයෙන්ම පුද්ගලයෙකු මරණ දණ්ඩනයකට ලක්වෙන අවස්ථාවක නොව, විදුලි පුටුවක් ආධාරයෙන් මරණීය දඬුවම පනවන අයුරු දැක්වෙන ආකෘතියකි. මෙය විදේශීය රටවල කෞතුකාගාර වල මෙන් ම හැලොවීන් වැනි සැමරුම් වලදී වීදී වල ද ප්‍රතිශ්ඨාපනය කර ඇති අයුරු දැක ගන්නට ලැබේ.

Avatar

Title:පුද්ගලයෙකු විදුලි පුටුවක හිඳවා මරණයට පත් කරන අවස්ථාවක වීඩියෝවක් ද? (සංවේදී දර්ශන සහිතයි)

Written By: Pavithra Sandamali

Result: False